Jul 25, 2014


සාමාන්‍ය වශයෙන් ගතහොත් සුරතල් සතුනට වැඩියෙන් ආදරේ කරන්නේ පවු‍ලේ කුඩා දරුවන්. ඒක ස්වභාවිකයි.
එහෙත් ඇමෙරිකාවේ මිචිගන් හි පදිංචි නව හැවිරිදි ක්‍රිස්ටා ගුආරිනෝගේ සුරතල් සතුනට ඇති ඇල්ම ලොබු ඩැහැගන්වන සුලුයි. එයට හේතුව ක්‍රිස්ටාගේ සුරතල් සතුන් බල්ලන්, පූසන්, හාවන් හෝ කුරුල්ලන්, මාළුවන් වැනි සත්වයන් නොවීමයි.
සැබැවින්ම ක්‍රිස්ටාගේ සුරතල් සතුන් වනුයේ සර්පයන්. ඇගේ සුරතල්ලු අතර පිඹුරන්, ඇනකොන්ඩාවන් ප්‍රමුඛ විෂ සර්පයන් ගණනාවක් අඩංගු වෙනවා. ඇගේ පියා වන 31 හැවිරිදි ජේම්ස් පවසන ආකාරයට ක්‍රිස්ටාට කුඩා කළ සිට සර්පයන් අමුත්තන් නොවෙයි. එයට හේතුව ජේම්ස් වෘත්තියෙන් සර්පයන් හසුරවන්නෙකු සහ උයනක උපතක හිමිකරුවෙකු වීමය.
ක්‍රිස්ටා මුලින්ම සර්පයන් හා ඇසුරට වැටුණේ ඇගේ වයස අවුරුදු දෙකේදීය. ඇතැම් දිනවල ඇගේ උදෑසන ආහාරය පවා ඇනකොන්ඩෙකු සමග බෙදා ගන්නට ඈ පුරුදුව තිබෙන බව ජේම්ස් පවසනවා.
ක්‍රිස්ටාගේ මව 28 හැවිරිදි   ඈෂ්ලි පවසනුයේ ක්‍රිස්ටා නිදාගන්නෙත්, ක්‍රීඩා කරන්නෙත්, ආහාර ගන්නෙත් සර්පයන් සමග නිසා තමන්ට ඇය ගැන බියක් දැනෙන බවයි. එහෙත් ජේම්ස් පවසනුයේ තම සර්ප එකතුවේ සිටිනුයේ නිර්විෂ සර්පයන් බැවින් මේ දියණියට ආරක්ෂාව ඇති බවයි.
එහෙත් ජේම්ස්ගේ මව පවා තම මිනිබිරිය සර්ප ඇසුරට යොමු කිරීම ගැන තම පුතුට දොස් පවරනවා. “කුඩා දරුවෙකුට මොන සර්ප සුරතල්ද? මේක භයානක ක්‍රියාවක්. ජේම්ස්ගේ සර්පයන් නිසා ඈෂ්ලි පවා දැඩි බියකින් තමා ඉන්නේ” ඇය පවසයි. ක්‍රිස්ටාගේ මව පවසන ආකාරයට ක්‍රිස්ටා කුඩා කළ ක්‍රීඩා කර ඇත්තේ පිඹුරෙක් සමගයි. “ඒ සතා ක්‍රිස්ටා පසුපසමයි. ඌ අඩි 12 දිගයි. ඒ කියන්නේ ක්‍රිස්ටාට වඩා තුන් ගුණයක්” ඈෂ්ලි පවසයි.
මේ අපූරු දැරිය පාස‍ලේ මිතුරියන් සමග ක්‍රීඩා කරනවාට වඩා වැඩි කලක් සර්පයන් සමග ක්‍රීඩා කර තිබෙන බව ඇගේ පියා පවසයි. ජේම්ස්ගේ උරග උයනේ රැඳී සිටින කිඹුලන්ටත් ක්‍රිස්ටා හරි ආදරෙයි. ඒ සතුන්ටත් කෑම දී බලා ගන්නේ ඇය විසින්. ක්‍රිස්ටාගේ බාල සොයුරන් සහ සොයුරියත් සර්පයන්ට බිය නෑ. ඒත් ක්‍රිස්ටා තරම්ම ඒ අය සර්පයන්ට ආදරේ නෑ. ඒ දෙන්නා සර්පයන් සමග අතේ දුරින්” යැයි ජේම්ස් පවසනුයේ එබැවිනි.
කුඩා ක්‍රිස්ටා වෙනත් රැකියාවකට යෑමට ආසා නැතිලු. ඇගේ බලා‍පොරොත්තුව පියාගේ උරග උයන තව දියුණු කිරීම බව ඈ පවසනවා. “යම් දිනයක මට ලොව සිටිනා සියලුම උරගයන් එකතු කරගන්නට අවශ්‍යයි“ ඇය මේ අනාගත බලා‍පොරොත්තු ගැන පවසන්නේ එලෙසයි.
ලක්බිම

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score