Jul 25, 2014


රිතික් හා සුසෑන් කලක සිටම දැන හඳුනාගෙන සිට ගැටවර වියේදීම එකිනෙකාට පෙම් බැඳි දෙදෙනෙක්. එමෙන්ම ඔවුන් එකිනෙකාට ඉතා හොඳින් ගැළපෙන බව සියල්ලන්ගේම අදහස වුණා.

මේ දෙදෙනා තම පුතුන් දෙදෙනා සමග ගත කරන්නේ ඉතා ප්‍රීතිමත් පවුල් ජීවිතයක් බව කාගේත් පිළිගැනීම වුණා. ජනප්‍රිය නිළි කරීනා කපූර් විවාහවීමට පෙර රිතික් සමග ඇයගේ පෙම් සබඳතාවයක් ඇති බවට කටකතාවක් පැතිරුණත් ඒ බව වැඩිදෙනෙක් විශ්වාස නොකළෙත් රිතික් හා සුසෑන්ගේ ආදරය හා සාර්ථක පවුල් ජීවිතය ගැන ඇති විශ්වාසය නිසයි.
   කොහොම වුණත් කිසිවෙකු නොසිතූ ලෙස ඔවුන්ගේ යුගදිවියේ අර්බුදකාරී තත්ත්වයක් ඇතිවූ අතර බාබරා ගැන කටකතාව මිස තමන් දෙදෙනා වෙන්වන හේතුව සුසෑන් හෝ රිතික් හෙළිකළේ නැහැ. මේ දෙදෙනාගේ දික්කසාදයේදී සුසෑන් විශාල වන්දි මුදලක් ඉල්ලා සිටි බවද වාර්තා වුණා.මේ අතර තම දික්කසාදය ස්ථිරවූ දිනයේම සුසෑන් හා ජනප්‍රිය නළු අර්ජුන් රාම්පාල් සමාජ ශාලාවකදී සාදයකට සහභාගි වුණ පුවතක් වාර්තා වුණා. මේ පුවතටත් මුලදී කිසිවෙකුගේ හෝ අවධානය යොමු නොවුණේ අර්ජුන් හා ඔහුගේ හිටපු මෝස්තර නිරූපිකා බිරිය මෙහෙර් සමග රිතික් හා සුසෑන් සමීපව ඇසුරු කිරීම නිසයි. අනෙක දියණියන් දෙදෙනෙකුගේ පියෙකු වන අර්ජුන් ප්‍රකටව සිටියේත් ඉතා යහපත් පවුල් ජීවිතයක් ගතකරන අයෙකු හැටියට වීම නිසයි.
   කොහොම වුණත් අලුත්ම ආරංචිවලට අනුව අර්ජුන් හා සුසෑන් අතර පෙම් සබඳතාවයක් තිබෙනවාලු. මේ බව රිතික්ට දැනගන්නට ලැබුණු පසු තම විවාහය බිඳ වැටෙන්නට හොඳම මිතුරෙකු ලෙස සැලකූ අයෙකු හේතුවූ බව දැනගත් ඔහු අර්ජුන්ට ලැබෙන්නට නියමිතව තිබූ චිත්‍රපට කිහිපයක්ම ඔහුට නොලැබෙන තැනට කටයුතු සලසා තිබෙන බව දැන් ආරංචි වෙනවා. තමා හා සුසෑන්  අතර පෙම් සබඳතාවයක් ගැන කටකතා පැතිරෙන අලුත එය බොරුවක් බව අර්ජුන් ට්විටර් පණිවුඩයක් මගින් කියා සිටි අතර සුසෑන් ද කියා තිබුණේ විවාහය බිඳවැටීමේ වරද වෙනත් කෙනෙකු පිට පැටවිය යුතු නැති බවයි.
    මේ දෙදෙනාගේ සමීප ඇසුර ගැන පැතිරෙන කටකතා නිසා අර්ජුන්ගේ බිරිය මෙහෙර් බලවත් ලෙස කම්පනයට පත්ව ඇති බවත්, මුලදී මේ සියල්ල කටකතා ලෙස සලකා ඉවසා සිටියත් දැන් මාසයක පමණ කාලයක සිට ඇය කලක් තම හොඳම මිතුරියක වූ සුසෑන් සමග කතාකිරීම පවා අතහැර ඇති බවත් කියැවෙනවා. තම බිරියගෙන් සියල්ල වසන්කර ගැනීමට අර්ජුන් ඇය සමග සමීප බවක් පිටතට පෙන්නුවත් අර්ජුන් හා සුසෑන්ගේ පෙම් සබඳතාවය දැන් ක්‍ෂේත්‍රයේ පිරිසට රහසක් නොවන බවයි වාර්තා වන්නේ. මේ සියල්ල සලකා බැලූ කළ රිතික්ගේ විවාහය දෙදරා යාමට හේතුව මුලදී කව්රුත් සිතූ ලෙස ඔහුගේ වරදක් නොවන බවත්,රිතික් සමග විවාහය පවතින කාලයේදීම සුසෑන් හා අර්ජුන් අතර ප්‍රේමය ඇරඹුණු බවත් දැන් වාර්තා වෙනවා. විශේෂයෙන් තම දික්කසාදයෙන් දිනකට පසු ඒ ගැන කිසිම පසුතැවිල්ලකින් තොරව සුසෑන් අර්ජුන් සමග විනෝදවීම බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයට හේතුවී තිබෙනවා.
   ඉහළම තලයේ ජනප්‍රියත්වයක් හිමිකර ගන්නට නොහැකි වූ නළුවෙකු වූ අර්ජුන් රඟපාන්නට නියමිත අලුත්ම චිත්‍රපටයේ නමත් “ලව් එෆෙයාර්”(පෙම් සබඳතාවය) මේ චිත්‍රපටය ජනප්‍රිය නවක නිළි ආලියා බට් ගේ මව වන සෝනු රාස්දාන්ගේ කුළුදුල්
අධ්‍යක්ෂණයයි.

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score