Showing posts with label Buddhist. Show all posts
Showing posts with label Buddhist. Show all posts

Jul 6, 2016


අම්මා කියන්නේ මේ ලෝකයේ සිටින වටිනාම කෙනා.ඉතින් මේ සාමාජයේ එන්න එන්නම අම්මාවරුන්ට තියෙන තැන,ගරු කිරිම,සැලකීම නැති වෙල යනවා අන්න ඒ නිසා අපි හිතුවා මේ වගේ Video එකක් දාන්න ඔනි කියලා.මේ Video එක බලලා ඔබත් ජාතියේ වගකීමක් වශයෙන් මෙය බෙදාහරින්න,   
පුලුවන්නම් කඳුළු නොසලා බලන්න 







Dec 5, 2014

October

2014 වසරේ අවසන් පොහොය උඳුවප් පුර පසළොස්වක දෙසැම්බර් 06 වන  සෙනසුරාදා උදාවේ. මෙරට වෙහෙර, විහාර, උවැසි, උවැසියන්ගෙන් පිරී ඉතිරී යයි. සිල් සුවඳ දසත විහිදේ. ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා, භාවනා ගිළනුන්ට උපස්ථාන කිරීම්, දන්දීම් අසරණයන්ට පිහිටවීම්, ශ්‍රමදාන, සමාජසේවා ආදී කාර්යයන්හි නිරතවන, ජනතාව මෙදින ඉතාමත් විනයගරුකව දැහැමි ක්‍රියාවන්හි යෙදේ. පිනටම කැපවුණ දිනයකි උඳුවප් පොහොය. පස් පවෙන් වැළකීමට මුල්තැන දේ. සැම සිත් තුළ ශාන්ත සිතිවිලි පහළවේ.
උඳුවප් පෝය ගෙතී ඇත්තේ අසෝක අධිරාජ්‍යයාණන්ගේ උතුම් දියණිය සංඝමිත්තා මහරහත් මෙහෙණිය, ශ්‍රී ලංකාවේ මෙහෙණි සස්න, ජයසිරි මහ බෝ සමිඳු හා සිංහලයාගේ ප්‍රථම රාජධානිය වූ අනුරාධපුරය වටාය. විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ විමුක්තිය උදාකරමින් සිංහල, බෞද්ධ මාතෘත්වය වටිනාකම, අගය ලොවට පසක් කළ ඉතා වැදගත් පොහොය දිනයක් ලෙස උඳුවප් පෝය හැඳින්විය හැකි ය.
එදා පොසොන් පොහෝදා, මිස්සක පව්වෙන් ගුවනට මුසුවුන ඒ මධුර මනෝහර “සමණාමයං මහාරාජ – ධම්මරාජස්ස සාවකා, තමෙව අනුකම්පාය – ජම්බුදීපා ඉධාගතා” ගාථාව මඟින් සිරිලකට, උතුම්ම ධර්මදානය හිමිවුණි. අනුබුදු මහරහත් හිමිපාණන් විසින් ශ්‍රී ලංකාව, සද්ධර්මාලෝකයෙන් ඒකාලෝක කළ සේක. උඳුවප් මහේ, තම සොහොයුරිය, සඟමිත් තෙරණියන්ගේ ප්‍රධානත්වයෙන්, අනුලා බිසව් ප්‍රධාන සිංහල කාන්තාවන් හට සසුනට ඇතුළත්වීමට ඇවැසි මෙහෙණි සස්න පිහිටුවාලීය. එම හේතුව නිසා අප බෞද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් පොහොයක් ලෙස උඳුවප් පොහොය සැලකේ.
සංඝමිත්තා උත්තමාව ආදර්ශ සම්පන්නය. ඇය, ප්‍රසන්නය. රජගෙදරක ඉපිද සියලු සැප සම්පත් විඳි සංඝමිත්තාවෝ නිසි වයසට පත්වුණු විටදී, අසෝක අධිරාජ්‍යයා විසින් අග්නි බ්‍රහ්ම නම් කුමාරයාට විවාහ කර දුන්නේ ය. අප බෞද්ධ සාහිත්‍යයේ හමුවන නකුලමාතා - නකුල පීතා මෙන් සංඝමිත්තා කුමරි හා අග්ගිබ්‍රහ්ම කුමරුන් ඉතා වාසනාවන්ත ගිහි ජීවිතයක් ගත කළහ. මෙම යුවලට සුමන නම් පුණ්‍යවන්ත කුමරෙකු ලැබිණ. කාලයාගේ ඇවෑමෙන්, අසෝක අධිරාජ්‍යයාගේ ධර්මවිජය ප්‍රතිපත්තිය මඟින් බුදුදහම ව්‍යාප්ත කෙරුණු අතර වෙහෙර විහාර සුවාසු දහසක් පමණක් නොව, දෙනෙත්වන් දරුවන් මහින්ද සංඝමිත්තා, අග්ගිබ්‍රහ්ම, පස් හැවිරිදි සුමන කුමරුද සසුන් ගතවූහ.
ආයුපාලී නම් මහරහත් මෙහෙණින් වහන්සේ ආචාර්යත්වයෙන් හා ධම්මපාලී නම් මහරහත් මෙහෙණිගේ උපාධ්‍යයත්වයෙන් සඟමිත් කුමරිය, භික්‍ෂුණී ශාසනයේ පැවිදි වූවාය. නොබෝ දිනකින්ම සඟමිත් තෙරණි සියලු කෙලෙසුන් නසා උතුම් වූ රහත් ඵලයට පත්වූවාය.
ඉන්දියාවේ මෙම සිද්ධිදාමයන් මෙසේ සිදුවෙද්දී, ශ්‍රී ලංකා කාන්තාවන්, අනුලා, දේවියගේ ප්‍රධානත්වයෙන් සසුනට ඇතුළත්වන්නට ඇවැසි බව, දෙවනපෑතිස් නරනිඳුනට දන්වා සිටියහ. 

Nov 15, 2014





විද්‍යාත්මක පර්යේෂණවලින් හෙළි වූ තොරතුරු



බුදු දහමේ අභිඥා යනුවෙන් හැඳින්වෙන්නේ මෙම අධිමානසික 


තත්ත්වයයි සිතිවිලි ස්වභාවය මෙන්ම පවතින රෝගාබාධ අනුවත් 

මෙම රැස් වළල්ල වෙනස් වෙනවා කරුණාව මෛත්‍රිය ආදී කුසල් 

සිතිවිලිවලදී රැස් වළල්ල දීප්තිමත් නිල් පැහැයක් ගන්නවා

වෛරය ක්‍රෝධය නිසා රතු පැහැයත් හිත සොවින් බර වූ විට දුඹුරු 

පැහැයත් පෙන්නුම් කරනවා

( පියසිරි ගුණරත්න)

මිනිස් සිරුර වටා විහිදෙන රැස්වළල්ල කිසිවෙකු කිසි විටෙක දැක 


නැත. එනමුදු මිනිසුන්ගේ සිරුරුවලින් නිකුත් වන රශ්මි ශක්තිය 

පිළිබඳව විවිධ රටවල්වල කරන ලද පර්යේෂණ ගැන අප බොහෝ 

විට අසා තිබේ. එමෙන්ම මෙම රැස්වළල්ල පිළිබඳව විද්‍යාඥයන් 

විද්‍යාත්මක   පර්යේෂණ මගින් ලොවට තොරතුරු හෙළිකර දීමට 

සමත්කම් දක්වා ඇත. ආධ්‍යාත්මිකවේදය හා විද්‍යාත්මක පර්යේෂණ 

ඥානය මත මිනිස් සිරුරින් විහිදෙන මෙම රැස් වළල්ල නූතන 

ලෝකය තුළ දැක බලා ගැනීමට හැකියාව ලැබි තිබේ.

       බුදුරජාණන් වහන්සේගේ හිස වටා ෂඩ් වර්ණ වූ බුදු රැස් මාලා 

විහිදෙන දසුන් කෘත්‍රිමව නිපදවා ඇති අයුරු අප බොහෝ විට දැක 

තිබේ. විද්‍යුත් උපකරණ හා මෙවලම් භාවිතයෙන් එසේ කළ හැකිය. 

එනමුදු එවන් කෘත්‍රිම ක්‍රමයකින් තොරව මිනිස් සිරුරේ (හිස අත් පා 

වැනි) අවයව වටා කිසියම් ආකාරයක රශ්මි වළල්ලක් 

හෙවත් ඕරාවක් තිබෙන බැව් කිර්ලියන් ඡායාරූප ශිල්පයනමැති 

සුවිශේෂී  තාක්ෂණික ක්‍රමය උපයෝගී කරගනු ලැබූ ඡායාරූපවලින් 

සනාථ කර දැක්වීමට විද්‍යාඥයෝ සමත්ව සිටිති.

මෙම අසාමාන්‍ය ඡායාරූප ශිල්පීය ක්‍රමය හඳුන් වන්නේ විද්‍යුත් 

ඡායාරූප ශිල්පය නමිනි. විද්‍යුත් ඡායාරූප ශිල්පීය ක්‍රම මගින් ගනු 

ලබන සේයාරූවලින් එම රැස් වළල්‍ලේ පැහැය ද දැක බලා ගත 

හැකිය.  මිනිස් සිරුරෙන් විහිදෙන රැස්වළල්ල හෙවත් ඕරාව බයෝ 

එනර්ජි වශයෙන් ද නූතනයේ හඳුන්වනු ලබයි.ක්වොන්ටම් භෞතික 

විද්‍යාවේ ඇතැම් සිද්ධාන්ත හා පර්යේෂණාත්මක සොයා ගැනීම් මගින් 

මෙවන් සංසිද්ධි බොහෝ විට පැහැදිලි කිරීමට හැකියාව ලැබි තිබේ. 

එමෙන්ම අධිමනෝවිද්‍යා පර්යේෂකයන්ගේ දැඩි අවධානය යොමු වී 

ඇත්තේ මෙවැනි සංකීර්ණ සිද්ධි සඳහා කිසියම් ආකාරයක නිවැරදි 

තොරතුරු පැහැදිලි කිරීම වෙනුවෙනි.

අධි මානසික යනු සාමාන්‍ය මානසික තත්ත්වයෙන් බැහැර වූ අති 

වෙසෙසි තත්ත්වයකි. සාමාන්‍ය මනස ත්‍රිමානයකින් යුතුවන අතර අධි 

මානසික සිතට චතුර්මානයක් ඇත. අධි මනෝ විද්‍යාව 

භෞතිකත්වයෙන් බැහැරව සිත පිළිබඳ අධ්‍යයනය කොට පර්යේෂණ 

කිරීම් ඇරඹීමේ ප්‍රතිඵලයක් වශයෙන් බිහි වූවකි. විද්‍යාත්මක චින්තනය 

යටතේ මිනිසා සතු සංකීර්ණ හැඟීම් රටාව විග්‍රහ කිරීම උදෙසා මනෝ 

විද්‍යාව උපයෝගී කර ගෙන තිබේ. ඇතැම් අද්භූත හා ආශ්චර්යමත් 

සිදුවීම් ගවේෂණය කිරීමේ ප්‍රතිඵලය අනුව  අධි මනෝ විද්‍යා විෂය 

ක්ෂේත්‍රය බිහි වී ඇති බව පැහැදිලි කළ හැකිය.

බුදු දහමේ අභිඥා වශයෙන් හැඳින් වෙන්නේ ද මෙම අධි 

මානසිකත්වයයි. අධි මානසික යනු සුවිශේෂී ආධ්‍යාත්මික තත්ත්වයකි. 

 විඥාණය යනුවෙන් හඳුන්වනු ලබන්නේ මිනිසා තුළ තිබෙන උඩු 

සිතටය. මේ සිත නිරතුරුවම අවදියෙන් සිටින බැවින් ජාගර විඥාණය 

ලෙසින් ද හඳුන්වයි. උඩු සිතට යටින් ඇති සිත උප විඥාණය ලෙසින් 

හඳුන්වනු ලබන යටි සිතයි. යටි සිත වූ කලී නිද්‍රෝපගත විඥාණයකි. 

මෙම උඩු සිතට හා යටි සිතට යන දෙකටම යටින් තිබෙන විශේෂ 

විඥාණය අධි මානසික තත්ත්වය ලෙස පැහැදිලි කළ හැකිය.

මිනිසුන් සතුන් හා ගහ කොළ ඇතුළු සියලුම ෙජෙවමය වස්තූන් වටා 

කිසියම් ආකාරයක සියුම් ආලෝක වළල්ලක් විහිදෙන බැව් 

ප්‍රථමයෙන්ම පෙන්වා දෙනු ලැබුවේ සෝවියට් ජාතික විද්‍යාඥයකු වන 

එස්. ඩී. කිර්ලියන්ය. මෙම ජීවමාන ඒකක වටා අඟලක් පමණ දුරට 

විහිදෙමින් පවතින ශක්ති ධාරාව විටින් විට පැහැය වෙනස් වෙමින් 

අඩු වැඩි වෙමින් ක්‍රියාත්මක වන බව විද්‍යුත් ඡායාරූප ශිල්පීය ක්‍රම 

උපයෝගී කර ගනිමින් ගන්නා ලද ඡායාරූප මගින් පැහැදිලිව හඳුනා 

ගෙන ඇත.

විදු මෙවලම් උපයෝගී කර ගනිමින් අවැසි පසුතලය සකසා එය 

ඉදිරියේ මිනිස් අංගෝපාංගයක් (අත-හිස වැනි) හෝ ශාක පත්‍රයක් 

තබා එය ඡායාරූප ගත කළ විට ඡායාරූප කඩදාසිය මත මිනිස් අග 

පසඟ හෝ ශාක පත්‍රය වටා කිසියම් ආකාරයක සියුම් ආලෝක 

දැල්ලක් විහිදී  තිබෙන සිතුවමක සටහනක් දැකගත හැකි වී තිබේ.

මෙලෙස ජීවමය වස්තු වටා කිරණ ධාරාවක් හෙවත් ඕරාවක් ලෙසින් 

විහිදෙන්නේ ජීවමය ප්‍රබල ශක්ති විශේෂයක් බැව් විද්‍යාඥයන් විසින් 

සිය   පර්යේෂණ මගින් තහවුරු කර ඇත. සමාධි ගත සිතක දියුණු 

කළ මනසක එම ප්‍රමාණයටම ශක්ති ශරීරය හෙවත් රැස් වළල්ල 

විහිදවාලන අතර එහි පැහැය සුභාවිතය ආධ්‍යාත්මික ශක්තිය මෙසේ 

රශ්මි මාලාවක් විලසින් මිනිස් සිරුරින් නික්මෙන බව හෙළි කර ගෙන 

ඇත.


මිනිසා තුළ පවතින මානසික තත්ත්වය අනුව සිරුරින් විහිදෙන රැස් 

වළල්ලෙහි යම් යම් වෙනස්කම් සිදුවන බව අධි මානසික විද්‍යාඥයෝ 

සඳහන් කරති. මිනිස් සිතිවිලි හා රෝගාබාධ අනුව රැස් වළල්‍ලේ 

පැහැය වෙනස් වන බව දැනට තහවුරු වී ඇත.



පුද්ගලයෙකුගේ සිත තුළ කුසල් සිතිවිලි පිබිදී කරුණාව මෛත්‍රිය ආදී 

හැඟීම් සමග ආධ්‍යාත්මික සැනසීමක් ඇතිවූ විට රැස් වළල්ල දීප්තිමත් 

නිල් පැහැයෙන් නිකුත් වන බව ද වෛරය ක්‍රෝධය ආදී අකුසල් 

සිතිවිලිවලින් යුතුව සිටින විට රත් පැහැයක් ගන්නා බව ද අධි 

මානසික පර්යේෂණවලදී සොයා ගෙන ඇත. සොවින් බර 

සිතිවිල්ලෙන් යුතු කෙනකුගෙන් මෙම රැස් වළල්ල විහි දෙන්නේ 

දුඹුරු පාටින් යුතුවය. මිනිස් සිරුරෙන් විහිදෙන රශ්මි ශක්තිය 

කෙනකුගේ ආධ්‍යාත්මික සිතිවිලි රටාව අනුව ප්‍රසන්නව හෝ 

අප්‍රසන්නව නිකුත්වන බව පැහැදිලිය. සිත දියුණු කරගත් යෝගීන්ට 

තමන් ඉදිරියේ සිටින සාමාන්‍ය පුද්ගලයකුගේ සිරුරෙන් විහිදෙන රැස් 

වළල්ල දැක ගැනීමට හැකි බව ද  පරීක්ෂණ වාර්තාවල සඳහන් වී ඇත.

බුදුන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් ඛ්‍යාම ප්‍රභා මණ්ඩල විහිදී ගිය බව 

බෞද්ධ ග්‍රන්ථවල සඳහන් වේ. බුදු දහම තුළ බඹයක් යනුවෙන් 

සඳහන් වන්නේ මිනිස් ඇසට බුදුන් වහන්සේගේ රැස් මාලාව 

පෙනෙන ප්‍රමාණය සලකා ගෙනය. ඛ්‍යාම යනුවෙන් බඹය අදහස් 

කෙරෙයි.

බුදුරැස් මාලාව ෂඩ් වර්ණ සහිතය. සවනක් ගණ බුදුරැස් ලෙසින් 

හඳුන්වන්නේ එනිසයි. නිල්, කහ, රතු, සුදු, ලා රතු හා මෙම සියලුම 

වර්ණවල සංකලනයෙන් සෑදුණු තවත් විශේෂ වර්ණයකින් බුදුරැස් 

මාලාව සමන්විතය.



බුදුන් වහන්සේ බුද්ධත්වය ලැබිම තුළ මානසික ධාතුව අසීමිත වූ 

බැවින් බුදුන් වහන්සේගේ බුද්ධ රශ්මි මාලාව ද  එලෙසම අසීමිත විය. 

 එමෙන්ම දීප්තිමත්ව බැබලිණි. බුදුන් වහන්සේ සංසාරගතව දරන ලද 

බුද්ධි බලය ඇති අකම්පිත ගුණයෙන් යුතු     ශ්‍රේෂ්ඨ උත්තමයකු නිසා 

එවන් ගුණයෙන් හෙබි බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම රැස් 

මාලා විහිදෙන බුදු සිරුරකින් යුතු වූහ. බුදුන් වහන්සේ අධිෂ්ඨානශීලීව 

සිටින විට විහිදී ගිය බුදුරැස් මාලාව උන්වහන්සේ වැඩ සිටින 

ස්ථානයේ සිට කි. මී. පහළොවක් (15) පමණ ඈතට විහිදී ගිය බව 

මෙම විෂය පිළිබඳව ලියා ඇති පර්යේෂණ ග්‍රන්ථවල දැක්වේ.  බුදුන් 

වහන්සේ සාමාන්‍ය පැවතුමෙන් යුතුව වැඩ සිටි අවස්ථාවලදී රැස් 

මාලාව බඹයක් තරම් දුරට පැතිරී ගොස් ඇත.


මිනිස් සිරුර වටා විහිදෙන ආලෝක වළල්ල පිළිබඳ විද්‍යාත්මක 

ගවේෂණවල නියැලුන ඇමරිකන් ජාතික මාක් ස්මිත් එඩ්ගාකේසි හා 

ජෝන් සිමර්මන් මිනිස් සිරුරෙන් නිකුත් වන රශ්මි ශක්තිය ගැන 

බොහෝ කරුණු හෙලි කර තිබේ.


මේ පිළිබඳ පර්යේෂණ මෙහෙය වූ එඩ්ගා කේසිට අත් විඳින්නට සිදු වූ 

සංසිද්ධියක් ගැන ද සඳහන් වෙයි. ඔහු හා තවත් කිහිප දෙනකු 

ආයතනයක ඉහළ මාලයට ගමන් කළ විදුලි සෝපානයක් තුළ විදුලි 

පහන් ආලෝකය දැල්වී තිබුණ නමුදු එය ඇතළත දැඩි ඝනඳුරක් 

පැවති බවත් ඉහළට ගමන් කරන අතරතුර විදුලි බුබුලු බිමට කඩා 

වැටුන බවත් කියයි. විදුලි සෝපානය තුළ විදුලි බුබුලු දැල්වෙද්දී එය 

අදුරින් වැසී ගියේ එහි ගමන් ගත් පුද්ගලයෙකුගේ සිරුරින් විහිදී ගිය 

කළු අඳුරු රැස්  දහරාවක් නිසා බවත් කේසිගේ අදහසයි. එනමුදු 

ආලෝකයක් අඳුරින් වැසීමට ද අඳුරක් ආලෝකමත්  කිරීමට ද 

සාමාන්‍ය පුද්ගලයෙකුගේ සිරුරින් විහිදෙන රැස් වළල්ලට හෙවත් 

ඕරාවට හැකියාවක් තිබේ ද යන්න ගැටලුවකි. ඒ මිනිස් සිරුරේ රැස් 

දහරාව එතරම් ප්‍රබල නොවන හෙයිනි.

Nov 10, 2014




බොහෝ බෞද්ධ නිවෙස්වල සේ ම සියලු විහාර ආරාමවල උදේ හවස බුදුරාජාණන් 

වහන්සේ උදෙසා විවිධ පුදසත්කාර සම්මානයන් සිදුකරති. නමුත් එය නිවැරදි ව 

පින් ලැබෙන ආකාරයෙන් සිදුකිරීම ට බොහෝ දෙනා නො දනිති. එ බැවින් ඇතැම් 

විට කුසලයක් කරගැනීමේ අදහසින් තබන බුද්ධ පූජාවෙන් අකුසලයක් සිදුවීමේ හැකියාව ද, 

ඇත. එ බැවින් බුද්ධ පුජාව නිවැරදි ව තබන අන්දම පිළිබඳ ව සහ බුද්ධ පූජාව පිළිබඳ ව 

බුදුරාජාණන් වහන්සේ ගේ අදහස කුමක් දැ යි විමසා බලමු.


බුද්ධ පූජාව පිළිබඳ බුදුන් ගේ ආකල්පය.

"යො කො ආනන්ද භික්ඛු වා භික්ඛුණී වා උපාසකෝ වා උපාසිකා වා ධම්මානුධම්ම 

පටිපන්න්නෝ විහරති සාමීචිපටිපන්නෝ අනුධම්මචාරී සෝ තථාගතං සක්කරෝති ගරුකරොති 

මානෙති පුජෙති පරමාය පුජාය පටිපත්ති පුජාය".

බුදුරාජාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතා මෙ සේ දේශනා කර ඇත. මෙ ම පාඨය 

දැක්වෙන්නේ දීඝ නිකායේ මහාපරිනිබ්බාන සුත්‍රයේ ය. බුදුරදුන් පිරිනිවන් මංචකයේ වැඩසිටි 

මොහොතේ දසදහසක් සක්වල දෙවියන් බඹුන් පිරිවරමින් විශාල මල් පුජාවක් පවත්වන ලදී. 

දෙව් බඹුන් දිව්‍ය පරසතු මදාරා ආදී මල්වලින් බුදුනට පුදසත්කාර පිණිස පිරිනිවන් මංචකය 

අබියස අතුරන ලදී. ඇතැම් මල් තථාගත ශ්‍රී දේහය මත ට ද, වැටෙයි. විසිරී යයි. දෙවියන් විසින් 

තූර්ය වාදනයන් ද, ඉදිරිපත් කෙරෙයි. නමුත් බුදුරදුන් ගේ ආකල්පය වුයේ බුද්ධ දේශනාව වූයේ 

මෙය නො වේ. දිව්‍ය මල්, ගැයුම්, වැයුම් ආදියෙන් බුදුරදුන් වෙත නියමාකාරයෙන් සත්කාර, 

සම්මාන, පුජාවන් නො කළ හැකි බව දේශනා කර ඇත. සිව් පිරිස ධර්මානුචාරී ව ධර්මානුධර්ම 

ප්‍රතිපන්න ව සම්‍යක් ප්‍රතිපන්න ව වෙසෙයි නම් හෙතෙම තථාගත ගෞරව පුද සත්කාරය 

නියමාකාරයෙන් සිදුකළා වන්නේ ය, යනුවෙන් දේශනා කර ඇත. 

බුදුරාජාණන් වහන්සේ මලින් සුවඳින් පුදා පලක් නැති ද?

නැත. මෙ සේ සිතීම වැරදී සහගත ය. 

බුදුරදුන් කිසි ම අවස්ථාවක මෙ වැන්නක් 

දේශනා කර නැත. බුදුරාජාණන් 

වහන්සේ දේශනා කර ඇත්තේ 

ආමිශයෙන් පුද සත්කාර කිරීම ට වඩා 

ප්‍රතිපත්තිගරුක ව බුදුන් පිදීම උතුම් වන 

බව යි. බුදුරදුන් මලින් පිදීම සුවඳින් පිදීම 

නො කළ යුතු කරුණක් බව එයින් 

දැක්වෙන්නේ නැත. තුන්ලෝකාග්‍ර 

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් 

හන්සේ සියලු දෙව් බඹුන් සහිත සකල

 ලෝක සත්වයින් ගේ ගෞරවය ට සම්මානය ට පුද සත්කාරය ට පාත්‍ර වන්නේ ය. 

මේ හේතුව නිසා ම බුදුරදුන් ජේතවනයේ වැඩ නො සිටින අවස්ථාවල බුදුරදුන් වෙනුවට පිදීම 

සඳහා ආනන්ද බෝධිය ලෙස ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ ශාඛාවක් රෝපණය කිරීම සඳහා 

ආනන්ද තෙරුන් ට අවසර ලබා දෙන්නට ඇත. එ බැවින් අප තේරුම් ගත යුතු වන්නේ බුද්ධ 

පුජා ලෙස ආමිෂ පුජා ද, සිදු කළ හැකි බව යි. එයින් ද, නිවන සඳහා කුසල් සම්පාදනය කිරීමේ 

විශාල හැකියාවක් පවතින බව යි. 


පිරිනිවන් පා වදාළ තථාගතයන් වහන්සේ උදෙසා කරන පුජාව උන්වහන්සේ ගේ පිළිගැනීමක් 

හෝ පරිභෝගයක් නොමැති නිසා පුජා කරනවුන්ට පිනක් ලැබේ ද? යන ගැටලුව සමහර 

දෙනෙකු ට ඇති වන්නට පුළුවන. පිළිගැනීම හා නො පිළිගැනීම ත්, පරිභෝග කිරීම හා නො 

කිරීම ත් පුජා කරනවුන් හට පින් සිදුවීම ට හෝ නො වීම ට ත්, පින මහත් වීමට හෝ කුඩා වීම 

ත් කරුණක් නො වේ. පින යනු එය සිදුකරන තැනැත්තා තුළ ම ඇතිවන දෙයක් මිස පිටතින් 

එන දෙයක් නො වේ. "චේතනාහං භික්ඛවේ කම්මං වදාමි" චේතනාව ම කුසලාකුසල කර්ම බව 

ට පත් වේ. එ ම කුසල චේතනාව පුජා කරන මොහොතේ දී ම ඇතිවන්නකි. පරිභෝග කිරීම 

නො කිරීම පසු ව සිදුවන කරුණු ය. එ විට පින සිදු වී අවසන් ය.

බුද්ධ  පුජාව නිවැරදි ව තබමු.

 මෙය හොඳින් වටහා ගන්න. 

බුදුරජාණන් වහන්සේ ජීවමාන ව 

වැඩසිටිබව සලකා උන්වහන්සේ 

වෙත සිදුකරන සියලු ම පූජාවන් 

ඒ අයුරින් ම කිසිඳු අඩුපාඩුවක් 

නැති ව ස්වශක්ති ප්‍රමාණයෙන් 

සිදුකළ යුතු ය. මා දැක ඇති 

බොහෝ නිවෙස්වල හා විහාරාරාමවල බුද්ධපුජාවන් සකස් කර පිළිගන්වන්නේ කුඩා ළදරුවකු 

සඳහා පිළිගන්වන ආහාරයක් ලෙසිනි. පහසුව ලාබය සහ නාස්තිය ආදිය ගැන සලකා එ සේ 

කරනවා විය හැකි ය. එහෙත් එයින් බලාපොරොත්තු වන පින ලැබෙන්නේ ද? යන ප්‍රශ්නාර්ථය 

ඔබ තුළ ඇතිවනවා නිසැක ය. ඒ පිළිබඳ තවදුරටත් කරුණු විමසා බලමු.

පිළිගැනීම හා පරිභෝගය ඇතිවන පරිදි ජීවමාන බුදුන් වහන්සේ ට කරන පූජාවෙන් හා 

අජීවමාන බුදුරදුන් ට කරන පුජාවෙන් පුජා කරන්නහු ගේ සිත සම නම් සමානිසංස ලැබෙන බව 

"තිට්ඨන්තේ නිබ්බුතේ චාපි සමේ චිත්තේ සමේ ඵලං" යන විමානවත්ථු දේශනාව අනුව කිව 

යුතු ය. එ සේ නම් අනිවාර්යයෙන් ම අජීවමාන බුදුන් පිදිය යුත්තේ ජීවමාන බුදුන් වහන්සේ ට 

සුදුසු වන පරිදි ම දාන වස්තුව පිළියෙළ කොට ජීවමාන බුදුන්වහන්සේ ට සිදුකරන ගෞරවය ම 

සිදුකොට බව අවධාරණය කරගත යුතු ය.

මෙය තවදුරට ත් ධර්ම විනය ට 


අනුව විග්‍රහ කර බලමු. චේතනාව 

කර්මය නම් සතයක්වත් මුදල් 

වැය නො කර කිසිඳු මහන්සියක් 

නො වී දානයක් දෙන බව සිතින් 

සිතුවේ නම් එය පිනක් වීම ට 

ප්‍රමාණවත් බව ඇතැමුන් සිතති. ඒ චේතනාව සහ කර්මය පිළිබඳ හරිහැටි නො දැනීමෙනි. පින් 

කැමති පුද්ගලයෙක් දන්බඳුන ගෙන භික්ෂුන් වහන්සේ ගේ ඇත ට පමුණුවන අවස්ථාවක් සිතමු. 

එ හි දී ඒ දාන භාජනය භික්ෂුව අතට පැමිණවීම දායකයා ගේ අතින් සිදු වු සැටි සොයාබැලූ විට 

චේතනාව සොයාගත හැකි ය. දායකයා ගේ අත් දෙක බඳුන කරා ගියේ ත්, රය තදකර ගත්තේ 

ත්, ඔසවා ගත්තේ ත්, භික්ෂුව දෙස ට යවුයෙ ත්, භික්ෂුව ගේ අතට පත් කළේ ත් ඔහු තුළ ඇති 

වු බලවේගයකිනි. එ වැනි බලවේගයක් අභ්‍යන්තරයෙන් ඇති නො වී නම් දායකයා ගේ අත් 

නිකම් ම තිබෙනවා විනා ඒ ඒ ක්‍රියාවන් සිදු නො වන්නේ ය. එ ම ඉහත කී බලවේගය 

අභිධර්මයේ චිත්තජ වායෝ ධාතුව නමින් හැඳින්වෙයි. එ ම චිත්තජ වායෝ ධාතුව ඇති වන්නේ 

කුසල චේතනාව නිසා ය. දන් දීමේ මුල හෙවත් දාන ක්‍රියාවේ මුල ඒ චේතනාව ය. වස්තුවක් 

වියදම් කරන්න ට නො කැමති පුද්ගලයා ට කවදාවත් ඒ බඳු චේතනාවක් ඇති නො වේ.

ඒ අනුව ඉහත විස්තර කළ කරුණ තව දුර ට ත් විවරණය වන්නට ඇත. ජීවමාන බුදුන් ට යම් 


ආකාරයකින් පුද සත්කාර කරන්නේ නම් එ බඳු ම ආකාරයෙන් දානවස්තු ආදිය පිළියෙළ 

කොට එ බඳු ම ගෞරව සත්කාර සිදුකර පුජා කළ යුතු වන්නේ ය. නිවැරදි ක්‍රමය එය යි.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score