Sep 30, 2014

   
පරිඝනකයෙන් කේන්ද්‍ර බැලීම ගැන කියනකොටම මතක් වෙන්නේ කාලෙකට ඉස්සර වෙචිච පොඩි සිද්ධියක්.කතාව එතනින්ම පටන් ගත්තාම අපේ මාතෘකාවට කෙලින්ම ඇතුල් වෙන්න පුළුවන්.මේකයි සිද්ධිය,ඔයගොල්ලන්ට මතක ඇතිනේ මීට අවු 10 කට විතර කලින් ජංගම පරිගණක ජ්‍යොතිෂ සේවයක්(හෝ කිහිපයක්)මුළු ලංකාව පුරාම නගරයෙන් නගරයට සංචාරය කලා,මගේ අම්මේ බලන්න එපැයි ඒව පටන් ගත්තු මුල් දවස්වල හිටපු සෙනඟ.මට මතක විදියට පිටකොටුව ස්ටේෂම ඉස්සරහ දාපු එකේ හෙනපෝලිමක් තිබුනා.කොම්පියුටරෙන් කේන්ද්‍ර බලන්න,අත්රේඛා ස්කෑන් කොරෝලා පෙර ආත්මේ විස්තර බලන්න කට්ටිය පොර කනවා.කොහොමින් කොහොම හරි මේ ජංගම ජ්‍යොතිෂ සේවෙ අපිට කිට්ටු නගරෙටත් ආවා.මමත් ඉතින් දවසක් මොකාද එකා වගේ ගියා බලන්න.



        ඇතුලට ගිය ගමන් ඒකේ හිටපු කොල්ලෙක් මගේ උපන් දිනෙයි වෙලාවයි  අහලා කොම්පියුටරේ බොත්තම් වගයක් ඔබලා පලාඵල ප්‍රින්ට් කරපු කොළ 10ක් විතර මගේ අතට දුන්නා අය කිරීම රු 100යි.මුල් පිටුවේ තිබුනේ ජන්ම කේන්ද්‍ර සටහන.එම කේන්ද්‍ර සටහන නම් මම උපදිනකොට හදලා තිබුණ ජන්ම කේන්ද්‍රයට ගැලපෙනවා.ලග්නය,නැකත හරි දශා අපහරණයත් ආසන්න ලෙසම හරි.අනිත් පිටුවල තිබුනේ පලාඵල විස්තරයක් ඒකේ පුටර් එකේ තිබුනේ "මෙම පලාඵල විස්තර පාදක කොට ඇත්තේ පැරණි පුස්කොල පොතක් ඇසුරිණි.එම පලාඵල විස්තරය ගැන අප වග කියන්නේ නැත." වගේ ඇග බේරගත්තු වාක්‍යයක්.පලාඵල විස්තර තිබුනේ මාතෘකා වලට වෙන් කරලා චරිත ලක්‍ෂණ,සෞඛ්‍ය තතත්වය,රුකියාව,විවාහය හා විනෝදාංශ,විශේෂයෙන් ප්‍රවේෂම් විය යුතු අවස්ථා වගේ මාතෘකා තමයි තිබුනේ.මොනවා නැතත් ඒකේ චරිත ලක්‍ෂණ වලට තිබුණ විස්තර නම් හොදට මතකයි.මොකද මම ඒ දවස්වල ඉස්කෝලේ යන කොළු ගැටයෙක්නේ.ඒ ලියවිලා තිබුණ චරිත ලක්‍ෂණ විස්තර හැටියට මම ඉතා ඉහල තීක්‍ෂණ බුද්ධියකින් යුත් විනිවිද දකිනසුළු එඩිතර කාර්‍ය සූර අයෙක්.අපරාදේ කියන්න බෑ ඒ කොළ ටික කියවන කොට හිතට දැනුනේ මාර සතුටක්.සතුට වැඩි කමට කීප සැරයක්ම කියෙව්වා.කියවන කියවන සැරේට ඇස් වලින් බූරුවො එලියට පැනල බූරු වන්නම නටනවා.අම්මට තාත්තට අයියට අක්කට,ඉස්කෝලේ ගුරුවරුන්ට,යාළුවන්ට මගේ බුද්ධිය නොතේරුණාට කොම්පියුටරේට ඒක  හොදට තේරිලා පෙනිලා තියෙනවා.රුපියල් 100ක් දුන්නට පාඩුනෑ.තවත් 100ක් දීලා අත ස්කෑන් කරලා පෙරආත්මෙත් බැලුවා.ඔයගොල්ලො විශ්වාස කරන්න ඒ විස්තරේ හැටියට මම ගිය ආත්මේ ශල්‍ය වෛද්‍යවරයෙක්ලු.මැරිලා තියෙන්නේ ගුවන් අනතුරකින් ඒ අනතුර වෙලාවේ වෙච්ච තුවාල කැළලක් මේ ආත්මේ කකුලේ තියනවළු ඇත්ත නේන්නම් මගේ කකුලේ තුවාල කැලැල් කීපයක්ම තියෙනවනේ. දැක්කද තාක්ෂනේ දියුනුව.
    මම ඔය පරන කතාව කිව්වේ පරිගණක ජ්‍යොතිෂ මෘදුකාංග මගින් දැක්වෙන පලාඵල විස්තර පිළිබද වැටහීමක් ලබාදෙන්න විතරයි.ඇත්ත වශයෙන්ම පරිගනකයෙන් කේන්ද්‍ර සටහන ලබා ගැනීමේ ක්‍රියාව විශ්මිත අගය කල යුතු දෙයක්.කාලය ගැන සලකන විට ඒක හරිම වටිනවා මොකද කියනවනම් පරිගණකයෙන් ජන්ම කේන්ද්‍රයක් සෑදීම බොත්තම් කීපයක් ඔබන පරක්කුවෙන් කර ගන්න පුළුවන් වුනාට දෛවඥයෙකුට ඒකට ලොකු කාලයක් ගත වෙනවා.නමුත් ජ්‍යොතිෂ මෘදුකාංග භාවිතා කරන කොට හරි ප්‍රවේශම් ආරක්‍ෂා වෙන්න ඕන,දක්‍ෂ දෛවඥයකුට පරිගනකය කාලය ජයගත හැකි මහගු උපකරණයක් වුනත් ජ්‍යොතිෂ දැනුම අඩු කෙනෙකුට ඒක කණා මුට්ටිය බිදින සෙල්ලම වගේ දෙයක්.අනිත් එක දෛවඥයො කොම්පියුටරයට වහල් වෙන එකත් හරි වැරදියි.අද කාලේ ගොඩක් දෛවඥයන්(බොහෝ නාගරික ධනවත් දෛවඥයන් හා තාක්‍ෂණ දැනුම වැඩි තරුණ දෛවඥයන් ) තමන්ගේ මොලේ වෙහෙසලා ජ්‍යොතිෂ කටයුතු කිරීම බැහැර කොට ඒ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම පරිගණකයෙන් කරන්න පුරුදු වෙලා.පහසුව ගැන හිතලා ඔවුන් එහෙම කලාට පරිගණකයෙන් ජ්‍යොතිෂ කටයුතු කිරීමේදී සැලකිය යුතු හා දැනගත යුතු කරුණු බොහොයි. මේ ගැන හොදට වැටහෙන්නේ ජ්‍යොතිෂයත්,වීජ ගණිතයත් පරිගණක වැඩ සටහන්වල ක්‍රියාවලිය ගැනත් යන සියළුම අංශ ගැන දැනුවත් වෙච්ච අයට විතරයි.මේ බ්ලොග් ලිපියේ ප්‍රධාන අරමුණ වන්නේද එම නොදැනුවත් පාර්ශ්වයන් යම්තාක් දුරට හෝ ඒ පිළිබදව දැනුවත් කිරීමයි.මින් ඉදිරියට ලියන භාෂවෙන්ම ලිව්වට තරහ වෙන්න එපා.
       පරිගනක ජ්‍යොතිෂ මෘදුකාංග සැකසීමේ පුරෝගාමීන් ලෙස වැඩි ගෞරවය ලැබෙන්නේ අසල්වැසි ඉන්දියානුවන්ටය.අද අපි භාවිතා කරන ජ්‍යොතිෂ මෘදුකාංග රාශියක්ම සැකසී ඇත්තේ ජ්‍යොතිෂයත් පරිගණක විද්‍යාවත් යන අංශ දෙකෙන්ම විශේෂඥ දැනුමක් ඇති ඉන්දියානුවන් විසිනි.ජ්‍යොතිෂ මෘදුකාංගයක් සැකසීම නිමි ඇදුමක නිෂ්පාදන ක්‍රියාවලිය මෙන් ශ්‍රම විභජනයෙන් කලහැකි කාර්්‍යයක් නොවේ එනම් අත්,කොලර්,සාක්කු,වාටි වෙන වෙනම සකසා පසුව ඒවා මූට්ටු කොට  කමිසයක් සාදන ආකාරයට ජ්‍යොතිෂ මෘදුකාංගයන් සැකසිය නොහැක.එය වඩාත් සාර්ථක වන්නේ තනි පුද්ගල ක්‍රියාවක් වන විටය.
    ජ්‍යොතිෂයේදී ජන්ම කේන්ද්‍ර සෑදීමේදී නක්‍ෂත්‍ර කේන්ද්‍රීය ක්‍රමය හා සූර්ය සිද්ධාන්තය ලෙස ප්‍රධාන ක්‍රම දෙකකි.මින් නක්‍ෂත්‍ර කේන්ද්‍රීය ක්‍රමයේදී පෘථිවියට සාපේක්‍ෂව එනම් පෘථිවිය නිසල ලෙස සලකා අන් ග්‍රහයන්ගේ චලිතය සලකමින් කේන්ද්‍රය සකස් කරන අතර සූර්ය සිද්ධාන්තයේදී තාරකා විද්‍යාවට අනුරූප ලෙස සූර්යයා වටා පෘථිවිය ඇතුළු ග්‍රහයන්ගේ චලිතය සලකා කේන්ද්‍ර සාදයි.සූර්ය කේන්ද්‍රීය  ක්‍රමය වීජීය ක්‍රමයට වඩා ජ්‍යාමිතික ක්‍රමයට නැඹුරුවූවක් නිසා පැරණි පරිගණක ජ්‍යොතිෂ වැඩසටහන් බොහොමයක් නක්‍ෂත්‍ර කේන්ද්‍රීය ක්‍රමය මූලික කොට ගොඩ නැගී ඇත.මෙයට ප්‍රධාන වශයෙන් බලපෑ හේතුවක් වූයේ ලෝටස්,ක්ලිපර්,සී,පැස්කල්  වැනි පැරණි පරිගනක භාෂාවල ආධාන හා ප්‍රතිධාන( ) වල ජ්‍යාමිතික පසුතලයන් දුර්වල මට්ටමක පැවතීම හා සරල රේඛා,වක්‍ර රේඛා, වෘත්ත,බහුඅශ්‍ර හා වෙනත් ජ්‍යාමිතික හැඩතල උපකාරයෙන් ඒවායේ දිග,පලල,කෝණ අගයන් සලකමින් හා මිනිස් මොලයට පහලවන විවිධාකාර නිර්මාණ යොදමින් කඩදාසි කොලයක ජ්‍යාමිතික ගණනය කිරීම් සිදුකරන අයුරින් වැඩකටයුතු කිරීමට පැරණි පරිගණක වැඩසටහන් දියුණු නොවීමයි.නමුත් පසුකලෙක ජාවා, වී.බී. , ඩොට්නෙට්  වැනි ඉහළ ජ්‍යාමිතික පසුතලයන් සහිත පරිගනක වැඩසටහන් නිර්මාපක භාවිතයත් සමග සූර්ය සිද්ධාන්තය හා නක්‍ෂත්‍ර කේන්ද්‍රීය ක්‍රම දෙකම භාවිතයෙන් සැකසූ වඩාත් සාර්ථක හා අලංකාර ජ්‍යොතිෂ මෘදුකාංග බිහි විය.
          කාලය සම්බන්ධ ගණන කටයුතු කිරීමේදී පරිගනක වැඩසටහන්වල මූලිකය වන්නේ ජූලියන් දිනය අංකයයි.පරිගනක ජ්‍යොතිෂ මෘදුකාංග රාශියක ගණනය ක්‍රියා කරන්නේද මෙම ජූලියන් දිනය අංකය පාදක කොට ගෙනය.යමෙකුගේ උපන් දිනයට අදාල ජූලියන් දිනය අංකය වන්නේ ක්‍රි.ව. 0 ජනවාරි 01 දින ග්‍රිනිචි 0.00 සිට ජන්මියාගේ උපන් දිනය දක්වා ඇති දින ගනනයි. මෙම ජූලියන් දිනය අංකය හා ජන්මියාගේ උපන් වේලාව අනුව ගනනය කෙරෙන ජූලියන් සෙන්චුරි අගය(ක්‍රි.ව. 0 ජනවාරි 01 දින ග්‍රිනිචි 0.00 සිට ජන්මියාගේ උපන් වේලාව දක්වා ගතවී ඇති වර්ෂ ගනන සියයයෙන් බෙදූ විට ලැබෙන අගයයි.(දශම සංඛ්‍යාවද සමග) ) ඇසුරින් ගනනය කෙරෙන නක්‍ෂත්‍ර(තාරකා) කාලය හා අයනාංශය ඇසුරින් ජන්ම කේන්ද්‍රයේ ලග්නය,ග්‍රහ පිහිටීම,නැකත,දශා අපහරණය .. වැඩසටහන හරහා ගනනය කෙරේ. අයනාංශය සදහා භාවිතා කරන  සමීකරණයද විවිධ ජ්‍යොතිෂ මෘදුකාංග වලදී එකිනෙකට වෙනස්වේ. ලහිරි හා රාමන් සමීකරණ දෙක ප්‍රධාන වශයෙන් භාවිතාවේ.
         ඉහත ඡේද දෙකෙන් විස්තර කලේ පරිගනක ජ්‍යොතිෂ  වැඩසටහනක ක්‍රියාව පිළිබද මූලික කරුණු දැක්වීමකි.පරිගනක මෘදුකාංග මගින් කේන්ද්‍ර සෑදීමේදී බොහෝ දෙනා නොදන්නා නමුත්නියම ලෙස සිදුවන දෝෂ හා ගැටළු සහගත තත්ත්වයන් රාශියකි.ඒවා පහත දැක්වෙන පරිදි දැක්විය හැකිය.(මෙම දෝෂ ගැටළු සෑම ජ්‍යොතිෂ මෘදුකාංගයකම ඇතැයි ස්ථිරව කිව නොහැක.ඉතාම නිවැරදි දෝෂ අඩු මෘදුකාංගද ඇත.)
   1) මෘදුකාංගය සැකසූ වැඩසටහන් කරුගේ අත්වැරදීමෙන් සිදුවන වැරදි
   2) වීජීය ප්‍රකාශන වල වීජීය දෝෂ හා මිණුම් උපකරණ දෝෂ
   3) භාවිතා වන සමීකරණ වල ඇති වෙනස්කම් හා ඇතැම් කම්පයිලර් සදහා සමීකරණ සරල කිරීම හා ආදේශක සමීකරණ භාවිතා කිරීමට සිදුවීමෙන් ඇතිවන දෝෂ
   4) වැඩසටහන්කරුගේ ජ්‍යෙතිෂ දැනුම අඩුවීම නිසා සිදුවන දෝෂ

   1) මෘදුකාංගය සැකසූ වැඩසටහන් කරුගේ අත්වැරදීමෙන් සිදුවන වැරදි
                           ජ්‍යොතිෂ මෘදුකාංග වැඩසටහනක් යනු ඉතා දිගු කාලයක් තිස්සේ විශ්ලේෂණය කොට එවැනිම දිගු කාලයක් යතුරු ලියනය කොට සකසන දෙයකි.මේ සදහා ඇතැම් විට වැඩසටහන්කරුට වර්ෂ ගණනාවක් ගතවිය හැකියි.වැඩසටහනේ විචල්‍ය හා ශ්‍රීත සැකසීමේදී පටලැවීම් හා වැරදීම් සිදුවිය හැක.මෙම තත්ත්වය යතුරුලියන කරන විටද ඇතිවිය හැකිය.මෙවැනි වැරදීම් සමහර විට දෝෂ පිරික්සීමේදීද වැඩසටහන් කරුට හසුනොවේ. ඒවායින් සිදුවන වැරදීම් ඉස්මතු වන්නේද ඇතැම් උපන් වේලාවන් සදහා පමනකා විය හැක.මීට කලකට ඉහත ලංකාව පුරා සංචාරය කල ජංගම ජ්‍යොතිෂ මෘදුකාංගයක මෙවැනි වරදක් පැහැදිලිව දක්නට විය.එම මෘදුකාංගයෙන් ඇතැම් උපන්වේලාවන් සදහා වැරදි ලග්න ලැබේ(උදා 1931 ඔක්තෝම්බර් 15 රාත්‍රී 10.30)  

 2) වීජීය ප්‍රකාශන වල වීජීය දෝෂ හා මිණුම් උපකරණ දෝෂ
           100% ක්ම  ගණිතය පාදක වුන ප්‍රබල ජ්‍යොතිෂ මෘදුකාංග වලදී භාවිතා වන වීජීය ප්‍රකාශන වැඩසටහන තුල සමීකරණයෙන් සමීකරණයට ක්‍රියාකරමින් ගණනයේ ඉදිරියට යාමේදී එම වීජීය ප්‍රකාශනයේ වීජීය දෝෂය ඉතා සුළු වශයෙන් වුවත් අවසන් ප්‍රතිඵලයට බලපෑම් ඇති කරයි.වැඩසටහන තුල අදාල විජීය ප්‍රකාශය භාවිතා වන සමීකරණ ගනන වැඩිවන විට මෙම දෝෂයද වැඩිවේ.මෙහිදී වැඩිපුර භාවිතා වන කෝණ අගයන් බොහෝ පරිගනක වැඩසටහන් තුල ක්‍රියා කල යුතු වන්නේ රේඩියන් වලට හරවා නිසා මෙම තත්ත්වය පැහැදිළි ලෙස සිදුවේ. එමෙන්ම ජ්‍යොතිෂ මෘදුකාංග වැඩසටහනට ඇතුල් කරන නියත අගයන් කීපයක් ඇත.උදාහරණයක් ලෙස බුධගේ පිහිටීම ගණනයේදී අනුරූප මධ්‍ය පරතර අගය(සූර්යයා නාභියක් වූ ඉලිප්සයට අදාල)0.3871 ලෙස වැඩසටහනට ඇතුලත්  කරයි.මෙවැනි නියත අගයන් විවිධ නක්‍ෂත්‍ර උපකරන වලින් මිනුම් කර ලබා ගත් හා විවිධ තාරකා විද්‍යඥයන්,ගණිතඥයන්,දෛවඥයන්ගේ සොයා ගැනීම් අනුව ලබා ගත් අගයන්ය.මෙම අගයන් ලබා ගැනීමේදී ඇතිවන මිණුම් උපකරණ දෝෂද වැඩසටහනේ ප්‍රතිදානයට බලපායි.

    3) භාවිතා වන සමීකරණ වල ඇති වෙනස්කම් හා ඇතැම් කම්පයිලර් සදහා සමීකරණ සරල කිරීම හා ආදේශක සමීකරණ භාවිතා කිරීමට සිදුවීමෙන් ඇතිවන දෝෂ වෙනස්කම්.
                  අයනාංශය ගණනයට භාවිතා වන සමීකරණ (රාමන්,ලහිරි,...) අනුව අයනාංශ අගය වෙනස්වේ. ඒ අනුව ප්‍රතිධානයේද වෙනස්කම් සිදුවේ.එමෙන්ම ජ්‍යොතිෂ මෘදුකාංග රාශියක්ම සකසා ඇති පැරණි ජනප්‍රීය පරිගනක භාෂාවක් වන "සී" භාෂාවේදි එහි කම්පයිලරය සමඟ "ප්‍රතිලෝම කොස් "ත්‍රිකෝණමිතික ශ්‍රිතය සෘජුව සම්බන්ධ නොවේ. මෙහිදී මතුවන ගැටළුවට විසදුමක් ලෙස එම ශ්‍රිතයට ආසන්න සමාන ලෙස සකසා ගත් ත්‍රිකෝණමිතික ශ්‍රිතයක් භාවිතා කරයි.මෙහිදි දෝෂයක් ක්‍රියා කරයි.එමෙන්ම සූර්ය හා නක්‍ෂත්‍ර කේන්ද්‍රීය ක්‍රම වලදීද ග්‍රහයන්ගේ විවිධ නක්‍ෂත්‍ර මිනුම් අගයන් වෙනස් වීමද ප්‍රතිධාන වෙනස්කම් ඇති කරයි.උදාහරණයක් ලෙස ශනිගේ පරිභ්‍රමන කක්‍ෂය සූර්යයාගේ ක්‍රාන්ති මාර්ගයට ආනත කෝණය සූර්ය සිද්ධාන්තයේදී අංශක 2ක්  ලෙස දක්වා ඇතත් ඇතැම් ජ්‍යොතිෂ  මෘදුකාංග තාරකා විද්‍යාවට අදාල අංශක 2 කලා 30 අගය භාවිතා කරයි.

      4) වැඩසටහන්කරුගේ ජ්‍යෙතිෂ දැනුම අඩුවීම නිසා සිදුවන දෝෂ               
                      මෙවැනි අවස්ථා වැඩිපුර මතුවන්නේ පරිගනක දැනුම නැති දෛවඥයන් හා ජ්‍යොතිෂ දැනුම නැති  පරිගනක වැඩසටහන් කරුවන් එකතුවී ජ්‍යොතිෂ මෘදුකාංග සකසන විටදීය.පොරොන්දම් පරීක්‍ෂාවේදී සිදුකරන දින පොරොන්දම බැලීමේදී දිනය බැලිය යුත්තේ පෙරදිග ක්‍රමයට සූර්ය උදාව අනුවය. නමුත් ඉහත සදහන් කල ජංගම ජ්‍යොතිෂ සේවයේම පොරොන්දම් පරීක්‍ෂාවේ දිනය ඉංග්‍රීසි ක්‍රමයට(රාත්‍රී 12 සිට)සලකා තිබීම හාස්‍යයට කරුණකි.

              මෙම සටහන අවසන් කිරීමට පෙර පරිගණක ජ්‍යොතිෂ පලාඵල(කලින් විස්තර කල) ගැනද විශේෂයෙන් කිව යුතුය.ජ්‍යොතිෂ මෘදුකාංගයකින් ජන්ම කේන්ද්‍ර සටහන නිවැරදිව ලබාගත හැකි වුවත් පලාඵල විස්තර නිවැරදිව ලබා දීමට එම මෘදුකාංග වලට නොහැකිය.ජ්‍යොතිෂ පලාඵල නිවැරදිව කිව හැක්කේ මිනිස් මොලයක් සහිත දෛවඥයකුට පමනක් බව සියළු දෙනාම දැන ගත යුතුය.ජ්‍යොතිෂ මෘදුකාංග වල පලාපල සැකසිය හැක්කේ එකැස් මාළුවෙකුගේ දෘෂ්ඨි පථයක හිර වෙමිනි.එවැනි පලාපල සකසා ඇත්තේ ලග්නය අනුව චරිතය,සිකුරුගේ පිහිටීමෙන් විවාහය,අඟහරුගෙන් සෞඛ්‍ය තත්ත්වය,ශනිගෙන් රැකියාව වැනි බාල ක්‍රමයකට අනුවය. කෙනෙකුගේ පලාඵල විස්තර පැවසීමට කේන්ද්‍රයේ එක්එක් කොටස් බෙදා වෙන්කිරීමෙන් සිදු කල නොහැක.මුළු කේන්ද්‍රයේම ස්වභාවය ඒ සදහා උපයෝගී කර ගත යුතුය.එමෙන්ම එක් ග්‍රහ පිහිටීමක බලය තව ග්‍රහයකුගේ දුබල වීමෙන් අඩු වීමත්,දුබල ග්‍රහයකුගේ දුබලතාව බලවත් ග්‍රහයකු හෝ කීප දෙනෙකුගෙන් මගහැරී යාමත් සිදුවිය හැක.මෙවැනි ආකාරයට පුළුල් අයුරින් පලාඵල බැලීමක් ජ්‍යොතිෂ මෘදුකාංගවලදී සිදු නොවේ.පසුගිය කාලවලදී ලංකාව පුරා සංචාරය කල පරිගණක ජ්‍යොතිෂ සේවාවන්හි දැක්වුනු අසීමිත වර්ණනා වේ අරමුණ ප්‍රශ්ණ වලින් බැටකන අසරණ ජනතාවට මානසික අල්ලස දී ඔවුන්ගේ මුදල් ගසා කෑමය.

Lanka Jothisha Arana

        

Sep 27, 2014



ආසියානු කණ්ඩායම හා ලෝක කණ්ඩායමපන්දු වාර 20-20 තරගය ලබන මස එනම් ඔක්තෝබර් මාසයේ 6 වන දින දෝහා කාටාර් වලදි පැවැත්වීමට නියමිතය.ආසියානු කණ්ඩායමේ නායකත්වයට සනත් ජයසුරිය හොබවන අතර ලෝක කණ්ඩායමේ නායකත්වය බ්‍රයන් ලාරාට හිමි වී ඇත.

5 ශිෂ්‍යත්ව ප්‍රතිපල දැන් අන්තර්ජාලයට නිකුත් කර තිබේ..අවම 

ලකුණු කොළඹ,නුවර,මාතර.



ඒ අනුව රජයේ විභාග දෙපාර්තමේන්තුවේ

 http://www.doenets.lk/exam/index.html   වෙබ් 

පිටුවට පිවිස අදාළ විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල දැකබලා 

ගත හැකිය.

ඉක්මනින් ප්‍රතිඵල බලාගැනිම සදහා පහත link එකට ගොස් අපේ 

ලිපිය බලන්න 




Sep 26, 2014


 ලග්න හයකට සුබඵල 
අනෙක් ඒවාට මිශ්‍රඵල

මේෂ ලග්නය
ප්‍රධානීන්ගෙන් හොඳ සහයෝගයක්
මාසයේ මධ්‍ය භාගය දක්වා දැඩි ආව්ගශීලී ස්වභාවයක් හා නොසන්සුන්තාවක් ඉස්මතු වන පරිසරයක් නිර්මාණය වන නිසා ඉවසීමෙන් හා කල්පනාවෙන් කටයුතු කළ යුතු  වේ. ඉන්පසු මේ තත්ත්වය සමනය වෙයි. මේ අතර ඔබට නිසි මග පහදා දෙමින් අවවාද හා උපකාර ලබාදෙන හිත මිතුරු පිරිසක් ඇසුරට පත්වේ. සිතේ කලබලකාරී  ස්වභාවය දුරුවීමට මොවුන්ගේ ඇසුර උදව්වේ.
නිවස තුළ ඇතැම් මත ගැටුම් ඇති වුවත් එවා මැදහත්ව සලකා බලා  නිරාකරණය කර ගැනීමේ ශක්තිය ඇතිවන නිසා ගැටුම් ඇති නොවී ශාන්තිය ගොඩනගා ගැනීමේ වාසනාව උදාවේ.
මේ මාසය තුළ ඉගෙනීමේ කටයුතුවලට ඇතැම් බාධාකාරී තත්ත්වයන් ඉස්මතු විය හැකි නිසා සැලකිලිමත් විය යුතුවේ.  උනන්දුව හා අවධානය අඩුවීම , බාධක ආශ්‍රයන් ඇතිවීම වැනි හේතූන් නිසා අධ්‍යාපන බාධා ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. ඇතැම් සුළු සිද්ධීන් ඇති වුවත් රැකියා කටයුතු සාර්ථකව කරගෙන යාමට සුදුසු පරිසරයක් පවතී. හිතවතුන්ගේ හා ප්‍රධානීන්ගේ හොඳ සහයෝගයක් ලැබේ. අමතර ආදායම් ලැබිමෙන් ආර්ථීකය ශක්තිමත් වන අතර නිෂ්ඵල වියදම් යෙදීමේ අවස්ථාද ඇතිවන නිසා මුදල් පරිහරණය පිළිබඳව සැලකිලිමත් වන්න.
ශරීර සෞඛ්‍ය තත්ත්වය ගැන ප්‍රවේශම් විය යුතුය. සෙම් රෝග උදරාබාධ ආදියට වැඩි ඉඩක් පවතින නිසා ආහාර පාන පරිභෝජනය හා ස්නානය පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

වෘෂභ ලග්නය
සෙම් රෝග


මාසයේ මධ්‍ය භාගය දක්වා සිතිවිලිවල අවුල් ස්වභාවයක් සහ පීඩාකාරී ස්වභාවයක් ඉස්මතු විය හැක. හිතවතුන්ගේ අවවාද අනුශාසනා සහ සහයෝගය හොඳින් ලැබෙන නිසා මේ තත්ත්වය සමනය කර ගත හැකිවේ.
පවු‍ලේ සාමාජිකයන්ගේ අදහස් නොවිමසා හිතුවක්කාර ලෙස තීන්දු තීරණවලට එළඹීම නිසා නිවසේ සාමයට තර්ජන එල්ල විය හැකි බැවින් ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කළ යුතුවේ.
අවධානය හා උනන්දුව අඩුවීම, වැඩිහිටි ගුරුවර  ආදීන්ගේ අවවාද  අනුශාසනාවලට අවනත නොවීම වැනි හේතූන් නිසා ඉගෙනීමේ කටයුතුවල පසුබෑමක් සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න.
සාර්ථක ලෙස රැකියා කටයුතුවල නිරතවීමට හැකි වකවානුවකි. ඒ සඳහා ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ නොමඳ සහය ලැබේ. නව ආදායම් මාර්ග  හෙළි පෙහෙළි වන අතර ආර්ථිකයේ වැඩි දියුණුවක් සිදුවේ.
සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් විය යුතුය. උදරාබාධ හා සෙම් රෝග ආදියට වැඩි ඉඩක් පවතින  නිසා ස්නානය හා ආහාර පාන පිළිබඳව ප්‍රවේශම් විය යුතුය.

මිථුන ලග්නය
ආගමික නැඹුරුවක්


නිහඬ සහනදායක මානසික ස්වභාවයක් ඇතිවේ. ආගම දහම කෙරෙහි වැඩි නැඹුරු වීමක් ඇතිවෙයි. ඒ හා සම්බන්ධ පාර්ශ්වයන් ඇසුරට ලැබිම නිසා මහත් සහනයක් ගොඩ නගා  ගැනීමට හැකිවේ.
ඇතැම් සුළු සිද්ධීන් ඉස්මතු වුවත් සමස්තයක් ලෙස නිවස තුළ සාමකාමී පරිසරයක් පවතී. එකිනෙකා හොඳ අවබෝධයෙන් හා එකමුතු කමින් කටයුතු කරයි.
අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවන පරිසරයක් නිර්මාණය වන නිසා ප්‍රවේශම් විය යුතුය. උනන්දුවේ හා කැපවීමේ අඩුවක් සිදුවිය හැක. බාධක ආශ්‍රයන් ඇතිවිය හැක.
රැකියා කටයුතු පිළිබඳව උදේ‍යා්ගයේ හා කැපවීමේ අඩුවක් ඇති නොවුණත් ඔබ නොසන්සුන්තාවට හා කළකිරීමට පත් කරන ඇතැම් සිද්ධීන් ඉස්මතු විය  හැකි නිසා කල්පනාවෙන් කටයුතු කරන්න.
ආදායම්වල දුර්වලතාවයක් සිදුවුවත් වියදම් සමබරව පවතින නිසා  අසීරුතාවයන් ඇති නොවේ.
මාසයේ මධ්‍ය භාගය දක්වා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවතින අතර ඉන්පසු සෙම් රෝග හා උදරාබාධ ආදියට වැඩි ඉඩක් ඇතිවේ.

කටක ලග්නය
නිවසේ සාමය

නිවුණු සිතුවිලිවලින් යුක්ත යහපත් මානසික තත්ත්වයක් පවතී. ආගමික කටයුතු පිළිබඳව වැඩි නැඹුරුවක් ඇතිවේ. එම කටයුතුවලට සම්බන්ධ විශාල පිරිසකගේ ඇසුර ඇතිවේ.
නිවසේ සාමකාමී පරිසරයක් ගොඩ නැගේ. එකිනෙකා අතර සමගිය හා සමාදානය හොඳින් පවතී. මේ අනුව විශාල ඉදිරි වැඩ කොටසක් නිම කර ගැනීමට හැකිවේ.
ඉගෙනීමේ කටයුතුවලට තරමක බාධා සිදුවීමට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් විය යුතුය. බාධක ආශ්‍රයන් ඇතිවීම හා මානසික නොසන්සුන්තාවය වැනි හේතූන් බාධක ලෙස ඉදිරිපත් විය හැක.
හිතවතුන් හා ප්‍රධානීන් සමග මත ගැටුම් ඇතිවන අවස්ථා උද්ගතවන නිසා රැකියා කටයුතුවලදී නොසන්සුන්කාරී තත්ත්වයන් ඇතිවිය හැකි නිසා ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු   කළ යුතුවේ. ආදායම්වල දුර්වල වීමක් මෙන්ම වියදම්වල ඉහළ යාමක්ද සිදුවිය හැකි නිසා මුදල් පරිපාලනය පිළිබඳව සැලකිලිමත් වන්න.
ප්‍රබල රෝගාබාධ නැත. සුළු වශයෙන් හිස ආශ්‍රිත රෝග හා සෙම් රෝග ඇතිවීමේ ඉඩකඩ පවතින නිසා ස්නානය
පිළිබඳව සැලකිලිමත් වන්න.

සිංහ ලග්නය
ඉගෙනීමෙන් හොඳ ප්‍රතිඵල


ධෛර්යය හා උදේ‍යා්ගය පමණට වැඩි ප්‍රමාණයකින් ඉස්මතු වීම නිසා මාසයේ මධ්‍ය භාගය දක්වා තරමක නොසන්සුන්තාවයන් ඉස්මතු වීමට ඉඩ තිබේ. මේවා ක්‍රමයෙන් අඩුවී යයි.  යහපත පිණිස ඔබට අවවාද  අනුශාසනා ලබාදෙන හිතවතුන් පිරිසකගේ ඇසුර ඇතිවේ.
නිවසේ සාමකාමී පරිසරයක් ගොඩ නැගේ. එසේ වුවද අනවශ්‍ය මත ගැටුම් ඇති නොවන ලෙස පවු‍ලේ අනෙක් සාමාජිකයන්ගේ අදහස්ද සලකා බැලීමට ඔබ උනන්දු විය යුතුය.
ඉගෙනීමට බාධා නැත. කාලය නිසි ලෙස කළමනාකරණය කර ගත් විට ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවේ.
රැකියා කටයුතු පිළිබඳව සුළු නොසන්සුන් තත්වයන් උද්ගත වීමට ඉඩ තිබෙන නිසා ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කළ යුතුය. ආදායම් සුපුරුදු ආකාරයට පවතී. එහෙත් අනවශ්‍ය
වියදම් වල ඉහළ යාමක් සිදුවිය හැකි බැවින් මුදල් පරිහරණය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. සුළු සෙම් ආබාධ හැර ප්‍රබල රෝගාබාධ නැත.

කන්‍යා ලග්නය
පවු‍ලේ අයගෙන් සහයෝගය


මාසයේ මධ්‍ය භාගය දක්වා විවිධ ගැටලු සහ මානසික නොසන්සුන්තාවයන් ඇතිවීමට ඉඩ තිබෙන නිසා ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කළ යුතුය. මේ අතර හිතවතුන්ගේ අවවාද අනුශාසනා මැනවින් ලැබෙන නිසා තරමක සහනයක් ලැබේ.
පීඩන මග හරවා ගැනීම පිණිස පවු‍ලේ සාමාජිකයන්ගේ ඔබට ඉමහත් අනුග්‍රහයක් ලැබේ. ඔවුන්ගෙන් ලැබෙන දයාව කරුණාව නිසා ඉමහත් අස්වැසිල්ලක් ඇතිවෙයි.
මේ සියලු කාරණාවන් අතර ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය ධෛර්යය සහ වැඩිහිටි ගුරුවරු ආදින්ගේ අනුග්‍රහයද නොඅඩුව ලැබේ.
රැකියා කටයුතුවලදී ඇතැම් හිතවතුන්ගේ නොමඳ සහයෝගය ලැබෙන අතර ඇතැමුන්ගේ කැපිලි කෙටිලිවලටද භාජනය විය හැකි නිසා  සැලකිලිමත්ව කටයුතු කරන්න.
ලැබිම්වල වැඩි දියුණුවක් සිදුවේ. තැන්පතුවක් ගොඩ නගා ගැනීමේ  හැකියාවද ඇතිවේ.
සුළු වශයෙන් සෙම සහ නහර ස්නායු ආශ්‍රිත රෝග වැළඳීමේ ඉඩක් පවතින නිසා ප්‍රවේශම් වන්න.

තුලා ලග්නය
ආඥාදායක ස්වභාවයක්

මාසයේ මුල් භාගයේ දී සරල සැහැල්ලු ස්වභාවයක් පවතී. විවිධ කාරණා නිසා ඉන්පසු මේ සැනසිලි දායක ස්වභාවය ඉවත් වීමට ඉඩ තිබේ. මේවා සමනය කර ගැනීම සඳහා හිතවතුන්ගෙන්ද එතරම් පිළිසරණක් අපේක්ෂා කළ හැකි නොවේ. වරදාන අපේක්ෂාවෙන් පමණක් ඔබට ළං වන මිතුරන්ගෙන් ප්‍රවේශම් වන්න.
නිවසේ කටයුතුවලදී ඔබ ආඥාදායක ස්වභාවයක් ඉස්මතු කිරීමට ගන්නා  උත්සාහය නිසා පවු‍ලේ සාමාජිකයන්ගේ සහයෝගය අඩු වීමට ඉඩ තිබෙන බැවින් මැදිහත්ව කටයුතු කිරීමට උත්සාහ කරන්න.
මේ සියලු කාරණා අතර ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය වන අතර  වැඩිහිටි ගුරුවරු ආදීන්ගේ නොමඳ සහයෝගය හා අනුග්‍රහයද ලැබේ.
රැකියා කටයුතු තෘප්තිමත්ව කර ගෙන යාමට අවශ්‍ය වටපිටාවක් ගොඩනැගේ. ඒ සඳහා ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ නොමඳ සහයෝගයක් ලැබේ. ආදායම්වල දියුණුවක් සිදුවේ. අතිරේක ආදායම් මාර්ග හෙළි පෙහෙළි වේ.
මාසය පුරා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවතී.

වෘශ්චික ලග්නය
අධිවේගී ගති පැවතුම්


කාර්ය ශූරත්වය මෙන්ම අධිවේගී ස්වභාවයද ඉස්මතු වන නිසා මනා පාලනයකින් යුක්තවද ජීවන කටයුතු සම්පාදනය කරගත යුතුවේ. ඉවසීමේ  අඩු ගතියක්ද පවතී. තමන්ගේ වුවමනාවන් ඉටුකර ගැනීම සඳහා පමණක් ළෙන්ගතුකම් දක්වන හිතවතුන් පිළිබඳව සැලකිලිමත් වන්න.
ඉවසිලිවන්තව අන්‍ය සාමාජිකයන්ගේ අදහස් ද ඉවසීමෙන් කටයුතු කළොත් නිවසේ සමගිය එකමුතුකම සුරක්ෂිත කර ගැනීමට හැකිවේ. ඔවුන්ගෙන් ඔබට  උපරිම දයාව හා සහයෝගය ලැබේ.
ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය හොඳ පසුබිමක් නිර්මාණය වේ. ගුරුවර වැඩිහිටි ආදීන්ගේ ඉමහත් සහයෝගය හා ආශිර්වාදය ඔබට හිමිවේ.
රැකියා කටයුතු සාර්ථකවද කර ගෙන යාමට අවශ්‍ය පසුබිමක් සකස් වේ. ඒ සඳහා ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේද නොමඳ සහයක් ලැබේ. ආදායම්වල අඩුවීමක් මාසයේ මුල් භාගයේ දී සිදුවිය හැකි අතර අනපේක්ෂිත වියදම් යෙදීම  නිසා මුදල් අසීරුකම්ද ඇතිවිය හැක.
උදරාබාධ හා සුළු සෙම් ආබාධ ආදියට ඉඩ තිබෙන නිසා ස්නානය, ආහාර පාන ආදිය පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

ධනු ලග්නය
මත ගැටුම්


නිහඬ සැනසිලිදායක මානසික තත්ත්වයක් ගොඩනැගේ. ආගම දහම කෙරෙහි වැඩි නැඹුරු වීමක් ඇතිවෙයි. ඒ හා සම්බන්ධ වූ මිතුරු පිරිසකගේ ඇසුරද ලැබේ.
නිහඬ මානසික අරමුණුවල යෙදී කටයුතු කිරීම නිසා නිවස තුළ ඔබගෙන් ඉටුවිය යුතු වගකීම් නිසි ලෙස ඉටු නොවීම හේතු කොටගෙන පවු‍ලේ සාමාජිකයන් සමග නොරිස්සුම් ස්වභාවයක් ඉස්මතු වීමට ඉඩ තිබෙන බැවින් සැලකිලිමත් වන්න.
අවශ්‍ය තරම් උනන්දුව අඩුවීම හා නොසැලකිලිමත් භාවය නිසා ඉගෙනීමේ කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් සැලකිලිමත් වන්න.
රැකියා කටයුතු සම්බන්ධ තරමක ආරවුල් තත්ත්වයක් ඉස්මතු වීමට ඉඩ තිබෙන නිසා ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කළ යුතුය. ප්‍රධානීන් හා හිතවතුන් සමග මත ගැටුම් ඇතිවීමට ඉඩ තිබේ. ආදායම් වල ඉහළ යාමක් සිදුවෙයි. හදිසි ධන ලාභ තිබේ. සුරක්ෂිත ධනයක් ගොඩ නගා ගැනීමට හැකිවේ.
හිස අවට හා රුධිරය ආශ්‍රිත රෝගවලට සාමාන්‍ය ඉඩ කඩක් පවතින නිසා ප්‍රවේශම් වන්න.

මකර ලග්නය
යහපත් සෞඛ්‍ය තත්වයක්


ශාන්ත වූ මානසික තත්ත්වයක් පවතී. ආගම දහම කෙරෙහි වැඩි නැඹුරු වීමක් ඇතිවන අතර ආගමික කටයුතු සඳහාද වැඩි කාල වේලාවක් ගත කරයි. මේ සඳහා හිතවතුන් හා ඥාතීන්ගෙන්ද වැඩි සහයෝගයක් ලැබෙයි.
පවු‍ලේ සාමාජිකයන් අතර හොඳ අවබෝධයක් හා සහයෝගයක් ගොඩ නැගේ. මේ නිසා ප්‍රමාද වූ බොහෝ වැඩ කටයුතු නිම කර ගැනීමේ හැකියාව ඇතිවේ.
ඇතැම් සුළු බාධක ඇතිවුවත් ඒවා මගහරවා ගෙන ඉගෙනීමේ කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යාමේ ශක්තියක් ගොඩ නැගේ. ඒ සඳහා වැඩිහිටියන් හා ගුරුවරුන්ගෙන්ද නොමඳ  සහයෝගයක් හා අනුග්‍රහයක් ලැබේ.
රැකියා කටයුතු සාර්ථකව කර ගෙන යාමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය වේ.
ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ හොඳ අනුග්‍රහයන් ඒ සඳහා ලැබේ.
ආදායම්වල ඉහළ යාමක් සිදුවන අතර සුරක්ෂිත තැන්පතුවක් ගොඩනගා ගැනීමේ වාසනාවද  ඇතිවේ.
මාසය පුරා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවතී.

කුම්භ ලග්නය
මානසික සුවය


ආගම දහම කෙරෙහි වැඩි නැඹුරුවක් හා වැඩි කාලයක් ගත කරමින් විවේකී මානසික සුවයක් ලබා ගත හැකි පරිසරයක් නිර්මාණය වේ. ඒ  සඳහා හොඳ සහයෝගයක් දක්වන හිතවතුන් පිරිසකගේ ඇසුරද ලැබේ.
මේ සඳහා කැපවීමේ අධික හේතුව නිසා පවුල් ජීවිතය තුළ ඔබ සතු වගකීම් සහ යුතුකම් නිසියාකාරව ඉටු නොවීම හේතුවෙන් සමගියට හා සහයෝගීතාවයට බාධක එල්ල විය හැකි බැවින් මධ්‍යස්ථව කටයුතු කිරීම අවශ්‍ය වේ.
අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ඔබ තුළ හොඳ ධෛර්යයක් හා වුවමනාවක් වර්ධනය වේ. මේ නිසා ඉගෙනීමේ කටයුතුවලින් හොඳ ප්‍රගතියක් අත්පත් කර ගැනීමට හැකිවේ.
රැකියා කටයුතු සඳහා වැඩි කැපවීමක් සිදු කළත් ප්‍රධානීන් හා හිතවතුන් සමග මත ගැටුම් ඇතිවීමේ ඉඩක් පවතින නිසා ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කළ යුතුය. ආදායම් වල සැලකිය යුතු  දියුණුවක් සිදුවේ. හදිසි ධන ලාභ සහ අන්‍ය පරිත්‍යාග වලට හිමිකම් තිබේ.
උදරාබාධ, සෙම් රෝග ආදියට ඉඩ තිබෙන නිසා ආහාර පාන සහ ස්නානය ගැන සැලකිලිමත් වන්න.

මීන ලග්නය
පවු‍ලේ නොසන්සුන්තා
මන්දෝත්සාහී ගති සහ කුසීතකම් ආදිය ඉස්මතු වුවත් ඒවා මග හරවාගෙන යහපත් මානසික තත්ත්වයක් ගොඩනගා ගැනීමේ හැකියාව ඇතිවේ. ආගම දහම කෙරෙහි වැඩි නැඹුරු වීමක් ඇතිවීම මේ සහනශීලී ස්වභාවය ඇතිවීමට හේතුවේ.
නිහඬ සැනසිලිදායක ස්වභාවය මූලික කර ගැනීම නිසා ගෘහ ජීවිතය තුළ ඔබට හිමි යුතුකම් හා වගකීම් මග හැරී යාම හේතුවෙන් පවු‍ලේ සාමාජිකයන් අතර නොසන්සුන්තාවක් ඉස්මතු විය හැකි බැවින් මැදහත්ව කටයුතු කරන්න.
ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය හොඳ පරිසරයක් නිර්මාණය වේ. ඒ සඳහා ඔබ තුළ ප්‍රබල උනන්දුවක් හා කැපවීමක්ද ඇතිවේ.
සුළු කාරණාවන් හැර රැකියා කටයුතු සාර්ථකව කර ගෙන යාමට ප්‍රබල බාධා ඇති නොවේ. ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ ප්‍රසාදයට පත්වේ. ආදායම්වල ඉහළ යාමක් සිදුවේ. හදිසි ධනලාභ පවතී. සුරක්ෂිත තැන්පතුවක් ගොඩනගා ගැනීමට හැකිවේ.
ප්‍රබල රෝගාබාධ නැත. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවතී.
iPhone 6 ස්මාර්ට්ෆෝන් දුරකථනය කලිසම් සාක්කු වල දැමීම හේතුවෙන් නැවී ඇද වෙන බවට මේ වන විට මත පළවී තිබේ. මේ සම්බන්ධව විස්තර හා ඡායාරූප තාක්ෂණික බ්ලොග් අඩවි, ට්විටර් හා ලොව ප්‍රධාන මාධ්‍ය ආයතන වන දි ඉන්ඩිපෙන්ඩන්ට්, වොෂින්ටන් පෝස්ට්, ඉන්ඩියා ටුඩේ, සිඩ්නි මෝනින් හෙරල්ඩ් මගින් ද වාර්තා කර තිබේ. කොටින්ම කිවහොත් එය මේවනවිට ලෝකයේ උණුසුම්ම තාක්ෂණික සම්බන්ධ කටකතාව බවට පත්වී තිබේ.

ඇපල් සමාගම විසින් මේ දක්වා නිකුත් කරන ලද සිහින්ම ස්මාර්ට්ෆෝන් උපාංගය වන අයිෆෝන් 6 දුරකථනය සෙ.මී. 0.76කටත් වඩා සිහින්වේ. දුරකථනය නැවි යාම පිලිබඳ දෝෂ එතරම් වාර්තා නොවුවත් අන්තර්ජාලයේ ඇතැම් පිරිස් මෙම දෝෂය ඉතා ලොකු දෝෂයක් බවට පෙන්වීමට සිදුකරන උත්සාහයන් හේතුවෙන් ඇපල් ලෝලීන් බොහොමයක් මේවනවිටත් දුරකථනය මිලදී ගන්නේද නැද්ද සම්බන්ධව ගැටලුවකට මුහුණපා තිබේ.

2010 වසරේ නිකුත් කරන ලද අයිෆෝන් 4 වර්ගයේ දුරකතනයේද දුරකථන සම්බන්ධතාව සම්බන්ධයෙන් (#antennagate) දෝෂයක් පැවතුන අතර එය අනවශ්‍යය පරිදි ප්‍රචාරය වන විට අසත්‍යය ප්‍රචාර වැලැක්වීම උදෙසා එකල ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ස්ටීව් ජොබ්ස් විසින් සමාගම වෙනුවෙන් නිවේදනයක් සිදුකරන ලදී. මෙවරද ඇපල් ලෝලීන් වත්මන් ප්‍රධාන විධායක නිලධාරි ටීම් කුක් ගෙන් එවන් මැදිහත්වීමක් බලාපොරොත්තුවෙන් සිටී. 

ඇපල් දුරකතනයේ නැවි යාම ප්‍රචලිතව ඇත්තේ #bendgate නම් හෑෂ් ටැග් එකෙන් වන අතර ඒ ඔස්සේ ලොව ප්‍රකට දුරකථන නිෂ්පාදන සමාගම් ඇපල් සමාගමේ දෝෂය හාස්‍යයට ලක්කොට තිබුනේ පහත පරිද්දෙනි. 
apple
neth fm 
1411682844456_wps_3_EngadgetVerified_account_

iPhone 6 උපාංගය කලිසම් සාක්කු වල දැමීම හේතුවෙන් නැවී ඇද වෙන බවට පළවු වාර්තා වලට පිළිතුරු දක්වමින් ඇපල් සමාගම පවසා ඇත්තේ එවැනි දෝෂයක් ඇතිමුත් එය සිදුවිය හැක්කේ ඉතාමත් කලාතුරකින් බවය. සැප්තැම්බර් 19 වනදා සිට අලෙවිය ආරම්භ කොට දින පහක් තුල දුරකථනය ඇද වීම පිළිබඳව පැමිණිලි ලැබී ඇත්තේ නවයක් පමණි.

නමුත් වෙනත් තර්න්ගාකාරි දුරකථන සමාගම් විසින් මෙය විශාල දෝෂයක් ලෙස උළුප්පා දැක්වීමට කටයුතු කොට ඇති බව ඇපල් විසින් නිකුත් කල නිවේදනයේ සඳහන් වේ.

මෙම හේතුව නිසාවෙන්ම ඇපල් සමාගමේ පවුම් බිලියන 12.2 කොටස් වටිනාකමක් අහිමිව ගොස් තිබේ. තවද ඇපල් විසින් එළිදක්වන ලද නව මෙහෙයුම් පද්ධතිය වන iOS 8.0.1 හී ද දෝෂ රැසක් වාර්තා වී තිබේ. 

iPhone 6 හි පිටත ආවරණය anodised aluminium වලින් සදා ඇති අතර වැඩි පීඩනයක් එල්ල වන ස්ථාන වලට මල නොකන වානේ සහ ටයිටේනියම් කොටස් එක් කොට ඇති බව වාර්තා වේ. 


Sep 24, 2014

3 Breasted Women www.nethfm.com005
අපි සැමටම ඇස් දෙකකි. එහෙත් ඊ්ශ්වර දෙවියන්ට ඇස් තුනකි. දෙවියකු නිසා ඇස් තුනක් තිබීම අංගවිකල නොවේ. මුහුණු සයක් අත් දොළසක් ඇති කතරගම දෙවියන්ද එසේමය.

එහෙත් ශරීරයේ අංගෝපාංග අඩු හෝ වැඩියෙන් ඇතිව උපන්නොත් හේ අංග විකලය. අංග විකල නොවී උපන් තරුණියක් වසර 21ට පසු අංගවිකල වූ මේ පුවත වාර්තා වන්නේ අමෙරිකාවෙනි. 21 හැවිරිදි ජැස්මින් ට්‍රිඩ්විල් ස්වභාවයෙන් ලැබුණු පියයුරු දෙකට අමතරව තවත් පියයුරක් ප්ලාස්ටික් සැත්කමකින් තනාගෙන තිබේ.

ඇය මේ ශල්‍යකර්මය කරගැනීම සඳහා වෛද්‍යවරුනි 50ක් 60ක් පමණ මුණගැසී තිබේ.

මෙම ශල්‍යකර්මය සඳහා අමෙරිකානු ඩොලර් 20000 ක් (රුපියල් 26,00000) පමණ වැයකොට තිබේ. කෙසේ වෙතත් සැත්කමින් සම්පූර්ණ පියයුරක් ඇයට හිමිව නැත. ඊට හේතුව වී ඇත්තේ ප්ලාස්ටික් සැත්කමින් තනපුඩුව සැකසීමට නොහැකි වීමය.


3 Breasted Women www.nethfm.com0013 Breasted Women www.nethfm.com0043 Breasted Women www.nethfm.com007දෙතන තෙතනක් කරගත් තරුණියක් ! (වීඩියෝව සහිතයි)
2014-09-23 13:30:11
      Views - 9533
අපි සැමටම ඇස් දෙකකි. එහෙත් ඊ්ශ්වර දෙවියන්ට ඇස් තුනකි. දෙවියකු නිසා ඇස් තුනක් තිබීම අංගවිකල නොවේ. මුහුණු සයක් අත් දොළසක් ඇති කතරගම දෙවියන්ද එසේමය.

එහෙත් ශරීරයේ අංගෝපාංග අඩු හෝ වැඩියෙන් ඇතිව උපන්නොත් හේ අංග විකලය. අංග විකල නොවී උපන් තරුණියක් වසර 21ට පසු අංගවිකල වූ මේ පුවත වාර්තා වන්නේ අමෙරිකාවෙනි. 21 හැවිරිදි ජැස්මින් ට්‍රිඩ්විල් ස්වභාවයෙන් ලැබුණු පියයුරු දෙකට අමතරව තවත් පියයුරක් ප්ලාස්ටික් සැත්කමකින් තනාගෙන තිබේ.

ඇය මේ ශල්‍යකර්මය කරගැනීම සඳහා වෛද්‍යවරුනි 50ක් 60ක් පමණ මුණගැසී තිබේ.

මෙම ශල්‍යකර්මය සඳහා අමෙරිකානු ඩොලර් 20000 ක් (රුපියල් 26,00000) පමණ වැයකොට තිබේ. කෙසේ වෙතත් සැත්කමින් සම්පූර්ණ පියයුරක් ඇයට හිමිව නැත. ඊට හේතුව වී ඇත්තේ ප්ලාස්ටික් සැත්කමින් තනපුඩුව සැකසීමට නොහැකි වීමය.

3 Breasted Women www.nethfm.com003 3 Breasted Women www.nethfm.com002 3 Breasted Women www.nethfm.com003


යාළුවනි මෙවැනි post එකක් දාන්නේ ඔයාලා නොදත් දේ දැන ගත යුතුම නිසා වෙනි මෙම නිල් චිත්‍රපට නිසා පවුල් ජිවිත ගොඩක් ලංකාවේ අවුල් වේලා මේවා බැලුවම ඇත්ත තෙරුම් ගන්න අනිත් අයටත් කියලා දෙන්න ඔයාල ඉන්නේ මංමුළා වෙලා මේක බැලුවම තේරෙයි.


        දැන් කාලෙ ඕනම කෙනෙක් ළග android phone තියෙනවනෙ.ඉතින් මම අද කියන්න යන්නෙ කොහොමද android phone එකකින් computer එක පාලනය කරන්නෙ කියල.


Sep 19, 2014


David DeAngelo යනු 'Double Your Dating' නම් පොතෙහි කතෘවරයා වන අතර සම්බන්ධතා ගොඩනැගීම සඳහා උපදෙස් ලබාදීමේ ප්‍රවීණයෙකු වේ. ඔහු මුලදී කාන්තාවන් සමග සම්බන්ධතා ගොඩ නගා ගැනීමට නොහැකිව සිට ඇති අතර පසුව ඒ පිලිබඳ හදාරා පුද්ගලයන් අවබෝධ කරගෙන සම්බන්ධතා ඇතිකරගැනීම සම්බන්ධ වූ මනෝ විද්‍යාවද හදාරා ඇත. ඉන් අනතුරුව ඔහු සාර්ථක සම්බන්ධතා ගොඩනගා ගන්නෙකු වී ඇති අතර පසුව ඔහු විසින් සොයාගත් ක්‍රමෝපායන් පොතක් ඔස්සේ එලි දක්වා තිබේ. එම පොතෙහි ඩේවිඩ් විසින් පිරිමියෙකු, කාන්තාවකගෙන් කිසිදා නොඇසිය යුතු කරුණු හයක් පෙන්වා දී තිබේ. එම කරුණු හය බලන්න පහතින්. 

1. Can I Kiss You? (මට ඔයාව සිප ගන්න පුලුවන්ද?)

පළමුව පිරිමියෙකු විසින් කාන්තාවකගෙන් ඇයව සිප ගැනීමට නොඇසිය යුතුයි. සිප ගැනීමට ඇසීමෙන් වෙන්නේ ඔබ තවමත් කුඩා ළමයෙකු ලෙස ඇය සිතීමට පටන් ගැනීමයි. එයට ඇය අකමැති වන අතර ඇය එයට කැමති වුවත් එකඟ වන්නේ ඇගේ ඇති නිහතමානි කමට වන අතර ඇගේ අභ්‍යන්තරයෙන් ඔබ පිලිබඳ අකමැත්තක් හටගනු ලබයි. 

2. Avoid Bragging (පුරසාරම් දොඩන්න එපා)

කවදාවත් ඔබ සතුව ඇති මෝටර් රථය ගැන, නිවහන ගැන කාන්තාවන් ඉදිරියේ පුරසාරම් බාන්න එපා. එය ඔබගේ ප්‍රතිරූපය වර්ධනයට ඉවහල් වන්නේ නැත. කෙදිනක හෝ ඇය ඒවා නිරායාසයෙන්ම දැනගත් කල ඇය ඔබ කෙරෙහි ඇතිකරගන්නා ප්‍රතිරූපය ඉතා වටිනා එකක් වේ. 

3. Do Not Be Clueless (ඊළඟට කළයුතු දේ අහන්න එපා)

කවදාවත් කාන්තාවකගෙන් ඇය කිරීමට කැමති මොනවාදැයි අසන්න එපා. කාන්තාවන් ඉලක්කයක් අදහසක් නොමැති පුද්ගලයන්ට අකමැති වන අතර ඔබ සතුව සෑම විටම සූදානම් කරගත් සැලසුමක් තිබිය යුතුවේ. මන්ද කාන්තාවන් ඊළඟට කරන්නේ මොකද්ද යනුවෙන් ලත වෙමින් සිටීමට අකමැති හෙයිනි. 

4. Green-eyed Monster! (පිරිමි යහළුවන් ගැන අහන්න එපා)

කාන්තාවගේ පිරිමි යහළුවන් ගැන කවදාවත් කතා කරන්න එපා.විශේෂයෙන්ම ඔබ ඔවුන් ගැන හොදින් නොදන්නා වටපිටාවක. ඔබ එසේ කතා කිරීමට ගියහොත් ඔබ එසේ කරන්නේ ඊර්ෂ්‍යාවෙන් බව ඇය වටහාගන්නවා ඇත. 

5. Insecurity Is Dangerous (නිදහසට හේතු අහන්න එපා)

ඔබ ඊයේ රාත්‍රියේ යැවූ කෙටි පණිවිඩයට ඇය තවමත් උත්තර එව්වේ නැද්ද? ඔබ එයට නිදහසට හේතු විමසීමට සිතනවාද? එසේනම් එසේ කිරීමෙන් වලකින්න. එසේ කිරීමෙන් ඔබ ඔබේ දුර්වල පැතිකඩ කාන්තාවට ප්‍රදර්ශනය කරනු ලබයි. එයට අමතරව කාන්තාවට ඔබ කෙරෙහි අනාරක්ෂිත හැඟීමක් ද ඇතිවිය හැක..

6. How Many Sex Partners? (කොපමණ සහකරුවෝ සිටියාද?)

කවදාවත් මෙයට පෙර ඇය පැවැත්වූ සම්බන්ධතා ගැන අහන්න එපා. එවැනි දේ දැනගැනීමට අනවශ්‍යය උනන්දුවක් දැක්වීමෙන් කාන්තාවන් ඔබ කෙරෙහි අමනාප වනු ඇත. එය ඇගේ කැමැත්තෙන් පවසනවානම් පමණක් එය ඇසීමට කාරුණික වන්න.




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු තනතුර සඳහා

අලුත උපන් සිය බිළිඳිය විශ්ව විද්‍යාල වැසිකිලියේ පයිප්ප නළයකට 

දැමූමවක් පිළිබඳව

Sep 18, 2014

                                                                                                             


 Dialog වල WiFi තියෙනවා කියලා කවුරුත් දන්නවනේ.  Dialog එකෙන් අලෙවි ප්‍රවර්ධනයක් වශයෙන් මාසයකට Free    WiFi දීල තියෙනවා.  හැබැයි අපිට ඕන තරම් නම් පාවිච්චි කරන්න  බෑ.1GB තමයි ඒගොල්ලො දෙන්නේ.  එහෙනම් පහල ලින්ක් එකෙන්  ගිහිල්ලා Form එක පුරවලා Register වෙන්න. හැබැයි මේ වැඩේට  Dialog Phone Number එකක් තියෙන්න ඕනි. Register උනාම Phone Number එකට Sms එකක් එනවා Login Details ටික. 
පන්දුව දමාගැනීමේ චෝදනා එල්ල වූ 06වන පන්දු යවන්නා ලෙස

මොනවම හරි දෙයක් කරලා තමන්ගේ ශරීරය ලස්සන කරගන්න         කාන්තාවන් කැමතියිනේ ඉතින් ඒ අතරින් තමගේ පියයුරු විශාල කර   ගැනිමට කාන්තාවන් මහත් සේ කැමැත්තක් පල කරයි ඉතින් මේ සදහා මුදල් වියදම් කරලා  surgery එකක් කරන්න ඔනි නමුත් කිසිම surgery එකක් නැතුව කොහොමද පියයුරු විශාල කරගන්නේ කියලා තමෛ මේ  නිරුපිකාව කියලා දෙන්නේ video ව බලන්නකෝ එතකොටකැමතිනම් අපේ රටේ අයටත් අත්හදා බලන්න පුලුවන්.                                         



Sep 17, 2014

ඔබ ළඟ තිබු වටිනා තොරතුරු සහිත CD/DVD තැටි ධාවක වල ධාවනය නොවන තත්වයට පත්වූවිට ඇත්තෙන්ම ඔබ දුකට පත්වනවා ඇති.ඒත් ඔබ කලබල විය යුතු නෑ..කියවීමට නොහැකි ලෙස හානිවූ තැටි යළි කියවිය හැකි පරිදි සැකසිය හැකියි.
අකර්මන්‍ය වී ඇති තැටිය ගෙන එහි සිළිඳු පැත්ත අතගා බලන්න.එහි රළු බවක් ඇති තැන් හමු වේ නම් එම ස්ථානවල ඇති දෝෂ නිසා තැටිය අක්‍රිය වී ඇති බව සිතිය හැක.එම රළු ගතිය අඩුකර සුමට කරගත යුතුය.ඒ සඳහා සාමාන්‍ය දන්තාලේප,පිත්තල ඔපදමන දියර,ඇස්කන්නාඩි පිරිසිඳු කිරීමේ දියර,මද්‍යසාර,ඕඩිකොලෝන් භාවිතා කල හැක.

Sep 16, 2014



 Samsung phone ගොඩක් අපේ රටෙ පාවිච්චි කරනවා.ඔබත් තාම ගත්තේ නැද්ද? 
  • සමහර phone ගොඩක් අඩුවට විකුනනවා 
  • ඇයි මෙවා ගත්ත ගමන් විකුණන්නෙ 
මෙ හැම දෙටම උත්තර මෙ පහල තියෙන video එකේ තියෙනවා 


Tech Katha හි කාලිංග bro තමයි මේ 




පල්ලෙහා තියෙන photo වලිනුත් හොයාගන්න පුලුවන් fake එකක්ද කියන එක 




Three-month old baby Paul Mukisa was born with four legs and four arms in Nabigingo, a small village in eastern Uganda

නැගෙනහිර උගන්ඩාවේ නබිගින්ගො  ග්‍රාමයේ   අත්පා අටක් සහිතව ඉපදුනු තෙමස් වියැති පිරිමි දරුවෙක් වෛද්යවරුන්ගේ පිහිටෙන් සාමාන්ය  දරුවෙක් ලෙස ජීවත් වීමේ භාග්ය ලබා ඇත.

 

facebook වැනි සමාජ ජාලකරන වෙබ් අඩවි වෙත යොමු කරන ඡායාරූප ආදිය ඒවා යොමු කරන්නා විසින්ම මකා දැමුවද ඒවා මැකී නොයන බව හෙළිවී තිබේ.

එම ඡායාරූපය යොමු කරන්නා විසින් මකා දැමු පසු එය එම අදාල ස්ථානයේන් ඉවත් විමක් සිදු වුවද ප්‍රධාන Server එකෙන් එය ඉවත් විමක් සිදු වන්නේ නැත. මෙහි නිවැරදි අදහස නම්  සමාජ ජලා වෙබ් අඩවි සදහා ජයාරුප ඇතුලත් කරන්නේ නම් එම ඡායාරූපයේ පාලනයෙන් කොටසක් එම සමාජ ජල වෙබ් අඩවියටද ලබා දෙන බවයි.

යම් හෙයකින් එම Server එකේ පාලනය අදාල ආයතනයෙන් ගිලිහි ගිය හොත් ඔබ මැකුවායැයි සිතා සිටින ඡායාරුප වල අරක්ෂාව සම්බන්දයෙන් ඔබට කළ හැකි දෙයක් නොවන තැනට පැමිණෙනු ඇත.

මෙහිදි සිදු විය හැකි තවත් එක් භායානක සිදුවිමක් නම් image search Engine ඔබට අනවශ්‍ය අදාල ජයාරුපය මකා දැමුවායැයි සිතා සිටියද කුමන මොහොතක වෙනත් සේවීමක ප්‍රථිපලයකට එය හසු වේදැයි කිව නොහැකි වීමයි .

මෙවැනි සිදුවිමකට  අසන්න සිදුවිමක් මැතකදි හොලිවුඩයේ චිත්‍රපට නිළියන් හා ගායිකාවන් සියයකට අධික පිරිසකට මුහුණ දෙන්නට සිදුව තිබේ. විවිධ පෞද්ගලික අවස්ථා වලදී ඔවුන් විසින් ලබාගත්  රහසිගත නිරුවත් ඡායාරූප  icloud නැමති apple සමාගමේ ඡායාරූප සර්වරයෙන්  කිසිවෙකු විසින් සොරාගෙන තිබේ.එම ඡායාරූප අන්තර් ජාලය ඔස්සේ ප්‍රසිද්ධ වීම  මේ වන විට හොලිවුඩය කැලඹු මාතෘකාව වී තිබේ.

මේ නිසා සමාජ ජාලකරන වෙබ් අඩවි වලට ඇතුළත් කරන ඡායාරූප මකා දැමීමෙන් සෑහීමකට පත්විය 

බොලිවුඩ් සුප්‍රසිද්ධ නිළි දීපිකා පදුකොනේගේ පියයුරු අතර හිදැස පෙනෙන ලෙස ගත් ඡායාරූපයක් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතේ ට්විටර් ගිණුමෙන් මුදාහැරීමත් සමග එම ඡායාරූපය බොලිවුඩය තුළ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.                                                                                   

එම ඡායාරූපය ටයිම්ස් ඔෆ් ඉන්ඩියා ට්වීටර් ගිණුමේ පළ කර ඇත්තේ ‘දෙවියනේ: දීපිකා පදුකොනේගේ පියයුරු අතර හිදැසේ දර්ශන’ යනුවෙනි.                                                                                                 
පදුකොනේ ඊට ප්‍රඉන් කෝපයට පත් දීපිකා තිචාර දක්වමින් ඇයගේ ට්වීටර් පිටුවේ පළ කර ඇත්තේ ‘ඔව්! මම ගැහැණියක්. මට පියයුරු      තියනවා. ඒ වගේම පියයුරු අතර හිදැසකුත් තියනවා! එක ඔබට            ප්‍රශ්නයක්ද?’ යන්නයි.                                                                            පසුව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත ට්වීටර් පිටුවේ පළ වූ එම ඡායාරූපය ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ එම ජායාරූපය පලකරනු ලැබුවේ        ඇගේ ලස්සන පෙන්වීමට බව කියමිනි.                                                                        

Deepika-slaps-TOI-with-tweets

deepika-padukon



ආන්දෝලනයට තුඩුදුන් දීපිකාගේ ඡායාරූපය පහතින්



*#06#  IMEI Number එක හොයාගන්න මේකෙ 7,8 ඉලක්කම් වල අගය අනුව ,

00=Best & Original
01&10=Good
02&20=Not Good
08&80=Bad
13=Very Bad

NOKIA MOBILE phones වල secret codes (හුඟක් වෙලාවට මේවගෙන් සමහරක් පරණ නොකියා ෆෝන් වල වැඩකරන්නෙ නැති වෙයි )

*#7780# -ෆෝන් එක factory settings වලට restore කරගන්න 

*#3283# -ෆෝන් එක හදපු දවස බලාගන්න 

*#746025625# -simclock එක නවත්තගන්න .

*#67705646# -operator logo එක delete කරන්න 

*#73# -games වල highscores හා timer එක restore කරගන්න .

*#0000# - 
ෆෝන් එකේ software version එක දැනගන්න  

*#06# To display the IMEI Number of the mobile

*#92702689# -
ඔයාගෙ ෆෝන් එකේ warranty ය ගැන තොරතුරු . (Serial no, Made, Purchasing date, Repaired date, Life time). 

NOKIA 1600 වෙ ස්ක්‍රීන් එක කරකවමු .

1) dail *#5513#
2) dail *#5514#
3) dail *#5512#
4) dail *#5511#

*#1345# - නොකියා Nokia DCT-L (9110, 9210I, 8210 etc) ෆෝන්ස් වල credit balance එක දැනගන්න .

CHINA MOBILE HIDDEN SETTING CODES

Enable COM Port
*#110*01#

Restor Factory
*#987*99#

LCD Contrast
*#369#

Sftwar Version
*#800#

SONY ERICSON SECRET FEATURE CODES

0# -අන්තිමට dial කරපු number එක දැනගන්න .

*#06# - IMEI Number එක දැනගන්න .

-> * <- <- * <- * - secret menu එක ගන්න .

<**< mobile network එක පිලි
ඳව තොරතුරු 

< 0 0 0 0 >  default language එක reset කරගන්න .

>*<<*<* mobile software version එක දැනගන්න.

<0000>  default theme එක reset කරගන්න .

#  SIM Number එක බලාගන්න .

**04*0000*0000*0000#   SIM card එකක් නැතුව 
mobile settings හදාගන්න 

*#0000#  Sony Ericsson mobile English menu එක රීසෙට් කරගන්න .

904060 + >   mobilephone settings reset  කරගන්න 

904093 + menu Use to display the CDMA Mode
On/off button බට්න් එක ක්ලික් කරල ඉක්මනට අත අරින්න 
බැ ටරිය බලාගන්න 

MOTOROLLA MOBILE HIDDEN SETTING CODES

*7 Use to lock/unlock the mobile keys
19980722 Work as "Master key" to unlock the Motorola sets
*#06# To display the IMEI Number of the mobile
*#403# Press keys to get information about mobile manufacturing
*#301# Use to test the functions of the keys
*#303# Use to reset default language to English
*#300# Use to display the mobile software/hardware version
*#311 Use to reset the default code of mobile
*#402# Use to regulate the mobile display strength/intensity
*#304# Press keys to OFF the engineering mode
*#304*19980722# Press keys to ON the engineering mode
*#0000# Use to reset Motorolamobile default language
1234 Default Motorola mobile code
32*279*1*0*8 Use to verify the mobile model
#PROGRAM# Use to change thedefault banner of mobile
##33284 Use to run mobile in Debug mode
#02#* Use to display the mobile software version
*#42253646633#
Use to enable COM port
*#987*99#
Use to restore the Motorola factory settings
#32# Reset the mobile timers
###119#1# Use to make active the EFR mode for mobile
###119#0# Use to make deactivate the EFR mode for mobile.


MOTOROLLA SECRET CODES

Security- 31*118*1*0*0
Model- 32*279*1*0*8
Reset- 18*0
Clear- 18*1
User- 32*116*1*0*0


IPHONE SECRET SETTING CODE

Follow the list of latest iPhone codes list:
Code Action:
*#61# and tap Call To verify the number of unanswered calls
*#62# and tap Call Use to verify the number for call forwarding
*#06# To display the IMEI Number of the mobile
*777# and tap Call To display the account balance information for prepaid iPhone
*225# and tap Call To display the account balance information for Postpaid iPhone
*#67# and tap Call To display the number for call forwarding when the iPhone is busy
*3001#12345#* To display many of the inner settings of your iPhone
*#21# To verify the call forwarding is enabled or disabled
*646# and tap Call To display the Post-paid minute balance
*#33# and tap Call To Check for call control bars.


LG MOBILE SECRET SETTING

Codes list:
2945#*# To access the test mode of the set
2945*#01*# Use to display thesecret menu of LG mobile set
*8375# Use to display the mobile software version
*#06# To display the IMEI Number of the mobile
2945#*70001# Use to manageSimlock menu for LG (LG 7010, 7020)
277634#*# To set the defaut settings of mobile
1945#*5101# Use to manage Simlock menu for LG (LG B1200)
2945#*5101# Use to manage Simlock menu for (LG 5200, 510W )
2947#* Use to manage Simlock menu for (LG 500, 600)


SAMSUNG SECRET CODES


CodesActions
*#06#Shows the IMEI number
*#0001#Displays the Device Serial Number
*#1234#Displays the Firmware Version
*#2222#Displays the Hardware Version
*#9125#Displays a Smiley
*#0523#Shows LCD Contrast settings
#*4773#Incremental Redundancy
#*7785#Resets the Wake-up variables
#*7200#Mutes the tone generator
*#0228#Shows the Battery Information
*#9999#Shows the Software Version
*#0837#Shows the Software Version with instructions
#*3888#Shows the Bluetooth Test menu
#*2077# or #*2027# or #*0227# or #*0277#Shows GPRS Toggle menu
*#92782#Displays the WAP Phone Model
*#232337#Displays the Bluetooth MAC Address
#*5737425#Displays the Java Mode settings
*#5282837#Shows the Java Version
#7263867#Displays the RAM Dump settings
*2767*688#Removes security code and SIM lock
*2767*226372#Deletes all photos and resets the Camera
*2767*927#Displays the WAP Reset settings
#*2562# or #*3849#Reboots the device
#*7337#Reboots the device and resets the WAP settings
#*7288# or #*7287#Attaches or Detaches GPRS
#*2886#Activate or Deactivate the Auto answer option
#*5376#Removes all SMS
#*3270#Toggles DCS Support
#*3476#Activates/Deactivates EGSM
#*3282#Activates/Deactivates Data
#*4760#Activates/Deactivates GSM
#*3676#Formats the Flash Drive
#*7722#Activates/Deactivates RLC bitmap compression
#*2527#Changes the GPRS Class
#*3273#Changes the EDGE Class
#*4263#Activates or Deactivates the Handsfree option
#*7462#Sim Phase
#*7983#Voltage and Frequency Display
*2767*3855#Hard Reset, deletes everything including storage cards
*2767*2878#Customized Hard Reset
*#4777*8665#GPRS Menu Tool
*#9998*246#Shows the Battery Status and Memory
*#9998*228#Shows battery statuses like capacity, voltage, temperature
*#9998*324# or *#8999*324#Open the Debug Screen, some units use
*#9998*289#Alarm Test
*#8999*289#Ringtone Test
*#8999*636#Displays the Storage capacity
*#8999*778#Sim card information display
*#8999*782#Date and Alarm Display
*#9998*523#Adjust the LCD Contrast
*#8999*523#Adjust the LCD Brightness
*#8999*842#Vibration Test
*#8999*638#Displays the Network Information
*#8999*9266#Shows the current channel and strength
*#8999*8378#Accesses the test menu
*#8999*364#Enables/Disables Watchdog
*#8999*427#Configures the Watchdog Route
*#7465625#Displays the Phone Lock Status
*7465625*228#Enables Activa Lock
#7465625*228#Disables Activa Lock
*7465625*2827#Enables the Automatic CP Lock
#7465625*2827#Disables the Automatic CP Lock
*7465625*28746#Enables the Automatic SIM Lock
#7465625*28746#Disables the Automatic SIM Lock
#7465625*28638#Disables the Automatic Network Lock
*7465625*28782#Enables the Automatic Subset Lock
#7465625*28782#Disables the Automatic Subset Lock
*7465625*2877#Enables the Automatic Service Provider Lock
#7465625*2877#Disables the Automatic Service Provider Lock
*7465625*28638#Enables the Automatic Network Lock
*#pw+15853649247w# or *#9998*627837793#Unlocks any Samsung phone


වැඩේ හොදයි නම් Comment එකකුත් දාගෙන් යන්න 
සුබ දවසක් !!!!!

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score