Oct 31, 2014

IVf විවාහයෙන් පසු දරු සම්පතක් ලැබීමේ සතුට අත්විඳින්නට ඕනෑම 

යුවලක් බලා සිටින බව රහසක් නොවේ. ඉතින් එවැනි යුවලකට දරු 

සම්පතක් ලැබීම නිසි කලට සිදු නොවන ලකුණු පහල වූ විට එම යුවල 

ඉතා දුකට පත්වනු ඇත. නමුත් නවීන තාක්ක්ෂණයට පින්සිදු වන්නට 

ඔබ බලාපොරෝත්තු අත් හල යුතු වන්නේ නැහැ.

ඔබ කල යුත්තේ සුදුසුකම් සහ අත්දැකීම් ලත් වෛද්‍ය වරයකු වෙත 

යොමු වීමයි. අද අපි ඔබට එවැනි එක්තරා ප්‍රතිකර්මයක් ගැන විස්තර 

ගෙන එනවා... එය හැඳින්වෙන්නේ IVF නමින්.

* IVF යනු කුමක්ද?

IVF නමින් හැඳින්වෙනේ කෘතීම සංසේචන ක්‍රියාවලියක්. මෙහිදී 

සිදුකරන්නේ කාන්තාවගේ පරිනත ඩිම්බ ඉවතට ගෙන පුරුෂයාගේ 

ශුක්‍රාණුද ඉවතට ගෙන විද්‍යාගාරයක් තුලදී කෘතීමව සංසේචනය 

කිරීමයි. එසේ සාර්ථක ලෙස සංසේචනය වුවහොත් කළලය ගර්භාෂය 

තුල තැන්පත් කරනු ලැබේ. (ඉන්පසු එය ක්‍රමක්‍රමයෙන් වැඩී දරුවකු 

බවට පත්වනු ඇත)

* IVF ප්‍රතිකර්මය අවශ්‍ය වන්නේ කුමන අවස්ථාවලද?

අප මෙයට පෙර ඔබට දැක්වුවා පුරුෂයාගේ ශුක්‍රානු කාන්තාවගේ 

යෝනි මාර්ගය තුලින් ගැබ්ගෙල හරහා ගර්භාෂයට ඇතුළු වූ පසු 

කාන්තාවගේ පැලෝපීය නාලයේදී ඩිම්බයක් හමුවී තත්වයෙන් ඉතාම 

ඉහල ශුක්‍රාණු 1ක් පමණක් එම ඩිම්බය සමග සංසේචනය වී හැදෙන 

යුක්තානුව කෙමෙන් කෙමෙන් වර්ධනය වී කළලයක් බවට පත්වන 

බව. ඉතින් මෙම ක්‍රියාවලිය ස්වභාවිකව නිසි ලෙස සිදු නොවන 

අවස්ථාවලදී IVF ප්‍රතිකර්මය සලකා බැලෙනවා. කාන්තාවගේ 

පැලෝපීය නාල දෙකෙහිම අවහිරතාවයක් ඇති විට, පැලෝපීය 

නාලයේ සිදුවූ ගැබ් ගැනීමක් නිසා පැලෝපීය නාල දෙකම ඉවත්කළ 

කාන්තාවන්, යම් විෂබීජයක් නිසා පැලෝපීය නාල ආසාදනයට ලක්වී 

එහි ක්‍රියාකාරීත්වය නැවතුන කාන්තාවන්, Endometriosis නමැති 

රෝග තත්වය, ගර්භාෂය තුල ෆයිබ්‍රොයිඩ් නමින් හඳුන්වන ගෙඩි 

ඉවත්කළ IUI ප්‍රතිකර්මය අසාර්ථක වූ කාන්තාවන් සහ ඩිම්බ පරිනත 

නොවන කාන්තාවන් (PCOS තත්වය ඇති විට) මෙම IVF 

ප්‍රතිකර්මයට යොමු වීමට සිදුවේ.

* IVF ප්‍රතිකර්මය සුදුසු කුමන සහකරුවන්ටද?

සාමාන්‍ය ගැබ් ගැනීමකට ශුක්‍රාණු ප්‍රමාණය අඩු පුරුෂයන්, සාමාන්‍ය 

ගැබ් ගැනීමකට අවශ්‍ය සාඵල්‍යතාවය අඩු පුරුෂයන්, සාමාන්‍ය ගැබ් 

ගැනීමකට අවශ්‍ය රූපකාරයන් අසාමාන්‍ය වූ ශුක්‍රාණු ඇති පුරුෂයන් 

හෝ මෙම ලක්ෂණ එකකට වඩා ඇති පුරුෂයන් සිටින යුවල වලට 

මෙම IVF ප්‍රතිකාරය නිර්දේශ කරනු ඇත. නමුත් ඉහත ලක්ෂණ 3 ම 

නොමැති පුරුෂයන් වුවත් එම යුවල අතර සඵලතාවය අඩු අවස්ථාවක 

IUI ප්‍රතිකර්මය සිදුකර එය අසාර්ථක වුවහොත් IVF තාක්ෂණයේ 

විශේෂ අවස්ථාවක් වන ICSI ප්‍රතිකර්මය නිර්දේශ කරනු ඇත. මෙම 

ක්‍රම මගින් පුරුෂයාගේ ශුක්‍ර ප්‍රමාණය අඩු වුවත්, ශුක්‍ර තරලයේ ශුක්‍රාණු 

නැත්තටම නැති උනත් වෘෂණ කෝෂ තුල ශුක්‍රාණු තිබේනම් ඒවා 

භාවිතයෙන් හෝ දරු පිළිසිඳ ගැනීමකට මඟ පාදා ගත හැක. එසේම 

වන්ධ්‍යාභාවය ඇතිකරන LRT සැත්කම සිදුකල කාන්තාවන්ට හෝ 

වාසේත්කමි සැත්කම කල පිරිමින්ටත් මෙම ක්‍රමය හාවිතා කර 

තමන්ගේම දරුවෙකු ලබා ගත හැකිය. තවද වයසින් වැඩි 

කාන්තාවන්ට ඩවුන්ස් සහලක්ෂණය සහිත දරුවන් ඇතිවීම වලක්වා 

ගැනීමටද මෙම ක්‍රමයට සංසේචනය කිරීමෙන් හැකියාවක් ඇත. 

පාරම්පරික රෝග ඇති නමුත් මඳ සරු නොවන යුවලකටත් මෙම 

ප්‍රතිකර්මය ඉතාම ප්‍රයෝජනවත්, මන්ද යත් එමගින් තැලිසීමියාව, 

Fragile X සහලක්ෂණය, පාකින්සන් රෝගය, cystic fibrosis 

තත්වය ආදියෙන් තොර දරුවන් බිහි කර ගැනීමට මඟ පාදන නිසා.


* IVF ප්‍රතිකර්මය සිදුකරන අයුරු

මෙහිදී මුලුන්ම කාන්තාවගේ ඩිම්බ උත්තේජනය කරනු ලැබේ. ඒ 

සඳහා අවශ්‍ය වන FSH හෝමෝනය ඔසප් වූ දිනට පසු දින සිට 

දිනපතා දින 12ක් එන්නත් කරනු ඇත. එම එන්නත් කරනු ලබන 

හෝමෝනය මගින් ඩිම්බ 10ක් උත්තේජනය කරනු ඇත. ඉන්පසු 

ඔසප් වූ දින සිට දින 7න්, 9න් හා 11න් කරන ස්කෑන් පරීක්ෂාවක් 

මගින් ඩිම්බ විෂ්කම්භය මනිනු ලැබෙයි. 7 වන දින වන විට එය 

මිලිමීටර 10ක් හෝ ඊට වැඩි විය යුතු අතර, එසේ නැතහොත් ලබාදෙන 

හෝමෝන ප්‍රමාණය වැඩි කල යුතු වනු ඇත. සාමාන්‍යයෙන් 11 හෝ 

12 වන දිනය වන විට මෙම පරිනත ඩිම්බ මිලිමීටර 18 - 20 

ප්‍රමාණයට වැඩී, එවැනි ඩිම්බ 10ක් පමණ ඇතිවේ. ඉන්පසු එන්නත් 

කරන HCG එන්නත මගින් ඩිම්බ මෝචනය සිදු කිරීමට සලස්වයි. එය 

HCG එන්නත ලබාදී පැය 36 කින් පමණ සිදුවේ. එසේ මෝචනය වී 

ඇති බව තහවුරු කරගත් විට ගර්භාෂ බිත්තිය සිදුරු කර ඇතුලත් කරන 

ඩිම්බ චූෂක උපකරණයක් මගින් ඩිම්බ චූෂණය (ඇදගැනීම) සිදුකරනු 

ලැබේ. එම නලයේ සහ එම නලය තුල අඩංගු ද්‍රාවණය ශරීර 

උෂ්ණත්වයටම සමාන වන අතර එම ද්‍රාවණයේ සාන්ද්‍රනයත් 

පැලෝපීය නාලවල සෛල වලින් ශ්‍රාවය වන දියරයන්ගේ සාන්ද්‍රනයත් 

සමාන වේ.

* කෘතීම සංසේචනය සිදුකිරීම
ඉහත ආකාරයට ලබාගත් ඩිම්බ විශේෂිත අන්වීක්ෂයක් සවිකරන ලද 

බීජ පෝෂකයක් තුලදී පරිනත ඩිම්බ තෝරා ගනු ලැබේ. එම 

උපකරණය තුල උෂ්ණත්වයත් ශරීර උෂ්ණත්වයට සමාන ලෙස 

නිර්මාණය කර ඇති අතර වායු සංයුතියද ශරීරය තුල ඇති ආකාරයට 

90% නයිට්‍රජන් වායුවත්, 5% ඔක්සිජන් වායුවත්, 5% කාබන් 

ඩයොක්සයිඩ් වායුවත් ඇතුළු කර ඇත. එමෙන්ම ආද්‍රතාව (වාතයේ ජල 

වාෂ්ප සංයුතිය) පැලෝපීය නාලය තුල ඇති ප්‍රමාන්යටම පාලනය කර 

ඇත. ඉන්පසු විශේෂ කදාවක් මත ශුක්‍රාණු සමග ඩිම්බය සංසේචනය 

කරනු ලැබේ. ඒ සඳහා සජීවී සචලතාව ඇති ශුක්‍රාණු 80,000 මාතර 

ඩිම්බ 3ක් පමණ දමා විශේෂ ඉන්කියුබෙටරයක් තුල සංසේචනය සඳහා 

තබනු ලැබේ. ඉන්පසු පැය 12න් එම සංසේචනය වූ ඩිම්බය 

යුක්තානුවක් බවට පත්වේ. එනම් පැය 18කින් සෛල 2ක කළලයක් 

බවටත්, ඉන්පසු සෛල 4ක කලලයක් බවටත්, තවත් දිනයක් යන විට 

එය සෛල 8 බවටත් පත්වේ. ඉහත ලබාගත් ඩිම්බ 10න් 6ක් පමණ 

බොහෝවිට මනා ලෙස විභාජනය වූ කළල බවට පත්වේ. නවීන 

තාක්ෂනය සහිත විද්‍යාගාර තුලනම් මෙම කළලය දින 5ක් වර්ධනය 

කර "BLASTOCYST" අවථාවට පැමිණි පසු ගර්භාෂයේ තැන්පත් 

කිරීම සිදුවේ. මෙයට හේතුව එවිට ගැබ් ගැනීමේ ප්‍රවණතාව වැඩිවීමයි. 

ඉන්පසු එම අවස්තාවේදී නිසි පරිදි විභාජනය වූ කළල දෙකක් හෝ 

තුනක් යෝනි මාර්ගයෙන් ගැබ් ගෙල තුලින් ගර්භාෂයේ තැන්පත් කිරීම 

සිදුකරයි. එසේ කළලය තැන්පත් කල පසු කාන්තාව පයක් පමණ 

සැතපී සිටිය යුතුය. මෙම ක්‍රියාවලිය සඳහා සිහි නැති කිරීම අවශ්‍ය 

නොවේ. එය ශල්‍ය කර්මයක් නොවන අතර වේදනා රහිත 

ප්‍රතිකර්මයකි.

* කළලය තැන්පත් කල පසු කරන්නේ කුමක්ද?

ඉන්පසු යෝනි මාර්ගයට ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය සහිත ජෙල් 

වර්ගයක් ඇතුලත් කරනු ලැබේ. එවිට යෝනි මාර්ගයේ බිත්තිය හා 

ගැබ් ගෙල තුලින් එය අවශෝෂණය වී කලලයේ අධිරෝපණය සඳහා 

ගර්භාෂයේ ඇතුළු ස්ථරය වන endometrium සැකසේ. කළලය 

තැන්පත් කල පසු දිනපතා ප්‍රොජෙස්ටරෝන් ජෙල් එක දින 14ක් 

ඇතුලත් කල යුතුය. 14 වන දිනයේදී Beta-HCG ප්‍රමාණය මනින 

පරීක්ෂණයක් මගින් කළලය අධිරෝපණය වී ගැබ් ගෙන ඇති බව 

දැනගත හැකි වේ.

* කළල රෝපණය අසාර්ථක උනොත් ඉතිරි කළල ලබා ගත හැකියි

අප ඉහත සඳහන් කල අයුරින් ඩිම්බ 1කට වඩා සංසේචනය වීමට 

සලස්වූවා ඔබට මතක ඇති. එසේ සාර්ථක ලෙස සංසේචනය වූ ඩිම්බ 

ද්‍රාව්‍ය නයිට්‍රජන් වල සෙල්සියස් අංශක -196 ට අඩු උෂ්ණත්වයක 

ගබඩා කර තබනු ලැබේ. ඉතින් ඔබේ පළමු උත්සාහය අසාර්ථක 

වුවහොත් ඔබට තවත් වරක් එම ගබඩා කර තබන ලද කලලයක් 

ඉවතට ගෙන තවත් පැය 24ක් ඉන්කියුබෙටරයක් තුල සෛල 

විභාජනය වීමට සලස්වා අධිරෝපණය කරවීමට උත්සාහ කල හැකි 

වේ.
.………….
ලංකා හොස්පිටල්ස් ආයතනයේ වීශේෂඥ වෛද්‍ය මදාර රැළපණාව 

මහතා සමග කල සාකච්චාවක් ඇසුරිනි.

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score