Jul 25, 2014

(ජ්‍යොතිර්වේදී ශාස්ත්‍රාචාර්ය අමරසේන වේගිරිය) 

මේෂ ලග්නය හැමෝගෙම සහයෝගය


යහපත්  චේතනාවන්  හා සැනසිලි සහගත  මානසික ස්වභාවයක් ගොඩ නැගේ. උත්සාහය හා කාර්යක්ෂමතාවය වැඩි දියුණු වේ. දැඩි කැප වීමෙන් යුක්තව  ආධාර උපකාර කරන හිත මිතුරු පිරිසක්  ළඟාවේ.

සුළු ගැටලු අමතක කර දමා සාමූහිකව සමගියෙන් කටයුතු කරන පරිසරයක් නිවස තුළ නිර්මාණය වේ. මේ නිසා ඉදිරි ගමනට උපකාර වන  ශක්තිමත් අඩිතාලමක් ගොඩ නගා ගැනීමට හැකිවේ.
ඉගෙනීමේ කටයුතු  වලින් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකි වාතාවරණයක් ඇතිවේ. දෙමාපිය, වැඩිහිටි, ගුරුවරු ආදීන්ගේ නොමද සහය සහ ආශිර්වාදය ඒ සඳහා ලැබේ.
රැකියා කටයුතු පිළිබඳව දැඩි උනන්දුවක් හා කැපවීමක් ඇතිවේ. මේ නිසා හිතවතුන්ගේ හා ප්‍රධානීන්ගේ  ආශිර්වාදය ලබා ගෙන තෘප්තිමත්ව රැකියා  කටයුතු  කරගෙන යාමේ අවස්ථාව සැලසේ.
ආදායම්වල වැඩි දියුණුවක් සිදුවෙයි. අතිරේක ආදායම්  මාර්ග හෙළි පෙහෙලි වේ. හොඳ තැන්පතුවක් ගොඩ නගා ගැනීමට හැකිවේ.
උදරාබාධ, සෙම ආශ්‍රිත රෝග ආදියට ඉඩ තිබෙන කාලයක් නිසා ප්‍රවේසම් වන්න.


වෘෂභ ලග්නය නිවසේ සාමය

සැනසිලිදායක සිතිවිලිවලින් යුත්තව ගත කළ හැකි යහපත් පරිසරයක් ගොඩනැගේ. යහපත් අවවාද අනුශාසනා මෙන්ම ආර්ථික ඵල ප්‍රයෝජනද ලබා දෙන හිතවත් පිරිසක් ඇසුරට පත්වේ.
නිවස තුළ හොඳ සාමයක් හා එකමුතුකමක් පවතී. මේ නිසා මේ දක්වා ප්‍රමාද වූ විශාල වැඩ කොටසක් නිම කර ගැනීමේ හැකියාව ඇතිවේ.
ඉගෙනීමේ කටයුතුවල තරමක බාධක තත්ත්වයක් ඇති විය හැකි ඉඩකඩ පවතින නිසා කල්පනාකාරී වන්න. මේ සඳහා උදාසීන ගති ඇතිවීම හා බාධක ආශ්‍රයන් ඇතිවීම වැනි හේතුන් බලපායි.
රැකියා කටයුතුවලදී හිතවතුන් හා ප්‍රධානීන් සමග  මත ගැටුම්  ඇතිවීමේ ඉඩකඩ  පවතින නිසා ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කළ යුතුය.
ආදායම්වල වැඩි දියුණුවක් සිදුවේ.  අතිරේක ආදායම් මාර්ග යෙදේ. හදිසි ධනලාභ පවතී.
සෙම් රෝග, උදරාබාධ ආදියට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් වන්න.

මිථුන ලග්නය හදිසි ධනලාභ

නිදහස් සරල අදහස් සහ සැනසිලි දායක සිතිවිලිවලින් යුක්තව කාලය ගත කිරීමේ හැකියාව ඇතිවේ. ප්‍රශ්න හා ගැටලු ගැන බැරෑරුම්   ලෙස නොසිතයි. ඒ සඳහා උපකාරී වන යහපත් මිත්‍ර සමාගමක්ද ගොඩ නැගේ.
පවු‍ලේ සාමාජිකයින්ගේ අදහස්වලට එකඟ වෙමින් සුහදව සාමකාමීව කටයුතු  කළ හැකි වාතාවරණයක් ඇතිවේ. සියලු දෙනාගේ ආදරය හා කරුණාව ලබමින්  මිත්‍රශීලීව විශාල වැඩ කොටසක් නිම කර ගැනීමේ  හැකියාව ඇතිවේ.
ඔබ අපහසුවට පත් කරවන නොමග යවන මිතුරන්ගෙන් ප්‍රවේශම් වුවහොත්  ඉගෙනීමේ කටයුතුවලින් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමේ   හැකියාව සහ වාසනාව   පවතී.
සිතට එකඟව හිතවතුන්ගේ සහ ප්‍රධානීන්ගේ ප්‍රසාදය ලබා ගැනීමට හැකිවන ආකාරයේ පසුබිමක් රැකියා  ස්ථානවල පවතී. මේ කාරණාවන් අවබෝධ කරගෙන කටයුතු කළොත්  හොඳ ප්‍රගතියක් ඇති කර ගැනීමට හැකිවේ.
ආදායම් ඉහළ යාමේ වාසනා ගුණයක් ඇතිවේ. පරිත්‍යාග හා හදිසි ධන ලාභවලටද වාසනාව තිබේ.
සුළු සෙම් ආබාධ හැර ප්‍රබල රෝගාබාධ තත්ත්වයක් නොපවතී.

කටක ලග්නය මානසික සුවය

බහුල ලෙස ආගමික කටයුතු සඳහා නැඹුරු වීමක් ඇතිවේ. මේ කාරණය මානසික  සහනය ඇති කිරීමට මෙන්ම පෞද්ගලික  හා සමාජ කටයුතු සඳහාද ඉවහල් වේ. කලෙකට පසු  මුණ ගැසෙන හිතවතුන්ගේ අනුග්‍රහය හා ආශිර්වාදයද මේ සඳහා ලැබේ.
ඔබ තුළ නිදහස සැනසිලිදායක මානසික ස්වභාවයක් ඇතිවීම නිසා නිවසේ සාමාජිකයන් තුළද සමගිය සතුට හා එකමුතු භාවය ගොඩනැගෙයි. මේ අනුව ප්‍රීතිමත්, සැනසිලිදායක වාතාවරණයක් ගෘහය තුළ ඉස්මතු වේ.
ඇසුරු කරන්නන්ගෙන් ඉගෙනීමේ කටයුතුවලට සුළු බාධක ඇතිවුවත් ඒ නිසා ඔබේ ධෛර්යය හා අවධානය දුර්වල නොවන නිසා හොඳ ප්‍රතිඵල  ලබා ගැනීමේ හැකියාව ඇතිවේ.
රැකියා කටයුතුවලින් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවේ. ඇතැම් විට  කිට්ටු හිතවතුන්ගෙන් සුළු ප්‍රශ්න ඇතිවුවත් එය කටයුතුවලට බාධාවක් නොවේ.
ආදායම්වල ඉහළයාමක් සිදුවෙයි. අන්‍යයන්ගෙන් ලැබෙන පරිත්‍යාග මෙන්ම හදිසි ධන ලාභවලටද වාසනාව තිබේ. සුළු වශයෙන් සෙම හා රුධිරය  ආශ්‍රිත රෝග වැළඳීමේ ඉඩකඩ පවතී.

සිංහ ලග්නය වියදම් ඉහළට

වරින්වර උද්වේගකාරී සිතිවිලි හා නොසන්සුන්තාවයන් ඉස්මතු වුවද ඒවා පාලනය කරගෙන කටයුතු කිරීමේ හැකියාව පවතී. නිසි අවවාද අනුශාසනා හා නිසි මග පෙන්වීම් කරන හිතවතුන් පිරිසක් ඇසුරු කිරීමේ වාසනාව ඇතිවේ.
මේ සියලු කාරණාවන් අතර නිවසේ සමගිය හා සතුට සොම්නස සුරක්ෂිතව පවත්වා ගැනීමේ ශක්තිය ඇතිවේ. එකිනෙකාගේ අදහස්වලට ගරු කරමින් හා එකඟ වෙමින්  කටයුතු කළ හැකි පරිසරයක් නිර්මාණය වේ.
ඉගෙනීමේ කටයුතු පිළිබඳ අවධානයේ  හා කැපවීමේ අඩුවක් සිදු නොවේ. හිත මිතුරන්ගේ උදව් උපකාරද ඒ සඳහා නොමඳව ලැබේ.
හොඳ ජවයකින් හා තෘප්තිමත්ව රැකියා කටයුතු කළ හැකි යහපත් පරිසරයක් පවතී. මේ නිසා ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ හොඳ හිත දිනා ගනිමින් කටයුතු කළ හැකිවේ.
ආදායම් සුපුරුදු  ආකාරයෙන් පවතින අතර අන්‍යවශ්‍ය වියදම්වල ඉහළ   යාමක් සිදුවිය හැකි බැවින්
සැලකිලිමත් වන්න.
සුළු වශයෙන් සෙම ආශ්‍රිත රෝගවලට අවස්ථාව  පවතින බැවින් ප්‍රවේශම් වන්න.

කන්‍යා ලග්නය උදාසීන ගති පැවතුම්

වරින් වර විවිධ ප්‍රශ්න හා ගැටලු ඉදිරිපත් වුවද ඒවා සාධාරණව සලකා  බලා නිරාකරණය කර ගැනීමේ  මානසික ශක්තියක් පවතී. ඔබට යහපත් උපදෙස් ලබා දෙමින් නිසි මග පෙන්වා දෙන මිතුරු පිරිසකගේ ඇසුර ලැබිමේ වාසනාව පවතී.
නිවසේ සාමාජිකයන් අතර සුළු මත ගැටුම් හා නොසන්සුන්තාවයක් ඇති වුවත් සාමූහික එකඟතාවයට පත්ව ඒවා නිරවුල්කරගෙන සාමකාමී පරිසරයක් ගොඩ නගා ගැනීමේ ශක්තිය පවතී.
උදාසීන ගති සහ අවධානය අඩුවීම වැනි පෞද්ගලික හේතූන් නිසා ඉගෙනීමේ කටයුතුවලට බාධා සිදුවිය හැකි අතර බාහිර බාධක බලවේග නැත.
රැකියා කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය පරිසරයක් ගොඩ නැගෙන අතර ඒ සඳහා ඔබේ උදේ‍යා්ගයේ හා අවධානයේද අඩුවක් සිදු නොවේ. ආදායම්වල  දියුණුවක් සිදු වෙයි. අතිරේක ආදායම් මාර්ග ඇතිවේ.
සුළු  වශයෙන් සෙම හා රුධිරය ආශ්‍රිතව රෝගවලට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් වන්න.

තුලා ලග්නය නිෂ්ඵල වියදම්

ආගම දහමට වැඩි නැඹුරුවක් ඇතිවන එම කටයුතු සඳහා වැඩි කාල වේලාවක් යොදවන ස්වභාවයක් ඇතිවේ. එම කටයුතුවලදී ඔබට හොඳ මානසික  සහනයක් ලබාදෙන හිතවතුන් පිරිසකගේ ඇසුරද ලැබේ.
ඔබේ අදහස්වලට අනුකූලව කටයුතු කළ හැකි යහපත් වාතාවරණයක් නිවස තුළද ගොඩ නැගේ. එකිනෙකාගේ අදහස්වල හා වැඩ කටයුතුවල සමීප  භාවයක් හා එකමුතුභාවයක්ද ඇතිවේ.
ඇතැම් විට  ඔබේ සමීප මිතුරන්ගෙන් ඉගෙනීමේ කටයුතුවලට තරමක බාධා සිදුවීමට ඉඩ තිබෙන බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.
රැකියා කටයුතුවලදී ප්‍රධානීන් හා හිතවතුන් සමග මත භේදාත්මක කාරණාවන් ඉස්මතු වුවත් ඒවා ඉවසීමෙන් හා කල්පනාවෙන් සමනය කර ගෙන කටයුතු කිරීමේ හැකියාව පවතී. ආදායම්වල දියුණුවක් සිදුවන අතරම නිෂ්ඵල වියදම්වල  ඉහළ යාමක්ද සිදුවිය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.
ශරීර උෂ්ණත්වය ඉහළ යාම හා සෙම් දෝෂ නිසා සුළු රෝගාබාධ තත්ත්වයක් ඇති විය හැකි බැවින් සැලකිලිමත් වන්න.

වෘශ්චික ලග්නය ඉගෙනීමෙන් උසස් ප්‍රතිඵල


සිතිවිලිවල ආවේග ස්වභාවයක් වරින් වර ඉස්මතු වුවත් ඉක්මනින් යථා තත්ත්වය අවබෝධ වන නිසා එම ගති සමනය කර ගැනීමට හැකිවේ. හදවතින්ම ආශිර්වාද කරන සුළු හිතවතුන් පිරිසක් ඔබ සමගම සිටින නිසා සාමකාමී මානසික තත්ත්වයක්
ගොඩනගා  ගැනීමට හැකිවේ.
නිවසේ සාමාජිකයන් අතර සුළු  මත ගැටුම් හා නොසන්සුන්තාවයන් ඇති වුවත් නිස ලෙස යථා තත්ත්වය අවබෝධ කර ගැනීමට   හැකි වන නිසා  සාමකාමී භාවය පවත්වා ගැනීමට හැකිවේ.
 ඉගෙනීමේ කටයුතුවලින් උසස් ප්‍රතිඵල  ලබා ගැනීමට හැකිවන හොඳ වාතාවරණයක් ගොඩ නැගෙන නිසා උනන්දු වන්න. ගුරුවරුන්ගේ හා වැඩිහිටියන්ගේ නොමඳ අනුග්‍රහය ඒ සඳහා ලැබේ.
රැකියා කටයුතුවලදී ප්‍රධානීන් හා හිතවතුන් අතර සුළු මත ගැටුම් ඇති වුවත් ඔවුන් ඔබගේ නිවැරදි ස්වභාවය අවබෝධ කර ගැනීම නිසා අවුලකින් හා ගැටුමකින් තොරව කටයුතු කරගෙන යාමේ හැකියාව ඇතිවේ.
ආදායම්වල දියුණුවක් සිදුවේ. අතිරේක ආදායම්  මාර්ග පෑදේ. තැන්පත් ධනයක් ගොඩ නගා ගැනීමට හැකිවේ.
සෙම හා රුධිරය ආශ්‍රිත රෝගවලට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් වන්න.

ධනු ලග්නය රැකියා ගැටලු

යහපත් මානසික තත්ත්වයක් පවතින මාසයකි. ආගමික කටයුතු සඳහා වැඩි නැඹුරුවක් ඇතිවේ. එමගින් හොඳ මානසික ශක්තියක් ගොඩ නැගේ. මේ සඳහා උපදෙස් දෙන අනුග්‍රහය දක්වන සුමිතුරු කැලකගේ නොමඳ ආශිර්වාදය ලැබේ.
නිවසේ සාමාජිකයන් අතර සුළු  නොසන්සුන්තාවයන් ඇති වුවත් ඒවා ක්ෂණිකව විසඳා ගෙන පවු‍ලේ එකමුතුකම හා සමගිය රඳා පවත්වා ගැනීමේ හැකියාව ඇතිවේ.
සුළු වශයෙන් පැමිණෙන බාධක ආශ්‍රයන් හෝ අවහිරතාවයන් මග හරවා ගන්නේ නම් ඉගැනීමෙන් කටයුතුවලදී හොඳ ප්‍රගතියක් ඇති කර ගැනීමට හැකිවේ.
 රැකියා කටයුතු පිළිබඳව තරමක දුෂ්කරතාවයන් ඉස්මතු වීමට ඉඩ තිබේ. මේ නිසා ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ අදහස් ද සලකා බලමින් ඉවසා දරා ගනිමින් කටයුතු කළ යුතුවේ. ආදායම්වල ඉහළ යාමක් සිදුවෙයි. හිතවතුන් සඳහා වැඩි වියදමක් දැරීමට සිදුවන අවස්ථා එළැඹේ. උදරාබාධ, සෙම් ආශ්‍රිත රෝග ආදියට අවස්ථාව තිබේ.

මකර ලග්නය ආගමික නැඹුරුවක්

ආගම දහම කෙරෙහි වැඩි නැඹුරුවීමක් ඇති යහපත් මානසික තත්ත්වයක් පවතී. අධිෂ්ඨානයෙන් හා ධෛර්යෙන් යුතුව කටයුතු කරයි. ඒ සඳහා අවවාද අනුශාසනා ලබාදෙන හිතවත් මිතුරු පිරිසක් ඇසුරු කිරීමටද ලැබේ.
 නිවසේ සාමය හා සතුට රඳා පවතී. පවු‍ලේ සාමාජිකයන් හොඳ අවබෝධයෙන් හා එකමුතුකමින් යුතුව කටයුතු කළ හැකි පරිසරයක් නිර්මාණය වේ.
 ඉගෙනීමේ කටයුතු පිළිබඳව පවතින ධෛර්ය සහ කැපවීම් පසුබෑමක් සිදුවිය හැක. මෙය අවබෝධ කරගෙන කටයුතු කළොත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවේ.
 රැකියා කටයුතු පිළිබඳව උනන්දුව හා කැපවීම වැඩිවෙයි. මේ නිසා ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ ප්‍රසාදය ලබා ගනිමින් තෘප්තිමත්ව කටයුතු කිරීමේ අවස්ථාව සැලසේ. ආදායම්වල වැඩිවීමක් සිදුවෙයි. අතිරේක ආදායම් මාර්ග මෙන්ම හදිසි ධන ලාභ ලැබිමේ වාසනාව ද පවතී.
 උදරාබාධ, සෙම් රෝග ආදියට වැඩි ඉඩක් ඇති මාසයකි.

කුම්භ ලග්නය නිවසේ මතගැටුම්

 ආගමික කටයුතු සඳහා වැඩි කාලයක් හා වෙහෙසක් යොදවයි. මෙමගින් හොඳ මානසික ශක්්තියක් ගොඩනැගේ. මේ සඳහා උපදෙස් මෙන්ම හොඳ අනුග්‍රහයක්ද ලබාදෙන හිත මිතුරු කැලකගේ ඇසුරද ලැබේ.
 නිවසේ සාමාජිකයන් අතර සුළු මත ගැටුම් හා නොසන්සුන්තාවයක් ඇති වේ. එහෙත් ඒවා නිසි ලෙස අවබෝධ කරගෙන සාමය පවත්වා ගෙන යාමේ හැකියාව ඔබට පවතී.
 ඇතැම් බාධක ආශ්‍රයන් නිසා ඉගෙනීමේ කටයුතුවල සුළු පසුබෑමක් සිදුවිය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කිරීම අවශ්‍යය.
රැකියා කටයුතු සම්බන්ධ ඔබේ උනන්දුවේ හා කැපවීමේ අඩුවක් සිදු නොවුණත් ඇතැම් අවස්ථාවල ඔබ ප්‍රධානීන්ගේ ඇගැයීමට පත් නොවන නිසා සුළු නොසන්සුන්තාවයක් උද්ගත වීමට ඉඩ තිබේ. ආදායම්වල ඉහළ යාමක් සිදුවන අතරම නිෂ්ඵල වියදම්වල ඉහළ යාමක් ද සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න.
 යහපත් සෞඛ්‍ය තත්ත්වයක් මුළු මාසය පුරා පවතී.

මීන ලග්නය සෞඛ්‍යය යහපත්

පැවැති නොසන්සුන්තාවයන් ඉවත් වී යහපත් මානසික තත්ත්වයක් ගොඩනැගේ. ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුවීමක් ඇතිවෙයි. ඔබට නිසි මග කියාදෙන දැහැමි ප්‍රබුද්ධ මිත්‍ර ආශ්‍රයක් ඇති වේ.
නිවසේ වගකීම් පිළිබඳව නිසි අවධානය හා සැලකිල්ල අඩුවීම නිසා සාමාජිකයන් අතර මතභේද හා නොරිස්සුම් ස්වභාවයක් ඇතිවීමේ ඉඩකඩ තිබේ. මේ පිළිබඳව සැලකිලිමත් වීම අවශ්‍යය.
ඉගෙනීමේ කටයුතුවලින් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමේ අවස්ථාව පවතින නිසා උනන්දු වන්න. බාධක ආශ්‍රයන් ඇතිවීම ඉගෙනීමේ කටයුතු අඩපණ කිරීමට හේතුවිය හැකි බව සලකන්න.
රැකියා කටයුතුවලින් හොඳ ප්‍රතිඵල ලබාගත හැකි වකවානුවකි.
ඇතැම් අවස්ථාවල ඔබට හිමි වගකීම් පැහැර හරින නිසා ප්‍රධානීන්ගේ දෝෂ දර්ශනයට භාජනය විය හැක. ආදායම් ඉහළ යයි. අතිරේක ආදායම් මාර්ග විවෘත වේ. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇතිවේ.

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score