Jan 30, 2015

ලග්න 5කට සුබ ඵල අනෙක් ඒවාට මිශ්‍ර ඵල

ලග්න 5කට සුබ ඵල අනෙක් ඒවාට මිශ්‍ර ඵල

දැනට මකර රාශියේ ගමන් කරන රවි පෙබරවාරි 13 කුම්භ රාශියට සංක්‍රමණය වේ. දැනට කුම්භ රාශියේ ගමන් කරන කුජ 12 දින මීන රාශියටද, දැනට කුම්භ රාශියේ ගමන් කරන සිකුරු 16 දින මීන රාශියටද සංක්‍රමණය වේ.
මාසය තුළ එක් එක් ග්‍රහයන් සැරිසරන රාශි, භාව හා දෘෂ්ටි ආදී ‍ජ්‍යොතිෂ රීතීන්  සලකා බලා එක් එක් ලග්න හිමියන්ට සිදුවිය හැකි යයි අනුමාන කරන සරල පලාපල ප්‍රකාශනයක් පහත දැක්වේ.
කිසිවෙකු කිසිවිටෙක මෙම ශුභා ශුභ ප්‍රකාශයන්  නියත ලෙස ස්වකීය ජීවිතයට බද්ද වේ යැයි සිතිය යුතු නැත.
පෙර සසර කුසල අකුසල පලදෙන ආකාරය පිළිබඳව ගොඩනැගී ඇති  ‍ජ්‍යොතීර්වේදයේ එවැනි දුබල ඵල විපාක මග හරවා ගෙන සුඛිත මුදිත ජීවිතයක් ගොඩනගා ගන්නා ආකාරය ලොව පිළිගත්  සෑම ආගම දහමකම මැනවින් පහල දී තිබේ.
කරුණාව, දයාව පෙරටු කරගත් නිවැරදි ජීවිත මාර්ගයක් තුළින් සියලු අරිටු දෝෂ මග හරවා සාර්ථක ජීවිතයක් ගොඩනගා ගත හැකි බව සිතට ගන්න.

මේෂ ලග්නය

චිත්ත ධෛර්ය වැඩිවීමක්


ධෛර්යමත් ස්වභාවය මෙන්ම නිසල සැනසිලිදායක ස්වභාවයෙන් යුක්ත මානසික තත්ත්වයක් ගොඩනැගේ. ආගම දහම කෙරෙහි වැඩි නැඹුරුවක් ඇතිවීම මෙන්ම ඒ පිළිබඳව වැඩි දුරටත් කරුණු සොයා බැලීම සඳහා වැඩි උනන්දුවක් ඇතිවේ. මේ සඳහා අතහිත දෙන ධෛර්යය ලබාදෙන මිතුරු කැලකගේ ඇසුරද ඇතිවේ.
නිවසේ සාමාජිකයන් අතර සුළු මත භේද ඇතිවුවත් ඒවා පහසුවෙන් නිරාකරණය කර ගෙන නිවස තුළ සතුට හා සාමය ආරක්ෂා කර ගෙන කටයුතු කිරීමේ  හැකියාව ඇතිවේ.
උදාසීන ගති හා බාධක ආශ්‍රයන් ඇතිවීම වැනි හේතූන් අනුව ඉගෙනීමේ කටයුතු වලට තරමක බාධා සිදුවිය හැකි බැවින් කල්පනාවෙන් උනන්දුවෙන් කටයුතු කළ යුතුය.
රැකියා කටයුතුවලදී බාධක සුළු සිද්ධීන් ඇති වුවද එමගින්  ඔබේ ධෛර්යයේ හෝ කැපවීමේ අඩුවක් සිදු නොවන නිසා සියලු දෙනාගේ ප්‍රසාදය ලබා ගනිමින් කටයුතු කිරීමේ  හැකියාව ඇතිවේ. ආදායම්වල හොඳ ප්‍රගතියක් සිදුවේ. හදිසි ධන ලාභවලටද වාසනාව තිබේ.
ප්‍රබල රෝගාබාධ නැත. ඌෂ්ණය ආශ්‍රයෙන් ඇතිවන උදරාබාධ ආදියට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් වන්න.

වෘෂභ ලග්නය

රැකියා කටයුතුවල දියුණුවක්


උදේ‍යා්ගය සහ ධෛර්යය ඉහළ ආකාරයෙන් පවතී. මේ තත්ත්වය අධිවේගී ස්වභාවයට පත් වීමෙන් අනවශ්‍ය ගැටලුද ඉස්මතු වීමට ඉඩ තිබෙන නිසා ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කළ යුතුය. බාධක මිතුරන්ද කිට්ටු වන අතර ඔවුන්ගෙන් ඔබට අවැඩක් නොවන ලෙස නිසි අවවාද අනුශාසනා ලබාදෙන ප්‍රමුඛ මිතුරු කැලකගේ ඇසුරද ඇතිවේ.
නිවස තුළ නොසන්සුන්තාවයන් ඇති කරන බාහිර බලවේග ඇතිවුවත් ඒවා පිළිබඳව නිසි අවබෝධයෙන් යුක්තව කටයුතු කිරීමේ  ශක්තිය ඇති වන නිසා සාමය සමගිය ආරක්ෂා කර ගැනීමට හැකිවේ.
ඉගෙනීම පිළිබඳව උනන්දුවේ සහ කැපවීමේ අඩුවක් සිදු නොවුණත් බාධක ආශ්‍රයන් නිසා පසුබෑම් ඇතිවිය හැකි බැවින් සැළකිලිමත් වන්න.
රැකියා කටයුතු පිළිබඳව හොඳ ප්‍රගතියක් ඇතිකර ගැනීමට හැකිවේ. ඔබ ඒ පිළි
බඳව හොඳ උනන්දුවකින් හා කැපවීමෙන් කටයුතු කරයි. මේ නිසා ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ ප්‍රසාදය දිනා ගනිමින් කටයුතු කරගෙන යාමට හැකිවේ. ආදායම්වල දියුණුවක් සිදුවේ. හදිසි ධනලාභවලටද වාසනාව තිබේ.
සෙම හා රුධිරය ආශ්‍රිත රෝග, උදරාබාධ ආදියට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් වන්න.

මිථුන ලග්නය

යහපත් ගෘහ ජීවිතයක්


සිතිවිලිවල කැළඹිලි ස්වභාවයක් මෙන්ම අධිවේගී ස්වභාවයක් උද්ගත වීමට ඉඩ තිබේ. මාසයේ මධ්‍ය භාගයේ සිට මෙම තත්ත්වය ක්‍රමයෙන් මග හැරී යයි. ඔබට නිසි අවවාද අනුශාසනා ලබා දී ඔබට යහමග පෙන්වා දෙන ලෙන්ගතු මිතුරු පිරිසකගේ ඇසුරද ලැබේ.
මේ සියලු තත්ත්වයන් තුළ ඔබට සතුටින් සෙනෙහසින් පිරි ගෘහ ජීවිතයක් ගත කිරීමේ වාසනාවද ලැබේ. එකිනෙකා අතර හොඳ සහයෝගයක් හා සාමදානයක් පවතී.
උදාසීන ගති, බාධක ආශ්‍රයන් ඇතිවීම යන හේතූන් නිසා ඉගෙනීමේ කටයුතුවලට අවහිරතාවයන් ඇතිවිය හැකි බැවින් සැලකිලිමත්ව කටයුතු කළ යුතු වේ.  ගුරු, දෙමාපිය, වැඩිහිටි ආදීන්ගෙන් ඉගෙනීමේ කටයුතු සඳහා ඔබට හොඳ සහයෝගයක් ලැබේ.
රැකියා කටයුතුවලදී සුළු බාධක හා කලකිරීම් ඇතිවුවත් ඒවා බාධාවක් නොකරගෙන සාර්ථකව කටයුතු කරගෙන යාමේ හැකියාව ඇතිවේ. ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ නොමඳ පැසසුම් ලැබේ. ආදායම්වල ඉහළ දියුණුවක් සිදුවෙයි. හදිසි ධනලාභ වාසනාවද තිබේ.
සෙම් රෝග, උදරාබාධ ආදියට ඉඩ තිබෙන නිසා ස්නානය හා ආහාර පාන ගැන සැලකිලිමත් විය යුතුය.

කටක ලග්නය

ආවේගශීලී මානසික ස්වභාවයන්


වරින් වර සිතිවිලිවල චංචල නොසන්සුන් ස්වභාවයන් ඇතිවුවත් බහුලව ආගමික පුද පූජාවන්ට නැඹුරු වන නිසා ඒවා මැඩ පවත්වා ගෙන යහපත් මානසික තත්ත්වයක් ගොඩනගා ගැනීමට හැකිවේ. ඒ සඳහා උදව් උපකාර කරන ඔබ උනන්දු කරවන මිතුරු පිරිසකගේ කිට්ටු ඇසුරද ඇතිවේ.
ඔබේ ආවේගශීලී ස්වභාවයන් නිසා පවු‍ලේ සාමාජිකයන් අතර අමනාපකම් ඇතිවුවද ඉහත කී මානසික ස්වභාවය අනුව තරමක නම්‍යශීලී ගතියක් ගොඩනැගෙන නිසා බරපතළ අර්බුද ඇති නොවේ.
උදාසීන ගති ඇතිවීම , බාධක ආශ්‍රයන් ඇතිවීම යන කාරණාවන්  හේතුකොට ගෙන ඉගෙනීමේ කටයුතුවල තරමක පසුබෑමක් සිදුවීමට ඉඩ තිබෙන නිසා සැලකිලිමත්ව කටයුතු කරන්න.
සුළු කාරණාවන් ඇති වුවත් ඒවා මැඩ පවත්වා ගෙන උනන්දුවෙන්  සාර්ථකව රැකියා කටයුතු  කරගෙන යාමේ අවස්ථාව සැලසේ. ප්‍රධානීන්ගේ සහ හිතවතුන්ගේ සහය ඒ සඳහා ඔබට ලැබේ. ආදායම්වල ඉහළ යාමක් සිදුවන අතරම අනපේක්ෂිත වියදම්  යෙදීමටද ඉඩ තිබෙන නිසා කල්පනාවෙන්  කටයුතු කරන්න.
ප්‍රබල රෝගාබාධ නැත. සෙම් දෝෂ ආශ්‍රයෙන් හිස සහ ඒ අවට ප්‍රදේශවල රෝගී තත්ත්වයන් ඉස්මතු විය හැකි නිසා ප්‍රවේශම් වන්න.

සිංහ ලග්නය

වියදම් වැඩිවීමක්


වරින් වර සුළු නොසන්සුන්තාවයන් හා උදාසීන ගති ඉස්මතුවීමට ඉඩ තිබේ. මේ තත්ත්වය ඔබේ වැඩ කටයුතුවලට බාධාවන් ඉඩ නොතබන උත්තේජනයන් ඇති කරන ළෙන්ගතු  මිතුරු පිරිසකගේ ඇසුර ලැබිම ඔබට ආශීර්වාදයක් වන්නේය.
විවිධ සුළු ප්‍රශ්න හේතු කොට ගෙන පවු‍ලේ සාමාජිකයන් අතර සිත් බිඳීම්වලට ඉඩ තිබෙන නිසා ඔබේ මතයම ඉස්මතු නොකර අන්‍යයන් ගේද අදහස් විමසා බලමින් ඉවසීමෙන් කටයුතු කළ යුතු වේ.
සුළු වශයෙන් ඉගෙනීමේ  කටයුතු සඳහා අවධානය අඩුවීමේ  දුර්වලකමක් පවතින අතර මේ තත්ත්වය මග හරවා ගත්විට උසස් ප්‍රතිඵල ලබා ගැනීමේ  හැකියාව ඇතිවේ.
රැකියා කටයුතු වඩාත් සාර්ථකව කරගැනීමට අවශ්‍ය පරිසරයක් ගොඩනැගේ. ඒ සඳහා ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ උපරිම සහයෝගය ලැබේ. ආදායම් සුපුරුදු ආකාරයෙන් පවතින අතර වියදම්වල ඉහළ යාමක් සිදුවීමට ඉඩ තිබෙන නිසා කල්පනාවෙන් කටයුතු කරන්න.
රුධිරය හා සෙම රෝග ආශ්‍රිත රෝග වලට ඉඩක් පවතින නිසා ප්‍රවේශම් වන්න.

කන්‍යා ලග්නය

අධ්‍යාපනයට බාධාවන්


සිතිවිලිවල ආවේගශීලී ස්වභාවයක් හා නොසන්සුන්තාවයක් ඉස්මතු වීමට ඉඩ තිබෙන නිසා වැඩි කාලයක්  ආගම දහමට නැඹුරු වී කටයුතු කිරීම අවශ්‍ය වේ. මේ සඳහා වාසනාවකට මෙන් ඔබට අත හිත දෙන ඔබ සුමගට යොමු කරන  ලෙන්ගතු මිතුරු පිරිසකගේ කිට්ටු  ඇසුර ලැබේ.
සුළු මත ගැටුම් ඇතිවුවත් ගෘහ ජීවිතයේ සාමයට එය අභියෝගයක් නොවන අතර අවසානයේ සියල්ලන් සතුටින් එකමුතු වන තීන්දු තීරණවලට එළඹීමේ හැකියාව ඇතිවේ.
උදේ‍යා්ගය හා අවධානය අඩුවීම , බාධක ආශ්‍රයන් වැනි හේතූන් නිසා ඉගෙනීමේ කටයුතු වලට බාධා සිදුවිය හැකි බැවින්  සැලකිලිමත්ව කටයුතු කරන්න.
රැකියා කටයුතුවල සුළු නොසන්සුන්තාවයන් හා චංචල වීම් සිදුවීමට ඉඩ තිබෙන නිසා ඉවසීමෙන් කල්පනාවෙන්  කටයුතු කළ යුතුය. ප්‍රධානීන් හා හිතවතුන් අතරද මත ගැටුම් ඇතිවිය හැක. ආදායම්වල ඉහළ යාමක් සිදුවන අතරම අතිරේක වියදම්වල ඉහළ යාමක් සිදුවීමටද ඉඩ තිබේ.
රුධිරය ආශ්‍රිත රෝග හා උදරාබාධ ආදියට වැඩි ඉඩක් පවතී.

තුලා ලග්නය

සෞඛ්‍ය යහපත්


අතිධාවන සිතුම් පැතුම් හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් ඇති වීමටත් ඒ අනුව අනවශ්‍ය ගැටලු ඇතිවීමටත් ඉඩ තිබෙන නිසා ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කළ යුතුය. මේ අතර ඔබට ප්‍රමුඛ අවවාද අනුශාසනා ලබා දෙමින්  ඔබට නිසි මග පෙන්වා දෙන හිතවත් මිතුරු කැලකගේ ඇසුරද ලැබේ.
සියලු කාරණාවන් අතර ඔබට ඔබේ නිවස තුළින් හොඳ ගැම්මක් හා ආශිර්වාදය හිමි වන පරිසරයක්  නිර්මාණය වේ.
සංයමය හා අවධානය අඩුවීම වැනි හේතූන් නිසා ඉගෙනීමේ කටයුතුවලට බාධා සිදුවිය හැකි තත්ත්වයක් ඇතිවිය හැකි නිසා සැලකිලිමත් වන්න.
මේ සියලු දුර්වලතාවයන්  අතර වුවද රැකියා කටයුතු වඩාත් සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය පරිසරයක් ගොඩනැගී පවතී. ඒ සඳහා අන්‍යයන්ගේ අනුග්‍රහයද මැනවින් ලැබේ. ආදායම් වල දියුණුවක් සිදුවන අතර අතිරේක ආදායම් මාර්ගද හෙළි පෙහෙලි වෙයි.
ප්‍රබල සෞඛ්‍ය දුර්වලතාවයන් නැත.

වෘශ්චික ලග්නය

අධ්‍යාපනයට යහපත්


වරින්වර අධෛර්යමත් නොසන්සුන් ස්වභාවයන් ඉස්මතු වුවත් ඔබ ප්‍රබලව ආගමික කටයුතුවල නිරත වන නිසා එම මන්දගාමී තත්ත්වය මග හරවා ගැනීමට හැකිවේ. මේ සඳහා ඔබ දිරිමත් කරන යහපත් මිතුරු කැලකගේ උදව් උපකාර හා ආශිර්වාදයද ලැබේ.
ඇතැම් මත ගැටුම් ඇති වුවත් සමස්තයක් ලෙස සාමකාමී වට පිටාවක් නිවස තුළ පවතී. එකිනෙකා හොඳ අවබෝධයෙන්  හා සහයෝගයෙන් කටයුතු කරයි.
ඉගෙනීමේ කටයුතු පිළිබඳව හොඳ උනන්දුවක් හා කැපවීමක් ඔබ තුළ ගොඩ නැගේ. මේ සඳහා දෙමාපියන්, ගුරුවරුන් හා වැඩිහිටි යන්ගේද නොමඳ සහයෝගය හා ආශිර්වාදය ලැබේ.
සුළු බාධාවන් ඇති වුවද ඒවා අභිබවා උනන්දුවෙන් හා තෘප්තියෙන් යුක්තව  රැකියා කටයුතු කරගෙන යාමේ අවස්ථාව සැලසේ. ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ නොමඳ සහය ඒ සඳහා ලැබේ. ආදායම් වල වැඩි දියුණුවක් සිදුවෙයි. අතිරේක ආදායම් මාර්ග ඇතිවේ.
උදරාබාධ, සෙම් රෝග ආදියට වැඩි ඉඩක් පවතින නිසා ප්‍රවේශම් වන්න.

ධනු ලග්නය

කළණ මිතුරු ඇසුරක්


මනස කළඹන සුළු සිද්ධීන් ඇතිවුවත් ඒවා යටපත් කරගෙන සාර්ථකව ජීවිතයට මුහුණ දීමේ පරිසරයක් ගොඩ නැගේ. ඔබ නිරතුරුව අදහන ඒ සඳහා ඇප කැප වන ආගමික කටයුතුවලින් ලබන පන්නරය මේ සඳහා හේතු සාධක වේ. ඔබට උපකාර  කරන ආසිරි පතන කළණ මිතුරු කැලක්ද ඔබ සමග එක්වේ.
නිවස තුළ සුළු ආරවුල්  තත්ත්වයක් හා මතභේද නිවස තුළ ඇති වුවත් ඒවා ප්‍රවේශමෙන් යටපත් කරගෙන සුහදශීලී වාතාවරණයක් ගොඩ නගා ගැනීමට හැකිවේ.
ඉගෙනීමේ කටයුතු පිළිබඳ සුළු දුර්වලතාවයක් ඇති වන්නේ උනන්දුව අඩුවීම හා උදාසීන ගති ඉස්මතු වීම නිසාය. මෙය නිසි ලෙස අවබෝධ කරගෙන උනන්දුවෙන් කටයුතු කරන්න.
රැකියා කටයුතුවල සුළු අවුල් තත්ත්වයන් ඉස්මතු වුවත් ඔබ ඒවා බාධාවන් කර නොගෙන සාර්ථකව කටයුතු කරගෙන යාමට අවස්ථාව සකස් කර ගනී. මේ නිසා අන්‍යයන්ගේ ප්‍රසාදයට පත් වෙමින් තෘප්තිමත්ව රැකියා කටයුතු කළ හැකිවේ.
ආදායම් සුපුරුදු තත්ත්වයේ පවතින අතර අනවශ්‍ය වියදම් වල ඉහළ යාමක් සිදුවිය හැකි නිසා ප්‍රවේශම් වන්න.
සෙම හා රුධිරය ආශ්‍රිත රෝගවලට වැඩි ඉඩක් තිබේ.

මකර ලග්නය

ආදායම්වල වර්ධනයක්


වරින් වර මානසික උද්වේගකාරී ස්වභාවයන් ඉස්මතු වුවත් ඒවා සමනය කර ගෙන කටයුතු  කිරීමේ හැකියාව ඇතිවේ. දැඩිව පවතින ආගමික  විශ්වාසයන් හා ඒ ඔස්සේ කටයුතු  කිරීම මෙසේ සමතුලිතභාවය ගොඩ නගා ගැනීමට ඉමහල් වේ. එම කටයුතු සමග සම්බන්ධ මිතුරු පිරිසකගේ උදව් උපකාර  හා ආශිර්වාදයද ඔබට හිමිවේ.
පවු‍ලේ සාමාජිකයන් හොඳ අවබෝධයක් හා එකමුතු කමක් ගොඩනැගේ. මේ නිසා තෘප්තිමත්ව ගෘහ ජීවිතයේ කටයුතු කරගෙන යාමට හැකිවේ.
බාධක ආශ්‍රයන් නිසා ඉගෙනීමේ කටයුතුවල ප්‍රමාදයන්  සිදුවීමට ඉඩ තිබෙන නිසා කල්පනාවෙන් කටයුතු කරන්න. මේ තත්ත්වය අවබෝධ කරගෙන ප්‍රවේශමෙන් කටයුතු කළොත්  හොඳ ප්‍රතිඵල ලබාගත හැකි වකවානුවකි.
රැකියා කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය යහපත් පරිසරයක් නිර්මාණය වේ. සියල්ලන්ගේ සහයෝගය හා ආශිර්වාදය ලබා ගනිමින් තෘප්තිමත්ව කටයුතු කළ හැකි වේ. අතිරේක ආදායම් මාර්ග ඇතිවේ. ආදායම් ඉහළ යයි. හදිසි ධන ලාභ පවතී.
සෙම ආශ්‍රිත රෝගවලට වැඩි ඉඩක් පවතින නිසා ප්‍රවේශම් වන්න.

කුම්භ ලග්නය

කාර්යශූර ජීවන රටාවක්


ධෛර්යය, උනන්දුව හා සිතේ සහනශීලී ස්වභාවය යන ගුණාංග පවතී. මේ නිසා තෘප්තිමත් සමාජ ඇසුරක් මෙන්ම කාර්යශූර ජීවන රටාවක්ද ගොඩනැගේ. ඔබට අතහිත දෙන හා ආසිරි පතන මිතුරු කැලකගේ  ඇසුරද ඇතිවේ.
පවු‍ලේ සාමාජිකයන් අතර ඔබේ මතයම ඉස්මතු කරමින් අන්‍යයන්ගේ අදහස් යටපත් කර කටයුතු කිරීමට උත්සාහ ගැනීම නිසා අනවශ්‍ය අවුල් ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න.
උදාසීන ගති උනන්දුව අඩුවීම හා බාධක ආශ්‍රයන් වැනි හේතූන් නිසා ඉගෙනීමේ කටයුතුවල දුර්වලතාවයන් ඇතිවිය හැකි බැවින් කල්පනාවෙන්, උදේ‍යා්ගයෙන් කටයුතු කරන්න.
ආයතනයේ සියලු දෙනාගේ සහයෝගය හා ආශිර්වාදය ඇතිව රැකියා කටයුතු කරගෙන යාමේ වාසනාව ලැබේ. ආදායම් වල ඉහළ යාමක් සිදුවෙයි. අතිරේක ආදායම් මාර්ග ඇතිවෙයි. හදිසි ධන ලාභ වලට වාසනාව තිබේ.
සෙම් රෝග, උදරාබාධ ආදියට වැඩි ඉඩක් පවතින නිසා ප්‍රවේශම් වන්න.

මීන ලග්නය

නොසන්සුන් මානසික ස්වභාවයක්


පසුතැවිල්ල, කලකිරීම හා නොසන්සුන්තාවය වැනි මානසික ස්වභාවයන් වරින් වර ඉස්මතු වේ. එහෙත් ඔබ තුළ පවතින දැඩි ආගමික විශ්වාසය හා ඒ සඳහා කරන වැඩි කැප කිරීම් නිසා එමගින් ලැබෙන ශක්තියෙන් සහනය සලසා ගැනීමේ හැකියාව ඇතිවේ.නිවසේ එකිනෙකා අතර  විවිධ මත ගැටුම් ඇතිවීමේ ඉඩකඩ  පවතින නිසා බුද්ධිමත්ව විමසිලිමත්ව කටයුතු කළ යුතුවේ. සියල්ලන්ගේ අදහස්වලට සවන් දෙමින්  බුද්ධිමත්ව තීන්දු තීරණ ගැනීම අවශ්‍යය.
ඉගෙනීමේ කටයුතුවලින් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමේ අවස්ථාව සැලසී තිබේ. දෙමාපිය, ගුරුවර, වැඩිහිටි ආදීන්ගේ නොමද සහය ඒ සඳහා ඔබට ලැබේ.
රැකියා කටයුතු වඩාත් සාර්ථකව  හා තෘප්තිමත්ව කරගෙන යාමේ අවස්ථාව සැලසේ. හිතවතුන්ගේ හා ප්‍රධානීන්ගේ නොමද සහය ඒ සඳහා ඔබට ලැබේ. ආදායම් සුපුරුදු ආකාරයට පවතින නිෂ්ඵල වියදම් ඉහළ යාමේ ඉඩක් පවතින නිසා සැලකිලිමත් වන්න.
නහර ස්නායු ආශ්‍රිත රෝග හා උෂ්ණය නිසා වැළඳෙන රෝග ආදියට ඉඩ තිබේ.
 
‍ජ්‍යොතිර්වේදී ශාස්ත්‍රාචාර්ය
අමරසේන වේගිරිය

Jan 27, 2015


අපේ රටේ නම් Dialog,mobitel,etisalat,Airtel.hutch වගේ දුරකථන සේවා සම්පාදකයින් ගොඩාක් ඉන්නවා.මම හිතනවා අපි හැමෝම මෙන්න මේ වගේ දෙයක් කවදා හරි හිතල ඇති "අපිටත් සිම් එකක් නැතිව කතාකරන්න පුලුවන්නම්" කියල.ඒත් ඒ බලාපොරොත්තුව වැඩි ඈතක නොවෙයි.දැනටමත් ගූගල් ආයතනය ඒ පිලිබඳව ව්‍යාපෘතියක් සිදුකරගෙන යනවා.

Nick Fox කියන ගූගල් සමාගමේ නිලධාරියෙක් තමයි මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරන්නෙ. ඇමරිකාවේ T-mobile හා Sprint යන දුරකථන සේවා සම්පාදකයින් එක්ක එකතුවෙලා තමයි මේ MVNO mobile virtual network operator) රැහැන් රහිත දුරකථන ජාලය හදන්න යන්නෙ. මෙම ව්‍යාපෘතියේ නම "NOVA" ලෙස හදුන්වලා තිබෙනවා. කෙසේනමුත් මෙම ව්‍යාපෘතිය දැනට T-mobile හා Sprint සම්බන්ධතා ඇති ප්‍රදේශ වලට සීමා වේවි.

ඒ අනුව අපිටත් ලඟදීම සිම් පතක් නැතුව කතා කරන්න පුලුවන් යුගයක් ඒවි෴

මේ වීඩියෝ එකත් බලන්න.



ලංකාව වගේ ආසියානු රටවල් වල සෑම කෙනෙක්ටම වගේ අධිවේගී අන්තර්ජාල පහසුකම් නැහැ.ඒකනිසාම ගොඩ දෙනෙක් YouTube වගේ අඩවියක වීඩියෝස් බලද්දි අපහසුතාවයට පත්වෙනවා.මොකද අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය අඩු නිසා හිරවෙනවා.ඒ වගේ අවස්ථාවලදී අපිට ඒ වීඩියෝ එක බලන්න පවා එපා වෙනවා.
මම අද කියන්න යන්නෙ අන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක්.ගොඩාක් තැන්වල මේ ගැන කියල තිබුනත් ඒ වගෙන් එතරම් සාර්ථකත්වයක් පෙනුනෙ නෑ.ඒත් මටනම් මේක පාවිච්චි කලහම වෙනසක් දැනුනා.ඔයාලත් පාවිච්චි කරල බලන්න.

Google chrome හා Firefox යන බ්‍රව්සර් දෙකටම මේක extension  එකක් විදිහට බාවිතා කරන්න පුලුවන්.

කරන්නෙ මෙහෙමයි, ( මෙහි පිංතූර අපැහැදිලි නම් ඒවා මත ක්ලික් කිරීමෙන් ඒවා විශාල කර බැලිය හැක)
  • මුලින්ම SmartVideo for YouTube කියන extension එක බාගන්න.                                                 Chrome    සඳහා මෙතැනින් | Firefox සඳහා මෙතැනින්
  • දැන් ඒක install කරගන්න.
  • සුපුරුදු විදිහටම දැන් YouTube එකේ වීඩියෝ එකක් බලන්න යන්න.
  • එතකොට මෙන්න මෙහෙම එනවා.ඒකෙ පහලින් තියන Global preferences කියන ලින්ක් එක ක්ලික් කරන්න.

  • ඊට පස්සෙ මෙන්න මේ වගේ tap එකකට යයි.

  • මම උඩ රූපයේ රතු පාටින් දාලා තියන කොටුවෙ ඇතුලෙ තියන start playing when buffered කියන  එකට ටික් එකක් දාන්න. ඊට පස්සෙ ඒක ඇතුලෙ තියන smart buffer කියන එකට ටික් එකක් දාන්න.

bus-2
bus-1
පෙබරවාරි මස 01 වැනිදා සිට ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් ගාස්තු සියයට 8ත් 10ත් අතර ප්‍රමාණයකින් අඩු කෙරෙන  බව අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා. 

ඒ අනුව රුපියල් 9ක් වූ අවම බස් ගාස්තුව රුපියල් 8ක් දක්වා අඩු වනවා. රුපියල් 13 බස් ගාස්තුව රුපියල් 12ක් දක්වාද රුපියල් 17 බස් ගාස්තුව රුපියල් 15 දක්වාද අඩු වනු ඇති. 

එසේම රුපියල් 51ක් වූ බස් ගාස්තුව රුපියල් 47 දක්වාද රුපියල් 101ක් වන බස් ගාස්තුව රුපියල් 93ක් දක්වාද අඩු කිරීමට නියමිතයි. රුපියල් 151ක් වූ බස් ගාස්තුව රුපියල් 139 දක්වාද රුපියල් 201ක් වන බස් ගාස්තුව රුපියල් 184 දක්වාද රුපියල් 251ක් වන බස් ගාස්තුව රුපියල් 230 දක්වාද අඩු කිරීමට නියමිතයි. රුපියල් 301ක් වන බස් ගාස්තුව රුපියල් 276ක් දක්වාත් අඩු කිරීමට නියමිතව තිබෙනවා. එම සම්පූර්ණ බස් ගාස්තු සංශෝධනය පහතින් දැක්වේ. 


Jan 22, 2015

අන්තර්ජාලය භාවිතා කරන අපි විවිධ ගිණුම් වලට ඇතුල්වීම සදහා මුරපද යොදාගන්නවා.
 
 
උදාහරණයක් වශයෙන් ජීමේල්, ෆේස්බුක්, ටිවිටර් හදුන්වන්නට පුළුවන්. ඒ ගිණුම් වලට වැඩි දෙනෙක් යොදාගන්නේ තමන්ගේ ජංගම දුරකථන අංකය, උපන්දිනය, නමේ මුල් කොටසක් හෝ නමේ අග කොටසක්ය. 
 
 
නමුත් සාපේක්ෂව ගත් විට බොහෝ පිරිසක් භාවිතා කරන අනාරක්ෂිත මුරපද 25ක්, prweb වෙබ් අඩවිය විසින් පසුගිය දා අනාවරණය කරනු ලැබුවා. 2014 වර්ෂයේ හැකර්වරුන් විසින් සමාජ ජාල වෙබ් අඩවි වලට සම්බන්ධ ගිණුම් රාශියක් ඔවුන්ගේ අවශ්‍යතා සදහා යෝදාගත්තා. එයට ප්‍රධානම හේතුව වන්නේ මෙම මුරපද වැඩි දෙනෙකු භාවිතා කරන අනාරක්ෂිත මුරපද නිසා.
 
 
පහතින් දක්වා තිබෙන්නේ එම රහස් පද 25යි. මෙහි ඔබේ මුරපදය ද තිබෙන්නට පුළුවන්. එම නිසා ඉතාමත් ඉක්මනින් ඔබේ මුරපදය වෙනස් කර අරකෂාකාරී මුරපදයක් ඔබේ ගිණුම් වලට භාවිතා කරන්න.
 
 
Worst Passwords 2014 list www.nethfm.com
 
 
ආරක්‍ෂිත මුර පදයක් සාදාගන්නා ආකාරය 
 
මුරපද හැක්කිරිම හකර්වරුන්ට දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තිබෙනවා. 
 
මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් ඒ සදහා පහසුකම් සපයා තිබෙනවා, පහත තිබෙන ලින්ක් එක මගින් ඔබේ මුරපදය කොපමණ ආරක්‍ෂිත දැයි බලාගන්නට හැකියි.
 
 
 
 
01. අකුරු වැඩි සංඛ්‍යාවකින් යුතු මුරපදයක් සකසා ගන්න. (අවම වශයෙන් අකුරු 10ක් පමණ)
 
02. විශේෂ සංකේත, කැපිටල් සිම්පල් අකුරු භාවිතා කිරීම මහින් අනුමාන කිරීමට නොහැකි ආකාරයට සකසා ගන්න. (Eg : He@l19O%$_)
 
03. ඔබගේ මුරපදය අන්තර්ජාලයට සම්බන්ධ වීමට යොදා ගන්නා වෙබ් බ්‍රවුසර් වල සේව් (save) නොකරන්න.
 
04. ඔබේ යාළුවෙකුගේ පරිගණකයකින් හෝ කැෆේ වලින් අන්තර්ජාලය භාවිතා කරනවා නම් අනිවාර්යෙන්ම භාවිතා කල පසු Browser History මකලා දමන්න.
 
05. ඔබගේ ජංගම දුරකථන අංකය, උපන්දිනය, නමේ කොටස් මුර පදය සදහා භාවිතා නොකරන්න.
 
06. ඔබ වෙබ් අඩවියකට පිවිසීමේදී සෑමවිටම URL එක බලන්න. සමාන මුහුණු වරින් යුතු වෙබ් අඩවි රාශියක් තිබෙන නිසා රැවටීමට පුළුවන්.
 
07. එකම මුර පදය ගිණුම් කිහිපයක් සදහා භාවිතා කරන්න එපා.
 

Jan 18, 2015

                                            


දැන් ටොරන්ට් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න ගොඩක් සයිට් තියෙනවනෙ.ඒත් තියෙන ලොකුම අවුල තමයි එක්කො 1 ජීබී නැත්තම් 2 ජීබී. 

මේකෙන් පුලුවන් ටිකක් ලොකු සයිස් එකේ ඒවත් බාන්න.20ජීබී වෙනකන් පුලුවන් කියල තමයි උන් කියන්නෙ.සතියකට 50ජීබී දෙනවා. 

ටොරන්ට් විතරක් නෙවෙයි බැකප් එකක් විදිහටත් පාවිච්චි කරන්න පුලුවන්.ඒත් රීවිව් වල කියන්නෙ පෞද්ගලික ඒවා තියාගන්න එපා කියල. 
වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න නම් පට්ට.

මේ ලින්ක් එකෙන් යන්න
Get a free account කියන තැනින් ගිහින් කැමති විදිහකින් රෙජිස්ටර් වෙන්න.


.
image
image


දැන් බලමු කොහොමද ටොරන්ට් එකක් ඩවුන්ලෝඩ් කරන්නෙ කියලා.
ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් මැග්නට් ලින්ක් එකකින් තමයි.
ටොරන්ට් එක තියෙන තැනට ගියාම මේ විදිහට මැග්නන්ට් ලින්ක් එක පෙන්නන්නවා.
ඒක right click කරලා කොපි කරගන්න


image
image


ඊට පස්සෙ hive එකේ add files to hive කියන තැනට ගියාම මෙහෙම එකක් එනවා.
කොපි කරගත්ත ලින්ක් එක paste කියන තැනට paste කරන්න.කරලා get link click කරන්න.

image


මේ විදිහට ටොරන්ට් එක add වෙනවා.ඊටපස්සෙ save වෙනවා බලාගන්න පුලුවන්.
download වෙලා ඉවර උනාම in your hive! කියල පෙන්නනවා.එතකොට ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි hive එකට.ඩවුන්ලෝඩ් වෙලා ඉවර උන ඒවා තියෙන්නෙ transfers folder එකේ.
image
image


ransfers folder එකේ තියෙන ඒවාpublic නැහැ.ඒවා drag කරලාvideo folder එකඑකට දැම්මම public.
තමන්ගෙ hive එකේ ඉන්න friends ඔක්කොටම බලන්න download කරගන්න පුලුවන්.

image
image


තාම මේක බීටා වර්ශන් එකේ තියෙන්නෙ.ප්‍රීමියම් ෆීචර්ස් දැනට ෆ්‍රී දෙනවා. 
අපේ hive එකේ friends ලා 100කට වඩා ඉන්නවනම් ප්‍රීමියම් එක ෆ්‍රී හම්බ වෙනවා. 

Jan 16, 2015

                                              1421399683_t
හොමොසේපියන්ස් මානවයාගේ ශරීරය නිර්මාණය වී තිබෙන්නේ ඉතාමත් සියුම්ආකාරයකටයි. එම නිසා අපගේ සමහරක් පුරුදු පිලිබදව අපි ඉතාමත් පරිස්සම් වියයුතු වෙනවා මොකද ඇතැම් විට නොදැනුවත් කම හේතුවෙන් එමගින් ශරීරයට බරපතල හානිසිදු වීමට හැකියාව තිබෙනවා. මනුෂ්‍ය ශරීරය විසින් සිදු කරන ඉතාමත්මප‍්‍රධාන කාර්යයක් ලෙස ප‍්‍රජනනය හදුන්වන්න පුළුවන්. ඔබ නොදැන සිටියාට ඔබපුරුද්දක් වශයෙන් කිරීමට පුරුදු වී සිටින ඇතැම් පුරුදු හේතුවෙන් ප‍්‍රජනනකාර්යයට ඉතාමත් බරපතල හානි සිදු වී අවසානයේ වද භාවයට පත්වීමටද ඉඩ තිබෙන බවහොදින් මතක තබා ගන්න.

1. වැඩි වශෙයන් කැෆීන් පරිභෝජනය කිරීම 

පිරිමින්ගේ සරු භාවය නැති කරන අයහපත් පුරුදු ලැයිස්තුවේ ඉහලින්ම සිටින්නේවැඩි වශයෙන් කැෆීන් පරිභෝජනය කිරීමයි. තේ සහ කෝපි වැනි පානයන්වල සුළුවශයෙන් කැෆීන් අඩංගු  වෙන අතර සිගරට් වල ඉතාමත් වැඩි වශයෙන් කැෆීන් ඇතුලත්වෙන බව හොදින් මතක තබා ගන්න.  ඕනෑම ආකාරයකින් මිලිග‍්‍රෑම් 300ක් ඉක්මවාකැෆීන් පරිභෝජනය කිරීම හේතුවෙන් ශුක‍්‍රානු නිෂ්පාදනය පහල බැසීමක් සිදුවෙනවා. දවසකට සිගරට් 20ක් පානය කිරීම හේතුවෙන් ශුක‍්‍රානු සියයට 50කප‍්‍රමාණයක් පමණ විනාශ වෙන බව පර්යේෂකයින් විසින් ඔප්පු කර තිබෙනවා. ඒවගේමදවසකට කෝපි කෝප්ප 2ක්, තේ කෝප්ප 6ක් සහ කැෆ්රීන් අන්තර්ගත කෝලා පානය කිරීමදඉතාමත් අයහපත් බව හොදින් මතක තබා ගන්න.

2. ඇල්කොහොල්

ඉතාමත් සුළු වශයෙන් ඇල්කොහොල් පානය කිරීම හේතුකොට ගෙන වුනත් ජනක ශක්තියසියයට 50කින් පමණ අඩු වීමක් සිදු වෙන බව හොදින් මතක තබා ගන්න. වද භාවයටපත්කරන එක් හේතුවක් වශයෙන් එය නම් කර තිබෙන්නේ (ටෙස්ටෙස්ටරෝන්* හෝමනනිෂ්පාදනය අඩු කරන හේතුවෙන් සහ බීජ සෛලයන් විකුර්තී කරන නිසාවෙනි. ඒහේතුවෙන් අවසානයේදී ශුක‍්‍රානු සංඛ්‍යාවේ ඉතාමත් අඩු වීමක් සිදු වෙනවා.

3. තද කලිසම් පැලදීම

විලාසිතාවක් වශයෙන් ඉතාමත් තද ඩෙනිම් කලිසම් පලදින තරුණ පිරිසද වදභාවයට පත්වීමේ අවධානමක් තිබෙනවා. තද කලිසම් පැලදීම මගින් සිදු වෙන අවධානම් තත්වයවෘෂණ කෝෂයන් හී අධික උෂ්ණත්වයක් ඇතිවීම පමණක් නොවෙයි ප‍්‍රජනන ඉන්ද‍්‍රියප‍්‍රදේශයේ ප‍්‍රධාහය තත්වයක්ද රුධිර සංසරණය නැවත්වීමකද සිදු වෙනවා. එමඅයහපත් තත්වයන් හේතුකොට ගෙන ශුක‍්‍රානු නිෂ්පාදනය සදහා බරපතල බලපෑමක්එල්ලවීමට ඉඩ තිබෙනවා.

4. දීර්ඝ වෙලාවක් සිටගෙන සිටීම

නොදැනුවත්ව සිදු වීමට හැකි මෙම ක‍්‍රියාව හේතුවෙනුත් වද භාවයට  පත් වීමකෙතරම් අවාසනාවන්ත තත්වයක්ද? දීර්ඝ වෙලාවක් සිටගෙන සිටීම හේතුවෙන් ශරීරයේජනනේන්ද‍්‍රිය ප‍්‍රදේශයට රුධිර සැපයීම සිදු වෙන්නේ අඩු වශයෙන් වෙන අතරරුධිරය අඩු වශයෙන් ලැබීම හේතුවෙන් පටකයන් ක්‍ෂයවීමක් සිදු වෙනවා. සෞඛ්‍යයවිශේෂඥයින් පවසා සිටින්නේ සිටගෙන සිටින සෑම මිනිත්තු 45ක් සදහාම අඩුමවශයෙන් මිනිත්තු 30ක වත් කාලයක් යම් ව්‍යායාමයක යෙදිය යුතු බවයි.

5. තරබාරුකම

තරබාරුකම හේතුවෙන්  (හයිපොතැලමසින්* නිදහස් වෙන (ගොනැඩොට්‍රොපින්* හොමනයනිෂ්පාදනය වීමේ අඩු වීමක් සිදු වෙනවා. ඒ හේතුවෙන් (හයිපෝගොනොඩිසම්* යනුවෙන්හදුන්වන තත්වය ඇතිවෙනවා. එම තත්වය නම් ප‍්‍රමාණවත් තරම් ටෙස්ටෙස්ටරෝන්හෝමෝන නිෂ්පාදනයක් ශරීරයෙන් සිදු නොවීමයි. එම තත්වය මත සම්පූර්ණ වදභාවයක්ඇති වීමට වැඩි අවධානමක් තිබෙනවා.

යම් කිසි ජාතියක් තුල මෙම කියන අයපත් පුරුදු පවතිනවානම් එම ජාතියේ පුරුෂපක්ෂය වද භාවයට පත් වීම කිසි වෙකුට නැවත්වීමට හැකියාවක් ඇත්තේ නැහැ. එමනිසා අප කල යුතු වෙන්නේ අප තුල පවතින මෙම අයපත් පුරුදු වලින් වැලකීසිටීමයි.

Jan 5, 2015

සාමාන්‍යයෙන් බහුතරයක් ජංගම දුරකතන පාවිච්චි කරන්නන්ට ජංගම දුරකථනයේ වර්ගය හෝ වර්ශන් එක වැදගත් නැහැ. විශේෂයෙන්ම ඇපල් දුරකථන භාවිත කරන අයට. ඒත් ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් වසරකට ජංගම දුරකථන මාදිලි රාශියක් එළිදක්වනවා. පහුගිය වසරේදී (2014) විශාල තිර සහිත, ජල ප්‍රතිරෝධී, ප්‍රබල කැමරා වගේම වක්‍ර තිර සහිත ස්මාර්ට් ෆෝන් පවා එළිදක්වනු ලැබුවා. සාමාන්‍ය භාවිතයට දුරකථන නිකුත් වුනා වගේම විවිධ අංග අතින් විශේෂිත ජංගම දුරකථන ගණනාවක් 2014 දී වෙළඳපලට නිකුත් වුනා. පහතින් දැක්වෙන්නේ 2014 වසරේදී නිකුත් වුණු දුරකථන අතරින් හොඳම ස්මාර්ට් ෆෝන් කිහිපයයි.
Best Bargain: Motorola Moto G 2014
motog
Best Battery: Motorola Droid Turbo
droid-turbo-verizon
Best Design: HTC One M8
htconem8metal3v
Best Gimmicky Features: Samsung Galaxy Note Edge
samsungnotedge
Best Phablet: Samsung Galaxy Note 4
001detail
Best User Experience: Motorola Moto X 2014
motoxwoodgrainfinish
Best Waterproof Phone: Sony Xperia Z3
mvi8631
Best Camera Phone: Google Nexus 6
mvi8819


මුලින්ම ඔයාලට ලැබුවා වූ 2015 nනව වසර සුබම සුබ වසරක් වේවා කියලා ප්‍රාර්ථනා එක් කරනවා.කාලෙකින් ඔයාලට ලිපියක් ලියන්නේ.මේ වසරේ හා හා පුරා කියලා ලියන මුල්ම ලිපිය තමයි මේක.ඊට කලින් අහන්න කැමතියි කොහොමද ඔය පැත්තේ ඡන්දේ ??කවුරු දිනාවිද?කවුරු දින්නත් කමක් නෑ රට හදනවනම් නේද?අපිට ඒවගෙන් වැඩක් නැ අපි වැඩේට බහිමු.
 මම අද  මේ වසරේ මුල්ම ලිපියෙන් ගේනාවා ඔයාලට සුපිරිම පට්ටම නොමිලෙම ලබාගන්න පුලුවන් දෙයක්.ඒ තමයි ඔයගෙයි එයාගෙයි පොරොන්දම් පත්‍රය.කොහොමද මගේ මේ අවුරුද්දේ තෑග්ග හොදයි නේද?වැඩි කතා ඔනි නෑ පහල link එකට ගිහින් බලලා මටත් කියන්නකෝ කොහොමද තත්වේ කියලා.





Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score