Jul 25, 2014


ගීත තහනමකට ලක්වූ  එම්.ජී. ධනුෂ්ක කියන කතාව

 
මුලින්ම කියන්නකෝ ධනුෂ්කගේ අලුත්ම තොරතුරු..
සාමාන්‍ය විදියට ගෙවිල යනවා. පහුගිය දවස් දෙක තුනේ ටිකක් කාර්ය බහුල වෙලා හිටියා. දැන් ගෙදරට වෙලා සුපුරුදු විදියට ඉන්නවා.

අද වන විට රටේම ආකර්ෂණය දිනාගත් ඔබට සාමාන්‍ය විදියට ජීවත්වන්න අසීරුයි නේද?

පාරේ තොටේ යද්දිත් සෙනඟ මාව වටකරගන්නවා. අවුරුදු දෙකේ තුනේ ළමයි එම්.ජී. කියලා කතා කරනවා. ඒ වගේ ප්‍රතිචාරයක් නම් තියෙනවා.
“ඒත් මම සාමාන්‍ය විදියට ජීවත් වෙනවා. අදත් මම පුරුදු විදියට නාන්න ඇළට යනවා. ටවුමට යනවා. ගමේ පරණ යාළුවෝ  මුණගැහෙනවා. ඒ හැම දේම එදා වගේමයි. මගෙ ගෙදරත් එහෙමම තමයි. තාත්තා තවමත් පුරුදු විදියට කුඹුරට යනවා.
සංදර්ශන වේදිකාවේ අද වන විට ඔබට විශාල ඉල්ලුමක් තියෙනවලු නේද?
තරගයෙන් පසුව මා ගීත ගැයුවේ එකම සංදර්ශනයක විතරයි. ඉදිරියේදී ආරාධනා රැසක්ම තියෙනවා.
 එම සංදර්ශනවල ගයන්නේ අනුන්ගේ ගීතද?
මේ දිනවල දෙරණ නාලිකාව විසින් මට අලුත්ම ගීත 4ක් විතර කරලා දෙන්න සූදානම් වෙනවා.
පුළුවන් තරම් ඉක්මනට ඒ ගීත ටික කරගන්නයි මම බලාගෙන ඉන්නේ. එතෙක් ප්‍රවීණයින්ගේ ගීත තමයි ගයන්නට වෙන්නේ.
 ඔබට සංදර්ශන වේදිකාවේ එම්.එස්. ප්‍රනාන්දු ගායකයාගේ ගීත ගැයීම නතර කරන ලෙසට ඔහුගේ පාර්ශ්වයෙන් බලපෑම් තියෙන බවට අන්තර්ජාලයේ පළවී තිබුණා.
මට එබඳු දෙයක් ගැන කෙළින්ම දැනුම්දීමක් කරලා නම් නැහැ. නමුදු එවැනි පුවතක් ගැන මගේ මිතුරන් මට කිව්වා. මම ඒක දැක්කේ නැහැ.
 ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
එම්.එස්.ප්‍රනාන්දු ජෝතිපාල, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි, මොහිදින් බෙග්,
වැනි අයගේ ගීත බොහෝ නවකයින් ගයනවා. හැබැයි ඒ නවකයින්ට අර මුල් ගායකයා ළඟටවත් එන්න බැහැ.
මම එම්.එස්. ප්‍රනාන්දු ගායකයාගේ ගීත ගායනා කළා කියලා මට එතුමා ළඟටවත් එන්න බැහැ.
මං වගේ නවකයෙක් එතුමාගේ ගීත ගායනා කරල ඉදිරියට එනවා දකින්න එම්.එස්.ප්‍රනාන්දු මහතා ජීවතුන් අතර හිටියා නම් එතුමා ඒ ගැන සතුටුවෙයි. මට ආශීර්වාද කරයි. සංදර්ශන වේදිකාවලදී ඇතැම් විට අපෙන් අසවල් ගීතය ගයන්න කියා දැඩිව ඉල්ලා සිටින අවස්ථා තියෙනවා. එවැනි අවස්ථාවලදී අපිත් අසරණ වෙනවා. ඒ වගේම හැකි ඉක්මනින් මගේම ගීත නිර්මාණය කරගන්න තුරු විතරක් මම මේ ප්‍රවීණයින්ගේ ගීත ගයන බව කියන්න කැමතියි.
 මෙම තහනම ගැන මිතුරන්ගෙන් ආරංචි වූ බවත්
අදාළ පාර්ශ්වයන් ඔබට සෘජුව කතා නොකළ බවත් ඔබ පැවැසුවා.
ඔව් මට ඒ අන්තර්ජාල පුවත පැවැසුවේ මගේ මිතුරෝ. එම්.එස් ප්‍රනාන්දු මහතාගේ පාර්ශ්වයේ අය මට කතා කළේ නැහැ. සැබවින්ම ඒ අය මට කතා කරන එකක් නැහැ.
මමයි ඒ අයට කතා කළ යුත්තේ. ඒත් මේ කාර්ය බහුල කම නිසා මට ඒ අයට කතා කරන්න බැරිවුණා.
මම මේ වෙලාවේ අවධාරණයෙන් කියනවා මට කවදාවත් එම්.එස්. ප්‍රනාන්දු ගායකයාට ළංවන්න බැරි බව.
ඒ වගේම මම එතුමාට අවමන් කරලත් නැහැ. තරගයේදී මට ‘චක්‍රවර්තී’ කියා ඇමතීම නිසා බයිලා චක්‍රවර්තී එම්.එස්.ප්‍රනාන්දු මහතාට අවමානයක් වූ බවත් ඒ පුවතේ සඳහන් වී තිබුණාලු. නමුත් ඇත්තටම එවැන්නක් සිදුවුණේ නැහැ. මට බයිලා චක්‍රවර්තී කියා කිව්වේ නැහැ.
ඇඹිලිපිටියේ බයිලා චක්‍රවර්තී කියලා තමයි කිව්වේ.
 අදාළ පාර්ශ්වයන් හා ඔබ අතර මේ ගැන සෘජුවම කතා බහ ඇති වූ බවත් මින් මතු ඔබ සංදර්ශන වේදිකාවේ එම්.එස්.ප්‍රනාන්දුගේ ගී නොගයන බවට ඔබ ‍පොරොන්දු වූ බවත් අන්තර්ජාල පුවතේ පළවී තිබුණා.
ඒකනම් බොරු කතාවක්. එවැනි දෙයක් නම් සිදුවුණේ නැහැ.
 දැන් ඉතින් ඔබේ ඉදිරි බලා‍පොරොත්තු මොනවාද?
ඇඹිලිපිටිය ප්‍රදේශයේ ළමා නිවාසයක් හදන්නට මා අදහස් කරගෙන සිටියා. ඒත් හොයලා බලද්දී තමයි දැනගත්තේ ඇඹිලිපිටියේ ළමා නිවාස කිහිපයක්ම ඇති බව. දැන් මම හිතාගෙන ඉන්නේ මහළු වියට ගිහින්. දරුවන්ගේ ආදරය අහිමිවෙලා අසරණ වූ අය වෙනුවෙන් වැඩිහිටි නිවාසයක් හදන්න. ඒ වගේම ගායකයෙකු ලෙසත් හොඳ නිර්මාණ මගේම නිර්මාණ කිරීම ලොකු බලා‍පොරොත්තුවක්.

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score