Dec 27, 2014

මේෂ ලග්නය
ප්‍රධානීන්ගේ පැසසුම්

ප්‍රබල ග්‍රහ බලයක් සහිතව වසර ආරම්භවේ. කුජ රුචක යෝග බලයෙන් හා ගුරු හංස යෝග බලයෙන් සිටී. සඳුගේ පිහිටීම අනුව ගජකේශරී යෝගයද යෙදී තිබේ. ශනි ගමනේ දුර්වලතාව ගුරු දෘෂ්ටියෙන් මග හැරේ.
මානසික ස්වභාවය හා සමාජ සම්බන්ධතාව:
ප්‍රබල ආත්ම ශක්තියකින් හා මානසික ජවයකින් යුක්ත වැ වසර ආරම්භ වේ. නිසි ලෙස වැඩ කටයුතු කරගෙන යාමට අවශ්‍ය මානසික ස්වභාවයන් ඉස්මතු වේ.
ගෘහ ජීවිතය
නිවසේ සාමාජිකයන්ගෙන් ඉහළ ප්‍රමාණයක උපකාර හා ආශිර්වාදය ඔබට ලැබේ.
රැකියාව හා ආර්ථිකය:
රැකියා කටයුතු සාර්ථක වැ කර ගෙන යාමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ඔබ තුළ ගොඩනැගේ.
අධ්‍යාපනය:
ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය හොඳ පරිසරයක් නිර්මාණය වේ.
විවාහ මංගල කටයුතු:
විවාහය ප්‍රමාද වූවන්ගේ සිහින සැබෑ වන වසරකි. යහපත් සම්බන්ධතාවන් ගොඩනැගේ. විවාහ මංගල්‍ය කටයුතු සිදුවීමේ වැඩි ඉඩක් ඇති වසරකි.
ශරීර සෞඛ්‍ය:
ප්‍රබල රෝගාබාධ නැත. ශරීරයේ
උෂ්ණත්වය සමබරව තබා ගැනීමට උනන්දු විය යුතුය.
අය: 11 - වැය: 5

වෘෂභ ලග්නය
දහමට නැඹුරුවක්


ලග්නපති සිකුරු භාග්‍යස්ථාන ගතවී සිටින  අවස්ථාවේ නව වසර උදාවේ. අභුයෙකු වන කුජ සිකුරුට  එක් වුවද එම කුජ උච්ච බලයෙන් යුක්ත වීම ගුරුගේ දෘෂ්ටි ලැබිම නිසා දෝෂ නොවේ. 3 වැන්නේ ගුරු උච්චවැ ගජ
කේෂරී යෝග බලයෙන් යුක්ත වේ. 7 වැන්නේ ශනිට ගුරුගේ ශුභ දෘෂ්ටි එල්ල වේ. 8 වැන්නේ රවි බුද හොඳ යෝගයකි.
මානසික ස්වභාවය හා සමාජ සම්බන්ධතාව:
ධෛර්ය සම්පන්න වූ යහපත් මානසික තත්ත්වයක් ගොඩනැගේ. ආගම දහම පිළිබඳව වැඩි නැඹුරු වීමක් ඇතිවේ.
ගෘහ ජීවිතය:
ඇතැම් සුළු සිද්ධීන් බරපතළ කාරණාවන් ලෙස වැරදි අවබෝධයක් ඔබ තුළ හට ගන්නා නිසා පවු‍ලේ සාමාජිකයන් අතර අනවශ්‍ය ගැටලු ඇතිවීමටත් සමගිය අඩපණ වීමටත්  හේතුවන නිසා ඉවසීමෙන් හා අවබෝධයෙන් කටයුතු කළ යුතු වේ.
රැකියාව හා ආර්ථිකය:
රැකියා කටයුතුවල නොසන්සුන්තාවක් ඇතිවිය හැකි නිසා සැලකිලිමත්ව කටයුතු කරන්න. අතිරේක ආදායම් මාර්ග සමග ලැබිම්වල දියුණුවක් සිදුවන අතර නිෂ්ඵල වියදම්වල ඉහළ යාමක්ද සිදුවිය හැක.
අධ්‍යාපනය:
ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය හොඳ පරිසරයක් නිර්මාණය වුවත් ඔබගේ අවධානය හා උදේ‍යා්ගයේ මන්දගාමී ස්වභාවය හේතුවෙන් පසුබැසීම් සිදුවිය හැකි නිසා සැලකිලිමත් විය යුතුය.
විවාහ මංගල්‍ය කටයුතු:
මේ දක්වා ප්‍රමාද වූ විවාහ මංගල්‍ය සිහිනයන් සැබෑ වන වසරකි. නව සම්බන්ධතාවයන් මෙන්ම යහපත් මංගල යෝජනාවන්ද ඉදිරිපත් වේ. බොහෝ දුරට මංගල්‍ය කටයුතු සිදුවීමට ඉඩ තිබෙන වසරකි.
ශරීර සෞඛ්‍යය:
ප්‍රබල රෝගාබාධ නැත. සෙම සහ රුධිරය දූෂ්‍ය වීමෙන් රෝග වැළඳීමේ ප්‍රවණතාවයක් පවතින නිසා ප්‍රවේශම් වන්න.
අය: 5 - වැය: 14

මිථුන ලග්නය
උදේ‍යා්ගිමත්  ස්වභාවයක්


ලග්නාධිපති බුද රවි සමග කේන්ද්‍රගතව සඳුගෙන් 9 වැන්නේ සිටින අවස්ථාවේ නව වසර ආරම්භ වේ. ගුරු ධනස්ථානයේ උච්චවද, එහි අධිපති අයස්ථාන ගතවද සිටී. 5 වැන්න අධිපති සිකුරු අසුබයෙකු වන උච්ච කුජගේ පීඩනයට හසුවැ 8 වැන්නේ සිටී. 4 වැන්නේ රාහු සහ 10 වැන්නේ කේතු තැන්පත් වී සිටී.
මානසික ස්වභාවය හා සමාජ සම්බන්ධතාව:
වසර පුරා උදේ‍යා්ගිමත් මානසික ස්වභාවයක් පවතී. මේ අතර සිතිවිලිවල ආවේගශීලී ස්වභාවයක්ද වරින්වර ඉස්මතු වේ. ආගම දහම කෙරෙහි වැඩි නැඹුරු වීමක් ඇතිවන නිසා මේ තත්ත්වය පාලනය කර ගැනීමේ හැකියාව ඔබට ඇතිවේ.
ගෘහ ජීවිතය:
ඇතැම් අවස්ථාවල ඔබ තනි තීන්දු තීරණ ගැනීමට සිතන නිසා නිවසේ ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු වුවද සමස්තයක් ලෙස සුහදව එකමුතුව ගෘහ ජීවිතය පවත්වා ගැනීමේ වාසනාව ඇතිවේ.
රැකියාව හා ආර්ථිකය:
ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ ප්‍රසාදය දිනා ගනිමින් කටයුතු කිරීමේ හැකියාව ඇතිවේ. ජූලි සිට ඉදිරියට කලකිරීම් හා ස්ථාන වෙනස්වීම් ආදියටද ඉඩ තිබේ. ආර්ථිකයේ වැඩිදියුණුවක් සිදුවන වසරකි.
අධ්‍යාපනය :
ආශ්‍රයන් නිසා ඉගෙනීමේ කටයුතුවලට බාධා සිදුවීමේ වැඩි ඉඩක් පවතින වසරක් නිසා සැලකිලිමත්ව ගුරුවරු, වැඩිහිටි, දෙමාපිය ආදීන්ගේ අවවාද අනුශාසනා අනුව කටයුතු කළයුතු වේ.
විවාහ මංගල්‍ය කටයුතු :
ප්‍රමාද වූ විවාහ මංගල්‍ය කටයුතු සාර්ථක වේ. නව ආශ්‍රයන් ඇතිවේ. ඒ සඳහා වැඩිහිටි ඥාති ආදීන්ගේ ආශීර්වාදය ලැබේ.
ශරීර සෞඛ්‍යය :
ප්‍රබල සෞඛ්‍ය දුර්වලතා ඇති නොවේ. උදරය ආශ්‍රිත සුළු ආබාධවලට ඉඩ තිබෙන නිසා ආහාරපාන ගැන සැළකිලිමත්
වන්න.
අය: 11 - වැය: 11

කටක ලග්නය
මංගල කාරණා


ලග්නපති සඳු කේන්ද්‍ර ගතව ලග්නයේ ගුරු උච්චවැ හංස යෝග හා ගජකේශරී යෝග බලයෙන් යුක්තවැ නව වසර ආරම්භ වේ. කුජ 7 වැන්නේ උච්චවැ රුවක යෝග බලයෙන් සිතුරු සමග එක්වී සිටී. ශනි 5 වැන්නේ ගමන් කිරීමේ බාධකය ගුරු
දෘෂ්ටියෙන් සමනයවේ.
මානසික ස්වභාවය හා සමාජ සම්බන්ධතාව: නිවී සැනසුණු යහපත් මානසික තත්ත්වයන් ඇතිව වසර ආරම්භවේ. ආගමික කටයුතු සහ පුද පූජා කෙරෙහි වැඩි නැඹුරුවීමක් ඇතිවේ.
ගෘහ ජීවිතය :
නිවසේ සෑම කාර්යයක් පිළිබඳවම අධිවේගී ස්වභාවයක් ඉස්මතුවීම නිසා පවු‍ලේ සාමාජිකයින් අතර ඇතැම් ආරවුල් ඉස්මතු වුවත් ඒවා සමනය කරගෙන සතුටින් සාමයෙන් කල්ගත කළ හැකි පරිසරයක් නිර්මාණය වේ.
රැකියාව හා ආර්ථිකය :
වෙනදාට වැඩි උනන්දුවක් හා
කාර්යක්ෂමතාවක් රැකියා කටයුතු සම්බන්ධවැ ඔබ තුළ ඉස්මතු වේ. මේ නිසා වඩා සාර්ථකව හා තෘප්තිමත්ව රැකියා කටයුතු කරගෙන යාමේ අවස්ථාව සැලසේ.
අධ්‍යාපනය -
ඉගෙනීමේ කටයුතු සම්බන්ධයෙන් ඔබේ උනන්දුවේ හා කැපවීමේ අඩුවක් සිදු නොවුණත් ඇතැම් බාධක ආශ්‍රයන් නිසා පසුබෑම් සිදුවීමට ඉඩ තිබෙන නිසා කල්පනාවෙන් කටයුතු කරන්න.
විවාහ මංගල්‍ය කටයුතු -
මංගල යෝග සහිත වසරකි. මේ දක්වා විවාහයට බාධා පැවති අයට ඒවා මගහරවා නිසි මංගල යෝග ඇති කරයි. යහපත් සම්බන්ධතාවයන් ගොඩනැගේ. ඒ සඳහා දෙමාපිය වැඩිහිටි ආශීර්වාදය ලැබේ.
ශරීර සෞඛ්‍යය -
සෙම ආශ්‍රිතව හිස හා ඒ අවට රෝග හට ගැනීමේ ඉඩකඩ පවතින නිසා ප්‍රවේශම් වන්න.
අය: 5 - වැය: 8

සිංහ ලග්නය
රැකියාවේ දියුණුවක්


ලග්නාධිපති රවි හා ධන කාරක බුද ත්‍රිකෝණගතව සඳුගෙන් 9 වැන්නේ සිටිමින් නව වසර ආරම්භ වෙයි. භාව දෝෂ ඇතත් ගුරු උච්චව 12 වැන්නේ ගජකේශරි යෝග බලයෙන් යුක්තව සිටී. 4 වැන්නේ ශනිගේ දෝෂය ගුරු
දෘෂ්ටියෙන් සමනය වේ.
මානසික ස්වභාවය හා සමාජ
සම්බන්ධතාව: ඇතැම් අවස්ථාවල සුළු කලකිරීම් ස්වභාවයන් ඇති වුවත් ඒවා සමනය කර ගැනීමේ ශක්තියක් ඔබට ඇතිවේ.
ගෘහ ජීවිතය :
වරින්වර පවු‍ලේ  සාමාජිකයන් අතර පරස්පර මත හා ගැටලු ඇතිවීමේ අවස්ථා ඇති වුවත් ඒවා සමනය කරගෙන සමගිය හා සහයෝගය ගොඩනගා ගැනීමේ ශක්තිය ඔබ තුළ පවතී.
රැකියාව හා ආර්ථිකය :
හිතවතුන්ගෙන් සුළු බාධා ඇති වුවත් සාර්ථකව රැකියා කටයුතු කරගෙන යාමට අවශ්‍ය පරිසරයක් ගොඩනැගේ.
ආදායම්වල ඉහළ යාමක් සිදුවන අතරම නිෂ්ඵල වියදම් යෙදීම නිසා මුදල් අසීරුතාවන් ඇතිවීමට ඉඩ තිබෙන නිසා කල්පනාවෙන් මුදල් පරිහරණය කරන්න.
අධ්‍යාපනය :
ඉගෙනීමෙ කටයුතු සම්බන්ධව සුළු බාධක තත්ත්වයන් ඇති වුවත් ඒ සඳහා ඔබේ උනන්දුවේ හා කැපවීමේ අඩුවක් සිදු නොවන නිසා උසස් ප්‍රතිඵල ලබා ගැනීමේ වාසනාව ඇතිවේ.
මංගල්‍ය කටයුතු :
නව ආශ්‍රයන් ඇතිවේ. ඒ සඳහා වරින්වර වැඩිහිටි විරෝධතාවන්ද ඇතිවේ. කෙසේ වුවද ඔබ ජයග්‍රහණය ලබමින් මංගල්‍ය කටයුතු සාර්ථක කර ගැනීමේ අවස්ථාව සැලසේ.
ශරීර සෞඛ්‍යය :
සෙම සහ රුධිරය ආශ්‍රිත රෝගවලට ඉඩකඩ පවතින නිසා ප්‍රවේශම් වන්න.
අය: 8 - වැය: 5

කන්‍යා ලග්නය
යහපත් මිතුරු ඇසුරක්


ලග්නාපති බුද, අසුබයෙකු වන රවි සමග 4 වැන්නේ සිටිද්දී නව වසර ආරම්භ වෙයි. 8 වැන්නේ භාව බල ඇති ශනිට 11 වැන්නේ උච්චව ගජකේශරී යෝග බලයෙන් සිටින ගුරුගේ සුබ දෘෂ්ටිය ලැබේ. සිකුරු කුජගේ පීඩනයට හසුවේ. ලග්නයේ රාහු සහ 7 වැන්නේ කේතු සිටී.
මානසික ස්වභාවය හා සමාජ සම්බන්ධතාව
වරින්වර නොසන්සුන් ගති සහ ආවේගශීලී ස්වභාවයක් ඉස්මතු වුවත් ඒවා සමනය කරගැනීමේ ශක්තියද ඔබ තුළ ගොඩනැගේ. ඔබට නිසි උපදෙස් හා අනුශාසනා ලබා දෙන හිතමිතුර පිරිසකගේ ඇසුර හා ආශීර්වාදය හිමිවේ. ඔබ තුළ ඉස්මතු දැඩි සිතිවිලි පාලනය කරගැනීමට මෙය මහත් පිටිවහලක් වේ.
ගෘහ ජීවිතය :
වරින්වර නොසන්සුන් කම්, කළකිරීම් හා කෝපවීම් ඇති වීම නිසා පවු‍ලේ සාමාජිකයන් අතර අසමගිය හා අසතුට ඇතිවීමේ අවස්ථා උද්ගත වුවත් ගැටුම් ඇති නොවී සාකච්ඡාවෙන් ඒවා සමනය කරගැනීමට හැකිවේ.
රැකියාව හා ආර්ථිකය :
හිතවතුන් හා ප්‍රධානීන් සමග මත ගැටුම් ඇතිවීම නිසා රැකියා කටයුතු සම්බන්ධව සුළු කලකිරීම් හා නොසන්සුන්තාවක් ඇතිවීමට ඉඩ තිබේ. එහෙත් අවසානයේ මේවා සමනය කරගෙන හොඳින් රැකියාව කරගෙන යාමේ අවස්ථාව සැලසේ. අතිරේක ආදායම් මාර්ගද යෙදීමෙන් ආර්ථිකයේ වැඩිදියුණුව සිදුවන අතරම අනවශ්‍ය වියදම් යෙදීම නිසා මුදල් අපහසුකම් ඇතිවීමට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් වන්න.
අධ්‍යාපනය :
බාධක ආශ්‍රයත් ඇතිවීම, උදාසීන ගති වැනි හේතූන් නිසා ඉගෙනීමේ කටයුතුවල පසුබෑම් සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. මේවා
පිළිබඳව ඔබ සැලකිලිමත් වුවහොත් උසස් ජයග්‍රහණ ලබා ගැනීමේ වාසනාවද සැඟවී තිබේ.
විවාහ මංගල්‍ය කටයුතු :
මංගල්‍ය කටයුතු සම්බන්ධව සුළු පසුබැසීම් හා විරෝධතා ඇති වුවත් ඒවා ඉවත්වී යහපත් මංගල යෝග උදාකරන ග්‍රහ ශක්තියක් ගොඩනැගී තිබේ.
ශරීර සෞඛ්‍යය :
සුළු වශයෙන් රුධිරය හා සෙම ආශ්‍රිත රෝගවලට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් වන්න.
අය: 11 - වැය: 11

තුලා ලග්නය
හදිසි ධනලාභ


ලග්නපති සිකුරු කේන්ද්‍රගතව රුචක යෝග බලයෙන් සිටින උච්ච කුජ සමග එක්වී 10 වැන්නේ සස සහ ගජකේශරී යෝග බලයෙන් සිටින ගුරුගේ දෘෂ්ටි මෙම යෝගයට එල්ලවේ. 9, 11 අධිපතීන් ලෙස රවි හා බුද 3 වැන්නේ සිටී.
මානසික ස්වභාවය හා සමාජ සම්බන්ධතාව
හිතට එකඟව ධෛර්යමත්ව කටයුතු කළ හැකි මානසික තත්ත්වයක් ගොඩනැගේ. වසර පුරා හොඳ උදේ‍යා්ගයක් පවතී. සාර්ථකත්වයේ රහස් වන මෙම කාරණාවන් දිවිමග සාර්ථක කරගැනීමට ඉවහල් වනු ඇත. ඔබට අතහිත දෙන, නිසි අවවාද, උපදේශ ලබා දෙන මිතුරු කැලකගේ ඇසුර ලැබිමේ වාසනාවද ඇතිවේ. ප්‍රබුද්ධ සමාජ ආශ්‍රයක් ඇති වන අතර ඉදිරි දිවිමග සරුසාර කරගැනීමට ඒ ආශ්‍රයත් හේතුසාධක වේ.
ගෘහ ජීවිතය
දැඩි විධිවිධාන යෙදීම හා ස්වකීය මතය පමණක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම නිසා පවු‍ලේ සාමාජිකයන් අතර හිත් නොහොඳකම් ඇතිවීමට ඉඩ තිබෙන නිසා අන්‍යයන්ගේ අදහස්වලටද ගරු කරමින් කටයුතු කිරීම වැදගත්ය. ප්‍රබල ආරවුල් ඇති නොවේ.
රැකියාව හා ආර්ථිකය
වෙනදාට වැඩි උනන්දුවක් හා කැපවීමක් රැකියා කටයුතු සම්බන්ධයෙන් ඔබ තුළ ජනිත වෙයි. මේ නිසා ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ පැසසුම් හා අනුග්‍රහය ලබමින් සාර්ථකව රැකියා කටයුතු කරගෙන යාමට හැකිවේ. ආර්ථිකයේ හොඳ දියුණුවක් ඇතිවන වසරකි. හදිසි ධන ලාභවලටද හේතු වාසනාව තිබේ.
අධ්‍යාපනය
අවධානය අඩුවීම හා උදාසීන ගති වැනි ඔබ තුළම ඇතිවන දුර්වලතාවන්ද, බාධක ආශ්‍රයන්ද යන හේතූන් නිසා ඉගෙනීමේ කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.
විවාහ මංගල්‍ය කටයුතු
මේ දක්වා ප්‍රමාද වූ විවාහ මංගල්‍ය කටයුතු සියලු බාධාවන් මගහැරී දෙමාපිය වැඩිහිටි ආශිර්වාදය ඇතිව සිදුකර ගැනීමේ අවස්ථාව සැලසේ. යහපත් සම්බන්ධතාවක් ගොඩනැගේ.
ශරීර සෞඛ්‍යය
ප්‍රබල රෝගාබාධ ඇති නොවේ. වරින්වර ඇතිවන උදරාබාධවලට ඉඩ තිබෙන නිසා ආහාරපාන ගැන සැලකිලිමත් වන්න.
අය:  5 - වැය: 14
වෘශ්චික ලග්නය
පවු‍ලේ සමගිය


වසර උදාවේදී ලග්නයේ ශනි සිටියදී ලග්නපති කුජ උච්චවැ 3 වැන්නේ සිකුරු සමග ශනි හා පරිවර්තන යෝගයක යෙදී සිටී. ගුරු 9 වැන්නේ උච්චවැ ලග්නයට හා 5 වැන්නට සුබ දෘෂ්ටි එල්ල කරයි. ඒරාෂ්ටක දෝෂ ඇති නොවේ. අයස්ථානයේ රාහු ප්‍රබලයි.
මානසික ස්වභාවය හා සමාජ සම්බන්ධතාව :
ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුවීමක් ඇති වේ. මෙමගින් ලැබෙන ශක්තිය නිසා ශක්තිමත් මානසික තත්ත්වයක් ගොඩනගා ගැනීමේ හැකියාව ඇතිවේ. උනන්දුව හා ධෛර්යය නොඅඩුව පවතී. ඔබට නිසි අවවාද අනුශාසනා ලබා දෙන හිතමිතුරු පිරිසකගේ ඇසුරද ඇතිවේ. මොවුන් තුළින් හොඳ ජීවිත ප්‍රත්‍යක්ෂයත් හඳුනා ගැනීමට ලැබෙන අතර ශක්තිමත් පන්නරයක් ඔබ තුළ ගොඩනැගේ.
ගෘහ ජීවිතය :
පවු‍ලේ සාමාජිකයන් සියලු දෙනා එකමුතුව සමගියෙන් කටයුතු කරන පරිසරයක් නිර්මාණය වේ. එකිනෙකාගේ අදහස්වලට සවන් දෙමින් හා ඒවාට ගරු කරමින් එක්ව කටයුතු කිරීම නිසා නිවස තුළ හොඳ දියුණුවක් ඇති කරගත හැකි වන්නේය.
රැකියාව හා ආර්ථිකය :
රැකියා කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකිවේ. ඒ සඳහා ප්‍රධානීන්ගෙන් හා හිතවතුන්ගෙන් හොඳ සහයෝගයක් ලැබේ. උසස් වීම් පවතින වසරකි. ආර්ථිකයේ හොඳ දියුණුවක් සිදුවේ. අතිරේක ආදායම් මාර්ග හෙළිපෙහෙළි වේ. හදිසි ධන ලාභ පවතී. හොඳ තැන්පතුවක් ගොඩනගා ගැනීමට හැකිවේ.
අධ්‍යාපනය :
ඉගෙනීමේ කටයුතු උසස් ප්‍රතිඵල ලබාගත හැකි වසරක් නිසා උනන්දු වන්න. බාහිර බාධක නැත. ඔබ තුළ ඉස්මතු වන උදාසීන ගති නිසා පසුබැසීම් ඇතිවිය හැකි නිසා ප්‍රවේශම් වන්න.
විවාහ මංගල්‍ය කටයුතු
ප්‍රමාද වූ මංගලයෝග ඉටුවන වසරකි. යහපත් සම්බන්ධතාවක් ගොඩනැගේ. වැඩිහිටි හා ඥාතීන්ගේ ආශිර්වාද ලබමින් යුග දිවියට පත්වීමේ වාසනාව ඇතිවේ.
ශරීර සෞඛ්‍යය :
ප්‍රබල රෝගාබාධ නැත. සෙම ආශ්‍රිත රෝග, උදරාබාධ ආදියට ඉඩ තිබෙන නිසා ආහාරපාන හා ස්නානය ගැන ප්‍රවේශම් වන්න.
අය: 11 - වැය: 5

ධනු ලග්නය
අධ්‍යාපනයට යහපත්


ලග්නපති ගුරු උච්චවැ  ලග්නයේ ධර්ම කර්මාධිපති යෝගය හා දෙවැන්නේ කුජ උච්ච වැ අයස්ථානාධිපති සිකුරු සමග එක්වී සිටිද්දී නව වසර ආරම්භ වේ. 12 වැන්නේ ගමන් කරන ශනිට ගුරුගේ ශුභ දෘෂ්ටි එල්ල වීම ශක්තියකි. 4 කේතු 10 රාහු තරමක් දුර්වලයි.
මානසික ස්වභාවය හා සමාජ සම්බන්ධතාව :
යහපත් මානසික තත්ත්වයන්ද ධෛර්ය සම්පන්න ස්වභාවයන්ද වසර පුරා පවතී. මේ නිසා ලබන ශාන්තිය හේතු කොට ගෙන ප්‍රමාද වූ විශාල වැඩ කොටසක් නිම කර ගැනීමේ හැකියාව ඇතිවේ.
 ගෘහ ජීවිතය:
නිවසේ සතුට සාමය හා සහයෝගය ඉහළ මට්ටමින් පවතී. පවු‍ලේ සාමාජිකයන් අතර හොඳ එකමුතුකමක් ගොඩනැගේ.
රැකියාව හා ආර්ථිකය:
තෘප්තිමත්වැ සිය වගකීම් නිසියාකාරව ඉටුකර ගැනීමේ පරිසරයක් නිර්මාණය වේ.
අතිරේක ආදායම් මාර්ග ඇතිවේ. ආර්ථිකයේ වැඩිදියුණුව සිදුවෙයි. එසේ වුවද හිතවතුන් නිසා නිෂ්ඵල වියදම් යෙදීමටත් ඒ අනුව මුදල් දුෂ්කරතා ඇතිවීමටත් ඉඩ තිබෙන බැවින් ප්‍රවේශම් වන්න.
අධ්‍යාපනය:
සාර්ථක වැ ඉගෙනීම් කරගෙන යාමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය වේ.
මංගල්‍ය කටයුතු:
යහපත් සම්බන්ධතාවක් ගොඩනැගේ. විවාහය සම්බන්ධව පැවැති බාධක ඉවත් වෙයි. නිසි මංගල්‍ය යෝජනා පැමිණෙයි. මංගල යෝග පවතින වසරකි.
ශරීර සෞඛ්‍යය:
සෙම හා රුධිරය ආශ්‍රයෙන් උදරයට සම්බන්ධ රෝග ඇතිවීමේ ඉඩකඩ පවතින නිසා ආහාරපාන හා ස්නානය පිළිබඳව සැලකිලිමත් වන්න.
අය: 8 - වැය: 11

මකර ලග්නය
ප්‍රමාද වූ වැඩ කොටස් ඉටුවේ


ලග්නයේ කුජ උච්චවැ රුචක යෝග බලයෙන් යෝග කාරක සිකුරු සමග ප්‍රබල පිහිටීමක යෙදී සිටියදී නව වසර ආරම්භ වේ. ගුරු 7 වැන්නේ උච්චවැ හංස යෝග බලයෙන් සිටී. ලග්නපති ශනි අයස්ථාන ගතවී ගුරුගේ පූර්ණ ශුභ දෘෂ්ටි ලබයි. 12 වැන්නේ රවී, බුද දුර්වල යෝගයකි.
මානසික ස්වභාවය හා සමාජ සම්බන්ධතාව:
උදේ‍යා්ගිමත් ධෛර්යය සම්පන්න මානසික ස්වභාවයක් මුළු වසර පුරා පවතී. ආගම දහම කෙරෙහි වැඩි නැඹුරුවක් ඇතිවෙයි.
ගෘහ ජීවිතය:
පවු‍ලේ සාමාජිකයන් අතර හොඳ සමගියක් හා එකමුතු කමක් ගොඩනැගේ. මේ නිසා ප්‍රමාද වූ විශාල වැඩ කොටසක් නිමකර ගැනීමේ හැකියාව ඇතිවේ.
රැකියාව හා ආර්ථිකය:
රැකියා කටයුතු සම්බන්ධයෙන් වෙනදාට වැඩි උනන්දුවක් හා ප්‍රබෝධයක් ඇතිවේ. මේ නිසා වසර තුළ හොඳ ප්‍රගතියක් මෙන්ම උසස්වීම් ප්‍රතිලාභද අත්පත් වේ. මේ අතර අධික වියදම්ද යෙදේ.
අධ්‍යාපනය:
ඉගෙනීමේ කටයුතුවලින් ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමේ වාසනාව තිබේ. ඒ පිළිබඳව වැඩි උනන්දුවක් හා කැප වීමක් ඔබ තුළ ඇතිවේ.
මංගල්‍ය කටයුතු:
යහපත් සම්බන්ධතාවයන් ගොඩනැගේ. විවාහ ප්‍රමාද වූවන්ගේ මංගල සිහිනය සැබෑවන වසරකි. ඒ සඳහා දෙමාපිය වැඩිහිටිආදීන්ගේ අනුග්‍රහය හා ආශීර්වාදය ලැබේ.
ශරීර සෞඛ්‍යය:
උෂ්ණාධික රෝග, පාද ආබාධ, උදරාබාධ ආදියට ඉඩ ඇති නිසා ප්‍රවේශම් වන්න.
අය: 2  -  වැය: 14

කුම්භ ලග්නය
අතිරේක ආදායම් වැඩිවේ


ලග්නාධිපති ශනි කේන්ද්‍රගතව ගුරුගේ සුබ දෘෂ්ටි ලබමින් සිටියදී නව වසර ආරම්භ වෙයි. කුජ උච්චව සිකුරු සමග 12 වැන්නේ ධර්ම කර්මාධිපති යෝගය යෙදී තිබේ. මේ අයස්ථානයේ ප්‍රබලව බුද සමග එක්වී සිටී. රාහු සහ කේතුගේ පිහිටීම්වල දුර්වලතාවයන් පවතී.
මානසික ස්වභාවය හා සමාජ සම්බන්ධතාව :
ප්‍රබල උදේ‍යා්ගයකින් යුක්තව වසර ගතවේ. ආගමික කටයුතු සම්බන්ධව වැඩි උනන්දුවක් දක්වන අතර ඒ පිළිබඳ දීර්ඝ ගමන් බිමන්ද යෙදේ.
ගෘහ ජීවිතය :
එකිනෙකා හොඳ අවබෝධයෙන් හා හැඟීමෙන් යුක්තව කටයුතු කරයි. මේ නිසා නිවස තුළ ප්‍රමාද වූ විශාල වැඩකොටසක් නිමකර ගැනීමට හැකිවේ.
රැකියාව හා ආර්ථිකය :
රැකියා ස්ථානවල සුළු මතභේදකාරී තත්ත්වයන් ඇති වුවත් ඒවා සමනය කර ගැනීමේ හැකියාව ඔබට ඇතිවේ.
අතිරේක ආදායම් මාර්ග ඇතිවෙ. ආදායම් ඉහළ යයි. මේ අතර නිෂ්ඵල වියදම් යෙදීමේ ඉඩකඩ පවතින නිසා ප්‍රවේශම් වන්න.
අධ්‍යාපනය :
ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා හොඳ පරිසරයක් නිර්මාණය වේ. විවාහ මංගල්‍ය කටයුතු :
නව ආශ්‍රයන් ඇතිවේ. ඒ සඳහා වැඩිහිටියන්ගේ අනුග්‍රහය හා ආශීර්වාද ලැබේ. මංගල යෝජනා ස්ථිර වේ.
ශරීර සෞඛ්‍යය :
ප්‍රබල රෝග නැත. සෙම නරක් වීමෙන් වැළඳෙන රෝගවලට ඉඩ තිබෙන නිසා ස්නානය ගැන සැලකිලිමත් වන්න.
අය: 2 - වැය: 14

මීන ලග්නය
පුද පූජා කෙරෙහි පෙළඹීමක්


ලග්නාධිපති ගුරු උච්චව ත්‍රිකෝණගතවී ලග්නයට හා 9 වැන්නට සුබ දෘෂ්ටි හෙළමින් සිටිද්දී නව වසර උදාවෙයි. ධනස්ථානාධිපති කුජ උච්චව සිකුරු සමග අයස්ථාන ගතවී සිටී. 6, 7 අධිපතීන්ගේ යෝගය 10 වැන්නේ පිහිටා ඇත. 1 කේතු සහ 7 රාහු දුර්වලව සිටී.
මානසික ස්වභාවය හා සමාජ සම්බන්ධතාව :
ආගමික කටයුතු එම පූජාවන් සම්බන්ධ  වැඩි පෙළඹීමක් හා ඉදිරිපත් වීමක් ඇතිවේ. මෙමගින් ලබන ශාන්තිය බොහෝ වැඩකටයුතු සාර්ථක කර ගැනීමට ඉවහල්වේ. මේ සඳහා අනුග්‍රහය දක්වන හා උදව් උපකාර කරන හිතමිතුරු පිරිසකගේ ඇසුරද ලැබේ.
ගෘහ ජීවිතය :
පවු‍ලේ සාමාජිකයන් අතර නොසන්සුන්තාවන් ඇතිවීමේ ඉඩකඩ වැඩි නිසා ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කළයුතුවේ.
රැකියාව හා ආර්ථිකය :
ඔබේ උනන්දුවේ හා කැපවීමේ අඩුවක් සිදුනොවේ. එකිනෙකා අතර ඇතිවන අනවබෝධය නිසා මෙම ගැටුම් නිර්මාණය වීමට ඉඩ තිබේ. ආදායම් මාර්ගවල ඉහළ යාමක් සිදුවේ. හදිසි ධන ලාභ පවතී.
අධ්‍යාපනය :
ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය ඉහළ ග්‍රහ බලයක් පවතින නිසා උනන්දු වන්න.
විවාහ මංගල්‍ය කටයුතු :
මංගල යෝජනාවලට බාධා ඇතිවන වසරකි. හිතකර සම්බන්ධතා ගොඩනැගේ. පවතින ආශ්‍රයන්ට වැඩිහිටි විරෝධතා ඇතිවීමට ඉඩ තිබේ.
ශරීර සෞඛ්‍යය :
ඌෂ්ණත්වය නිසා සහ නහර ස්නායු රෝගවලට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් වන්න.
අය: 8 - වැය: 11

‍ජ්‍යොතිර්වේදී ශාස්ත්‍රාචාර්ය
අමරසේන වේගිරිය
facebook-stickered-1
ෆේස්බුක් මැසෙන්ජර් සදහා එකතු වූ නවතම යාවත්කාලිනය සදහා නවතම පහසුකමක් හදුන්වා දුන්නා. මෙය පෙර ලබා දුන්න යාවත්කාලිනයන්ට සාපේක්ෂව වෙනස් ආකාරයේ අංගයක්. එය හදුන්වා දුන්නේ "“Stickered” යන නමින්ය. 


මෙහි විශේෂත්වය වන්නේ ෆෙස්බුක් එකේ තිබෙන ස්ටිකර් අපගේ ඡුායාරූප වලට දමා නැවත සකස් කරගැනීමට හැකියාව තිබේ. නිර්මාණශීලි අදහස් තිබෙන අය සදහා නම් මෙය ඔවුන්ගේ හැකියාවන් ඉස්මතු කිරීමට හොදම අවස්ථාවක් වේ. 


පළමු යාවත්කාලිනය ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය සදහා ලබා දුන් අතර ඇපල් මෙහෙයුම් පද්ධතිය සදහා ද ලබා දීමට කටයුතු කරන බව ෆේස්බුක් ඇපස් නිර්මාණ කණ්ඩායම පවසනවා. 



facebook-stickered-2
facebook-stickered-3
facebook-stickered-4

Dec 23, 2014

විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය දෙන ජනරැළියක් සඳහා වේදිකාවක් ඉදිකෙරමින් තිබු කොළොන්නාව ප‍්‍රදේශයේ ස්ථානයකට කිසියම් පිරිසක් වෙඩි තබා තිබෙනවා.

පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ අද අළුයම මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. 

මේ අතර මෛත‍්‍රිපාල සිරිසේන මහතාට සහය දෙමින් පනාමුර සහ ජඳුර හතේ කණුව ප‍්‍රදේශයේ පවත්වා ගෙන ගිය මැතිවරණ කාර්යාල දෙකකට ඊයේ රාත‍්‍රී ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඇඹිලිපිටිය ප‍්‍රාදේශිය සභාවේ මන්ත‍්‍රීවරයෙකු වන එච්.ඒ සමන්ත රත්නායක මහතා පැවසුවේ ප‍්‍රහාරයට පැමිණි පිරිස ගිනිඅවි ද රැගෙන ආ බවයි. 

 මෙම ප‍්‍රහාර සම්බන්ධයෙන් ද පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ පනාමුරේ මැතිවරණ කාර්යාලයට සිදුවු ප‍්‍රහාරයට ප‍්‍රාදේශිය සභාවක මන්ත‍්‍රීවරයෙකු ද සහභාගි වී ඇති බවයි. මේ වන විටත් එම මන්ත‍්‍රීවරයා හඳුනා ගෙන ඇතැයි ද පොලිස් ප‍්‍රකාශකවරයා පැවසුවා. 


01
ලෝකයේ වඩාත්ම නම්‍යශීලී තරුණිය වන ස්ලාටා ට්විස්ට් තම සිරුර විශ්මය ජනක ඉරියව් වෙත ගෙන ඒමට සමත්කම් දක්වන්නීය. රුසියානු සම්භවයක් අැති ස්ලාටාගේ සැබෑනම ජුලියා බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. ;


 02 03 04
පසුගියදා ඇමරිකාවේදී විවාහ වූ මේවනවිට එහිම පදිංචිවී සිටින ජනප්‍රිය නිළි අනර්කලී ආකර්ශා විසින් විවාහයෙන් පසුව ලියන ලද ලිපියක් මාධ්‍යට ලැබී තිබේ. එම ලිපිය බලන්න පහතින්. 
Anarkali

01රියැදුරු නැතිව තනිවම යන කාර් අප මුල්වරට දැක තිබුණේ නයිට් රයිඩර් ටෙලි නාට්‍ය මාලාවෙනි. රියැදුරු නොමැතිව ගමන් කළ හැකි එවන් මෝටර් රථයක් සැබෑ ලෝකයටද හඳුන්වාදීමට Google සමාගම සූදානම් වනවා. මේ වනවිට එවැනි මෝටර් රථයක මූලාකෘතියක් google සමාගම විසින් සකසා තිබේ.

මෙම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ක්‍රිස් අම්සන් පවසා ඇත්තේ රියැදුරු නොමැතිව ධාවනය කළ හැකි මෝටර් රථයේ මූලාකෘතිය google සමාගම විසින් ලොවට ඉදිරිපත් කළද, මෙම රථය වාණිජ වශයෙන් තම සමාගම විසින්ම නිපදවීමට බලාපොරොත්තු නොවන බවයි. නමුත් හොඳම ලංසුව ලබා දෙන මෝටර් රථ නිෂ්පාදන සමාගමක් හා එක්ව මෙම මෝටර් රථ වසර පහක් තුළ වෙළඳ පොළට නිකුත් කිරීම සමාගමේ බලාපොරොත්තුව වනවා. 



Dec 21, 2014

                                                      Kendara
මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මහතා විසින් 2014 දෙසැම්බර් 7 වැනි ඉරිදා ලක්බිම පුවත්පතට ලියන ලද ‘හැකිනම් ඉදිරි තුන් මාසයේ ප්‍රබලතම සිදුවීම් දහය රටට හෙළිකරන්න’ මැයෙන් වූ ලිපිය මම ද කියැවීමි. එයට එසැනින්ම පිළිතුරු ලිපියක් සම්පාදනය කරන්නට සිත් වුව ද එය පමා කරන ලද්දේ සේනාසිංහ මහතාගේම වචනවලින් කිවහොත් ‘සුපිරි තරු’  ගණයේ ‍ජ්‍යොතීර්වේදියකු එයට පිළිතුරක් සපයනු ඇතැයි යන්න සිතුණු බැවිනි. එහෙත් එබඳු සුපිරි තරුවක් නොවූ ‍ජ්‍යොතීර්වේදිනියක වන නිර්මලා අතපත්තු මහත්මිය ‍ජ්‍යොතීර්වේදීන්ගේ පාර්ශ්වය නියෝජනය පසුගිය දෙසැම්බර් 14 ‘ඉරිදා ලක්බිම’ පුවත්පතට ලිපියක් ඉදිරිපත් කොට තිබිණ. ‘ඉදිරි තුන් මාස තුනේ රටේ ප්‍රබලම සිදුවීම් දහය කීමට විශ්ව ශක්තිකරුවන්ට අභියෝග නොකරන්නේ ඇයි?’ යන මැයෙන් ලියැවී තිබූ එය සෑහෙන දුරකට සතුටුදායක පිළිතුරක් යැයි සඳහන් කළ හැකිය. ඇය එම පිළිතුරෙන් වැඩිදුරටත් පවසා සිටියේ විවිධ මාධ්‍ය ඔස්සේ ‍ජ්‍යොතීර්වේදීන් ලෙසින් පෙනී සිටිමින් ‍ජ්‍යොතීර්වේදය ඔස්සේ සිරුරේ අධික රුධිර පීඩනය කොලෙස්ටරෝල් මට්ටම පවා කියන්නට හැකි යැයි පවසන කපටි කයිරාටිකයන් ඉලක්ක කොට මෙම අභියෝගය එල්ල කරන ලෙසය. මාධ්‍ය ඔස්සේ ‍ජ්‍යොතීර්වේදීන් ලෙස අති මහත් ප්‍රසිද්ධියට පත්ව සිටින බොහෝ බොරුකාර පුද්ගලයන්, ජනතාව රවටමින් දහස් ගණනින් මුදල් උපයා ගන්නා බව රහසක් නොවේ. අප කරා ද පැමිණෙන මෙවැනි ඇතැම් පුද්ගලයන්ගේ දුක්ගැනවිලි අපි ද බොහෝ අසා ඇත්තෙමු.
මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මහතා තුළ යම් යම් විෂයන් සම්බන්ධ තරමක දැනීම් අවබෝධයන් ඇති බව අපට පසක් වී තිබේ. එහෙත් අපේ රටේ ‍ජ්‍යොතීර්වේදයේ ඉතිහාසය සම්බන්ධයෙන් ඔහු ‘දැනුම් හාමතකින්’ පෙළෙන බව නොකියාම බැරිය. එනිසාම ඔහු ලිපියේ ‍ජ්‍යොතීර්වේදීන් වර්ග කොට ඇති ක්‍රමයේ අඩුපාඩු රාශියක් ඇති බව ද පෙනෙන්ට තිබේ. ඔහුගේ ලිපියේ එක්තරා තැනක, ‘රජ මැඳුරේ සිට පච ගහ යට දක්වා’ සිටින සියලුම ‍ජ්‍යොතීර්වේදීන්ට තම අභියෝගය විවෘත බව සඳහන්ව තිබේ. 
‍ජ්‍යොතීර්වේදයට අප රටේ ද ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. සමාජ පසුබිමත් සමග ‍ජ්‍යොතීර්වේදීන්ගේ තරාතිරම ද වෙනස් වෙයි. අප රටේ රාජාණ්ඩු පාලනයක් පැවැති අතීතයේ රජවාසල නැකත් රාළ නමින් හැඳින්වුණු රජ මැදුරේ රාජකීය නැකැත් කරුවකු සිටි බවට බොහෝ ඉතිහාස කරුණු තිබේ. ඔහුගේ රාජකාරිය වූයේ පූර්ණ කාලීනවම රජ මැදුර ඇසුරේ වෙසෙමින් රජතුමාට, රජ පවුලට සේම ‍පොදුවේ රටට සිදුවන යහපත අයහපත පිළිබඳ ග්‍රහචාරයන්
නිරීක්ෂණය කොට ඒ පිළිබඳ අනාවැකි පළකිරීම සහ පිලියම් යෙදීමය. මහනුවර යුගය වන විට රජවාස‍ලේ නැකැත්කරු භූමිකාව අතිශය ප්‍රසිද්ධියට පත් වූ බවට සාක්ෂි තිබේ. මහනුවර යුගයේදී මෙම රජවාසල නැකැත්කරුවා වෙතින් පෙර කී රාජකාරීවලට අමතරව සිංහල අවුරුදු නැකැත් සීට්ටු පිළියෙළ කිරීම ද සිදු වූ බවට ඓතිහාසික වාර්තා තිබේ. එය රජතුමා අතට පත්කිරීමෙන් පසු අණබෙරකරුවෝ මෙම නැකත් සීට්ටුව රට පුරා ප්‍රචලිත කරවති. ඉන්පසු ගම් මට්ටමේ නැකත්කරුවෝ ඒවා සටහන් කරගනිති. අවුරුදු සිරිය ගම්මාන තුළට පිවිසෙනුයේ මේ සංසිද්ධියත් සමගය.
රාජකීය නැකැත්කරුවා මෙන් නොව ගම්බද නැකැත්කරුවන් පූර්ණ කාලීනව ‍ජ්‍යොතීර්වේදී කටයුතුවල නිරත වූවෝ නොවෙති. බොහෝ විට මෙවැනි නැකැත්කරුවන්ගේ ජීවිකාව වූයේ ගොවිතැන, කම්මල් කටයුතු හෝ රන් භාණ්ඩ තැනීම ආදියයි. නමුදු, හඳහන පරීක්ෂා කිරීම විවාහ නැකැත්, ගෙට ගෙවැදීම්, අත්තිවාරම් කැපීම, මල්වර නැකැත් සෑදීම වැනි ගැමියන්ගේ සාමාන්‍ය ජීවිතයේ ‍ජ්‍යොතිෂ අවශ්‍යතා සියල්ල ඉටු වූයේ ඔහුගේ අතිනි. එහෙත් ‍ජ්‍යොතීර්වේදයේ ඇති උතුම් බව සලකා එකල ඒ සඳහා මිල නියම කිරීමක් ද නියම නොකිරිණ. එහෙත් තමන් හමුවට එන ගැමියා දෙන තුටු පඬුරකින් හෝ බවබෝග ස්වල්පයකින් සෑහීමට අතීත ‍ජ්‍යොතීර්වේදීනට හැකියාවක් තිබිණ. අතීත වැඩවසම් සමාජයේ විවිධ වෘත්තීන් අනුව කුල බෙදා පැවැතිය ද ‍ජ්‍යොතීර්වේදීන්ට පමණක් වෙන් වූ විශේෂ කුලයක් නොතිබිම ද විශේෂත්වයකි. මෙවැනි ගම් මට්ටමින් සිය කටයුතු කරගෙන යනු ලබන ‍ජ්‍යොතීර්වේදීහු වර්තමානයේ ද සිටිති. ඔවුන්ගෙන් සමහරකු  වර්තමානයට ගැළපෙන සේ කුඩා කාර්යාලයක්, දැන්වීම් පුවරුවක් වැනි දේ එකතු කරගෙන ඇතත් ඔවුන් සිදුකරන්නේ අතීත නැකැත්කරුවන් විසින් කළ කාර්යභාරයමය.  යම් වෙනසකට ඇත්තේ අතීතයට වඩා එම සේවය මිල මුදල් මත පදනම් වීම පමණි. එසේ නොමැතිව ඉදිරි ජනාධිපතිවරණයෙන් දිනන්නේ කවුද? ලබා ගන්නා ඡන්ද ප්‍රතිඵලය කුමක්ද ? ඉදිරියේ සිදුවිය හැකි රටේ ප්‍රධානම සිදුවීම් කුමක්ද? වැනි දෑ පිළිබඳ සොයා බලන්නට ඔව්හු ඉදිරිපත් නොවෙති ඊට හේතුව එවන් සියුම් එමෙන්ම වෙහෙසකර කටයුත්තක් සිදු කිරීමෙන් ඔවුනට කිසිදු ප්‍රතිලාභයක් ලබාගත නොහැකි වීමය.  
නමුත් නූතන මාධ්‍ය කරලියේ අනේක විධ ආටක - නාටක බහු රූ කෝලම් ඉදිරිපත් කරන සිඟාල කුලයේ සටකපට ‍ජ්‍යොතීර්වේදීහු ඉහත සඳහන් අව්‍යාජ අවිහිංසක ‍ජ්‍යොතීර්වේදීන්ගේ ගණයට ඇතුළත් නොවෙති. ‍ජ්‍යොතීර්වේදිනී නිර්මලා අතපත්තු මහත්මිය පවසා ඇති පරිදි ඉදිරියේ පැවැත්වෙන ක්‍රිකට් තරගයක පිල් දෙක ලබාගන්නා ලකුණු පිළිබඳව පවා අනාවැකි පළකරන්නේ ඉහත සඳහන් සට කපට ‍ජ්‍යොතීර්වේදීන්ම බව පෙනේ. අතපත්තු මහත්මිය පවසන අන්දමට මෙවැනි සියුම් නිර්ණාත්මක අනාවැකි පළකිරීම ‍ජ්‍යොතීර්වේදයෙන් කළ නොහැකිය. 
මේ දිනවල බොහෝ දෙනකුගේ අවධානය ඉදිරි ජනාධිපතිවරණය කෙරෙහිය. එහෙත් ඉන් දිනන්නේ කවුද යන්න පිළිබඳ අනාවැකියක් පළකිරීමට ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාගේ ජන්ම පත්‍ර පමණක් නොසෑහේ. ඒ සඳහා ශ්‍රී ලංකා කේන්ද්‍රය සේම ඔවුන්ගේ භාර්යාවන්ගේ දරුවන්ගේ ජන්ම පත්‍ර ද උපයෝගි කර ගනිමින් අතිශය තුලනාත්මක අධ්‍යයනයක් කළ යුතුය. මගේ වැටහීම අනුව ඒ සඳහා මීට මාස හය හතක් වත් ගත වේ. එහෙත් ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රධාන ප්‍රතිවාදියාගේ භූමිකාව දේශපාලන කරලියට පැමිණ තවම මසක්වත් ඉක්ම ගොස් නැත. එහෙත් ඒ සඳහා විවිධ ‍ජ්‍යොතීර්වේදීන්ගේ අනාවැකි පළ කිරීම් මාධ්‍ය මගින් නොඅඩුවම අසන්නට දකින්නට ලැබේ.
‍ජ්‍යොතීර්වේදය මගින් රටතොට අනාවැකි පළකරන බව පවසමින් මහජනතාව මුලා කරන කපටි ‍ජ්‍යොතීර්වේදීන්ගේ නිරුවත ලොවට හෙළි වූ හොඳම අවස්ථාවක් වන්නේ 2004 වසරේදී ඇති වූ සුනාමි ඛිෙදවාචකයයි. ඒ පිළිබඳ කිසිදු ‍ජ්‍යොතීර්වේදියෙකු කිසිවක් පවසා තිබුණේ නැත. යමකු ප්‍රසිද්ධ මාධ්‍යයකින් එසේ පවසා තිබුණේ නම් අදාළ සාක්ෂි ද සමග එම අනාවැකිය නැවත ඉදිරිපත් කරන මෙන් මම ඔවුන්ට විවෘත අභියෝගයක් කරමි. තමන් කියූ දෙයක් කිසි දින වැරදී නැතැයි වෙළෙඳ දැන්වීම් ඔස්සේ පුරසාරම් දෙඩූ එක් ‍ජ්‍යොතිෂ පුවත්පතක් සුනාමිය ඇතිවීමට පෙර සතියේ මුල් පිටුවේම සිරස්තලයකින් පළ කළ පවසා තිබුණේ ‘ස්වභාවික විපත් දැන් ඉතින් නිමයි‘ යන්නය. ප්‍රධාන පෙළේ ‍ජ්‍යොතීර්වේදීන් යැයි පවසා ගනු ලබන අයගේ නිරුවත මෙවැනි දේවලින් මනාව පැහැදිලි වන අවස්ථා බොහොමයකි. අවශ්‍ය නම් ඔවුන්ගේ නම් ගම් ද සහිතව ඒවා ඉදිරි කලාපයකින් අනාවරණය කළ හැකිය. 
එමෙන්ම සේනාසිංහ මහතාගේ මෙම අභියෝගය පිළිබඳව ද අවසාන වශයෙන් යමක් කිව යුතුය. ඔහුගේ මෙම අභියෝගය පසු පස දේශීයත්වය වනසන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තිබිමේ පැහැදිලි අවකාශයක් පවතී. එනිසා සේනාසිංහ මහතා සම්බන්ධ වී වැඩ කටයුතු කරන හේතුවාදය වෙනුවෙන් පෙනී සිටින විවිධ සංගම් පිළිබඳව හා ඒවායේ වත්කම් හා ඒවාට ලැබෙන විදේශ ආධාර පිළිබඳව ද පුළුල් අවධානයක් යොමු කළ යුතු යැයි මම සිතමි. එවිට සේනාසිංහ මහතා වැන්න වුන් මෙසේ ‍ජ්‍යොතීර්වේදයට පහර ගසන්නේ කාගේ ‘බළල් අතක්’ ලෙස ක්‍රියාකරමින් දැයි දැන ගැනීමට අප කාට කාටත් හැකි වනු ඇත.

ජ්‍යොතීර්වේදී වෑවලගේ විමලසිරි
වෙනත් ග්‍රහ වස්තු නිරීක්ෂණය කිරීම සදහා නාසා  නිර්මාණය කල කෙප්ලර් අභ්‍යවකාශ යානය පසුගිය දින වලදී අක්‍රිය වුණා.  තත්වය මග හරිමින් නිරීක්ෂණ කටයුතු කරමින් සිටි නසා ආයතනය විසින් නව ග්‍රහලොවක් සෝයා ගැනීමට සමත් වුණා. පසුගිය බ්‍රහස්පතින්දා දින නාසා  ආයතනය විසින් මේ බව සහතික කළා.

අලුතින් සොයා ගැනුණු ග්‍රහලොව නම් කරනු ලැබුවේ "HIP 116454b" නමින්ය. එහි විෂ්කම්භය පෘථිවියේ විෂ්කම්භය මෙන් 2.5 ගුණයක් වන බව ඔවුන් පවසනවා. 

මෙම ග්‍රහලොවට පෘථිවියේ සිට ආලෝක වර්ෂ 180ක් පමණ දුරින් තිබෙන බවයි නාසා ආයතනය පවසන්නේ. මෙහි ජිවින්ට වාසය කිරීම සදහා සුදුසු පරිසර තත්වයක් නොමැත. 

Dec 19, 2014

මේක ඇවිල්ලා Ebay වගේ සයිට් එකක් අරවා මෙව්වා තීනවා 

අම්බානෙකට මෙතනින් යන්ටකෝ 


හෝව් හෝව් ඉතුරු ටිකක් බලලම යන්න 


කරන්න තියෙන්නේ මෙච්චරයි...


පහළ තීන ලින්ක් එකෙන් ගිහින් Register වෙන්න..ඊට පස්සේ 

Email එක Confirm කරන්න...එතකොට ඔයාට $10 ලැබෙනවා...


(අනිවාර්යයෙන් ඔයාලා මේ ලින්ක් එකෙන් Register උනොත් $5 

ලැබෙනවා...ඊට අමතරව Welcome Bonus එකක් විදියට තව $5 

ලැබෙනවා)
ඊට පස්සේ අඩුවට Freeshipping තීන Item එකක් 

තෝරගන්න...නැත්නම් අඩූවට තීන Items දෙකක් තෝර ගන්න 

(එතකොට Freeshipping ලැබෙනවා)


ඊට පස්සේ Order එක Process කරන් ගිහින් Complete කරන්න .

(Worldwide Shipping)

ගන්නා දෙයක් දැන්ම ගන්නලා...ඉවර වෙන්ඩ කලින්

පොදු විපක්ෂයේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය සියක් දිනෙන් අලුත් රටක් යනුවෙන් අද (19දා) කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේදී එළිදක්වන ලදී. එම ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 11 වන පරිච්චේදය "අර්ථවත් හරවත් මාධ්‍ය නිදහසක්" යනුවෙන් නම්කොට ඇති අතර මාධ්‍ය නිදහස ඇති කිරීම සඳහා සිදු කරන යෝජනා රැසක්ද වේ.

ඒ අතුරින් එක් යෝජනාවකින් පැවසෙන්නේ නොමිලේ අනතර්ජාලය ලබාදීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා බවයි. මෙය ගෘහස්ත වශයෙන් නොව ප්‍රසිද්ධ නගර ආසන්නයේ "වයි ෆයි හොට්ස් පොට්" සවි කිරීම මගින් සිදු කරන බව එම යෝජනාවේ වැඩිදුරටත්  දැක්වේ. 

m-1 m-2

Dec 18, 2014

ස්නායු පිළිබඳ විශේෂඥයකු වන ඇලෙක්ස් රිවෙස්ට් ගිණි කන්දක් සක්‍රීයවී ඇති අවස්ථාවක ගලනා ලාවා මත ඇවිදින අයුරු සංචාරක මගපෙන්වන්නා විසින් රූගත කර තිබෙනවා. හවායි දූපත්හි සංචාරය සඳහා පැමිණි අවස්ථාවේ ඔහු මෙම අවදානම් ක්‍රියාවේ යෙදී තිබෙනවා.‍සක්‍රීයව පවතින ගිණි කන්දකින් පිටවන ලාවා සෙල්සියස් අංශක 700 ත් 1200 ත් අතර වනවා.


Dec 14, 2014


ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි කි‍්‍රකට් ක‍්‍රීඩක කුමාර් සංගක්කාරට දඩ මුදලක් පැනවීමට ජගත් කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ, එංගලන්තය සමඟ පල්ලෙකැළේ ජාත්‍යන්තර කි‍්‍රකට් ක‍්‍රීඩාංගණයේ පැවති තරගයේදී විනිසුරු තීරණයකට විරෝධය පළ කිරීම හේතුවෙන්. මෙය සිදුවන අවස්ථාවේදී ක‍්‍රීඩා පිටියේ ඩිල්ශාන් සමගින් සංගක්කාර පන්දුවට පහර දෙමින් සිටියා. එහිදී ඔවුන් දෙදෙනා 33 වන පන්දු වාරයේදී බැටින් පවර් ප්ලේ අවස්ථාව ඉල්ලනු ලැබුවා. නමුත් එම අවස්ථාවේදී විනිසුරුවරුන් පවසා ඇත්තේ පන්දු යවන්නා ඒ වන විටත් සිය පන්දු වාරය යැවීම සඳහා සූදානම්ව සිටින නිසා අවස්ථාව ලබාදිය නොහැකි බවයි. අනතුරුව 34 වන පන්දු වාරයේ පළමු පන්දුවට ඩිල්ශාන් දැවී ගියා. එම අවස්ථාවේදී පන්දු යවන්නාගේ අන්තයේ සිටි කුමාර් සංගක්කාර විනිසුරුවරුන් දෙසට හැරී යමක් පවසා තිබෙනවා. පසුව එය මත ගැටුමක් දක්වා දුරදිග ගියා. තරගයෙන් අනතුරුව මෙම සිදුවීම සම්බන්ධයෙන් පිටියේ විනිසුරුවරුන් තරඟ තීරකට පැමිණිලි කර තිබෙනවා. ඒ අනුවයි සංගක්කාරට සිය තරඟ ගාස්තුවෙන් සියයට 15ක දඩ මුදලක් පැනවීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ. 

Dec 13, 2014

 

මෙම ලිපියෙන් අප ඔබට කොහොමද තරුණව  ඉන්න විදියයි  කියන්න යන්නේ. අපි සියලු දෙනාම  තරුණව  ඉන්න කැමති  ඇත්තටම තරුන්යේම රැදී සිටින්න ප්රෙදාන රහස් කිහිපයක් පිලිබදව අප ඔබව අද දැනුවත් කරන්නම් .

ඉන් ඔබ පහත දැක්වෙන ආහාර භාවිතා උදාහරණට ගන්න   මෙම ආහාර ඔබ තරුණයේම  ඉන්න උපකාරී වනු ඇත එම නිසා  ඒවැනි විවිධ ආහාර  තිඛෙනවා

>>>  යෝගට්
>>>  චොක්ලට්
>>>  කැරට්
>>>  ඔලිව් තෙල්
>>>  ගෙඩි

 අපි කැරට් ගැන කතා කරොත් නම් කැරට් කාන්තාව අතර වඩාත්ම ප්රෙසිද්ද  දෙයක්. ඔවුන් ඉතා සුන්දර වෙන්න කැරට් කන්න භාවිතා කරන  නිසා. ඇත්තටම, රහස් කිහිපයක් මෙම ආහාර පිටුපස පවතී. මෙම ආහාර ඔබ තරුණයේම  රැඳී සිටීමට උපකාර කරනු ඇත. මෙම එළවළු විටමින් ඇතුළත් මෙන්ම එය සමහර රෝග වළක්වා ගත හැක. එසේම, එය ඇතැම් පිළිකා අඩු කළ හැකි ද. එසේම, එය අපේ සමට පාරජම්බුල ආලෝක ආරක්ෂාව ලබා දෙයි. ඒ නිසා මෙම සෞඛ්ය සම්පන්න වීමට උපකාරී වනු ඇත. ඊට පස්සේ අපි ගෙඩි ගැන කතා කරන්න පුළුවන්. ජනතාව අතර ජනප්රිය ද ඇත්තටම ගෙඩි. ඔවුන් කෑම කමින් සිටින ගෙඩි කිහිපයක් ආකාර. ඔබ එය තරුණයේම  ඉන්න කිරීමට බලය කොට ඇති බව අපි දන්නවා. ඇත්තටම ඒ ගැන රහස් සැගවී  පෝෂණ වේ.

එය මත ඒ නිසා බොහෝ පෝෂණ. ලවණ ඛනිජ මෙන්ම අපගේ ශරීර සමහර වැදගත් අවශ්යතා ගෙඩි මත ඇතුලත් වේ. ඒ නිසා මෙම සෞඛ්ය සම්පන්න වීමට උපකාරී වනු ඇත. ඊළඟට ආහාර ඔලිව් තෙල් වේ. ඇත්ත වශයෙන් ම නම් මෙම ඉපැරණි අතීතයේ සිට වඩාත් ජනප්රිය වේ. ඔලිව් තෙල් ඔවුන්ගේ රූපලාවන්ය ගැනීම සඳහා  රජවරුන් විසින් භාවිතා කරනු ලැබේ. ඔබ එය ද ද ඒ සඳහා බොහෝ රෝග යම් ආකාරයක වළක්වා ගත හැක අප තරුණ කරන්න පුළුවන් කියලා ඔයා දන්නවාද?. මේද ඔලිව් තෙල් මත ඇතුළත් වේ. ඔබ එය සමහර හෘද රෝග මුහුණ මෙන්ම එය ද රෝග එම ආකාරයේ වැළැක්වීම සඳහා භාවිතා කළ හැකි වේ

චොකලට් සහ යෝගට් ද ඔබ තරුණ විය උදව් වනු ඇත, වෙනත් ආහාර වේ. ඇත්තටම චොකලට් සහ යෝගට් මත විටමින් සහ වෙනත් පෝෂණ දේවල් ම ඔබට උපකාරී වනු ඇත. මේ දේ බොහෝ පෝෂ්ය පදාර්ථ අඩංගු නිසා. ඒ නිසා ඔබ නැවතී සිටින යොන්ග් සත්යය අවබෝධ වනු ඇත

ඔබ සෞඛ්ය සම්පන්න පුද්ගලයෙකු නම් ඉතින් ඔයා සදහටම තරුණ ඉන්න පුළුවන් 

Dec 11, 2014

ගුගුල් සමාගම විසින් 2014 වර්ෂය සදහා ඔවුන්ගේ ගුගුල් ඇප්ස් ස්ටෝර්හි තිබෙන හොදම ඇප්ස් 68 මේ වන විට තෝරා අවසන්. මෙහි සියලුම ඇප්ස් ඇන්ඩ්‍රෝයිඩ් දුරකථන සදහා පමණක් වෙයි.

ලෝකයේ ජනප්‍රියම ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියක් වන ඇන්ඩ්‍රෝයිඩ් සදහා වැඩිම ඇප්ස් ප්‍රමාණයක් ඇත්තේ මෙහිය.

නොමිලේ මෙන්ම මුදල් ගෙවීම මගින්ද මෙහි තිබෙන ඇප්ස් පරිශීලකයන් හට ලබා ගැනීමට අවස්ථාව සලාසා තිබෙනවා. ඔවුන් නම් කරන ලද ඇප්ස් 68න් 61ක් නොමිලේ ලබා ගත හැකි ඇප්ස් වන අතර ඉතිරි ඇප්ස් 7 මුදල් ගෙවා ලබා ගත යුතු ඇප්ස් ය.


best-android-apps-play-store

Dec 7, 2014

තමන්ගේ පියයුරු කුඩා වැඩි යැයි හෝ විශාල වැඩි යැයි සිතමින් ළතැවෙන තරුණ කාන්තාවන් අප අතර සිටිනවා. ඒ වගේම තම ලිංගික අවයවය කුඩා වැඩි යැයි කියමින් ඒ සඳහා  විවිධ ප්‍රතිකර්ම කිරීමට උත්සුක වන තරුණයන්ද සමාජය තුළ ඕනෑ තරම් දැක ගන්න පුළුවන්. තමන්ගේ ශරීරයේ කුමන හෝ බාහිර ඉන්ද්‍රියක පිටතට දිස්වන අඩුපාඩුවක් අවලස්සනක් ඇතැයි මුල් බැසගත් විශ්වාසයක් තිබිම ඇතැම් විට මානසික ආබාධයක් විය හැකියි. මෙම මානසික ආබාධය මනෝ වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ ඩිස්මෝෆෝබියාලෙසින්. මෙය තරුණ වයසේ පසුවන අය අතරයි සුලබව දකින්නට ලැබෙන්නේ.
මේ රෝගීන් සිතන්නේ තමාගේ ඉන්ද්‍රියන් පමණට වඩා කුඩා හෝ විශාලත්වයෙන් වැඩි බවයි. එහෙමත් සාමාන්‍යයෙන් මේ ආකාරයට දැනෙන්නේ කාන්තාවන්ට පියයුරු සහ පිරිමින්ට ලිංගික අවයවය පමණක් නොවෙයි නාසය, කන්,මුඛය, නළල, සම, උකුල, පසුපස ප්‍රදේශය වැනි විවිධ ඉන්ද්‍රියයන් සහ ස්ථාන සම්බන්ධයෙනුත් මේ විදිහට දැනෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මේ අවයව වුණත් වෙනත් ඕනෑම අවයවයක් සම්බන්ධයෙන්ද මේ තත්ත්වය ඇති විය හැකියි.
මෙසේ පමණට වඩා විශාල හෝ කුඩා එහෙමත් නැත්නම් විරූපී යැයි හැඟෙන ඉන්ද්‍රිය බාහිරට පෙනෙන එකක් නම් එම වෙනස අනෙක් අයටත් දැනිය යුතුයි. නමුත් අනෙක් අය කිසිදු විශේෂත්වයක් නොදක්වද්දී පවා මේ රෝගීන්ට හැඟෙන්නේ තමාගේ එම වෙනස ගැන අනෙක් අය කතා වෙන බවයි. එසේ සිතමින් රෝගියා විශාල මානසික පීඩනයකට ලක්වෙනවා.
සාමාන්‍යයෙන් මේ රෝගීන් තමන්ගේ එම ඉන්ද්‍රිය ඇදයි ලොකුයි කුඩායි ආදි වශයෙන් පවසමින් එය වෙනස් කර ගැනීමට ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන් වෙත පවා යොමු වන අවස්ථා තිබෙනවා. යම් විදියකින් ප්ලාස්ටික් සැත්කමකින් එම වෙනස සකස් කළේ යැයි සිතමු. ඒත් රෝගියා සෑහීමකට පත් වන්නේ නෑ. හේතුව රෝගය තිබෙන්නේ ඔහුගේ ඉන්ද්‍රියෙහි නොව මනසේ වීමයි. එනිසා ඔවුන්ගේ මේ තත්ත්වය වෙනස් වන්නට නම් මානසික වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතුයි.
ඩිස්මෝෆෝබියා රෝගයෙන් පෙළෙන කාන්තාවන් වැඩිපුරම වෛද්‍යවරුන්ට පැමිණිලි කරන්නේ තම පියයුරු සම්බන්ධයෙන් පියයුරු කුඩායි, එහෙමත් නැත්නම් පමණට වඩා විශාලයි. ඒත් නැත්නම් එකක් කුඩායි අනෙක ලොකුයි ආදි වශයෙන්. ඔවුන්ට හැඟෙන කුමක් හෝ දෙයක් සම්බන්ධයෙන් ඔවුන් පීඩාවට පත් වෙනවා.
මේ රෝගය ඇති පිරිමින් බහුලවම පෙළෙන්නේ තමාගේ ලිංගේන්ද්‍රිය හා සම්බන්ධ ගැටලුවලින්. මෙබඳු එක් තරුණයෙකු තමන්ගේ ලිංගේන්ද්‍රිය ඉතාමත් කුඩා යැයි සිතමින් බොහෝ පීඩාවට පත් වුණා. ඒ අනුව ඇඳුමක් ඇන්ද විට තමාට එවැන්නක් ඇති නැති ගාණට බාහිරට දිස්වන්නේ යැයි සිතමින් මානසිකව බෙහෙවින් තැවුල් ඇති කරගත් එම තරුණයා තම ලිංගේන්ද්‍රිය වටා රෙදි පටියක් ඝණකමට ඔතා කලිසම් අඳින්නට පටන් ගත්තා. කෙසේ හෝ අවසානයේ මේ තැනැත්තා මානසික රෝග සායනයට යොමු වී තිබුණා.
මෙසේ තම ලිංගේන්ද්‍රියෙහි කිසියම් හෝ විකෘති භාවයක් ඇතැයි විශ්වාස කරන බොහෝ පිරිමි පුවත්පත් දැන්වීම් හරහා ගොස් හොර වෙද්දුන්ට දහස් ගණන් මුදල් පූජා කරන අවස්ථා බහුලව අසන්නට ලැබෙනවා.
ඩිස්මෝෆෝබියා රෝගීන් නිතර සිදු කරන දෙයක් නම් තමාගේ එවැනි  අඩු ලුහුඬුකමක් ඇතැයි විශ්වාස කරන ඉන්ද්‍රිය දෙස නිතර කණ්ණාඩියෙන් බැලීමයි. මේ රෝගය තදබල ලෙස පැවැතියහොත් ඒ ගැනම සිතමින් ඒ වෙනුවෙන්ම වෙහෙස වෙමින් අන්තිමේ අධ්‍යාපනය, රැකියාව පවා අහිමි කර ගන්නට ඉඩ තිබෙනවා.
කෙසේ වුවත් මේ රෝගීන් ශල්‍ය වෛද්‍යවරුන්, ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්, සමේ රෝග වෛද්‍යවරුන්, වැනි කායික වෛද්‍යවරුන්, වෙත යනවා මිස මනෝ වෛද්‍යවරුන් වෙත යන්නෙ නෑ. මනෝ වෛද්‍යවරුනට මෙබඳු රෝගීන් හමුවන්නේ කායික වෛද්‍යවරුන් පරීක්ෂා කර මෙම රෝග තත්ත්වය බව හඳුනාගෙන ඔවුන් විසින්ම මනෝ වෛද්‍යවරුන් වෙත යොමු කිරීමෙනුයි.
විශාද රෝගය මෙන්ම භීන්නෝන්මාද රෝගයේද කොටසක් ලෙස ඩිස්මෝෆෝබියා ලක්ෂණ හට ගත හැකියි. ඩිස්මොෆෝබියා රෝගයට සාර්ථක මනෝ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. සමහරුන්ට ප්‍රතිකාර  කළත් දිගින් දිගටම රෝගය පවතින්නටත් හැකියාවක් නැතුවා නමෛයි. එසේ වන්නේ ඩිස්මෝෆෝබියාව වෙනත් මානසික රෝගද සමග පවතින විටයි. එවැනි අවස්ථාවකදී එම මානසික රෝගයටත් ප්‍රතිකාර කළ යුතුයි. නැතිනම් ඩිස්මෝෆෝබියාවේ ලක්ෂණ සුව වන්නේ නෑ.
මෙවැනි මානසික රෝගයක් තිබෙන බව බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ නෑ. නමුත් එලෙස තමන්ගේ ඉන්ද්‍රියක කුමක් හෝ වෙනසක් පවතින බවට යමෙකු දැඩිව විශ්වාස  කරන්නේ  කුමන හේතුවක් මතවත් එම විශ්වාසය නැතිවී නොයන්නේ නම්, ඒ වෙනුවෙන් විවිධ ප්‍රතිකර්ම කරන්නට උත්සාහ කරමින් පීඩාවට පත්වන්නේ නම්, බාහිර පුද්ගලයන්ට එවැනි විශේෂත්වයක් නොදැනෙද්දීත් ඔවුන් එසේ සිතන බව හා තමන්ගේ අඩුපාඩුව ගැන නිතර කතාවෙන බව සිතට දැඩිව දැනෙන්නේ නම් එය ඩිස්මෝෆෝබියාව වීමට හැකියාවක් තිබෙනවා. එවැනි අවස්ථාවක මානසික රෝග විශේෂඥවරයකු හමුවීම සුදුසුයි.
මානසික රෝග විශේෂඥ වෛද්‍ය
රුමී රූබන්
Screenshot_2014-11-10-15-27-41

cyanogenmod යනු ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය හැරුණුවිට ලෝකයේ ඇන්ඩ්‍රෝයිඩ් පාදක කරගත් මෙහෙයුම් පද්ධති අතුරෙන් ජංගම දුරකථන පරිශිලයින් අතර වඩාත් ජනප්‍රියම මෙහෙයුම් පද්ධතිය වේ.

ගුගුල් සමාගමේ ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය නිර්මාණය වීම සදහා පදනම් කර ගත් නිදහස් කේත සංවර්ධන කරමින් මෙම මෙහෙයුම් පද්ධතිය නිර්මාණයකොට තිබේ.

ඇන්ඩ්‍රෝයිඩ් දුරකථන භාවිතා කරන බොහෝ දෙනෙකුට ඇති ගැටළුව වන්නේ දුරකතනයේ නිෂ්පාදකයා විසින් එම දුරකතනයට අදාළ ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතියේ යාවත්කාලීන කිරීම ලබා නොදීමයි.

මේ හේතුවෙන් බොහෝ දුරකථන වලට ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය විසින් හඳුන්වාදෙන නව  අංග අත්විඳීමට නොහැකි වී තිබෙනවා.නමුත් ඔබ Cyanogenmod භාවිතා කරනාවනම් නිරතුරුවම ඔබට නව සංස්කරණ අත්හදා බැලීමට හැකියාව තිබේ.
 
ඇන්ඩ්‍රෝයිඩ්  නව සංස්කරණයක්  පර්ශිලකයන් හට ලබාදුන් පසු එහි තිබෙන අඩුපාඩු ගැන විවිධ අදහස් යෝජනා සැලකිල්ලට ගනිමින් ජංගම දුරකථන පරිශීලකයා හට වඩාත් කාර්යක්ෂම මෙහෙයුම් පද්ධතියක් ලබා දීම මොවුන්ගේ අරමුණ වී තිබේ. ඒ සදහා ඔවුන් විවිධ වූ නව විශේෂාංග එක් කරමින් නිකුත් කරනු ලබනවා. 

මෙය නොමිලේ නිකුත් කරනු ලබන මෙහෙයුම් පද්ධතියකි. මෙම ව්‍යපෘතිය ආරම්භය කලේ ස්ටීව් කොන්ඩික් විසින්ය. පසු කාලයේදී මෙහි ජනප්‍රියත්වයත් සමගම ඔහු මේ සදහා ආයතනයක්ද පිහිටවනු ලැබුවා.

ජංගම දුරකථන පරිශීලකයින් අතර නිතර භාවිතා වන Custom Rom නිර්මාණය කරන්නනේ ද මෙම මෙහෙයුම් පද්ධතිය උපයෝගී කරගෙනයි. මෙය අනෙක් ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති වලට සාපේක්ෂව වේගවත්ය.

මෙය භාෂා විශාල ප්‍රමාණයකින් නිකුත් කර තිබෙනවා. ඒ අතරට සිංහල භාෂාවද ඇතුලත් කර තිබීම විශේෂත්වයකි. දැනට Oneplusone දුරකතනයේද , ඉදිරියේදී Micromax ජංගම දුරකථන සමාගම් විසින් ඔවුන්ගේ නිල මෙහෙයුම් පද්ධතිය ලෙස ඇතුලත් කිරීමටද සැලසුම් කර තිබේ.

පහත සබැදිය මගින් ඔබගේ ජංගම දුරකතනයටත් මෙහි සංස්කරණ තිබෙනවාද බලන්න 


 Screenshot_2014-12-05-05-15-20 Screenshot_2014-12-05-05-15-34 Screenshot_2014-12-05-05-16-41 Screenshot_2014-12-05-05-16-56
mobile-android-2-3-settings2 Omega-ROM-for-Ace

0000
ජනපි‍්‍රය නිළි අනර්කලී ආකර්ෂා  (දෙසැම්බර් 06) වැනිදා අමෙරිකාවේ ජීවත් වන ශී‍්‍ර ලාංකීය තරුණයකු වන ඩිෂාන් ජයසිංහ සමග විවාහ වී තිබෙනවා. ඒ අමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ සැන් මැරීනෝහිදීයි. ඇයගේ විවාහ කටයුතු සඳහා ඇගේ මව සමගින් අනර්කලී පසුගිය නොවැම්බර් මාසයේදී අමෙරිකාව බලා පිටත් වුණා. එසේ අමෙරිකාවට යාමෙන් අනතුරුව නොවැම්බර් මස 13 වන දින ඔවුන් දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීම සිදුව තිබෙනවා. ලබන ජනවාරි මාසයේදී අනර්කලී යළි දිවයිනට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.  

Dec 6, 2014

1Sony සමාගම ජංගම දුරකථන භාවිතා කරන්නන් අතර ප්‍රචලිත වුයේ වතුර නොයන ජංගම දුරකථන හදුන්වා දීමත් සමගයි. සෝනි සමාගමේ මීලග වෙළද ප්‍රචාරණ ක්‍රමය වන්නේ වතුර නොයන ජංගම දුරකථන පෙළ වතුර යටදීම අලවි කිරීමටයි.


සෝනි සමාගම විසින් ඩුබායි මුහුදේ මීටර් 4ක් යටින් ඔවුන්ගේ මෙම අලවිසැල විවෘත කරනු ලැබුවා. එහි නම වන්නේ Xperia Aquatech. මෙහි විශේෂත්වය වන්නේ එම අලවිසැල සදහා යාමට අවසර ඇත්තේ විශේෂ පුද්ගලයින්ට හා මාධ්‍ය වේදීන්ට පමණයි.


එහි යාමට ප්‍රථම දිය යට කිමිදීම සදහා අවශ්‍ය කිමිදුම් ඇදුම් ඇදගෙන නාන තටාකයක පුහුණුවීම් කර අවසන් වූ පසුවයි එහි යාමට අවසර ඇත්තේ.


 2 3 4 5 6

Dec 5, 2014

October

2014 වසරේ අවසන් පොහොය උඳුවප් පුර පසළොස්වක දෙසැම්බර් 06 වන  සෙනසුරාදා උදාවේ. මෙරට වෙහෙර, විහාර, උවැසි, උවැසියන්ගෙන් පිරී ඉතිරී යයි. සිල් සුවඳ දසත විහිදේ. ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා, භාවනා ගිළනුන්ට උපස්ථාන කිරීම්, දන්දීම් අසරණයන්ට පිහිටවීම්, ශ්‍රමදාන, සමාජසේවා ආදී කාර්යයන්හි නිරතවන, ජනතාව මෙදින ඉතාමත් විනයගරුකව දැහැමි ක්‍රියාවන්හි යෙදේ. පිනටම කැපවුණ දිනයකි උඳුවප් පොහොය. පස් පවෙන් වැළකීමට මුල්තැන දේ. සැම සිත් තුළ ශාන්ත සිතිවිලි පහළවේ.
උඳුවප් පෝය ගෙතී ඇත්තේ අසෝක අධිරාජ්‍යයාණන්ගේ උතුම් දියණිය සංඝමිත්තා මහරහත් මෙහෙණිය, ශ්‍රී ලංකාවේ මෙහෙණි සස්න, ජයසිරි මහ බෝ සමිඳු හා සිංහලයාගේ ප්‍රථම රාජධානිය වූ අනුරාධපුරය වටාය. විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ විමුක්තිය උදාකරමින් සිංහල, බෞද්ධ මාතෘත්වය වටිනාකම, අගය ලොවට පසක් කළ ඉතා වැදගත් පොහොය දිනයක් ලෙස උඳුවප් පෝය හැඳින්විය හැකි ය.
එදා පොසොන් පොහෝදා, මිස්සක පව්වෙන් ගුවනට මුසුවුන ඒ මධුර මනෝහර “සමණාමයං මහාරාජ – ධම්මරාජස්ස සාවකා, තමෙව අනුකම්පාය – ජම්බුදීපා ඉධාගතා” ගාථාව මඟින් සිරිලකට, උතුම්ම ධර්මදානය හිමිවුණි. අනුබුදු මහරහත් හිමිපාණන් විසින් ශ්‍රී ලංකාව, සද්ධර්මාලෝකයෙන් ඒකාලෝක කළ සේක. උඳුවප් මහේ, තම සොහොයුරිය, සඟමිත් තෙරණියන්ගේ ප්‍රධානත්වයෙන්, අනුලා බිසව් ප්‍රධාන සිංහල කාන්තාවන් හට සසුනට ඇතුළත්වීමට ඇවැසි මෙහෙණි සස්න පිහිටුවාලීය. එම හේතුව නිසා අප බෞද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් පොහොයක් ලෙස උඳුවප් පොහොය සැලකේ.
සංඝමිත්තා උත්තමාව ආදර්ශ සම්පන්නය. ඇය, ප්‍රසන්නය. රජගෙදරක ඉපිද සියලු සැප සම්පත් විඳි සංඝමිත්තාවෝ නිසි වයසට පත්වුණු විටදී, අසෝක අධිරාජ්‍යයා විසින් අග්නි බ්‍රහ්ම නම් කුමාරයාට විවාහ කර දුන්නේ ය. අප බෞද්ධ සාහිත්‍යයේ හමුවන නකුලමාතා - නකුල පීතා මෙන් සංඝමිත්තා කුමරි හා අග්ගිබ්‍රහ්ම කුමරුන් ඉතා වාසනාවන්ත ගිහි ජීවිතයක් ගත කළහ. මෙම යුවලට සුමන නම් පුණ්‍යවන්ත කුමරෙකු ලැබිණ. කාලයාගේ ඇවෑමෙන්, අසෝක අධිරාජ්‍යයාගේ ධර්මවිජය ප්‍රතිපත්තිය මඟින් බුදුදහම ව්‍යාප්ත කෙරුණු අතර වෙහෙර විහාර සුවාසු දහසක් පමණක් නොව, දෙනෙත්වන් දරුවන් මහින්ද සංඝමිත්තා, අග්ගිබ්‍රහ්ම, පස් හැවිරිදි සුමන කුමරුද සසුන් ගතවූහ.
ආයුපාලී නම් මහරහත් මෙහෙණින් වහන්සේ ආචාර්යත්වයෙන් හා ධම්මපාලී නම් මහරහත් මෙහෙණිගේ උපාධ්‍යයත්වයෙන් සඟමිත් කුමරිය, භික්‍ෂුණී ශාසනයේ පැවිදි වූවාය. නොබෝ දිනකින්ම සඟමිත් තෙරණි සියලු කෙලෙසුන් නසා උතුම් වූ රහත් ඵලයට පත්වූවාය.
ඉන්දියාවේ මෙම සිද්ධිදාමයන් මෙසේ සිදුවෙද්දී, ශ්‍රී ලංකා කාන්තාවන්, අනුලා, දේවියගේ ප්‍රධානත්වයෙන් සසුනට ඇතුළත්වන්නට ඇවැසි බව, දෙවනපෑතිස් නරනිඳුනට දන්වා සිටියහ. 

IPHONE-ART-nethfm (1)ප්‍රංශයේ ජීවත්වන Francois Dourlen නම් තරුණයෙකු විසින් සිය අයි ෆෝන් දුරකථනය මගින් ඡායාරූප ගැනීමේ අලුත් කලාවක් සොයාගෙන තිබේ. අයි ෆෝන් දුරකතනයට භාගත කරගන්නා ඡායාරූප ඉතා නිර්මාණශීලි ලෙස සැබෑ ලෝකයේ වස්තුන් සමග බද්ධ කොට ඔහු ගන්න ලද ඡායාරූප ඉතා කෙටි කලක් තුල අන්තර්ජාලයේ ජනප්‍රියත්වයට පත්ව තිබේ.

මේ හේතුවෙන් ඔහු එවැනි ඡායාරූප පළකිරීම සඳහාම වෙන්වූ ෆේස්බුක් පිටුවක් ආරම්භ කොට ඇති අතර ඔහුගේ කලාව අධ්‍යනය කරමින් නව නිර්මාණ බිහි කරන පිරිසක්ද මේවනවිට ලොව පුරා බිහිවී තිබේ. 

ඔහු විසින් සිදුකළ නිර්මාණ කීපයක් බලන්න පහතින්. 
 IPHONE-ART-nethfm (2) IPHONE-ART-nethfm (3) IPHONE-ART-nethfm (4) IPHONE-ART-nethfm (5) IPHONE-ART-nethfm (6) IPHONE-ART-nethfm (7) IPHONE-ART-nethfm (8) IPHONE-ART-nethfm (9) IPHONE-ART-nethfm (10) IPHONE-ART-nethfm (11) IPHONE-ART-nethfm (12) IPHONE-ART-nethfm (13) IPHONE-ART-nethfm (14) IPHONE-ART-nethfm (15) IPHONE-ART-nethfm (16) IPHONE-ART-nethfm (17) IPHONE-ART-nethfm (18) IPHONE-ART-nethfm (19) IPHONE-ART-nethfm (20) IPHONE-ART-nethfm (21) IPHONE-ART-nethfm (22) IPHONE-ART-nethfm (23) IPHONE-ART-nethfm (24) IPHONE-ART-nethfm (25) IPHONE-ART-nethfm (26) IPHONE-ART-nethfm (27) IPHONE-ART-nethfm (28)
- See more at: http://offair.nethfm.com/article/9588#sthash.CjegJgBt.dpuf

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score