Aug 17, 2014


ස්වයං මෝහනය යනු කුමක්ද?

ස්වයං මෝහනය යනු මෝහනයේම තවත් එක් වර්ගයක්. මෙය සිදුවන්නෙ යම් පුද්ගලයක් තමන් විසින් තමන්ටම සිදුකරන ස්වයං යෝජනා මාලාවක් මගිනුයි.මීට අමතරව අප නොදැනුවත්වම ස්වයං මෝහනයට පත්වන අවස්ථා ඕනෑ තරම් තිබෙනව. හිතල බලන්න ඔබ වඩාත් ආදරය කරන ගීතයක් වාදනය වන අවස්ථාවක් පිළිබඳව.ඔබ නොදැනුවත්වම වෙනත් ලෝකයකට ගමන් කරනව නේද?,මතක් කරල බලන්න ඔබ වඩාත්  කැමති චිත්‍රපටයක් නැරඹූ අවස්ථාවක් පිලිබඳව ඔබ එම චිත්‍රපටයේ චරිත අතර සැරිසරන්න ඇති.ඉතින් මම ඔබට ඉහතින් ඉදිරිපත් කලේ ඔබ නොදැනුවත්වම ස්වයං මෝහනයට පත්විය හැකි අවස්ථා දෙකක් පිලිබඳව.ඉතින් දැන් ඔබට තේරෙනව ඇති මේ ස්වයං මෝහනය යනු බොහොම ස්වාභාවික කාර්යාවලියක් බව ඒ වගේම ඔබට පැවසිය යුතුඅනෙක් වැදගත් කරුණ නම් මෙය කිසිදු හානියකින් තොර කාර්යාවලියක් බව. මම හිතනව ඔබට දැන් ස්වයං මෝහනය පිලිබඳව මූලික අවබෝධයක් ලැබෙන්න ඇති කියල.

ස්වයං මෝහනයේ යෙදීම්.

01. සුවදායී නින්දක් ලබා ගැනීමට.

සමහර පුද්ගලයන්ට ඇතිවන  නින්ද සම්බන්ද ගැටලු නිරාකරනය කරගැනීමට ස්වයං මෝහනය පහසුවෙන් යොදවා ගත හැක. බොහෝ පුද්ගලයන්ට අවශ්‍යය වන්නේ මෝහන වාර එකක් පමණි.

02. වැරදි විශ්වාසයන්ගෙන් මිදීමට.

විශේෂයෙන්ම සෘන ආකල්පයන්ගෙන් පුද්ගලයන් මුදවා ගැනීමට ස්වයං මෝහනය යොදවා ගත හැක.

03. වැරදි ඇබ්බැහිවීම් වලින් මිදීමට.

දුම් පානය,නියපොතු සැපීම වැනි වැරදි පුරුදුවලින් මිදීමට ස්වයං මෝහනය භාවිතා කල හැක.

04. අනවශ්‍යය භය ඉවත් කිරීමට.

සාමාන්‍යයෙන් අප සැමටම සුලු වශයෙන් හෝ බිය පවතිනව. නමුත් සමහර පුද්ගලයන්ට පවතින මකුලුවන්ට බිය වීම වැනි අනවශ්‍ය බිය නැතිකිරීමට සවයං මෝහනය භාවිතා කල හැක.

05. වේදනා නාශකයක් ලෙස.

06. මතක ශක්තිය සහ චිත්ත ඒකාග්‍රතාව වැඩිකර අධ්‍යපන කටයුතු සාර්ථක කර ගැනීමට.

07. මානසික විඩාව සහ මානසික පීඩනය ඉවත් කර ගැනීමට.


පියවර 10 කින් ස්වයං මෝහනයට පත් වන ආකාරය.

STEP-01

පලමුවෙන්ම ඔබ නිශ්ෂබ්ද කාමරයක් තෝරාගන්න.අනතුරුව සුව පහසු පුටුවක හෝ ඇඳක් මත වාඩි වන්න.ඔබගේ අත් හෝ කකුල් එක මත එක තඛාගැනීමෙන් වලකින්න.කිසිදු හේතුවක් මත ඇඳමත දිගාවීමෙන් වලකින්න මන්ද යත් ඔබට නින්දයාමට ඇති අවස්ථාව වැඩි වීමයි.



STEP-02

පැය 1/2 පමණ කාලයක් ඇතුලත කිසිදු බාධාවක් නොවන ලෙස පරසරය සකස් කර ගන්න.ඔබ සතුව ජංගම දුරකතනයක් ඇත්නම් එය off කර පැත්තකින් තබන්න.


STEP-03

දැන් සෙමින් ඔබගේ ඇස් පියාගන්න.ඔබගේ මනසේ ඇති පීඩනය,භය,විඩාව,feelings ආධිය ක්‍රමානුකූලව ඉවත්කරන්න. මුලදී ඔබට මෙම feelings පාලනය කර ගැනීමට අපහසු වුවත් ඔබගේ මනසට පැමිනෙන හැගීම් බලහත්කාරයෙන් නැවැත්වීමට උත්සාහ නොකරන්න.ඒවාට නිදහසේ ගලා යාමට ඉඩදෙන්න.මෙම පියවරේදී ඔබට ආනපානසති භාවනාව වුවත් යොදාගත හැකියි.



STEP-04

ඔබගේ ශරීරයේ ඇති පීඩනය හදූනාගන්න.ඔබගේ පාදවල ඇගිලි වලින් පටන්ගෙන ඔඛගේ ශරීරයේ ඇති පීඩනය ක්‍රමානුකූලව ඉවත් වී නැතිවීයන ආකාරය සිතින් දකින්න.මෙලෙස පීඩනය ඉවත්වූ කොටස් දිගින් දිගටම සැහැල්ලු වන ආකාරය සිතින් දකින්න.මෙලෙස ඔබගේ පාදවල ඇගිලි සැහැල්ලු කරන්න.මීලගට ඔබේ පාදය,කලව,බඩ,පපුව,අත් අවසානයේදී බෙල්ල සහ හිසද සැහැල්ලු කරන්න.ඔබ සිතින් මවාගත් ඕනෑම දෙයක් මෙම කාර්යාවලිය සඳහා හාවිතා කල හැකියි.උදාහරණයක් ලෙස ඔබගේ පාදයෙන් වේගයෙන් ඇතුල්වන ජල පහරක් මගින් ශරීරයේ ඇතිවන පීඩනය ක්‍රමානුකූලව ගසාගෙන යනවා දැකීම.


STEP-05

සෙමින් ගැඹුරු හුස්ම ලබාගන්න.ඉන්පසු ඔබ ප්‍රශ්වාස කරන වට ඔබගේ ශරීරය තුල ඇති පීඩනය සහ සෘන සිතුවිලි අදූරු දුමක් ලෙස ඔබගේ ශරීරයෙන් ඉවත්වීයන ආකාරය දකින්න.ඔබ නැවත ආශ්වාස කරන විට එම ආශ්වස වාතය සමග දීප්තිමත් ආලෝකයක් සහිත ශක්තිය ඔබ තුලට ඇතුල්වන ආකාරය දකින්න. 


STEP-06

තේරුම්ගන්න ඔබ දැන් සම්පූර්ණයෙන්ම සැහැල්ලු වී ඇති බව.සිතින් මවාගන්න පඩි 10 ක් සහිත තරප්පු පෙලක්.එහි 5 වනි පඩියේ සිට පහලට ඇති කොටස ජලයේ ගිලිලයි පවතින්නෙ. දැන් ඔබ 10 වෙනි පඩියේ සිට සෙමින් පහලට බසින්න.බසින සෑම පඩියක් පාසාම පඩියේ අංකය සිතින් දකින්න ඒ වගේම ඔබ අවට ඇති වට පිටාව පිලිබඳවත් හොඳින් අවධානය යොමු කරන්න.ඔබ 5වැනි පඩියේ සිට පහලට බසින විට ඔබගේ ශරීරයට ජලයේ සිසිලස දැනෙන ආකාරය දකින්න.වගේම ඔබ පා තබන සෑම පඩියක් පාසාම ඔබ තදින්ම සැහැල්ලු වනවා ඇත.


STEP-07

ඔබ දැන් සිටින්නෙ තරප්පු පෙලේ පහලම කොටසෙ.ඔබට මෙම අවස්ථාවේදී දැනෙන්නෙ ඔබ ජලය තුල පාවෙන්නාක් බදූ හැගීමක්.මෙම අවස්ථාවේදී ඔබට ඇති ප්‍රශ්න සාකච්චා කල යුතුයි.ඔබ දකින්න දිය යට ඇති පෙට්ටි කිහිපයක් මෙම එක් පෙට්ටියේ ඔබට දියුණු කරගතයුතු ගුනාංග ඇතුලත් කර තබන්න. උදාහරනයක් ලෙස ඔඛට අවශ්‍යය ඔබේ මතක ශක්තිය වැඩිකරගැනීමටනම් ඔබ යම් පෙට්ටියක් විවෘත කරන විට එයින් නිකුත් වන ශක්තියෙන් ඔබගේ මතක ශක්තිය වැඩිවන ආකාරය සිතින් දකින්න.ඒ වගේම ඔබට මෙම අවස්ථාවේදී ස්වයං යෝජනා ඔබගේ සිතට ඉදිරිපත් කරන්නත් පලුවන්.


STEP-08

ඔබගේ මනාපය පරිදි නැවත නැවතත් ඔබගේ යෝජනා ඉදිරිපත් කරන්න. සාමාන්‍යයෙන් 2 හෝ 3 වතාවක් පමණ සෑහේ.



STEP-09

ඔබ සෑහිමකට පත්වූ පසු නැවතත් තරප්පු පෙල දිගේ සෙමින් ඉහලට පැමිණෙන්න.


STEP-10

ඔබ ඉහලට පැමිනි පසු ඇස් විවෘත කිරීමට පෙර මිනිත්තු කිහිපයක් නිශ්චලව සිටින්න. දැන් සෙමින් ඔබගේ ඇස් වීවෘත කරන්න.


0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score