Jul 14, 2014


පවුල් ආරවුලක් මත තම බිරිදට පිහියෙන් ඇන ඝාතනය කළ බව කියන සැකකරුවෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව කොස්වත්ත පොලීසිය කියයි. සඳුදා(14) රාත්‍රී 7.30 ට පමණ මෙම ඝාතනය සිදුවී ඇත. මිය ගොස් ඇත්තේ නාත්තන්ඩිය,ඉහල කොට්ටරාමුල්ල, පදිංචිව සිටි(48) දෙදරු මවකි
.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මිය ගොස් ඇති කාන්තාවගේ ස්වාමිපුරුෂයා බව කියන 52 හැවිරිදි අයෙකුය. මිය ගොස් ඇති කාන්තාවගේ දියණියට වයස අවුරුදු 16 ක් වන අතර පුතාට වයස අවුරුදු 14 කි.කිසියම් හේතුවක් මත අඹු - සැමියන් වෙන්වී ඇති අතර මිය ගොස් ඇති කාන්තාව දරු දෙදෙනා සමග ජීවත් වී ඇත.මෙම පවුල් ආරවුල සම්බන්ධයෙන් අධිකරණයේ පැවති නඩු විභාගයකදී වන්දි මුදලක් ගෙවන ලෙස සැකකාර සැමියාට නියම වී ඇත.
එම වන්දි මුදල සම්බන්ධයෙන් කථා බහ කිරීම සදහා සැකකරු මිය ගොස් තම බිරිදගේ නිවසට 14 වැනිදා රාත්‍රීයේ පැමිණ ඇත. එම අවස්ථාවේදී ඇති වූ කථා බහක් දුර දිග යාමෙන් පසුව සැකකරු සගවා ගෙන තිබූ පිහියකින් මිය ගොස් ඇති කාන්තාවට ඇණ ඇත.
තුවාලකාරිය මාරවිල මූලික රෝහලට ඇතුළත් කළත් ඇය ඒ වන විටත් මිය ගොස් තිබී ඇත.පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.කොස්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කර ගෙන යයි.(ලක්බිම )

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score