Showing posts with label Other. Show all posts
Showing posts with label Other. Show all posts

Dec 23, 2014

01
ලෝකයේ වඩාත්ම නම්‍යශීලී තරුණිය වන ස්ලාටා ට්විස්ට් තම සිරුර විශ්මය ජනක ඉරියව් වෙත ගෙන ඒමට සමත්කම් දක්වන්නීය. රුසියානු සම්භවයක් අැති ස්ලාටාගේ සැබෑනම ජුලියා බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. ;


 02 03 04

Dec 19, 2014

මේක ඇවිල්ලා Ebay වගේ සයිට් එකක් අරවා මෙව්වා තීනවා 

අම්බානෙකට මෙතනින් යන්ටකෝ 


හෝව් හෝව් ඉතුරු ටිකක් බලලම යන්න 


කරන්න තියෙන්නේ මෙච්චරයි...


පහළ තීන ලින්ක් එකෙන් ගිහින් Register වෙන්න..ඊට පස්සේ 

Email එක Confirm කරන්න...එතකොට ඔයාට $10 ලැබෙනවා...


(අනිවාර්යයෙන් ඔයාලා මේ ලින්ක් එකෙන් Register උනොත් $5 

ලැබෙනවා...ඊට අමතරව Welcome Bonus එකක් විදියට තව $5 

ලැබෙනවා)
ඊට පස්සේ අඩුවට Freeshipping තීන Item එකක් 

තෝරගන්න...නැත්නම් අඩූවට තීන Items දෙකක් තෝර ගන්න 

(එතකොට Freeshipping ලැබෙනවා)


ඊට පස්සේ Order එක Process කරන් ගිහින් Complete කරන්න .

(Worldwide Shipping)

ගන්නා දෙයක් දැන්ම ගන්නලා...ඉවර වෙන්ඩ කලින්

Dec 18, 2014

ස්නායු පිළිබඳ විශේෂඥයකු වන ඇලෙක්ස් රිවෙස්ට් ගිණි කන්දක් සක්‍රීයවී ඇති අවස්ථාවක ගලනා ලාවා මත ඇවිදින අයුරු සංචාරක මගපෙන්වන්නා විසින් රූගත කර තිබෙනවා. හවායි දූපත්හි සංචාරය සඳහා පැමිණි අවස්ථාවේ ඔහු මෙම අවදානම් ක්‍රියාවේ යෙදී තිබෙනවා.‍සක්‍රීයව පවතින ගිණි කන්දකින් පිටවන ලාවා සෙල්සියස් අංශක 700 ත් 1200 ත් අතර වනවා.


Dec 5, 2014

Green cat

බල්ගේරියාවේ වර්නා නගරයේ සැරිසරන කොළ පැහැති අත්භූත බළලෙකු පිලිබඳව විදෙස් මාධ්‍ය වාර්තාකොට තිබේ. මෙම කොළ පැහැති බළලා වර්නා නගරයේ සැරිසරන අතරතුරේදී ඡායාරූප ශිල්පියෙකු විසින් ගන්නා ලද ඡායාරූප අන්තර්ජාලයට එක්කිරීමත් සමග ඒ සම්බන්ධව කතාබහක් ඇතිවී තිබේ.

Dec 1, 2014

බ්‍රිතාන්‍යයේ වැඩි අවධානයකට ලක් නොවූ ගම්මානයක් පිළිබඳව රූපවාහිනී වැඩසටහනක් නිර්මාණය කිරීමට සූදානම්වීමත් සමග විශාල ප්‍රසිද්ධියක් ලැබී තිබේ. මෙතක් කල් ලොවෙන් වසන්වී තිබු මෙම ගම්මානයේ විශේෂත්වය වන්නේ එම ගම්මානයේ සියල්ලන්ම නිරුවතින් ජීවත් වීමයි. ලොව පුරා නිරුවත් මුහුදු තීර පැවතියත් නිරුවත් ගම්මාන ගැන වාර්තා වී තිබුනේ නැත.

Hertfordshire නම් මෙම ගම්මානය බ්‍රිතාන්‍යයේ පිහිටා ඇති පැරණිතම නිරුවත් කොලනිය වේ. මෙහි නිරුවත් නොවී කල් ගත කිරීම සඳහා ගමේ ප්‍රධානියාගෙන් අවසර ගත යුතු වේ. මන්ද ඇඳුම පැළඳගෙන සිටින පිරිස් ඉදිරියේ නිරුවතින් සිටීමට එම ගමේ ජීවත් වන පිරිසට ලැජ්ජාවක් දැනෙන බවට චෝදනා නැගී ඇති හෙයිනි.

ඒ අනුව නිසි අවසර ගැනීමෙන් පසුව නිරුවත් නොවී හෝ මෙම ගම්මානයේ විසීමට බාධාවක් නොමැත.

82 හැවිරිදි රිචර්ඩ්සන් සිය ජීවිතයෙන් අඩකට වඩා ගතකොට ඇත්තේ මෙම ගම්මානයේ ය. ඔහු සිය අත්දැකීම් මාධ්‍යට හෙළිකොට තිබුනේ මෙලෙසිනි.

"නගරේ ජීවත් වෙන මිනිස්සුන්ගෙයි, නිරුවතින් ජීවත් වෙන අපෙයි වෙනසක් නැහැ...අපි හැමෝම සමාන ජීවිත ගත කරන්නේ..වෙනසකට තියෙන්නේ මේ වගේ අසාමාන්‍ය තැනක ජීවත් වෙන්න අපිට වාසනාව තිබුනා..මේක හරියට කුඩා වතු යායක් වගේ..අපිට හැම දේම ගෙනවිත් දෙන අය ඉන්නවා..සුපිරි වෙළඳ සැල් වලින් බඩු, උදෑසන පත්තරය, කිරි වගේ දේවල් අපිට ගෙනවිත් දෙන අය ඉන්නවා..මේ ගමේ පිහිනුම් තටාකයක්, බාර් එකක් වගේ පහසුකමුත් තිබෙනවා.. "

මෙම ගම්මානය නිර්මාණය කොට ඇත්තේ රිචර්ඩ්සන් ගේ පියාවන චාර්ල්ස් විසින් 1929 දී පවුම් 500 කට මිලදී ගනු ලැබූ අක්කර දොළහක භූමියක් තුල වේ.
Mark-and-Tina nudest (1) Nudest (2) Nudest (3) Nudest (4) Nudest vick-and-maggie​

Nov 30, 2014

ඇමෙරිකාවේ ඉලිනොයි ප්‍රාන්තයේ ඔරේන්ජ්විල් ප්‍රදේශයේ ගොවිපළක වෙසෙන “බ්ලොසම්” පසුගියදා ලොව උසම එළදෙන ලෙස ගිනස් වාර්තා ‍පොතට ඇතුළු විය. හොල්ස්ටික් ෆී්‍රසියන් වර්ගයට අයත් වයස අවුරුදු දහතුනක් වන  බ්ලොසම්ගේ උස අඩි හයයි අඟල් හතරක් බව ඇගේ හිමිකාරිය වන පැටී හැන්සන් පවසන්නේ ආඩම්බරයෙනි. බ්ලොසම් සුවිශේෂී අයෙකු බව ඇය උපන්දා සිට දැන සිටි බව කියන පැටී බ්ලොසම් පැටවුන් නොලැබිමේ දුබලතාවයකින් පෙළෙන බව  දැනගත් පසුවද දිගටම ඇයව සුරතලෙකු ලෙස ගොවිපළේ තමාගේ රැකවරණය යටතේ තබා ගැනීමට තරම් කාරුණික වුණේ ද ඒ නිසාය. අද වන විට හැන්සන්ගේ ගොවිපළ  වෙත එන සියල්ලන්ගේ ආදරය හා අවධානය  දිනා ගන්නා චරිතය බවට පත්ව  සිටින්නේ යෝධ සිරුරක් හිමි බ්ලොසම්ය. ඇය කෙතරම් ජනප්‍රියද යත් ඇයටම වෙන්වූ facebook  ගිණුමක්ද  තිබේ.
පසුගිය ජූලි මාසයේදී සිය දහතුන් වන උපන් දිනය සැමරූ බ්ලොසම්ට ලොව උසම එළදෙන  ලෙස ගිනස් ‍පොතට ඇතුළුවීමට වරම් ලැබෙන්නේ හැන්සන්ගේ ගොවිපළේ එළදෙනුන්ට ප්‍රතිකාර කරන පශු වෛද්‍යවරුන් හා ගවකුර සවිකරන්නන්ගේ පෙළඹවීම නිසායි. රාත්තල් දෙදහසක බරකින් යුතු බ්ලොසම්ගේ දැවැන්ත භාවය නිතරම හැන්සන්ගේ අවධානයට ලක්කරමින් පසුව ඇගේ වීඩියෝ පට හා ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීමට  හැන්සන් ඇතුළු ඇගේ පවු‍ලේ සාමාජිකයන්ව පෙළඹවූයේද  බ්ලොසම්ව පරීක්ෂාවට ලක් කළ පශු  වෛද්‍යවරුන්ය. ගිනස් වාර්තා ‍පොතට ඇතුළු වීමට බ්ලොසම්ගේ උස හා බර පිළිබඳ  නිල මට්ටමේ මිනුම් ඉදිරිපත් කිරීමෙන් පසු ඉකුත් අගෝස්තු මාසයේදී  ඇය ලොව උසම එළදෙන ලෙස කිරුළු පැළඳුවාය.  ඉදිරියේදී බ්ලොසම්ගේ කතාව ඇතුළත් කොට
ළමා කතන්දර ‍පොතක් එළිදැක්වීමටද හැන්සන් බලා‍පොරොත්තු වන්නීය.
දැනට ලොව මිටිම එළදෙන ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියන්නේ  ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ වෙසෙන ස්ටීවන් ඩෙමුවර් හා ක්‍රිස්ටියන් ඇග්නිව් සතු බ්ලෙස් නමැති එළදෙනයි. ඇගේ උස අඩි දෙකයි අඟල් දහ නවයකි.

Nov 28, 2014



 
 
 
 
 

 ඔයාලත් දන්න කියන Photo තියෙනවානම් අප වෙත එවන්න 

Nov 23, 2014

මං ඔයාට ආදරෙයි කියල කී දෙනෙක් කී දෙනකුට කී සැරයක් කියල 

ඇතිද? මේ ලෝකෙ  ඒත් ඒ හැමෝම සාර්ථක පී්‍රතිමත් ආදර සබඳතා 

පවත්වන අය කියල ඔබ හිතනවද?


"ගැහැනියක්‌ හැඬූ කඳුළින් නොසිටින සෑම දිනක්‌ම කාන්තා දිනයක්‌"
වරක්‌ දුරකථන සංවාදයකදී මගේ යහළුවෙක්‌ පැවසුවා මතකය.
වරක්‌ දෙවරක්‌ තෙවරක්‌ නොව සිය වාරයක්‌ සිතන්නට එම වදන මගේ සිතට බලකරන්නට

 විය.සත්‍ය වශයෙන්ම එම වදන් පෙළ මගේ සවණට යොමුකළ මගේ මිතුරා අතිශයින්ම 
කාන්තාවන්ට ගරු කරන, ආදරය කරන අයෙකි. ඔහු පැවසූ පරිදි සෑම අවස්‌ථාවකදීම 
ලෝකයේ කොතනක හෝ ගැහැනියක්‌ කඳුළු හෙළනවා ඇති බව මට හැඟෙයි.


ශ්‍රී ලංකාද්වීපයේ රාජාවලිය ආරම්භ වන්නේ කාන්තාවකගේ ඇසින් 
හෙලූ කඳුළ මතිනි. 
සෙනෙහස, ආදරය, රැකවරණය, පතිභක්‌තිය වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවන්නට
 ඇයට සිදුවූ බව ඉතිහාසයේ පිටු අතර ඇගේ කඳුළු සැඟව ගිය අයුරුත් සිහිපත් වේ.

වර්තමානයේ ද කුවේණිලා දහස්‌ ගණනක්‌ අප අතර ජීවත් වෙති. ඔවුන්ගේ ලේ, දහඩිය 

කඳුළුවලින් මේ දෙරණ කොතරම් තෙත් වී ඇත්ද?

නෙතඟින් වෑහෙන උණුසුම් කඳුළු කැට සැබවින්ම සතුටු කඳුළු වන්නටත්, හෙළන දහඩිය රන්

 අස්‌වනු වන්නටත්, ගතෙහි රුධිරය බිළිඳු තොල් පෙති තෙමන කිරි සයුරක්‌ වන්නටත් ඇය
 සතුටින් සිටිය යුතුයි නේද? ඇගේ සිනහව සමාජයේ කුඩාම ඒකකය වූ පවුල නම් වූ 
ඒකකය තුළින් ප්‍රසාරණය වී සමස්‌ත සමාජයේම හසරැළි නංවනු ඇත.

එක්‌ වහලක්‌ යට දිවි ගෙවන දම්පතීන්ගේ සිතුම් පැතුම් බොහෝ විට වෙනස්‌ය. 

ඒ ආදරණීය හදවත් කල්යත්ම ඉරි තැළුණ වියළි පොළවක්‌ සේ නොවන්නට ගැහැණිය
 සහ පිරිමියා වෙන් වෙන් වශයෙන් තේරුම් ගන්නට අපි පුංචි උත්සාහයක යෙදෙමු.

සැමියා බිරිඳගෙන් බලාපොරොත්තුවන දේ පමණක්‌ නොව බිරිඳක්‌ සැමියකුගෙන්

 බලාපොරොත්තුවන දේවල්ද අප අවබෝධ කරගත යුතුය. මෙවර ලිපියෙන් අපි 
ගැහැනියකගේ අභිලාෂයන් යම් දුරකට හෝ සොයා බලන්නට තීරණය කළෙමු.
 මෙය තවමත් තම බිරිඳව තේරුම් ගත නොහැකිව රහසේ පසුතැවෙන සැමියන්ට
 හොඳ අවස්‌ථාවක්‌ වනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු.

බොහෝ බිරින්දැවරුන් තම සැමියා වෙතින් එදිනෙදා ජීවිතයේ නීතිගරුක භාවය

 බලාපොරොත්තු වෙයි. සමාජය තුළ ඔහු ඉතා අවංක වීම සහ ප්‍රතිපත්තිගරුක වනවා 
දකින්නටද කාන්තාව කැමතිවන අතර එවිට තමා මුළු මහත් සමාජය තුළම සුරක්‍ෂිත වී
 ඇති බව ඇය එයින් වටහා ගනී.

එසේම එදිනෙදා ජීවිතයේදී බිරිඳක්‌ නියත වශයෙන්ම තම සැමියාගෙන් උදව් උපකාර

 බලාපොරොත්තු වන අතර ගෘහ ජීවිතය සහ දරුවන්ගේ කටයුතුත් තම රාජකාරී දිවිය 
උදෙසා ලබාදෙන සහයෝගයත් මෙහිදී අඩු වැඩි වශයෙන් බලාපොරොත්තු වෙයි. 
එසේම තමා අතින් වරදක්‌ සිදුවුවහොත් සැමියකු තමාගෙන් සමාව අයදිනවා දකින්නට 
බිරිඳකගේ හදවත ඇතුලාන්තයෙන් කැමැත්ත දක්‌වන බවද කිව යුතුයි.

පවුල තුළ ජීවත් වන පිරිමියාගේ පෞරුෂය සෑම ගැහැනියක්‌ම අපේක්‍ෂා කරන අතර පවුලේ

 කටයුතුවලදී ළදරුවෙක්‌ මෙන් හීන පෞරුෂයකින් තීරණ ගැනීම මෙන්ම තමාව මවකගේ
 තත්ත්වයට පත්කොට සලකනවාටද බොහොමයක්‌ කාන්තාවන් කැමති වන්නේද නැත. 
මක්‌ නිසාද යත් එවැනි පෞරුෂ මට්‌ටමකින් පිරිමියා විසින් ගනු ලබන තීරණ වල විශ්වාසනීය
 භාවයක්‌ ඇයට ඇති නොවන බව ඇගේ හැඟීමයි. එමෙන්ම ඇය පුරුෂයා ඉදිරියේ බොළඳ
 ළදැරියක්‌ සේ හැසිරෙන්නට ඇගේ යටි සිත බලකරන බැවින් එම තත්ත්වයෙන් හැසිරීමට
 ඇය සිතයි.

එසේම තමාට ගරු කරන බොහෝ සෙයින් ආදරය කරන කෘතවේදී වන සැමියෙකුට බිරිඳක්‌ 

ඉතා තදින් ආදරය කරනවා මෙන්ම ඔහු ආදරයේදී බොළඳ පෙම්වතෙකුගේ ස්‌වභාවයට 
පත්වනවාටත් ගෞරවාත්මක වනවාටත් බිරිඳක්‌ බොහෝ සේ කැමති වෙයි.

වෙහෙසකාරී දවසකින් පසු ගැහැනියට බොහෝ වචන ප්‍රමාණයක්‌ එකතු වේ. හැඟීම් 

ආවේගයකින් බෙදාහදාගන්නට තම සැමියා නිවසට පැමිණෙන තෙක්‌ බිරිඳ මග බලා සිටී.
 එහෙත් ඇයට අවධානය යොමු නොකොට ඇගේ වචනවලට සවන් නොදී රූපවාහිනිය, 
පුවත්පත හෝ පරිගණකය තම බිරිඳ කරගන්නා පිරිමියා නිසා ගැහැනිය ඉතා කනස්‌සළු 
ස්‌වභාවයට පත්වේ. ලෝකයේ විද්වතුන් විසින් සොයාගෙන ඇති තොරතුරුවලට අනුව
 ගැහැනිය කතාවට දක්‍ෂ වී ඇත්තේ ඇගේ කතා කිරීම සඳහා පිහිටි විශේෂ ප්‍රදේශයක්‌ 
මොළයේ වම් අර්ධ ගෝලයේද ඒ සමගම කුඩා ප්‍රදේශයක්‌ දකුණු අර්ධගෝලයේද වශයෙන්
 මොළයේ දෙපසම කථන සඳහා විශේෂයෙන් නිර්මාණය වී ඇති නිසාය. එසේම ඇය කතාබහ
 කරමින් වෙනත් කාර්යයක යෙදීමට ඇයට හැකියාව ඇත්තේ මේ නිසාය. දිනකට කාන්තාවක
 ඉඟි බිඟි, විවිධ ශබ්ද ආදිය සමග වචන 20,000 ක්‌ පමණ කතා කරන බවත් සමාජයේ
 අන් කා සමගවත් හුවමාරු නොකොට අතිශය පෞද්ගලික ලෙස සිය සැමියා සමගම
 කතා කරන්නට ඇය වෙන්කොට ගෙන බලා සිටින වචන ප්‍රමාණයක්‌ ඇති බවත් කිව යුතුය. 
මෙහිදී ස්‌වභාවයෙන්ම නිහඬව තම සිතුවිලි සමග හුදකලා වන්නට සිහින මවන පිරිමියා
 හා දිවිගෙවන ඇගේ ඉරණම කෙබඳු විය හැකිද අප මතු කරගත යුතු වැදගත්ම කරුණ 
වන්නේ දෙදෙනකු ජීවත්වීමේදී එකිනෙකාගේ ආශාවන් හා අවශ්‍යතාවන්ට කැපවීම් කළ
 යුතු බව නොවේද?

ගැහැනියක්‌ නිරතුරුවම තමාව සතුටුදායක ලෙස පුදුමයට පත් කරවීම්වලට ඇගේ යටි 

සිතෙන් කැමැත්තක්‌ දක්‌වයි. එවන් වූ ඉඟිවලින් ඔහු තමාට පෙර සේම ආදරය කරනවා 
යන්න ඇය වටහා ගනී. එසේම තමන්ගේ උපන් දිනය, විවාහ සංවත්සරය මතක තබාගන්නා 
සැමියාව භාර්යාව විසින් ඉතා අගය කරයි. එදිනට තමන් වෙනුවෙන් පුංචි ත්‍යාගයක්‌ ලබාදී
 තමාව අනපේaක්‍ෂිත ලෙස සතුටට පත්කරනවා නම් මතුපිටින් කුමක්‌ ප්‍රකාශ කළත් ඇගේ 
හදවතේ පතුලේ ඒ සුන්දර මතකය වඩාත් සුරක්‍ෂිත ලෙස ආදරණීය ලෙස තැන්පත් වේ.

එසේම ඉඳහිට හෝ තම කාර්යය අවසන් වී සවසට නිවසට පැමිණෙන සැමියකුට ඇය

 වෙනුවෙන් ඇය ආශා කරන පුංචි යමක්‌ හෝ ගෙන යන්නට හැකි නම් එය ඉතා වටිනා
 කරුණකි. ඇයගේ කෘතවේදීභාවය ඇයගේ කැපවීම ඔහු නිරතුරුවම අගය කරනවා 
යන්න ඇයට වටහා
 ගැනීමට මෙය කදිම අවස්‌ථාවකි.

කාන්තාවකගේ ලිංගික අවශ්‍යතාවයන් පිළිබඳව ලෝකයේ කර ඇති බොහෝ සමීක්‍ෂණ 

වලින් අධ්‍යයනවලින් පෙනී යන්නේ කාන්තාව ආදරය තුළින් රාගික බව අපේක්‍ෂා කරන බවයි.
 සුමුදු ස්‌පර්ශ කිරීම් ආදරණීය සුරතල් කිරීම් හෘදයාංගම සිප වැළඳ ගැනීම්වලට ගැහැනිය වඩාත් 
සතුටු වන බවයි. එසේම පුරුෂයකුගේ පෞද්ගලික ස්‌වස්‌ථතාව මනා සෞඛ්‍ය පුරුදු සහ හැසිරීම්
 ඇය අපේක්‍ෂා කරයි. පිරිමියකුගේ වඩා ප්‍රචණ්‌ඩකාරී රාගික හැසිරීම්වලට වඩා ගෞරවාන්විතව
 හා ශෘංගාරාත්මකව බෙදා හදාගත් සෙනෙහස ඇය ඉතා තදින් අපේක්‍ෂා කරයි.

නිදි යහනේදී ගත කරන ඒ දිවිය කාන්තාවකගේ ජීවිතයේ ඉතා සංවේදී අවස්‌ථාවකි. 

"එහිදී ගැහැනිය තම ආවේගයන් සිතුවිලි අවදිවන්නටත් පෙර පිරිමියා සියල්ල අවසන් කරයි.
" යන්න ලෝකයේ ප්‍රචලිත කියමනකි. බොහෝ කාන්තාවන් ඉතා දිගු වේලාවක්‌ තමන්ගේ
 හදවත දිනාගත් තැනැත්තා සමග ආදරයෙන් වෙලෙන්නට ඔහුත් සමග සුරතල් වන්නට 
කැමති බව කාන්තාවන් පිළිබඳව අධ්‍යයනය කොට හෙළිකරගත් තොරතුරුවලට අනුව 
ප්‍රත්‍යක්‍ෂ වී තිබේ.

එසේම ගැහැනිය ස්‌වභාවයෙන්ම සියුමැලි ශරීරයකට හිමිකම් කියයිs. පුරුෂයා සමග

 බද්ධ වීමේදී ඇගේ කාය ශක්‌තිය මත ඇය පුරුෂයාට දෙවැනි වේ. එහෙත් පිරිමියකුගේ
 මොළයට වඩා ගැහැනියකගේ මොළය 8% ක්‌ කුඩා වන නමුත් ඒ තුළ ඇති අභ්‍යන්තර
 සංවේදීතාවය හා සම්බන්ධතාව පිරිමියාට වඩා වැඩිය. පුරුෂයකුගේ දෘෂ්ඨිපථය ඉතා දිගු 
දුරක්‌ දක්‌වා විහිදී යන අතර ගැහැනියකගේ දෘෂ්ඨිපථය පුළුල් ලෙස විහිදී යයි. මේ තත්ත්වය
 මත කාන්තාවකට එකවර වැඩ කිහිපයකට සිය අවධානය යොමුකළ හැකි අතර පිරිමියකුට 
එක්‌වරක්‌ අවධානය යොමුකළ හැක්‌කේ එක්‌ කාර්යයක්‌ සඳහා පමණි. උදාහරණයක්‌ ලෙස 
දුරකථන සංවාදයක යෙදී සිටින පිරිමියකු වෙනත් වැඩක්‌ එම අවස්‌ථාවේදීම නොකරන අතර
 රූපවාහිනි යන්ත්‍රය ඒ මොහොතේ ක්‍රියාත්මක වන්නේ නම් එහි ශබ්දය පවා අඩුකළ යුතු 
තත්ත්වයක පවතී. එහෙත් ගැහැනිය දුරකථන සංවාද අතරතුර කෑම පිසිමින් දරුවන් ගැනද
 අවධානය යොමුකරයි. එමෙන්ම නිවස අවට ඇති ශබ්ද සහ ඉදිරිපස ඇති ගේට්‌ටුව පිළිබඳවත්
 ඇගේ අවධානයට එම මොහොතේ ලක්‌වේ.

මෙහිදී අප විශේෂයෙන්ම දැක්‌විය යුතු කරුණ වන්නේ ගැහැනිය සහ පිරිමියාගේ මොළය

 සැකසී ඇති ආකාරය අනුව අප එම ක්‍රියාකාරකම් කරනවා විනා ජීවිතයේදී එකිනෙකා ගැන 
මැසිවිලි නගමින් යුග දිවිය අඳුරු කරගන්නට උත්සාහ කිරීම මෙවන් අවස්‌ථාවක්‌ 
මත නොකළ යුතු බවයි.

කාන්තාවගේ අවශ්‍යතාවයන් සහ ආශාවන් මෙන්ම පිරිමියකුගෙන් ගැහැනිය අපේක්‍ෂා කරන 

බොහෝ දැ අතර සුළු කරුණු කිහිපයක්‌ මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නට යෙදුණි. 
මෙම කරුණු ඉතාමත්ම පොදු යෑයි හැඟෙන අතර එම සුළු කරුණු කිහිපය පවා යථාර්ථවාදීව
 වටහා ගෙන ජීවිතය තුළ සැරිසරන්නට පිරිමියකුට සහ ගැහැනියකට හැකි වෙනවා නම් එම 
ජීවිත සැරිසැරීම ඉතාම වින්දනීය චමත්කාර ජනක එකක්‌ බවට පත්වෙනු ඇත.

සටහන - අමාලි මංගේෂ්කා

Nov 15, 2014





විද්‍යාත්මක පර්යේෂණවලින් හෙළි වූ තොරතුරු



බුදු දහමේ අභිඥා යනුවෙන් හැඳින්වෙන්නේ මෙම අධිමානසික 


තත්ත්වයයි සිතිවිලි ස්වභාවය මෙන්ම පවතින රෝගාබාධ අනුවත් 

මෙම රැස් වළල්ල වෙනස් වෙනවා කරුණාව මෛත්‍රිය ආදී කුසල් 

සිතිවිලිවලදී රැස් වළල්ල දීප්තිමත් නිල් පැහැයක් ගන්නවා

වෛරය ක්‍රෝධය නිසා රතු පැහැයත් හිත සොවින් බර වූ විට දුඹුරු 

පැහැයත් පෙන්නුම් කරනවා

( පියසිරි ගුණරත්න)

මිනිස් සිරුර වටා විහිදෙන රැස්වළල්ල කිසිවෙකු කිසි විටෙක දැක 


නැත. එනමුදු මිනිසුන්ගේ සිරුරුවලින් නිකුත් වන රශ්මි ශක්තිය 

පිළිබඳව විවිධ රටවල්වල කරන ලද පර්යේෂණ ගැන අප බොහෝ 

විට අසා තිබේ. එමෙන්ම මෙම රැස්වළල්ල පිළිබඳව විද්‍යාඥයන් 

විද්‍යාත්මක   පර්යේෂණ මගින් ලොවට තොරතුරු හෙළිකර දීමට 

සමත්කම් දක්වා ඇත. ආධ්‍යාත්මිකවේදය හා විද්‍යාත්මක පර්යේෂණ 

ඥානය මත මිනිස් සිරුරින් විහිදෙන මෙම රැස් වළල්ල නූතන 

ලෝකය තුළ දැක බලා ගැනීමට හැකියාව ලැබි තිබේ.

       බුදුරජාණන් වහන්සේගේ හිස වටා ෂඩ් වර්ණ වූ බුදු රැස් මාලා 

විහිදෙන දසුන් කෘත්‍රිමව නිපදවා ඇති අයුරු අප බොහෝ විට දැක 

තිබේ. විද්‍යුත් උපකරණ හා මෙවලම් භාවිතයෙන් එසේ කළ හැකිය. 

එනමුදු එවන් කෘත්‍රිම ක්‍රමයකින් තොරව මිනිස් සිරුරේ (හිස අත් පා 

වැනි) අවයව වටා කිසියම් ආකාරයක රශ්මි වළල්ලක් 

හෙවත් ඕරාවක් තිබෙන බැව් කිර්ලියන් ඡායාරූප ශිල්පයනමැති 

සුවිශේෂී  තාක්ෂණික ක්‍රමය උපයෝගී කරගනු ලැබූ ඡායාරූපවලින් 

සනාථ කර දැක්වීමට විද්‍යාඥයෝ සමත්ව සිටිති.

මෙම අසාමාන්‍ය ඡායාරූප ශිල්පීය ක්‍රමය හඳුන් වන්නේ විද්‍යුත් 

ඡායාරූප ශිල්පය නමිනි. විද්‍යුත් ඡායාරූප ශිල්පීය ක්‍රම මගින් ගනු 

ලබන සේයාරූවලින් එම රැස් වළල්‍ලේ පැහැය ද දැක බලා ගත 

හැකිය.  මිනිස් සිරුරෙන් විහිදෙන රැස්වළල්ල හෙවත් ඕරාව බයෝ 

එනර්ජි වශයෙන් ද නූතනයේ හඳුන්වනු ලබයි.ක්වොන්ටම් භෞතික 

විද්‍යාවේ ඇතැම් සිද්ධාන්ත හා පර්යේෂණාත්මක සොයා ගැනීම් මගින් 

මෙවන් සංසිද්ධි බොහෝ විට පැහැදිලි කිරීමට හැකියාව ලැබි තිබේ. 

එමෙන්ම අධිමනෝවිද්‍යා පර්යේෂකයන්ගේ දැඩි අවධානය යොමු වී 

ඇත්තේ මෙවැනි සංකීර්ණ සිද්ධි සඳහා කිසියම් ආකාරයක නිවැරදි 

තොරතුරු පැහැදිලි කිරීම වෙනුවෙනි.

අධි මානසික යනු සාමාන්‍ය මානසික තත්ත්වයෙන් බැහැර වූ අති 

වෙසෙසි තත්ත්වයකි. සාමාන්‍ය මනස ත්‍රිමානයකින් යුතුවන අතර අධි 

මානසික සිතට චතුර්මානයක් ඇත. අධි මනෝ විද්‍යාව 

භෞතිකත්වයෙන් බැහැරව සිත පිළිබඳ අධ්‍යයනය කොට පර්යේෂණ 

කිරීම් ඇරඹීමේ ප්‍රතිඵලයක් වශයෙන් බිහි වූවකි. විද්‍යාත්මක චින්තනය 

යටතේ මිනිසා සතු සංකීර්ණ හැඟීම් රටාව විග්‍රහ කිරීම උදෙසා මනෝ 

විද්‍යාව උපයෝගී කර ගෙන තිබේ. ඇතැම් අද්භූත හා ආශ්චර්යමත් 

සිදුවීම් ගවේෂණය කිරීමේ ප්‍රතිඵලය අනුව  අධි මනෝ විද්‍යා විෂය 

ක්ෂේත්‍රය බිහි වී ඇති බව පැහැදිලි කළ හැකිය.

බුදු දහමේ අභිඥා වශයෙන් හැඳින් වෙන්නේ ද මෙම අධි 

මානසිකත්වයයි. අධි මානසික යනු සුවිශේෂී ආධ්‍යාත්මික තත්ත්වයකි. 

 විඥාණය යනුවෙන් හඳුන්වනු ලබන්නේ මිනිසා තුළ තිබෙන උඩු 

සිතටය. මේ සිත නිරතුරුවම අවදියෙන් සිටින බැවින් ජාගර විඥාණය 

ලෙසින් ද හඳුන්වයි. උඩු සිතට යටින් ඇති සිත උප විඥාණය ලෙසින් 

හඳුන්වනු ලබන යටි සිතයි. යටි සිත වූ කලී නිද්‍රෝපගත විඥාණයකි. 

මෙම උඩු සිතට හා යටි සිතට යන දෙකටම යටින් තිබෙන විශේෂ 

විඥාණය අධි මානසික තත්ත්වය ලෙස පැහැදිලි කළ හැකිය.

මිනිසුන් සතුන් හා ගහ කොළ ඇතුළු සියලුම ෙජෙවමය වස්තූන් වටා 

කිසියම් ආකාරයක සියුම් ආලෝක වළල්ලක් විහිදෙන බැව් 

ප්‍රථමයෙන්ම පෙන්වා දෙනු ලැබුවේ සෝවියට් ජාතික විද්‍යාඥයකු වන 

එස්. ඩී. කිර්ලියන්ය. මෙම ජීවමාන ඒකක වටා අඟලක් පමණ දුරට 

විහිදෙමින් පවතින ශක්ති ධාරාව විටින් විට පැහැය වෙනස් වෙමින් 

අඩු වැඩි වෙමින් ක්‍රියාත්මක වන බව විද්‍යුත් ඡායාරූප ශිල්පීය ක්‍රම 

උපයෝගී කර ගනිමින් ගන්නා ලද ඡායාරූප මගින් පැහැදිලිව හඳුනා 

ගෙන ඇත.

විදු මෙවලම් උපයෝගී කර ගනිමින් අවැසි පසුතලය සකසා එය 

ඉදිරියේ මිනිස් අංගෝපාංගයක් (අත-හිස වැනි) හෝ ශාක පත්‍රයක් 

තබා එය ඡායාරූප ගත කළ විට ඡායාරූප කඩදාසිය මත මිනිස් අග 

පසඟ හෝ ශාක පත්‍රය වටා කිසියම් ආකාරයක සියුම් ආලෝක 

දැල්ලක් විහිදී  තිබෙන සිතුවමක සටහනක් දැකගත හැකි වී තිබේ.

මෙලෙස ජීවමය වස්තු වටා කිරණ ධාරාවක් හෙවත් ඕරාවක් ලෙසින් 

විහිදෙන්නේ ජීවමය ප්‍රබල ශක්ති විශේෂයක් බැව් විද්‍යාඥයන් විසින් 

සිය   පර්යේෂණ මගින් තහවුරු කර ඇත. සමාධි ගත සිතක දියුණු 

කළ මනසක එම ප්‍රමාණයටම ශක්ති ශරීරය හෙවත් රැස් වළල්ල 

විහිදවාලන අතර එහි පැහැය සුභාවිතය ආධ්‍යාත්මික ශක්තිය මෙසේ 

රශ්මි මාලාවක් විලසින් මිනිස් සිරුරින් නික්මෙන බව හෙළි කර ගෙන 

ඇත.


මිනිසා තුළ පවතින මානසික තත්ත්වය අනුව සිරුරින් විහිදෙන රැස් 

වළල්ලෙහි යම් යම් වෙනස්කම් සිදුවන බව අධි මානසික විද්‍යාඥයෝ 

සඳහන් කරති. මිනිස් සිතිවිලි හා රෝගාබාධ අනුව රැස් වළල්‍ලේ 

පැහැය වෙනස් වන බව දැනට තහවුරු වී ඇත.



පුද්ගලයෙකුගේ සිත තුළ කුසල් සිතිවිලි පිබිදී කරුණාව මෛත්‍රිය ආදී 

හැඟීම් සමග ආධ්‍යාත්මික සැනසීමක් ඇතිවූ විට රැස් වළල්ල දීප්තිමත් 

නිල් පැහැයෙන් නිකුත් වන බව ද වෛරය ක්‍රෝධය ආදී අකුසල් 

සිතිවිලිවලින් යුතුව සිටින විට රත් පැහැයක් ගන්නා බව ද අධි 

මානසික පර්යේෂණවලදී සොයා ගෙන ඇත. සොවින් බර 

සිතිවිල්ලෙන් යුතු කෙනකුගෙන් මෙම රැස් වළල්ල විහි දෙන්නේ 

දුඹුරු පාටින් යුතුවය. මිනිස් සිරුරෙන් විහිදෙන රශ්මි ශක්තිය 

කෙනකුගේ ආධ්‍යාත්මික සිතිවිලි රටාව අනුව ප්‍රසන්නව හෝ 

අප්‍රසන්නව නිකුත්වන බව පැහැදිලිය. සිත දියුණු කරගත් යෝගීන්ට 

තමන් ඉදිරියේ සිටින සාමාන්‍ය පුද්ගලයකුගේ සිරුරෙන් විහිදෙන රැස් 

වළල්ල දැක ගැනීමට හැකි බව ද  පරීක්ෂණ වාර්තාවල සඳහන් වී ඇත.

බුදුන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් ඛ්‍යාම ප්‍රභා මණ්ඩල විහිදී ගිය බව 

බෞද්ධ ග්‍රන්ථවල සඳහන් වේ. බුදු දහම තුළ බඹයක් යනුවෙන් 

සඳහන් වන්නේ මිනිස් ඇසට බුදුන් වහන්සේගේ රැස් මාලාව 

පෙනෙන ප්‍රමාණය සලකා ගෙනය. ඛ්‍යාම යනුවෙන් බඹය අදහස් 

කෙරෙයි.

බුදුරැස් මාලාව ෂඩ් වර්ණ සහිතය. සවනක් ගණ බුදුරැස් ලෙසින් 

හඳුන්වන්නේ එනිසයි. නිල්, කහ, රතු, සුදු, ලා රතු හා මෙම සියලුම 

වර්ණවල සංකලනයෙන් සෑදුණු තවත් විශේෂ වර්ණයකින් බුදුරැස් 

මාලාව සමන්විතය.



බුදුන් වහන්සේ බුද්ධත්වය ලැබිම තුළ මානසික ධාතුව අසීමිත වූ 

බැවින් බුදුන් වහන්සේගේ බුද්ධ රශ්මි මාලාව ද  එලෙසම අසීමිත විය. 

 එමෙන්ම දීප්තිමත්ව බැබලිණි. බුදුන් වහන්සේ සංසාරගතව දරන ලද 

බුද්ධි බලය ඇති අකම්පිත ගුණයෙන් යුතු     ශ්‍රේෂ්ඨ උත්තමයකු නිසා 

එවන් ගුණයෙන් හෙබි බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම රැස් 

මාලා විහිදෙන බුදු සිරුරකින් යුතු වූහ. බුදුන් වහන්සේ අධිෂ්ඨානශීලීව 

සිටින විට විහිදී ගිය බුදුරැස් මාලාව උන්වහන්සේ වැඩ සිටින 

ස්ථානයේ සිට කි. මී. පහළොවක් (15) පමණ ඈතට විහිදී ගිය බව 

මෙම විෂය පිළිබඳව ලියා ඇති පර්යේෂණ ග්‍රන්ථවල දැක්වේ.  බුදුන් 

වහන්සේ සාමාන්‍ය පැවතුමෙන් යුතුව වැඩ සිටි අවස්ථාවලදී රැස් 

මාලාව බඹයක් තරම් දුරට පැතිරී ගොස් ඇත.


මිනිස් සිරුර වටා විහිදෙන ආලෝක වළල්ල පිළිබඳ විද්‍යාත්මක 

ගවේෂණවල නියැලුන ඇමරිකන් ජාතික මාක් ස්මිත් එඩ්ගාකේසි හා 

ජෝන් සිමර්මන් මිනිස් සිරුරෙන් නිකුත් වන රශ්මි ශක්තිය ගැන 

බොහෝ කරුණු හෙලි කර තිබේ.


මේ පිළිබඳ පර්යේෂණ මෙහෙය වූ එඩ්ගා කේසිට අත් විඳින්නට සිදු වූ 

සංසිද්ධියක් ගැන ද සඳහන් වෙයි. ඔහු හා තවත් කිහිප දෙනකු 

ආයතනයක ඉහළ මාලයට ගමන් කළ විදුලි සෝපානයක් තුළ විදුලි 

පහන් ආලෝකය දැල්වී තිබුණ නමුදු එය ඇතළත දැඩි ඝනඳුරක් 

පැවති බවත් ඉහළට ගමන් කරන අතරතුර විදුලි බුබුලු බිමට කඩා 

වැටුන බවත් කියයි. විදුලි සෝපානය තුළ විදුලි බුබුලු දැල්වෙද්දී එය 

අදුරින් වැසී ගියේ එහි ගමන් ගත් පුද්ගලයෙකුගේ සිරුරින් විහිදී ගිය 

කළු අඳුරු රැස්  දහරාවක් නිසා බවත් කේසිගේ අදහසයි. එනමුදු 

ආලෝකයක් අඳුරින් වැසීමට ද අඳුරක් ආලෝකමත්  කිරීමට ද 

සාමාන්‍ය පුද්ගලයෙකුගේ සිරුරින් විහිදෙන රැස් වළල්ලට හෙවත් 

ඕරාවට හැකියාවක් තිබේ ද යන්න ගැටලුවකි. ඒ මිනිස් සිරුරේ රැස් 

දහරාව එතරම් ප්‍රබල නොවන හෙයිනි.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score