Jul 30, 2014

ඔයාලා දන්නවනේ Phone එකක් නැතිවුනාම තියෙන දුක හරියට අතක් කැඩුනා වගේනේ,නැතිවුනා කියලා හිත හදාගන්න පුලුවන් අලුත් එකක් ගන්න පුලුවන්නේ කියලා, ඒත් එකේ තියෙන Personal Detail නැතුව කොහොමද ඉන්නේ? යාලුවන්ගේ,අක්කගේ,නංගිගේ,පහල ගෙදර අක්කගේ  Numbers ඔක්කොම එකේ.දැන් මොකද කරන්නේ?
 සවිය.lk නමින් හඳුන්වන්නේ පාසල් සිසුන්ගේ විශය සමගාමි සහ අධ්‍යාපනික ගැටලු ශ්‍රී ලංකාවේ විවිධ පාසල් වල, විවිධ වයස් මට්ටම් වල සිසු සිසු වියන් සමඟ සාකච්ඡා කරමින් විසඳාගතහැකි වෙබ් අඩවියකි. මෙහිදී ඔබගේ ඕනෑම අධ්‍යාපනික ගැටලුවට මෙහි ලියාපදින්චි වී ඇති ඔබගේම මිතුරු මිතුරියන්ගෙන් පිලිතුරු ලබාගතහැක.

Jul 29, 2014

මේක ඉගෙන ගන්න අයට වගේම එදිනෙද ජීවිතයෙදි ඒකක පරිවර්තනය කරන්න පාවිච්චි කරන්න පුලුවන් පොඩි Software එකක්.රාශි 100කටත් වැඩි ප්‍රමාණයක් මේකේ ඇතුළත් වෙනවා.ඒ වගේම ඒකක 100000කටත් වඩා ඇතුළත් වෙනවා.ඉගෙන ගන්න අයටනම් ගොඩක් වැදගත් වේවි.අවශ්‍ය අය ඉන්නවනම් Download කරගන්න.609Kb විතරයි.

                                                             මෙතනට

Screen shot 1ක්  මෙන්න…



ඔන්න සහෝලා අදත් ගෙනාවා පොඩි ට්‍රික් එකක්. අපේ පරිගණකයේ අනිවාරෙන්ම තියන සොෆ්ට්වෙයා කෑල්ලක්නේ Media Player කියන්නේ.ඒ Media Player අතරින් ගොඩක් දෙනෙක් කැමති Player එකක්නේ  KMPlayer කියන්නේ. විශේශයෙන් සිංහල උපසිරැසිත් සමග චිත්‍රපටබලන අය වැඩි දෙනෙක් බාවිතා කරන්නේ මේ  KMPlayer එකනේ. ඒ ඕනෑම උපසිරැසි ගොනු වර්ගයක් ඉතා හොදින්  KMPlayer හී සහයදක්වන නිසයි.... හරි හරි දැන් මේ කියන්න යන්නේ  KMPlayer අලුත් Version වලදි අපි අන්තර්ජාලයට සම්බන්ද වෙලා සිටින විට KMPlayerOpen කරපුවම KMPlayer හී පැත්තකින් AdBox එකක් එනවනේ. ( ස්ක්‍රින් ශොට් එක බලන්න ) මේක වෙලාවකට හෙන ඇණයක්නේ. ඉතින්දැන් මේ කියලා දෙන්න යන්නේ මේ KMPlayer එකේ AdBox එක පහසුවෙන්ම Block ( Remove ) කරගන්න පහසුක්‍රම දෙකකුයි.


හරි ඔයාලට KMPlayer වල අලුත්ම Version එක ඕණනම් මෙතනින් ගන්න. ( මෙතනට)
http://cdn.kmplayer.com/KMP/player/download/install/3.9.0.124_20140513022949.exe
හරි දැන් බලමු කොහොමද මේ KMPlayer AdBox එක Remove කරගන්නේ කියලා.
1. වන ක්‍රමය.

>> Control Panel එක අරගෙන Internet Option ක්ලික් කරන්න.
>>  ඊලගට එන Internet Propeties Window එකේ Security Tab එක ක්ලික් කරන්න.
>> Security Tab එකේ Security Setting යටතේ තියන " Restricted Sites " ක්ලික් කරලා පහත තියන " Sites " Button එක ක්ලික් කරන්න.
>> ඊට පස්සෙ ලැබෙන  Restricted Sites Window එකේ Add This WebSite To The Zone: කියන තැනට පහත තියන URL එක Copy >> Paste කරලා " Add " ක්ලික් කරන්න.
player.kmpmedia.net
2 වන ක්‍රමය.

2 වන ක්‍රමය තමා Host File එක Edit කිරීම මගින්
මෙහෙමයි වැඩේ කරගන්නේ
>> හරි මෙන්න මේ Path එකට යන්න.
C:/windows/system32/drivers/etc/hosts
>> ඊලගට hosts File එක Open කරගෙන යටින්ම මෙන්න මේ line එක දාලා Save කරන්න.
127.0.0.1 player.kmpmedia.net
Hosts File එක Open කරද්දි Error එකක් එනවනම් Hosts File එක උඩ Right click කරලා  properties >> security >> users ගිහින් තියන ඔක්කොම Box ටික " Allow " කරන්න.
ඔන්න ඉතින් වැඩේ ඉවරයි. දැන් අන්තර්ජාලයට සම්බන්ද වෙලා KMPlayer එක Open කරලා බලන්න. වෙනදා එක AdBox එක ආයෙත් නම් එන එකක් නෑ.......


ඔන්න මචන්ලා අදත් තියනවා ඉතාම සුලු පිරිසකට විතරක්  වැදගත් වෙන එලකිරි සොෆ්ට්වෙයා කෑල්ලක්. හොද Speed Unlimited Net Connection එකක් තියන කට්ටියට නම් වැඩක් වෙයි. අපි වගේ Time Base Package කට්ටියට නම් වැඩක් වෙන්නේ නෑ.. මේ සොෆ්ට්වෙයා එකේ නම " Popcorn "  මේ සොෆ්වෙයා එකේ වෙබ් අඩවියට  ගිහින් ඒකේ තියන Software එක Install කරගන්න. ඊට පස්සෙ ඉතින් ONLINE ෆිල්ම් බැලුවැකි ගින්දර වගේ. මේකේ Movies , Tv Shows දෙකම තියනවා.  Torrent හරහා තමයි stream වෙන්නේ. Cam කොපි නෑ ඔක්කොම BrRip තමා. 720 P , 1080 p වලින් කැමති Quality  එකක් තෝරගෙන බලන්න පුලුවන්. තියන Film Set එක එලටම වර්ග කරලා තියෙන්නේ. තෝරගෙන් බලන්න විතරයි තියෙන්නේ. 


මෙතනින් Popcorn කියන සයිට් එකට යන්න. ගිහිල්ලා Software  බාගෙන Install කරගන්න 
>> Popcorn Time මෘදුකාංගය Install කරගන්න.



Movies , Tv Shows
Quality එක තෝරගෙන Watch Now ක්ලික් කරන්න.
දැන් ඉතින් Popcorn එකක් කන ගමන්ම ෆිල්ම් එක බලන්න.
හොද Speed Unlimited Net Connection තියන කට්ටියට නම් මේක වැදගත් වෙයි




උපුටා ගැනිමකි 

Jul 27, 2014

SOL REPUBLIC කියන්නේ USA වල අංක එකේ Earphones, Headphones, Speackers නිශ්පාදනය කරන company එකක්. හරියට Beats වගේ. ඒත් Beats වලටත් වඩා එක හොඳ quality වගේම ගානෙන් අඩු product එකක්.


SOL REPUBLIC වල ජනප්‍රියත්වය කොහොම කිවොව්ත් ලෝක ප්‍රකට Djs ලා වන Steve Aoki, Calvin Harris, Deadmau5 වගේ අයත් කරන්නේ මෙයාලගේ headphones.

SOL REPUBLIC වල Loyalty programmer එකක් තියෙනවා. ඒකෙන් එයාලා අපිට නොමිලේම එයාලගේ products ship කරනවා. 100% authentic වැඩක් මේක. පල්ලෙහ දාල තියෙන picture proofs දැක්කම ඔයාලට තේරෙයි. ඔයාලට තියෙන්නේ දවස ගානේ points හොයලා මාසයක් විතර ගිහින් ඒ වලට points අදාල දේ කරගන්න redeem විතරයි.


මේක කරන අකාරය පිළිවෙලට.

(1) මුලින්ම මේ link එක click කර සාමාන්‍ය ආකාරයෙන් හෝ Facebook හෝ Twitter ගිණුම් භාවිතයෙන් register වන්න.
(2) ඉන්පසු ඔබගේ email account එකට ලැබුනු confirmation email එක click කර account එක confirm කර ගන්න.

(3) ඉන්පසු "BIO" නමින් හැඳින්වෙන ඔබගේ profile එකට ගොස් සියලුම තොරතුරු ඇතුලත් කරන්න. සෑම තොරතුරක් සඳහාම ඔබට points ලැබෙනු ඇත.

(4) දැන් "Redeem" නැමැති page එකට යන්න. මෙතන තමයි ඔබට දිනාගන්න පුලුවන් සෑම භාන්ඩයක් ම තියෙන්නෙ. මේ page එකේ පල්ලෙහාටම ගිහින් කිසිම point එකක් නැතිව නොමිලේම ලැබෙන SOL REPUBLIC Stickers redeem කර ගන්න.

(5) දැන් හැකිතාක් members ලා search කර ඔවුන්ගේ වලට ගොස් follow කරන්න.

(6) එසේ කල පසු "Homebase"කියන එකට යන්න. මේක තමයි Facebook වගේ මේ site එකේ news-feed එක. ඒ news-feed එකේ තියෙන posts/stories කරන්න Facebook සහ Twitter වල. දවසට Facebook එකේ 3ක් සහ Twitter එකේ 3 බැගින් share කරන්න පුලුවන්

මේ විදියට දවසට points ලේසියෙන්ම ගන්න පුලුවන් !

(7) ඊට පස්සෙ"Challenges" කියන page එකට ගිහින් ඒකෙ දීලා තියෙන challenges කරන්න. ඒ challenges වලිනුත් ඔයාලට points එනවා.

challenges වලට කරන්න තියෙන්නේ එයාලා ඔයාලගේ ප්‍රොෆයිල් එකේ පෙන්වන විදියට Fb likes , Follow , Twitter Follow , Youtube Follow  තව මේ සයිට් එකේම යාලුවන් Follow කරහමත් හම්බෙනවා.තව මේකේ ඉන්න අයගේ සිංදු බැලුවමත් හම්බෙන්වා. මේවා දවස ගානේ update වෙනවා.තමන්ගේ Referral ලින්ක් වලට කට්ටිය Register කරගත්තමත් points ලැබෙනවා.ඉතින් හැමදාම දවසට 10 Minutes විතර ඔය ටික කරන්න සතියකින් විතර අපිට කැමති Headphone එකක් ගෙන්න ගන්න පුලුවන් points අනුව.

points වලට අනුව ලැබෙන ඒවා බලන්න මෙතනින් යන්න.ඔයා Headphone earphone Order කරහම අනිවාර්යෙන් ඇඩ්‍රස් එක හරියට දෙන්න. අනිත් දේ නොමිලේ ගෙන්න ගන්න sticker order කරහම එයාලා Email එකක් එවනවා ඒක confirm කරන්න ඕනෙ.එතකොට තමයි ඒකත් එවන්නේ.
මෙන්න ගෙන්නපු අනිත් එක.නියම Bass එක Beat Headset පරාදයි !


දැන්මම පටන් ගන්න. මොකද මේ offer එක වැඩිකල් තියෙයි ද කියලා කවුද දන්නේ.නිකන් හෙඩ්ෆෝන් එකක් දෙනවා කියන්නේ ලේසි නැනේ. 2014.07.27 වන දින වන අද දිනත් මෙය ක්‍රියාත්මකයි.
 (උපුටා ගන්නා ලද්දකි.)


Jul 26, 2014

සංචාරක මුහුදු කුරුල්ලන්ගේ බිත්තර 452ක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු ඌරුමලේ මුහුදුවෙරළේ දී තලෙයිමන්නාරම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මම හිතනවා මේ ලිපිය මුහුණු පොතේ ඉන්න අයට ගොඩක් වැදගත් ලිපියක් වෙවි කියලා.මේ ක්‍රමය අති සාර්ථකයි.. ඔබව හැක් කරන්න කාටවත්ම බැහැ ඔබේ අත්වැරැද්දෙන් තමයි ඔබට ඔබේ ගිණුම නැති වීමක් උනොත් වෙන්නෙ..

Jul 25, 2014


රිතික් හා සුසෑන් කලක සිටම දැන හඳුනාගෙන සිට ගැටවර වියේදීම එකිනෙකාට පෙම් බැඳි දෙදෙනෙක්. එමෙන්ම ඔවුන් එකිනෙකාට ඉතා හොඳින් ගැළපෙන බව සියල්ලන්ගේම අදහස වුණා.


ගීත තහනමකට ලක්වූ  එම්.ජී. ධනුෂ්ක කියන කතාව

 
මුලින්ම කියන්නකෝ ධනුෂ්කගේ අලුත්ම තොරතුරු..
සාමාන්‍ය විදියට ගෙවිල යනවා. පහුගිය දවස් දෙක තුනේ ටිකක් කාර්ය බහුල වෙලා හිටියා. දැන් ගෙදරට වෙලා සුපුරුදු විදියට ඉන්නවා.

(ජ්‍යොතිර්වේදී ශාස්ත්‍රාචාර්ය අමරසේන වේගිරිය) 

මේෂ ලග්නය හැමෝගෙම සහයෝගය


යහපත්  චේතනාවන්  හා සැනසිලි සහගත  මානසික ස්වභාවයක් ගොඩ නැගේ. උත්සාහය හා කාර්යක්ෂමතාවය වැඩි දියුණු වේ. දැඩි කැප වීමෙන් යුක්තව  ආධාර උපකාර කරන හිත මිතුරු පිරිසක්  ළඟාවේ.


සාමාන්‍ය වශයෙන් ගතහොත් සුරතල් සතුනට වැඩියෙන් ආදරේ කරන්නේ පවු‍ලේ කුඩා දරුවන්. ඒක ස්වභාවිකයි.
දැන් මුලින්ම අප විසින් විමසා බැලිය යුතුයි කව්ද මේ සම්මා සම්බුදුරජාණන්වහන්සේලා කියන්නේ කියලා... සම්මා සම්බුදුරජාණන්වහන්සේලා පිළිබඳව පරිපූර්ණ විස්තරයක් කිරීමට මා තරම් නොවූවත් උන්වහන්සේලා ගැන මිනිසුන් වශයෙන් අප විසින් දැනගෙන සිටිය යුතු විශේෂ කරුණු කීපයක් ඔබ වෙත ගෙන ඒමට මා කැමතියි.

Jul 22, 2014


windows 7,vista භාවිතා කරන කට්ටියට සුපිරිම gadgets ටිකක්.

Jul 21, 2014



  මම අද ඔයාලට දෙන්න දෙන්න යන්නෙ හුගක් useful software එකක්. ඔයාලගේ computer එකේ සියලුම විස්තර මේකෙන් බලාගන්න පුලුවන්. ඔය picture එකේ විදියට හැම විස්තරයක්ම පෙන්නනව.


Transformers ගැන ආයෙ කියන්න ඔනෙ නැනෙ.අලුත්ම Game එක Rise of the Dark Spark.


අද මෙම ලිපිය තුළින් බෞද්ධ සාහිත්‍යයේත්, සිංහල සාහිත්‍යයේත් විශිෂ්ඨතම කාන්තා චරිතය ලෙස සළකන යසෝදරා දේවිය පිලිබඳව සටහනක් තැබීමට සිතුනි. යසෝදරා දේවිය මා දුටු ලොව විශිෂ්ඨතම කාන්තා චරිතය ලෙස සඳහන් කළොත් එය නිවැරදි ය. යසෝදරා පෙරදිග  කාන්තාවගේ පරමාදර්ශයයි. බිරිඳක මවක ලෙස සිංහළ සාහිත්‍යයේ සහ බෞද්ධ සාහිත්‍යයේ හමුවන විශිෂ්ඨතම කාන්තා සළකුණ ඇයයි. ආදරය, විරහව, ඇතුළු සියළු දුක්ඛ සංතාපයන්  සඳහා ජීවිතයට ගත හැකි හොඳම නිදසුන යසෝදරාවන්ගේ චරිතයයි.  යසෝදරාවන් පිළිබඳව මහායාන බුදු දහම තුළ සහ ථේරවාදී බුදු දහම තුළ පවතින්නේ මත දෙකක් වුවදමා මෙහිදි සඳහන් කරන්නේ ථෙරවාදි බුදු දහමේ හමුවන යසෝදරාවෝ පිලිබඳවයි.

පසුගියදා පැවති ඩ්‍රීම් ස්ටාර් තරඟාවලියේ ජයග්‍රහණය කළ ඇඹිලිපිටියේ M.G. ධනුෂ්කට එම්.එස්. ප්‍රනාන්දුගේ ගීත ගායනා කිරීම තහනමක් පැනවීමට එම්.එස්. ප්‍රනාන්දු මහතාගේ පුතෙකු වන සරත් ප්‍රනාන්දු කටයුතු කරමි සිටී. මෙම ගැටුමට මුලික හේතුව වී තිබුනේ ඩ්‍රීම් ස්ටාර් අවසන් තරඟයේදී එම්.ජී. ධනුෂ්ක බයිලා චක්‍රවර්තී ලෙස හැඳින්වීමය. "අපේ පියාගේ වියෝ වීමෙන් පසුව මේ වනතුරුම එතුමාගේ නාමයට හානියක්, අගෞරවයක් වන අයුරින් සංගීත ක්ෂේත්‍රයේ කිසිවෙකු හෝ මේ වගේ දෙයක් කරලා නැහැ. අපගේ පියා වියෝ වීමෙන් පසුවත් ‘චක්‍රවර්ති’ නමින් හැඳින්වෙමින් ජනප්‍රියත්වයේ රැඳී සිටිමින් එතුමාගේ ගීත රැව් පිළිරැව්දී පවතිනවාට ඊර්ෂ්‍යා කළ ඔය තුට්ටු දෙකේ කුහක කලාකාර පිරිස මාන බලබලා උන්නේ ‘චක්‍රවර්ති’ යන ඔය වටිනා නාමය කාට හෝ දීලා නැතිකර දමන්නයි." එලෙස සරත් ප්‍රනාන්දු සිය අදහස් දැක්වූවා. ඒ අනුව පසුගියදා පැවති සංගීත සංදර්ශනයකදී තමා තවදුරටත් එම්.එස් ගේ ගීත ගායනා නොකරන බවට ධනුෂ්ක විසින් පොරොන්දු වී තිබුණි.

Jul 19, 2014

පසේනදී කෝසල කාම භෝගී රජෙකි. සැණකෙළියෙන් රජ මැඳුර නිතරම විචිත්‍ර වෙයි. බොහෝ සැණකෙළි දිනයන්හි රජු ස්වර්ණාභරණයෙන්, සැරැහූ පුණ්ඩරික හස්තියා පිට නැගී විනෝද චාරිකාවෙහි යෙදීම සිරිතකි. එවැනි සංචාරයන්හිදි ජනයාද අපමණ පීඩාවට පත් කෙරෙයි. එනම් රාජපුරුෂයෝ මාර්ග අවහිර දුරු කරන්නට මඟියන්ට පහර දී එළවා දමති.

                      වර්තමානයේ ඉංග්‍රීසි භාෂාවට මෙන්ම දෙමළ භාෂාවට ද සුවිශේෂ තැනක් හිමි වී ඇත.ඒ  නිසා දියුනු වන ලොකයත් සමගම අපිත් දියුණු වීම අනිවාර්යයෙන් විය යුතුය එබැවින් ඉංග්‍රීසි භාෂාව මෙන්ම දෙමළ භාෂාව ද අප විසින් ප්‍රගුන කල යුතුය.

Jul 18, 2014



      ඔන්න අදත් නියම software එකක් අරන් ආවෙ.IDM කියන්නෙ ගොඩක් කට්ටියට නැතුවම බැරි software එකක්.ඉතින් මටත් එහෙමම තමයි.ඒත් තියෙන ලොකුම ප්‍රශ්නය මේක සල්ලිවලට දෙන software එකක්.Rs.3250 ක්($25) වගේ වෙනව.ඉතින් මම ඕකට විසදුමක් හොයනකොට තමයි මේක හම්බුනෙ.කලිනුත් ගොඩක් crack හම්බුනා ඒත් ඒව virus.

Jul 17, 2014



ඔන්න යාලුවනේ මේපාර ලිපියෙන් අපි ඔයගොල්ලන්ට ගේනාව ගොඩක් වටින මෘදුකාංගයක් මේකෙන් පුලුවන්කම තියෙනවා ඔයාලගේ පරිගණකයේ Hard Disk එකේ ආයු කාලය බලාගන්න,
ඕනෑම Video එකක් කරදරයක් නැතුව බලන්න   KM Player එකේ අලුත්ම Version එක Download කරගන්න පහල link එකට යන්න

                                    

Download
click to begin
31MB .exe
                      මේ පාර අපි මේ ලිපිය ලියන්නේ DVD ROM එකක් නැති පරිඝනක සදහා Windows දාන විදිය ගැනයි.මේ වන විටත් ඔබලට තියෙන ප්‍රශ්නයක් වෙන්න ඇති DVD එකක් නැතුව කොහොමද Windows දාන්නේ කියලා.

Jul 16, 2014

දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් අතුරුදන් වූ සුදු නාගයා නැවත අද(17) හමුවී ඇතැයි වාර්තා වෙයි. කිසියම් පුද්ගලයෙක් එන නයා බෑගයක දමා ගෙනවිත් ඊට පෙර එම නයා සිටි කුටියටම දමා ඇතැයි පැවසේ.

ශ්‍රීලංකාවේ බහුතරයක් කාන්තවන්ගේ ක්‍රියා කාලාපය නිසා ලංකාවට වන විපත ගැන අද අපි මෙසේ සාකච්ඡාවට බදුන් කරමු .



මහියංගන චෛත්‍ය - කේෂ ධාතු,ග්‍රීවා ධාතු
ථූපාරාමය - දකුණු අකු ධාතුව
සේල චෛත්‍ය - ඌර්ණ රෝම ධාතුව

Jul 14, 2014


පවුල් ආරවුලක් මත තම බිරිදට පිහියෙන් ඇන ඝාතනය කළ බව කියන සැකකරුවෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව කොස්වත්ත පොලීසිය කියයි. සඳුදා(14) රාත්‍රී 7.30 ට පමණ මෙම ඝාතනය සිදුවී ඇත. මිය ගොස් ඇත්තේ නාත්තන්ඩිය,ඉහල කොට්ටරාමුල්ල, පදිංචිව සිටි(48) දෙදරු මවකි
ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් විශ‍්‍රාම ගැනීමට මහේල ජයවර්ධන තීරණය කර තිබෙනවා. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා වෙත ඔහු යොමු කෙරුණු ලිපියක එ් බව සඳහන්.

Jul 12, 2014



Photo: ලක් දෙරණ සිසාරා බුදු ගුණ පැතිරෙවා,එම බුදු ගුණ බලයෙන්
ඔබ සියලූම දෙනාට යහපතක්ම වේවා !!!!!
╔══════════════════════════╗
LIKE US ➨ https://www.facebook.com/R.SRILANKAN ╚══════════════════════════╝
➲ Like ➲ Comment ➲ Share
මතු බුදු වන දස දෙනකු ගැනයි
(පූර්ණ ගෞරවය නමස්කාර පිටුවට සහ හසන්ත වාසනා සමරසිංහටය)
ගෞතම බුදු සසුනෙන් පසු ව බුද්ධත්වයට පත් වන බෝසත්වරුන් දස නමකගේ විස්තර ඇතුළත් ‘දසබෝධිසත්තුප්පත්තිකථා හෙවත් දස බෝසත් කථා පුවත’ නම් කෘතිය සම්බන්ධයෙන් මෙම ලිපිය සකස් කැරිණි. එම කෘතිය ආචාර්ය පූජ්‍ය මැදගම්පිටියේ විජිතධම්ම හිමියන්ගේ සංස්කරණයෙන් යුක්ත ව දෙහිවල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් ප්‍රකාශයට පත් කොට ඇත.
මෙම ලිපිය මගින් ඉදිරිපත් කැරෙන මතු බුදු වන දස බෝසත්වරුන් පිළිබඳ පුවත අප බෞද්ධ සමාජයේ එතරම් ප්‍රචලිත නොවූ, බොහෝ දෙනා නොදන්නා කථාවකි. ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය තුළ අප ගෞතම බුදුරදුන්ගෙන් පසු ව සම්මාසම්බුද්ධත්වයට පත් වෙතැ යි සැලැකෙන්නාහු මෙත්තෙය්‍ය (මෛත්‍රේය) බෝසත්හු ය. උන් වහන්සේගෙන් පසු ව සම්මාසම්බුද්ධත්වයට පත් වන බෝසත්වරුන් පිළිබඳ ව සඳහන් වන, දැනට හමු වී ඇති එක ම ථේරවාදී කෘතිය ‘දසබෝධිසත්තුප්පත්තිකථා හෙවත් දස බෝසත් කථා පුවත’ යි. ඒ අනුව මෙහි මෛත්‍රේය බෝසතුන් ඇතුළු ව මතු බුදු වන බෝසත්වරුන් දස දෙනකු පිළිබඳ ව සඳහන් වේ.
සංස්කාරක හිමියන් සඳහන් කරන ආකාරයට මෙම කෘතිය 1926 දී ඩී. ආර්. පෙරේරා විසින් අඹතැන්න විද්‍යාලතා මුද්‍රණාලයේ මුද්‍රණය කරවා තිබේ. ඒ පාලි පෙළ හා ශාස්ත්‍රීය නොවන පරිවර්තනයක් ද සමගිනි. එම කෘතිය සංස්කාරක හිමියන් අතට පත් වන්නේ වේයන්ගොඩ යටගම ශ්‍රී නාගවනාරාම පුස්තකාලයෙනි. තව ද මෙම කෘතිය මීට පෙර ආචාර්ය හම්මලව සද්ධාතිස්ස හිමියන් විසින් රෝමානු අකුරින් ඉංගී‍්‍රසි පරිවර්තනයක් ද සමගින් 1975 දී එංගලන්තයේ පාලි පොත් සමාගම මගින් මුද්‍රණය කරවා ඇත. එම කෘතිය අප අතට ද පත් විය. ආචාර්ය විජිතධම්ම හිමියන්ගේ පාලි - සිංහල දසබෝධිසත්තුප්පත්තිකථා සංස්කරණයට මූලික පදනම වන්නේ යථෝක්ත සංස්කරණ දෙක ය.
දසබෝධිසත්තුප්පත්තිකථාවේ සඳහන් බෝස-ත්වරුන් දස දෙනා නිරූපණය කැරෙන පැරැණි සිතුවම් දෙකක් දැනට හමු වී ඇත. ඒ මහනුවර මල්වතු මහා විහාරීය උපෝසථාගාර සිවිලිමෙන් හා රංගිරි දඹුලු රජමහා විහාරයේ ප්‍රධාන ලෙන් විහාරයෙන් ය. එයින් පැහැදිලි වන්නේ මහනුවර යුගයේ දී මෙම දසබෝසත්වරු පිළිබඳ කථාව ජනපි‍්‍රය ව පැවැති බව යි. පාලි බුද්ධ දේශනා සූත්‍රයක් වශයෙන් ඉදිරිපත් වන මෙය සම්පූර්ණයෙන් ම ගද්‍ය කෘතියකි. ග්‍රන්ථය අවසානයේ පමණක් පද්‍ය හෙවත් ගාථා දෙකක් දක්නට ලැබේ. දසබෝධිසත්තුප්පත්තිකථාවේ උද්දේස හෙවත් පරිච්ඡේද දහයකි. ඒවා ඒ ඒ බුදුවරුන්ගේ නම්වලින් ම හඳුන්වා ඇත. ඒ මෙසේ ය:
01. මෛත්‍රේය සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
02. රාම සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
03. ධම්මරාජ සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
04. ධම්මස්සාමි සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
05. නාරද සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
06. රංසිමුනි සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
07. දේවදේව සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
08. නරසීහ සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
09. තිස්ස සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
10. සුමඞ්ගල සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
මෙම බෝසත්වරුන් ගෞතම බුද්ධ සමයෙහි හැඳින්වූ නම් සහ බුදු වන විට ලබන නම් මෙසේ ය: (මෙහි 01 සිට 10 දක්වා පිළිවෙළ දඹුලු විහාර රූපයේ දකුණේ සිට වමට පිළිවෙළින් අදාළ වේ):
01. අජිත තෙරුන් - මෛත්‍රේය සම්මා සම්බුදු රදුන්
02. රාම රජු - රාම සම්මා සම්බුදු රදුන්
03. පසේනදි කොසොල් රජු - ධම්මරාජ සම්මා සම්බුදු රදුන්
04. අභිභූ දෙව්රජු - ධම්මස්සාමි සම්මා සම්බුදු රදුන්
05. දීඝසෝණ රාහු අසුරින්ද – නාරද සම්මා සම්බුදු රදුන්
06. චඞ්කී බාහ්මණයා - රංසිමුනි සම්මා සම්බුදු රදුන්
07. සුභ බ්‍රාහ්මණයා - දේවදේව සම්මා සම්බුදු රදුන්
08. තෝදෙය්‍ය බ්‍රාහ්මණයා - නරසීහ සම්මා සම්බුදු රදුන්
09. ධනපාලක ඇතා - තිස්ස සම්මා සම්බුදු රදුන්
10. පාරිලෙය්‍යක ඇතා - සුමඞ්ගල සම්මා සම්බුදු රදුන්
අප ගෞතම බුදු රජාණන් වහන්සේ සැවැත්නුවර පූර්වාරාමය නම් වූ මිගාරමාතු ප්‍රාසාදයේ වැඩ සිටි සමයක සැරියුත් තෙරණුවෝ උන් වහන්සේ වෙත පැමිණ වන්දනා කොට මෙසේ විමසූ සේක:
“ස්වාමීනි, අජිත තෙරුන් අනාගත කාලයෙහි මෙම මහා භද්‍රකල්පයෙහි ම මෛත්‍රේය නම් බුදු රදුන් වන බව වදාරන සේක. ස්වාමීනි, අනාගත කල්පයන්හි වෙනත් බොහෝ අර්හත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා (ලොව) පහළ වන්නාහු නො වෙත් ද?” යනුවෙනි. ගෞතම බුද්ධ සමයේ අජිත තෙරුන් නම් මතු බුදු වන මෙත්තෙය්‍ය හෙවත් මෛත්‍රේය බෝසත්හු ය. තව ද මෙම මෛත්‍රේය බෝසතුන්ගේ පහළ වීම පිළිබඳ ව ගෞතම බුදු රජාණන් වහන්සේ වදාළ බව පාළි ත්‍රිපිටකයේ ද සඳහන් වේ. දීඝනිකායේ චක්කවත්ති සූත්‍රයෙහි ද මෛත්‍රේය බෝසතුන්ගේ අනාගත පහළ වීම පිළිබඳ ව කරුණු සඳහන් වේ. කෙසේ වෙතත් මෙහි දී සැරියුත් තෙරුන් නැගූ පැනයට බුදු රදුන්ගේ පිළිතුර මෙය විය:
“සාරිපුත්තය, සියලු සත්පුරුෂයෝ ලොවෙහි ඉපිද පිළිවෙළින් පාරමිතා පුරා බුදු බවට පත් ව ආයු අවසන බුදු කිස නිමවා පිරිනිවන් පෑවාහු, අනන්ත අප්‍රමාණ වූවාහු නො වෙත් ද? අනාගත කාලයෙහි ද ධෛර්ය සම්පන්න, දැඩි වීර්යය ඇති තවත් සත්ත්වයෝ පිළිවෙළින් පාරමිතා පුරා කාම භවයන්හි සේ ම බ්‍රහ්ම ලෝකයන්හි ද සම්පත් අනුභව කොට ඉන් පසු ව ම බුදු බවට පත් ව බුදු කිස නිමවා පිරිනිවන් පාන්නාහු, අනන්ත අප්‍රමාණ වන්නා හ. සාරිපුත්තය, අනාගතයෙහිත් පහළ වන බුදුවරුන් ගණනින් ප්‍රමාණ නො කරමි. එහෙත් සාරිපුත්තය, අර්හත් වූ සම්මා සම්බුදුවරු දස නමක් පිළිවෙළින් ලොව පහළ වන්නාහු ය” යනුවෙනි.
මෙසේ වදාළ බුදු රජාණන් වහන්සේ නිශ්ශබ්ද වූ සේක. අනතුරු ව සැරියුත් තෙරණුවෝ හුනස්සෙන් නැඟී සිට භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි බැඳ මතු බුදු වන දස බුදුවරුන් පිළිබඳ ධර්ම දේශනාව වදාරන මෙන් ඉල්ලා සිටියහ. සැරියුත් තෙරුන්ගේ ආරාධනාව පිළිගත් බුදු රජාණන් වහන්සේ දසබෝධිසත්තුප්පත්තිකථාව ගෙන හැර වදාළ සේක. මෙම කථාවේ පළමු උද්දේසය වෙන් වන්නේ ගෞතම බුදු රදුන්ගෙන් පසු ව පළමු ව බුද්ධත්වයට පත් වන මෙත්තෙය්‍ය බෝසතුන් වෙනුවෙනි.
මෙහි දී පළමුවෙන් සඳහන් කළ යුතු විශේෂ කරුණක් ඇත. එනම්: ලංකාවේ බොහෝ දෙනා සිතා සිටින අන්දමට ‘මෛත්‍රේය බෝසතුන් හා නාථ දෙවි යන දෙදෙන එක් අයෙකි’ යන කාරණාව පිළිබඳ ව ය. එසේ හඳුනාගන්නා බොහෝ ලාංකික බෞද්ධයෝ මෙත් බෝසතුන් යැ යි නාථ දෙවියන්ට පුද-පූජා පවත්වති. එහෙත් මොරටුවේ සාසනරතන හිමියන් කරුණු දක්වන හැටියට මේ දෙදෙන එක් අයෙක් නො ව, දෙදෙනෙකි. උන් වහන්සේට අනුව නාථ දෙවි යනු අවලෝකිතේශ්වර ය. ලංකාතිලක ලිපිය, අස්ගිරි විහාර ලිපිය, පැපිළියානේ ලිපිය හා ගඩලාදෙණි ලිපිය ද මේ දෙදෙනා දෙදෙනකු බව දක්වයි. තොටගමු විහාරය නාථ දෙවියන් ඇදහීම පිළිබඳ ව ප්‍රසිද්ධ තැනකි. (ලක්දිව මහායාන අදහස්, 387-388 පිටු).
මෛත්‍රේය බෝසතුන්ගේ අනාගත පහළ වීම පිළිබඳ ගෞතම බුදු රජාණන් වහන්සේගේ දේශනාව වරදවා තේරුම් ගත් බොහෝ බෞද්ධයෝ ගෞතම බුදු සසුනේ දී නිවන් පසක් කිරීම පසෙක ලා අවිචාරවත් ලෙස මෛත්‍රේය බුදු රදුන්ගේ සසුන පතති. මෙය කලෙක පටන් සිදු වන්නකි. ගෞතම බුදු රදුන් මෙවැනි දේශනාවක් කළේ ශ්‍රාවකයන් අප්‍රමාදී ව තම-තමන් ම පිහිට කොට තම-තමන් ම සරණ කොට ධර්මය සරණ කොට හික්මවනු සඳහා ය. ඒ බව චක්කවත්ති සූත්‍රයෙහි මෛත්‍රේය බෝසතුන්ගේ පහළ වීම දක්වන තැන විස්තරයෙන් ම පැහැදිලි වේ. ගෞතම බුදු සසුන මගහැරුණු සත්ත්වයන්ට තවත් බොහෝ කාලයක් බුදු සසුනක පහළ වීම වෙනුවෙන් ගත කළ යුතු බව ඉන් අවධාරණය වෙයි.
ගෞතම බුදු රදුන්ගෙන් පසු ව පළමු ව බුද්ධත්වයට පත් වන මෛත්‍රේය බෝසතුන් ද ලොව පහළ වනුයේ ගෞතම බුදු රදුන් ලොව පහළ වූ මේ මහා භද්‍ර කල්පයෙහි ම ය. ඒ අනුව මේ මහා භද්‍ර කල්පය බුදු වරයන් වහන්සේලා පස් නමකගෙන් සමන්විත වූවකි. එනම් කකුසන්ධ, කෝණාගමන, කස්සප, ගෞතම හා මෛත්‍රේය යන බුදුවරු පස් නම ය. දීඝනිකායේ චක්කවත්ති සූත්‍රයට අනුව මෛත්‍රේය බෝසතුන් ලොව පහළ වීමේ විස්තරය මෙසේ ය:
මිනිසුන්ගේ මේ පවත්නා ආයුෂ කෙමෙන් අවුරුදු දහය දක්වා පිරිහී යයි. නැවතත් මිනිසුන්ගේ ආයුෂ කෙමෙන් කෙමෙන් වර්ධනය වී වසර අසූ දහසකට වැඩි වෙයි. මේ කාලය වන විට දඹදිව බෙහෙවින් සමෘද්ධිමත් ය. කුක්කුටසම්පාතිකා තත්ත්වයක් හෙවත් ගම් නියම්ගම් ජනපද රාජධානිවල වහල මත්තෙන් ගමෙකින් ගමකට කුකුළකුට නොබැස යා හැකි තරම් ඒකාබද්ධ ව පිහිටි නිවෙස්වලින් ගැවසී ගත් තත්ත්වයක් ඇති වන්නේ ය. දඹදිව මිනිසුන්ගෙන් අතුරු-සිදුරු නැති ව පිරී යන්නේ ය. දැන් පවත්නා බරණැස් නුවර ඒ වන විට කේතුමතී නම් රාජධානියක් වන්නේ ය. මුළු දඹදිව ඇති අසූහාර දහසක් නගරයන්ට මේ කේතුමතී රාජධානිය ම ප්‍රධාන වන්නේ ය. මේ කාලය වන විට ශංඛ නම් ධාර්මික සක්විති රජෙක් මේ කේතුමතී රාජධානියෙහි රජකම් කරන්නේ ය. මේ මහ පොළොවේ අවියෙන්, දඬුවමින් තොර ව පාලනය කරන්නා වූ ඒ ශංඛ සක්විති රජුට පරසේනා මර්දනය කිරීමට සමත් පුත්තු දහසකට වැඩි වන්නාහු ය. මෛත්‍රේය බුදු රදුන් ලොව පහළ වනුයේ මේ කාල සීමාවෙහි දී ය.
බෝධිසත්තුප්පත්තිකථාවට අනුව මෛත්‍රේය බෝසතුනට ආයුෂ වසර අසූ දෙදහසකි. උන් වහන්සේගේ උස අසූ අට රියනකි. විසි පස් රියනක් පෘථුල වන අතර පළල ද එපමණ වන්නේ ය. මෛත්‍රේය බුදු රදුන්ගේ සිරුරෙන් නිරතුරු ව නික්මෙන ශරීර ප්‍රභාව කොතරම් ද යත්: එය සඳ හිරු ප්‍රභාව ද අභිභවනය කොට සිටින්නේ ය. මේ නිසා මිනිසුන්ට රාත්‍රී දහවල් දෙක පවා වෙන් වෙන් ව හඳුනාගත නොහැකි වන්නේ ය. ඔවුන් නිරතුරු බුද්ධාලෝකයෙන් ආලෝකවත් ව සිටින්නා හ. සියොතුන්ගේ හඬින් ද පියුම් උපුල් කුසුම් පත් හැකිළීමෙන් සේ ම නැවත විකසිත වීමෙන් ද මිනිස්සු මේ සවස ය මේ උදෑසන ය යනුවෙන් වෙන් වෙන් කොට හඳුනාගන්නා හ. මේ කාලයේ වසන්නා වූ මිනිස්සු ගොවිතැන්, වෙළෙඳාම් නො කරන්නා හ. බුද්ධ නම් වූ අරමුණ සිහි කරන්නා වූ මේ අය නීරෝගී ය. බුද්ධානුභාවයෙන් උපන් ඇල් හාලේ භෝජනය ආහාර වශයෙන් අනුභව කරන්නා වූ මේ ජනතාව බොහෝ සතුටින් ජීවත් වන්නා හ.
මේ ආකාරයට මතු බුදු වන මෛත්‍රේය බුදු රදුන්ගේ නොයෙකුත් විස්තර දේශනා කරන්නා වූ ගෞතම බුදු රජාණන් වහන්සේ මෙත්තෙය්‍ය බෝසතුන්ගේ එක් විශේෂ පාරමිතාවක් පිළිබඳ ව ද වදාළ සේක. බුද්ධත්වය පිණිස දහම් පුරන මෙත් බෝසත් තෙම එක් කලෙක කුරු රටෙහි ඉන්දපත්ත නම් නගරයෙහි ශංඛ නම් සක්විති රජු වූයේ ය. එකල්හි සිරිමත නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. ඒ සිරිමත සම්මා සම්බුදු රදුන් භික්ෂු සඞ්ඝයා සමඟ අනුපිළිවෙළින් චාරිකාවේ වැඩම කරන අතර ශංඛ සක්විති රජුගේ රාජධානියට ද වැඩම කොට, ඉන්දපත්ත නගරයෙන් සොළොස් යොදුනක් පමණ දුර එක්තරා තැනෙක වැඩ හුන් සේක. ශංඛ සක්විති රජු ද එක් සාමණේර හිමි නමකගේ මාර්ගයෙන් සිරිමත බුදු රදුන් ලොව පහළ වූ බව දැන තමා සතු සක්විති සම්පත් එහිමියන්ට දී හුදෙකලා ව ම බුදු රදුන් දැකීමට පිටත් විය.
පයින් ම බුදු රදුන් දැකීමට යන රජුගේ පා සියුමැලි බැවින් බිඳී ලේ ගලන්නට විය. පයින් යාගත නොහැකි හෙතෙම අනතුරු ව දෙදණින් හා දෙඅත්තලින් ගමන් කරන්නට විය. දෙදණින් හා අත්තලවලින් ද ලේ වැගිරෙන්නට වූ කල උරයෙන් ගමන් කරන්නට විය. සිතේ ඇති මහත් වූ බුද්ධ ගෞරවය නිසා බොහෝ දුක් වේදනා සතුටින් ම ඉවසන්නට විය. සිරිමත සම්බුදු රජාණන් වහන්සේ මතු බුදු වන මේ බුද්ධාංකුර තෙම දැක මාණවක වේශයක් මවාගෙන ශංඛ රජු සිටි තැනට වැඩම කොට ඔහු පූර්වාරාමය නම් තමන් වහන්සේ වැඩ සිටිනා වෙහෙරට රැගෙන වැඩි සේක. අනතුරු ව මාණවක වේශය අත්හළ ඒ භාග්‍යවතුන් වහන්සේ බුද්ධශ්‍රීයෙන් වැඩ හිඳ රජුට දම් දෙසූ සේක. තවත් දහම් දෙසුව හොත් තමාට භාග්‍යවතුන් වහන්සේට පූජා කිරීමට යමක් නැති බැවින් රජු ධර්ම දේ්ශනාව නවත්වන මෙන් බුදු රදුන්ගෙන් ඉල්ලා සිටියේ ය. නිවන ප්‍රාර්ථනා කරමින් ඒ ශංඛ රජ තෙමේ නියෙන් බෙල්ල කපාගෙන සිය හිස පූජා කළේ ය. මෙය වනාහි මෛත්‍රේය බෝසතුන්ගේ පරමත්ථ පාරමිතාවක් විය. ඒ ශංඛ සක්විති රජු ජීවිත පරිත්‍යාගයෙන් අනතුරු ව තුසිත දෙව් ලොව ශංඛ නම් දිව්‍ය පුත්‍රයා ලෙස උපත ලැබුවේ ය.
මේ ආදි වශයෙන් දස බෝධිසත්තුප්පත්තිකථාවේ මෛත්‍රේය බෝසතුන් පිළිබඳ ව වන පළමු උද්දේසය අවසන් වේ. දස බෝධිසත්තුප්පත්තිකථාවෙහි දැක්වෙන මේ කථා පුවතට අමතර ව මෛත්‍රේය බෝසතුන් පිළිබඳ කථා පාලි හා සිංහල සාහිත්‍යයන්හි දැකිය හැකි ය. මෙම ලිපිය දිගු වන බැවින් මින් ඉදිරියට අනෙකුත් බෝසත්වරුන් නව දෙනා පිළිබඳ කථා අතිසංක්ෂිප්ත ව දැක්වේ.
මෛත්‍රේය බුද්ධ ශාසනය ඉක්ම ගොස් අතිදීර්ඝ කාලයක් ඇවෑමෙන් බොහෝ කලකට පසු ව මේ මහ පොළොව කල්ප විනාශ ගින්නෙන් දැවෙන්නේ ය. මේ මහා භද්‍ර කල්පය අවසන් වූ පසු එක් අසඞ්ඛෙය්‍යක් බුද්ධ ශූන්‍ය වන්නේ ය. අසඞ්ඛෙය්‍ය යනු අංක 141කින් ලිවිය යුතු තරමේ අතිවිශාල සංඛ්‍යාවකි. මෙතරම් අතිදීර්ඝ කාල සීමාවක් බුදු වරයන් වහන්සේලා පහළ නො වන්නා හ. මේ කාල සීමාව තුළ දෙව්-මිනිසුන්ට බුද්ධ කියා හෝ ධම්ම කියා හෝ සඞ්ඝ කියා හෝ කිසි දෙයක් නො වන්නේ ය.
එම බුද්ධ ශූන්‍ය එක් අසඞ්ඛෙය්‍ය ඉක්මවා ගිය කල්හි බුදුවරයන් වහන්සේලා දෙනමක් පහළ වන මණ්ඩ කල්පයක් වන්නේ ය (මණ්ඩ කල්පය යනු කුමක් දැ යි නිශ්චිත ව පැවසිය නොහැකි අතර, අපගේ වැටහීමේ හැටියට නම් මණ්ඩ කල්පය යනු බුදු වරයන් වහන්සේලා දෙ නමක් පහළ වන කල්පය යි. එහෙත් මඩිතියවෙල සිරි සුමඞ්ගල හිමියන්ගේ ශබ්දකෝෂයෙහි එයට අරුත් දක්වා ඇත්තේ සුන්දර කල්පය හා බුදුවරයන් පහළ වන කල්පය යනුවෙනි). මේ මණ්ඩ කල්පයෙහි රාම හා ධර්මරාජ යනුවෙන් සම්මා සම්බුදු වරයන් වහන්සේලා දෙනමක් ලොව පහළ වන්නා හ. එහි ද මිනිසුන්ට අසඞ්ඛෙය්‍යයක් ආයු පිරිහී ගොස් මිනිස් ආයුෂ වසර මිලියන දහයක් වූ කල රාම බෝසතාණන් වහන්සේ දෙව්බඹුන්ගේ ආයාචනය පරිදි තුසිත භවනයෙන් චුත ව මිනිස් ලොව උපදින්නා හ. උන් වහන්සේගේ ආයු ප්‍රමාණය වසර මිලියන දහයකි. ගිහි ගෙයි වසර නවදහසක් කල් වැස අභිනිෂ්ක්‍රමණය කරන්නා වූ ඒ බෝසත් තෙම චන්දනසාර හෙවත් සඳුන්සාර වෘක්ෂය බෝධිය කොට ගෙන බුද්ධත්වයට පත් වන්නා හ. අසූ රියනක් උස් වන්නා වූ මේ බුදු රදුන්ගේ බුදු රැස් අහස පුරා නිතර විහිදී පවතින්නේ ය. තව ද උන් වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් සියලු අලංකාරයන්ගෙන් පිරිපුන් එක් දිව්‍ය කල්ප වෘක්ෂයක් පහළ වන අතර, සියලු ජනයා එය පරිභෝග කරමින් සුව සේ ජීවත් වන්නා හ.
මේ රාම සම්මා සම්බුදු රදුන්ගේ දස පාරමිතාවන් අතුරින් බොහෝ සෙයින් ප්‍රකට වූ එක් පාරමිතාවක් ඇත. එය මෙසේ ය: රාම බෝසත් තෙම කාශ්‍යප බුදු රදුන් සමයෙහි නාරද නම් මාණවකයකු වී කාශ්‍යප සම්බුදු රදුන් දැක බොහෝ සෙයින් පැහැදුණු සිත් ඇත්තේ බුදු බව පතා තම සිරුර කාශ්‍යප බුදු රදුන්ට පූජා කිරීමට ඉටාගත්තේ ය. ඒ අනුව වස්ත්‍ර දෙකක් ගෙන සුවඳ තෙලින් තෙමා පා තලයේ සිට හිස දක්වා වෙළා ගිනි දඬු පහනින් තම සිරුර දවා බුදු රදුන්ට පූජා කරමි යනුවෙන් සිතී ය. කාශ්‍යප බුදු රජාණන් වහන්සේ පිරිස මැද හුන් නාරද මාණවකයා අමතා මෙපමණ මෙපමණ කල් ඇවෑමෙන් ඔබ මතු බුදු වන්නේ යැ යි විවරණ දුන් සේක. අනතුරු ව ඒ නාරද මාණවකයා එක් රැයක දී තන් සිතාගත් පරිදි සිය සිරුර සුවඳ තෙලින් තෙමූ වස්ත්‍රවලින් වෙළා ගිනි දල්වාගෙන එයින් බුදු රදුන් පුදා මිය ගොස් වෙනස් නො වූ සිතින් යුතු ව තුසිත දෙව් ලොව උපන්නේ ය.
නාරද මාණවකයා දිවි පිදූ තැන පියුම් ගැබක් පහළ වූ අතර මිනිස්සු එය දැක පුදුමයට පත් ව ඒ කෙරෙහි පැහැදී මහා පූජාවක් කළහ. මෙලෙස එම බෝසත් තෙම විසින් කළ ජීවිත පූජාවෙන් රාම බුදු රදුන් වන කල උන් වහන්සේ අසූ රියන් උස් වන අතර, දිවා රාත්‍රී දෙක්හි පැතිරුණු ආලෝකය ඇත්තාහු වන්නා හ. බුද්්ධාලෝකය හේතුවෙන් හිරු සඳු ද මඳ ආලෝක බවට පත් වන්නේ ය. තව ද උන් වහන්සේට වසර මිලියන දහයක් ආයු වන්නේ ය.
රාම සම්මා සම්බුදු රදුන්ගේ සාසනය අවසන් වූ පසු මිනිසුන්ගේ ආයුෂ පිරිහී ගොස් නැවත වැඩී නැවතත් පිරිහී මිනිසුන්ගේ ආයුෂ වසර පනස් දහසක් වන කල පසේනදි කොසොල් රජු පුරන ලද පාරමී ඇති ව ධම්මරාජ නම් සම්මා සම්බුදු රදුන් වන්නේ ය. උන් වහන්සේ දිගින් රියන් හැටක් වන අතර නාග වෘක්ෂය බෝධිය වන්නේ ය. ගෞතම බුද්ධ ශාසනයෙහි පසේනදි කොසොල් රජු නමින් හැඳින්වුණු ධම්මරාජ බෝසත් තෙම කෝණාගමන සම්මා සම්බුදු රදුන්ගේ සසුනෙහි සුද්ධ නම් මාණවකයා විය. මේ සුද්ධ මාණවකයා එක් පියුම් විලක් රකිමින් ජීවත් වූ අතර දවසින් දවස පියුම් දෙක බැගින් විකුණා එයින් ලැබූ මුදලින් සහල් නැළි හතක් ලබා ජීවත් විය.
දිනක් පියුම් දෙකක් ගෙන විකිණීමට යන සුද්ධ මාණවකයාට කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ දක්නට ලැබිණි. කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ ඒ මාණවකයාට “ඔබ මතු බුදු වන්නේ යැ” යි වදාරා ඒ පිළිබඳ විස්තර වදාළ සේක. බුද්ධ වචනය අසා සිත පැහැදුණු සුද්ධ මාණවකයා තමා අත තිබූ පියුම් දෙක භාග්‍යවතුන් වහන්සේට පිදුවේ ය. පියුම් ලැබූ බුදු රජාණන් වහන්සේ ඒ පියුම් මත්තෙහි වැඩ හුන් සේක. තව ද සුද්ධ මාණවකයා බුදු රදුන්ට සූර්ය තාපය නොවැදීම පිණිස දඬු සතරක් ගෙන සිවු දිශාවන්හි ඔසවා වස්ත්‍ර දෙකක් ගෙන දඬුවලින් වට කොට වසා ඒ සියලු දානයන්ගේ ඵලයෙන් උතුම් බුද්ධත්වය ම පැතුවේ ය. මේ ආදි වශයෙන් කෝණාගමන බුද්ධ ශාසනයෙහි නොයෙක් පින්කම් කළ හෙතෙම ගෞතම බුද්ධ ශාසනයෙහි ද කොසොල් මහ රජු වී නොයෙක් පින්කම් කළේ ය. මෙලෙස අතීතයේ පටන් අනාගතය දක්වා පිරූ සහ පුරන්නා වූ පාරමිතාවන්ගේ බලයෙන් ධම්මරාජා බෝසත් තෙම මතු මණ්ඩ කල්පයෙහි සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේ ය.
රාම හා ධම්මරාජා සම්බුදුවරුන් වැඩ සිටින්නා වූ මණ්ඩ කල්පය ගින්නෙන් දැවී අවසන් වී සාර කල්පයක් ඇති වන්නේ ය. අභිභූ නම් දෙව්රජු එම කල්පයෙහි ධම්මස්සාමි නම් සම්මා සම්බුදුවරයා වන්නේ ය. වසර දහසක් ආයු ඇති උන් වහන්සේ අසූ රියන් උස් වන්නා හ. සල් වෘක්ෂය බෝධිය වන්නා වූ එම බුදු රදුන්ගේ බුද්ධානුභාවයෙන් නිධානයක් පහළ වන අතර, සියලු මිනිස්සු එය නිසා සැප සේ ජීවත් වන්නා හ. මෙම ධම්මස්සාමි බුදු රදුන්ගේ ද එක් පාරමිතාවක් ප්‍රකට ය. එම බෝසත් තෙම කාශ්‍යප බුද්ධ සමයෙහි බෝධි නම් ඇමැතියා විය.
වරෙක කාශ්‍යප බුදුන් වහන්සේ ඵලසමවතින් නැගී සිට ජේතවන ආරාමයේ වැඩ සිටි සේක. එකල කිකී නම් මහ රජු ඵලසමවතින් නැගී සිටි අයකුට දෙන දානයේ විපාක දැන බුදු රදුන්ට දානයක් දීමට සිතා “කිසිවකු බුදු රදුන්ට පළමු ව දන් නො දිය යුතු ය. එසේ දුන හොත් ඔහුට දඬුවම් වන්නේයැ” යි පවසා බෙර හැසිරවී ය. එහෙත් ශ්‍රද්්ධාවෙන් ම ඔද වැඩුණු බෝධි ඇමැතියා රජ අණ නොතකා බුදු රදුන්ට දන් දීමට සූදානම් වී වෙහෙර වෙත ගියේ ය. අතරමග දී රාජ පුරුෂයන් අතට පත් වුණු ඇමැතියාට රජ අණ කඩ කිරීම නිසා මරණ දඬුවම හිමි විය. ඔහුගේ මරණයට සුළු මොහොතකට පෙර කාශ්‍යප බුදු රජාණන් වහන්සේ වධක ස්ථානයට වැඩම කළ සේක. ඇමැතියාගේ මරණයට මොහොතකට පෙර බුදු රදුන්ට දන් දීමට අවස්ථාව උදා විය. බුද්්ධානුභාවයෙන් පහළ වූ දානය හෙතෙම බුදු රදුන්ට ම දුන්නේ ය. බුදු රජාණන් වහන්සේ ඔහුට මතු බුදු වන බව දක්වා විවරණ දුන් සේක. බුදුන් වහන්සේ නික්ම වැඩම කළ සේක. ඇමැතියා දන් දෙන්නට ගොස් රජ අණ කඩ කිරීම හේතුවෙන් මරණය උරුම කරගති. මරණින් පසු ඔහු තුසිත පුරයෙහි උපන්නේ ය. මෙය වූකලි මතු බුදු වන ධම්මස්සාමි බුදු රදුන්ගේ ප්‍රකට වූ එක් පාරමිතාව යි.
ධම්මස්සාමි බුද්ධ ශාසනය ඉක්ම ගිය කල්හි බුද්ධ ශූන්‍ය වූ එක් ලක්‍ඛණ කල්පයක් වන්නේ ය. ඉන් පසු උදා වන බුදු වරයන් දෙනමකගෙන් සමන්විත මණ්ඩ කල්පයෙහි නාරද හා රංසිමුනි නමින් බුදු වරයන් වහන්සේලා දෙනමක් ලොව පහළ වන්නා හ. නාරද නමින් බුද්ධත්වයට පත්වන්නේ දීඝසෝණ නමින් ප්‍රකට රාහු අසුරින්දයා ය. මෙහි රාහු අසුරින්දයා විශාලතම ශරීර ඇති අය අතර අග්‍රස්ථානයට ම වැටෙන්නෙකි (ඒතදග්ගං භික්ඛවේ අත්තභාවීනං යදිදං රාහු අසුරින්දෝ). රංසිමුනි නමින් සම්බුද්ධත්වයට පත් වන්නේ මේ බුදු සසුනේ චඞ්කී නම් බ්‍රාහ්මණයා ය.
රංසිමුනි බුදු රදුන් වැඩ සිටි මණ්ඩ කල්පය ඉක්ම ගිය කල්හි තවත් එක් මණ්ඩ කල්පයක් වන්නේ ය. එම මණ්ඩ කල්පයෙහි දේවදේව හා නරසීහ යනුවෙන් සම්බුදුවරු දෙනමක් පහළ වන්නා හ. මේ කල්පයෙහි පළමුවෙන් ම බුද්ධත්වයට පත් වන දේවදේව බුද්ධ තෙම නම් සුභ බ්‍රාහ්මණයා ය. එහෙත් සුභ නම් මාණවකයකු පිළිබඳ ව මිස සුභ නම් බ්‍රාහ්මණයකු පිළිබඳ කරුණු ත්‍රිපිටකයෙන් සොයාගැනීමට නොහැකි තරම් ය. එය කෙසේ වෙතත් මේ තෙම කෝණාගම බුද්ධ සමයෙහි ඡද්දන්ත නාග රාජයකු වී උපන්නේ ය. සර්වඥතා ඥානය ම කැමැති වන ඒ බෝසත් නාග රාජ තෙම පිරිනිවන් පෑ කොණ්ඩඤ්ඤ නම් රහතන් වහන්සේ නමකගේ දේහයට කළ යුතු අවසන් කටයුතු මහත් ගෞරවයෙන් ම සිදු කළේ ය. මෙය වනාහි එම දේවදේව බෝසතුන්ගේ ප්‍රකට වූ එක් පාරමිතාව ය.
දේවදේව සම්බුදු රදුන්ගේ සසුන පිරිහී ගිය කල්හි එම කල්පයෙහි ම ගෞතම බුදු සසුනෙහි තෝදෙය්‍ය නමින් ප්‍රකට ව සිටි බමුණා නරසීහ නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේ ය. මේ තෝදෙය්‍ය බමුණා කාශ්‍යප සම්බුදු සසුන පිරිහී ගෞතම සම්බුදු සසුන පහළ වන්නට පෙර කල්හි නන්ද නම් මාණවකයෙක් විය. පිඬු සිඟා වඩින එක් පසේබුදු වරයන් වහන්සේ නමක් දුටු හෙතෙම පැහැදුණු සිතින් දන් පූජා කොට සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කළේ ය.
නරසීහ සම්බුදු සසුන පිරිහී එම කල්පය ද ඉක්ම ගිය කල්හි බුදු වරයන් පහළ නොවන එක්බුද්ධ ශූන්‍ය කල්පයක් වන්නේ ය. එම බුද්ධ ශූන්‍ය කල්පය ද ඉක්ම ගිය කල්හි තවත් බුදු වරයන් වහන්සේලා දෙනමකගෙන් ප්‍රතිමණ්ඩිත මණ්ඩ කල්පයක් වන්නේ ය. එහි පළමුවෙන් ම තිස්ස නම් සම්මා සම්බුදුවරයා වන්නේ ය. උන් වහන්සේ දිගින් අසූ රියන් උස් වන්නා හ. නුග රුක බෝධිය කොටගන්නා උන් වහන්සේට වසර අසූ දහසක් ආයු වන්නේ ය. උන් වහන්සේ විසින් පෙර කරන ලද පින් බලයෙන් එම සසුනෙහි ද නොයෙක් අසිරි වන්නේ ය.
තිස්ස සම්බුදු රදුන්ගේ සසුන පිරිහී ගිය කල්හි පාරිලෙය්‍යක නමින් ප්‍රකට ඇත් රජු සුමඞ්ගල නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේ ය. මේ පාරිලෙය්‍යක ඇත් තෙමේ පෙර කකුසන්ධ බුද්ධ සමයෙහි මහාපනාද නම් සක්විති රජ වී ධර්මය වෙනුවෙන් දිවි පිදුවේ ය. ඔහු එම ජීවිත දාන ඵලයෙන් මතු වසර දහසක් ආයු ඇති සුමඞ්ගල නම් බුදුවරයා වන්නේ ය.
මේ ආදි වශයෙන් දසබෝධිසත්තුප්පත්ති-කථාවෙහි මතු බුදු වන බුදුවරයන් වහන්සේලා දස නමකගේ තොරතුරු අන්තර්ගත වේ. අර්ථීහු එය කියවා වැඩි දුර විස්තර දැනගනිත්වා! ථේරවාද බුදු සමයෙහි කුමන දේශනාවක වුව මුඛ්‍ය අරමුණ වනුයේ පුද්ගලයා නිවනට අප්‍රමාද කරවීම ය. ඒ අනුව දසබෝධිසත්තුප්පත්තිකථාවෙහි එන මේ බුද්ධෝත්පාදයන්ගේ දුර්ලභ බව දැන වහ-වහා මේ බුදු සසුනෙහි කළ යුතු දෑ වෙනුවෙන් වීර්ය කට යුතු ය. ඒ අප මාරයා සමඟ ඇති කරගත් ගිවිසුමක් නැති බැව් ද සිහියේ තබාගෙන ම ය. ද
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවට අයත් දීඝනිකාය 03, අඞ්ගුත්තරනිකාය 02 යන ත්‍රිපිටක ග්‍රන්ථ, මොරටුවේ සාසනරතන හිමියන්ගේ ‘ලක්දිව මහායාන අදහස්’ කෘතිය හා මඩිතියවෙල සිරි සුමඞ්ගල හිමියන්ගේ පාලි සිංහල ශබ්දකෝෂය ද ඇසුරු කරණි).
ගෞතම බුදු සසුනෙන් පසු ව බුද්ධත්වයට පත් වන බෝසත්වරුන් දස නමකගේ විස්තර ඇතුළත් ‘දසබෝධිසත්තුප්පත්තිකථා හෙවත් දස බෝසත් කථා පුවත’ නම් කෘතිය සම්බන්ධයෙන් මෙම ලිපිය සකස් කැරිණි. එම කෘතිය ආචාර්ය පූජ්‍ය මැදගම්පිටියේ විජිතධම්ම හිමියන්ගේ සංස්කරණයෙන් යුක්ත ව දෙහිවල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් ප්‍රකාශයට පත් කොට ඇත.
අපේ සිංහ පැටව් අද තරගය පැරදුනා තමයි එත් එක පරාජයක් නිසා අපි ඔහුන්ට බනිනවනම් ඒක ගොඩක් වැරදියි,
පරිඝණකයක් format කරලා windows දාගත්තට පස්සේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි drives install කරගන්න එක. දැන් ඔන්න ලේසියෙන්ම drives download කරන්න පුලුවන් ක්‍රමයක් තමයි අද අපි ඔයාලට කියලා  දෙන්න හදන්නේ.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score