Nov 30, 2014

සනත් ජයසුරිය කියන්නේ ලංකාවේ සිටිය ඉතාමත් ප්‍රවීන ක්‍රිකට් ක්‍රිඩකයෙක්
ඇමෙරිකාවේ ඉලිනොයි ප්‍රාන්තයේ ඔරේන්ජ්විල් ප්‍රදේශයේ ගොවිපළක වෙසෙන “බ්ලොසම්” පසුගියදා ලොව උසම එළදෙන ලෙස ගිනස් වාර්තා ‍පොතට ඇතුළු විය. හොල්ස්ටික් ෆී්‍රසියන් වර්ගයට අයත් වයස අවුරුදු දහතුනක් වන  බ්ලොසම්ගේ උස අඩි හයයි අඟල් හතරක් බව ඇගේ හිමිකාරිය වන පැටී හැන්සන් පවසන්නේ ආඩම්බරයෙනි. බ්ලොසම් සුවිශේෂී අයෙකු බව ඇය උපන්දා සිට දැන සිටි බව කියන පැටී බ්ලොසම් පැටවුන් නොලැබිමේ දුබලතාවයකින් පෙළෙන බව  දැනගත් පසුවද දිගටම ඇයව සුරතලෙකු ලෙස ගොවිපළේ තමාගේ රැකවරණය යටතේ තබා ගැනීමට තරම් කාරුණික වුණේ ද ඒ නිසාය. අද වන විට හැන්සන්ගේ ගොවිපළ  වෙත එන සියල්ලන්ගේ ආදරය හා අවධානය  දිනා ගන්නා චරිතය බවට පත්ව  සිටින්නේ යෝධ සිරුරක් හිමි බ්ලොසම්ය. ඇය කෙතරම් ජනප්‍රියද යත් ඇයටම වෙන්වූ facebook  ගිණුමක්ද  තිබේ.
පසුගිය ජූලි මාසයේදී සිය දහතුන් වන උපන් දිනය සැමරූ බ්ලොසම්ට ලොව උසම එළදෙන  ලෙස ගිනස් ‍පොතට ඇතුළුවීමට වරම් ලැබෙන්නේ හැන්සන්ගේ ගොවිපළේ එළදෙනුන්ට ප්‍රතිකාර කරන පශු වෛද්‍යවරුන් හා ගවකුර සවිකරන්නන්ගේ පෙළඹවීම නිසායි. රාත්තල් දෙදහසක බරකින් යුතු බ්ලොසම්ගේ දැවැන්ත භාවය නිතරම හැන්සන්ගේ අවධානයට ලක්කරමින් පසුව ඇගේ වීඩියෝ පට හා ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීමට  හැන්සන් ඇතුළු ඇගේ පවු‍ලේ සාමාජිකයන්ව පෙළඹවූයේද  බ්ලොසම්ව පරීක්ෂාවට ලක් කළ පශු  වෛද්‍යවරුන්ය. ගිනස් වාර්තා ‍පොතට ඇතුළු වීමට බ්ලොසම්ගේ උස හා බර පිළිබඳ  නිල මට්ටමේ මිනුම් ඉදිරිපත් කිරීමෙන් පසු ඉකුත් අගෝස්තු මාසයේදී  ඇය ලොව උසම එළදෙන ලෙස කිරුළු පැළඳුවාය.  ඉදිරියේදී බ්ලොසම්ගේ කතාව ඇතුළත් කොට
ළමා කතන්දර ‍පොතක් එළිදැක්වීමටද හැන්සන් බලා‍පොරොත්තු වන්නීය.
දැනට ලොව මිටිම එළදෙන ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියන්නේ  ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ වෙසෙන ස්ටීවන් ඩෙමුවර් හා ක්‍රිස්ටියන් ඇග්නිව් සතු බ්ලෙස් නමැති එළදෙනයි. ඇගේ උස අඩි දෙකයි අඟල් දහ නවයකි.
මේෂ ලග්නය
අභියෝග ජයගනී


අධිෂ්ඨානශීලී සැහැල්ලු මානසික ස්වභාවයන් ගොඩනැගේ. මේ තත්ත්වය සාර්ථකව සමාජ අභියෝගවලට මුහුණ පෑමට අවශ්‍ය ශක්තිය සපයයි. ධර්මය පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීම සඳහා වැඩි පෙළඹීමක් ඇතිවන අතර ඒ සඳහා සහය වන හා උපදෙස් දෙන මිතුරු කැලකගේ ඇසුරට පත්වීමේ භාග්‍යයද හිමිවේ.
පවු‍ලේ සාමාජිකයන් අතර පෙර පැවැතියාට වැඩි අවබෝධයක්, සෙනෙහසක් හා එකමුතුකමක්ද ගොඩනැගේ. මේ නිසා ගෘහය තුළ බොහෝ කාර්යයන් සාර්ථකව ඉටු කරගැනීමේ හැකියාව ඇතිවේ.ඉගෙනීමේ කටයුතු පිළිබඳ වාසනාවේ අඩුවක් නැත. එහෙත් ඔබට බාධා කරන මිත්‍ර සමාගම් ඇතිවීමේ ඉඩකඩ පවතින නිසා සැලකිලිමත්ව කටයුතු කරන්න.
ඔබ වඩාත් කැපවීමෙන් හා ධෛර්යයෙන් යුක්තව රැකියා කටයුතුවල නිරත වේ. ඇතැම් අයට මේ තත්ත්වය සුහද සිතින් ඉවසා දරා ගැනීමට හැකියාව නොමැති නිසා සුළු ගැටලු තත්ත්වයන් ඉස්මතු විය හැක. එහෙත් ඒවා ඔබේ කාර්යයට බාධාවක් නොවේ. අතිරේක ආදායම් ඇතිවීම නිසා මුදල් ප්‍රශ්න ඇති නොවේ.
ශරීර සෞඛ්‍ය තත්ත්වයට ප්‍රබල බලපෑමක් ඇති නොවේ.

වෘෂභ ලග්නය
කැළඹීම් ඇතිවේ


සිතිවිලිවල තරමක අධිවේගී කැළඹිලි ස්වභාවයක් ගොඩනැගීමට ඉඩ තිබෙන නිසා ඉවසීමෙන් හා සංයමයෙන් කටයුතු කළ යුතුය. ඔබ දහමට බරව සිතන්නට, කටයුතු කරන්නට උත්සාහ කළත් එයට බාධා පමුණුවමින් මග අහුරන ඇසුරු කරන්නන් පිළිබඳවද සැලකිලිමත් විය යුතුය.
ගෘහ ජීවිතය සන්සුන්ව, එකමුතුව ගත කිරීමේ වාසනාව ඇති වේ. නිවසේ සාමාජිකයන් අතර හොඳ සමාගමයක් හා අවබෝධයක් ඇති වේ. මේ නිසා ප්‍රමාදවූ බොහෝ කටයුතු කර ගැනීමේ හැකියාව ඇති වේ.
සිතිවිලි එක අරමුණකට යොදවා ගැනීමේ හැකියාව අඩු වීම හා ඔබ වැරදි මගට යොමු කරන හිතවතුන් නිසා ඉගෙනීමේ කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. රැකියා කටයුතු උනන්දුවෙන් හා කාර්යක්ෂමව කරගෙන යාමට අවශ්‍ය පරිසරයක් පවතී. ඒ සඳහා ඔබේ කැපවීම හා උදේ‍යා්ගයද වැඩි වේ. හිතවතුන්ගේ හා ප්‍රධානීන්ගේ ප්‍රසාදය ලබමින් රැකියා කටයුතු කරගෙන යාමේ වාසනාව ඇති වේ. ආදායම්වල දියුණුවක් ඇතිවේ. අනවශ්‍ය වියදම් යෙදීමෙන් මුදල් අපහසුතාවයන් ඇති විය හැකි බැවින් ප්‍රවේශම් වන්න.
සෙම හා රුධිරය ආශ්‍රිත රෝගවලට වැඩි ඉඩක් පවතින නිසා ආහාර පාන, ස්නානය ආදිය පිළිබඳව සැලකිලිමත් වන්න.

මිථුන ලග්නය
පවු‍ලේ සමගිය වැඩිවේ


එක අරමුණක යෙදී කටයුතු කරන්නට උත්සාහ කළත් වරින් වර කැළඹිලි ස්වභාවයන් ඉස්මතු වීම නිසා කටයුතුවලට බාධා සිදු විය හැක. මේ පසුබෑම සඳහා අනවශ්‍ය මිත්‍ර ආශ්‍රයන්ද හේතු විය හැක. එහෙත් ඔබ කල්පනාවෙන් කටයුතු කරන්නේ නම් පහසුවෙන් මේ තත්ත්වය සමනය කරගත හැකි වේ.
කෙසේ වුවද නිවස ඔබේ ආශක්ත ස්ථානයක් බවට පත්වේ. පවු‍ලේ සාමාජිකයන්ගේ ආදරය, ගෞරවය හා උපකාරයන්ද නොඅඩුව හිමිවේ. මේ ශක්තිය නොසන්සුන්භාවයන් මගහරවා ගැනීමට උපකාරී වේ.
ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය පරිසර සාධකවල අඩුවක් නොවේ. ඒවාට බාධක වන දුර්වල ආශ්‍රයන් ඇතිවීමට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් විය යුතුය. වරින්වර සුළු නොසන්සුන්කාරී තත්ත්වයන් ඇතිවූවත් ඒවා මගහරවා ගෙන සාර්ථකව රැකියා කටයුතු කිරීමට අවශ්‍ය පරිසරයන් නිර්මාණය වේ. හිතවතුන්ගෙන් හා ප්‍රධානීන්ගෙන් ඒ සඳහා නොමඳ සහයෝගය ලැබේ. ආදායම්වල වැඩි දියුණුවක් සිදුවේ. සුරක්ෂිත තැන්පතුවක් ගොඩනගා ගැනීමේ අවස්ථාව සැලසේ.
උදරය, රුධිරය ආශ්‍රිත රෝග හා උදරාබාධ ආදියට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් වන්න.

කටක ලග්නය
රැකියා උසස්වීම් හා මාරුවීම්වලට ඉඩ


ආගමික සිතිවිලි බහුලව පැනනගින අතර ඒ අනුසාරයෙන් නිදහස් ශාන්ත මානසික තත්ත්වයන් ගොඩනගාගැනීමේ හැකියාවද ඇති වේ. මේ කටයුතු සඳහා එක්වන හා උපකාරී වන මිතුරු කැලකගේ ආශීර්වාදයද හිමි වේ.
නිවස තුළ හොඳ සහයෝගයක් හා එකමුතුකමක් ඇති වේ. ඇතැම් විට ඔබ පවු‍ලේ අන්‍ය සාමාජිකයන්ගේ අදහස් අභිබවා යමින් කටයුතු කිරීම නිසා සුළු අවුල් ඇති විය හැකි බැවින් සැලකිලිමත් වන්න.
ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය හොඳ පරිසරයක් නිර්මාණය වේ. ඇතැම් විට බාධක ආශ්‍රයන් නිසා ඉගෙනීමේ කටයුතුවල අඩපණවීම් සිදුවිය හැකි බැවින් සැලකිලිමත් වන්න.
රැකියා කටයුතු වඩාත් සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය අනුග්‍රහය හා හිතවත්භාවය ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගෙන් ලැබේ. උසස් වීම් හා ස්ථාන මාරුවීම් ආදියටද ඉඩ තිබෙන වකවානුවකි. අතිරේක ආදායම් ලැබිම නිසා ආර්ථිකයේ යහපත් තත්ත්වයක් ගොඩ නැගුනත්
නිෂ්ඵල වියදම් යෙදීමේ ඉඩකඩද පවතින නිසා ප්‍රවේශම් වන්න.
ප්‍රබල රෝගාබාධ නැත. සෙම දූෂ්‍ය වීම නිසා ඇති වන රෝගවලට ඉඩ තිබෙන බැවින් ප්‍රවේශම් වන්න.

සිංහ ලග්නය
සමාජ සබඳතා පලුදුවීම්


සිතේ වේගවත් ස්වභාවය අධික වීම නිසා සමාජ සම්බන්ධතාවල පලුදු වීම් සිදුවීම් හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කළ යුතුවේ. මේ අතර ඔබට යහපත් අවවාද අනුශාසනා ලබාදෙන වයෝවෘද්ධ හිතවතුන්ගෙන් සිදුවන මෙහෙවර නිසා කිසිදු ගැටලුවක් ඇති නොවේ.
මේ සියලු කාරණාවන් සමග ගෘහ ජීවිතයේ සාමය ආරක්ෂා කර ගනිමින් සුහදව කටයුතු කිරීමේ වාසනාවද උදාවේ. නිවසේ හොඳ සමගියක් හා එකමුතුකමක් ඇති වේ.
සුළු බාධකවලට මුහුණ පෑමට සිදුවූවත් ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය පරිසරය, වැඩිවේ. අවවාද අනුශාසනා හා උදව් උපකාර නොඅඩුව ලැබේ.
රැකියා කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය පරිසරය, හිතවතුන්ගේ හා ප්‍රධානීන්ගේ අනුග්‍රහය නිසි ආකාරයෙන් පවතී. ආදායම්වල දියුණුවක් සිදුවන අතරම අනවශ්‍ය වියදම් යෙදීමේ ඉඩකඩද පවතින නිසා සැලකිලිමත් වන්න.
ප්‍රබල රෝග නැත. සෙම හා
ඌෂ්ණත්වය ආශ්‍රයෙන් වැළඳෙන
රෝග වලට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් වන්න.

කන්‍යා ලග්නය
උදාසීන ගති ඉස්මතු වේ


සිතුවිලිවල අධිවේගී ස්වභාවය, අවුල් ස්වභාවය ආදිය නිසා වැඩ කටයුතුවල හා සමාජ සම්බන්ධතාවල පලුදු වීම් ඇති වීමට ඉඩ තිබෙන බැවින් ඉවසීමෙන් හා නිරතුරු කල්පනාවෙන් කටයුතු කළ යුතු වේ. මේ අතර ඔබට වඩාත් හිතවත් මිතුරන්ගේ අවවාද අනුශාසනා හා ආශීර්වාදය ලැබෙන නිසා බරපතළ ගැටලු ඇති නොවේ.
සුළු නොසන්සුන්තාවයන් ඇති වුවත් ඒවා මග  හරවා ගෙන ශක්තිය ලබා ගැනීමට අවශ්‍ය දයාව, කරුණාව හා ආශීර්වාදය පවු‍ලේ සාමාජිකයන්ගෙන් නොමඳව ලැබේ.
අවධානය අඩු වීම, උදාසීන ගති, බාධක ආශ්‍රයන් වැනි හේතූන් නිසා ඉගෙනීමේ කටයුතුවලට බාධා ඇතිවීමේ ඉඩකඩ පවතින නිසා එම දුර්වලකම් මගහරවා ගෙන කටයුතු කළ යුතුවේ.
රැකියා කටයුතුවල මත ගැටුම් හා සුළු නොසන්සුන්කාරී තත්ත්වයන්  ඇතිවීමේ ඉඩකඩ පවතින නිසා ඉවසීමෙන් කල්පනාවෙන් හා ප්‍රධානීන් සහ හිතවතුන් සමග සුහදව කටයුතු කිරීමට උත්සාහ කළ යුතු වේ. ආදායම්වල හොඳ දියුණුවක් සිදුවේ. අනපේක්ෂිත වියදම් යෙදීමෙන් මුදල් අසීරුකම් ඇති විය හැකි බැවින් ප්‍රවේශම්වන්න.
රුධිරය හා සෙම ආශ්‍රිත රෝගවලට වැඩි ඉඩක් පවතින නිසා ප්‍රවේශම් වන්න.

තුලා ලග්නය
දහමට නැඹුරුවක්


දහම් කටයුතු කෙරෙහි වැඩි නැඹුරුවීමක් ඇතිවීම, චිත්තවේගී ස්වභාවය, ධෛර්යය හා ශාන්තිය යන කාරණාවන් සංකලනය වූ යහපත් මානසික තත්ත්වයක් පවතී. මේවාට සමගාමී වන මිතුරු කැලකගේ ඇසුර හා අනුග්‍රහයද මනා ලෙස ලැබේ.
ගෘහ ජීවිතයේ කටයුතුවලදී ඔබ වඩාත් කැපවීමෙන් හා අන්‍ය සාමාජිකයන්ගේ අදහස් ඉවසමින් හා ගරු කරමින් කටයුතු කිරීමට පෙළඹීම නිසා හොඳ තත්ත්වයක් ඇතිවේ. ඒ සඳහා සැමගේ අනුග්‍රහය ඔබට ලැබේ.
අවධානය හා සැලකිලිමත් ස්වභාවය අඩුවීම, අහිතකර ආශ්‍රයන් ඇතිවීම යන කාරණාවන් නිසා ඉගෙනීමේ කටයුතුවලට තරමක බාධා සිදුවිය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.
මේ සියලු කාරණාවන් අතර රැකියා කටයුතු වඩාත් සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය පරිසරයක් මෙන්ම ඔබ තුළ ධෛර්යවන්ත මානසික තත්ත්වයක්ද ගොඩනැගේ. ආදායම්වල දියුණුවක් සිදුවන අතරම අනවශ්‍ය වියදම් යෙදීමේ ඉඩකඩද තිබේ.
ප්‍රබල රෝගාබාධ නැත.

වෘශ්චික ලග්නය
හදිසි ධනලාභ


කැපී පෙනෙන ධෛර්යයක් මෙන්ම සමබරතාවයෙන් යුක්ත මානසික ස්වභාවයක් ගොඩනැගේ. මේ අනුව මැදහත්ව කල්පනා කිරීමට හා කටයුතු කිරීමේ හැකියාව ඇති වේ. ඔබට අනුග්‍රහය දක්වන, දිරිදෙන මිතුරු කැලකගේ ඇසුරද ඇති වේ. විශේෂයෙන් මොවුන් අතර ආගමට දහමට නැඹුරු වූ වැඩි පිරිසක් වේ.
පවු‍ලේ සාමාජිකයන් අතර හොඳ එකමුතුකමක් හා සහයෝගයක් ගොඩනැගේ. මේ නිසා නිවසේ ප්‍රමාද වූ විශාල වැඩ කොටසක් නිම කර ගැනීමේ හැකියාව ඇති වේ.
අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ඉහළ වාසනා ගුණයක් පවතින වකවානුවකි. ධෛර්යය, උනන්දුව හොඳ මට්ටමක පවතී. උසස් ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වේ.
රැකියා කටයුතුවල ප්‍රගතියක් ඇතිවේ. උනන්දුව කැපවීම නොඅඩුව පවතී. හිතවතුන්ගේ හා ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වෙමින් තෘප්තිමත්ව, සාර්ථකව කටයුතු කිරීමේ හැකියාව ඇතිවේ. ආදායම්වල දියුණුවක් සිදුවේ. හදිසි ධනලාභවලටද හේතු වාසනාව තිබේ.
ප්‍රබල සෞඛ්‍ය දුර්වලතාවයන් නැත.

ධනු ලග්නය
ගෘහ ජීවිතයේ සතුට


ආගම දහම කෙරෙහි වැඩි නැඹුරුවක්ද ඒ සඳහා වැඩි කාලයක්ද ගත කරන මානුෂික ස්වභාවයක් ඇති වේ. මෙමගින් ඇති වන සහනශීලී ස්වභාවය නිසා තෘප්තිමත්ව වැඩ කළ හැකි වටපිටාවක් නිර්මාණය වේ. හදවතට එකඟව ඔබට ආශීර්වාද කරන, අනුග්‍රහය දක්වන හිතවත් මිතුරු පිරිසකගේ ඇසුර ඇතිවේ.
නිවසේ සාමාජිකයන් අතර හොඳ අවබෝධයක් හා එකමුතුකමක් ගොඩනැගේ. සතුට ධනය ලෙස සලකමින් සුවදායකව ගෘහ ජීවිතය ගත කිරීමේ අවස්ථාව සැලසේ.
උනන්දුවේ අඩුවක් හෝ ගුරුවර දෙමාපිය ආදීන්ගේ අනුග්‍රහයේ අඩුවක් ඉගෙනීමේ කටයුතු සම්බන්ධව ඇති නොවේ. එහෙත් බාධක ආශ්‍රයන්ගෙන් ඔබේ කටයුතු අඩපණ වීමට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් වන්න.
විවිධ කෙනෙහිලිකම් නිසා රැකියා කටයුතුවල සුළු නොසන්සුන්තාවයන් ඇති වීමේ ඉඩකඩ ඇතිවුවත් එමගින් ඔබේ ධෛර්යය, කැපවීම නොබිඳෙන නිසා ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ පැහැදීමට ලක් වෙමින් සාර්ථකව රැකියා කටයුතු කරගෙන යාමට හැකි වේ. ආදායම්වල ඉහළ දියුණුවක් සිදුවේ. හදිසි ධනලාභවලට වාසනාව තිබේ.
සුළු සෙම් දෝෂවලට ඉඩ තිබෙන අතර ප්‍රබල රෝගාබාධ ඇති නොවේ.

මකර ලග්නය
හිතවත් මිතුරු කැලක්


ධෛර්යය, උනන්දුව හා කැපවීම ඉහළ මට්ටමින් පවතින යහපත් මානසික තත්ත්වයක් පවතී. ආගම දහම කෙරෙහි වැඩි නැඹුරුවීමක් ඇති වෙයි. මේ සඳහා අතහිත දෙන හිතවත් මිතුරු කැලකගේ ඇසුරද ඇති වේ.
නිවසේ සමගිය හා එකඟතාවය යහපත් ආකාරයට පවතී. සොඳුරු පරිසරයක් නිවස තුළ නිර්මාණය වේ. මේ අයුරින් සතුට සොම්නස සමග හොඳ ප්‍රගතියක් ඇති කර ගැනීමේ හැකියාවද ඇති වේ.
ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය හොඳ පරිසරයක් පවතින නිසා උනන්දුවෙන් කැපවීමෙන් කටයුතු කළොත් උසස් ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවේ.
වෙනදාට වැඩි උනන්දුවක් හා කැපවීමක් රැකියා කටයුතු සම්බන්ධයෙන් ඇතිවේ. මෙය ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ ප්‍රසාදය ලබමින් සාර්ථකව රැකියා කටයුතු කරගෙන යාමට ලැබෙන අනගි අවස්ථාවකි. ආදායම්වල දියුණුවක් සිදුවේ. හදිසි ධනලාභ තිබේ.
සුළු වශයෙන් රුධිරය හා සෙම් ආශ්‍රිත ආසාදන වලට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් වන්න.

කුම්භ ලග්නය
ආවේගශීලී මානසික ස්වභාවයක්


මානසිකව සුළු ආවේගශීලී ස්වභාවයක් ඉස්මතු වූවත් ඒවා මර්දනය කරගෙන කටයුතු කිරීමේ හැකියාව ඔබ තුළ පවතී. විශාල අවුල් ඇති නොවේ. ඔබට සැමවිටම නිසි උපදෙස් හා අනුග්‍රහය ලබාදෙන මිතුරු පරිසරයක් ළඟා වීම ආශීර්වාදයක් වේ.
නිවස තුළ හොඳ සාමයක් හා එකමුතුකමක් ගොඩ නැඟේ. තෘප්තිමත්ව කල් ගත කළ හැකි පරිසරයක් පවතී. මේ ශක්තිය නිසා පමා වූ විශාල වැඩ කොටසක් නිම කර ගැනීමට හැකිවේ.
බාධක ආශ්‍රයන් නිසා ඉගෙනීමේ කටයුතු පිළිබඳව සුළු පසුබෑම් ඇතිවීමට ඉඩ ඇතත් ගුරුවර දෙමාපිය ආදීන්ගේ නිසි මගපෙන්වීම හා ගුරුහරුකම් නිසා බාධා වළක්වා ගත හැකිවේ.
රැකියා කටයුතුවලදී ප්‍රධානීන් හා හිතවතුන් සමග අනවශ්‍ය මත ගැටුම් ඇතිවීමේ ඉඩකඩ පවතින නිසා ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කළයුතුවේ. ආදායම්වල වැඩි දියුණුවක් සිදුවන අතර අනවශ්‍ය වියදම් යෙදීමටද ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් විය යුතුය.
ප්‍රබල සෞඛ්‍ය දුර්වලතා නැත.

මීන ලග්නය
පවු‍ලේ මත ගැටුම්


වරින්වර උදාසීන ගති හා කනස්සලු ගති ස්වභාවයන් ඉස්මතු වුවත් ඒවා සම්බන්ධව මැදහත්ව සලකා බලා සහනය ලබාගත හැකි මානසික ස්වභාවයක් ගොඩනැගේ. මේ සඳහා අතහිත දෙන යහපත් මිත්‍ර ආශ්‍රයක් ඇති වේ.
පවු‍ලේ සාමාජිකයන් අතර විවිධ මත ගැටුම් ඇති වුවත් ඒවා සාකච්ඡාවෙන්, සම්මුතියෙන් විසඳාගෙන සතුටුදායක පරිසරයක් නිර්මාණය කර ගැනීමේ ශක්තිය පවතී.
අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය වන හොඳ පරිසරයක් පවතින නිසා උනන්දුවෙන් කටයුතු කරන්න. ඒ සඳහා දෙමාපිය, වැඩිහිටි, ගුරුවරාදීන්ගේ නොමද සහය ලැබේ.
රැකියා කටයුතු පිළිබඳව ඔබ තුළ පවතින උනන්දුවේ හා කැපවීමේ අඩුවක් සිදු නොවේ. එසේ වුවද සුළු ප්‍රශ්න නිසා ප්‍රධානීන්ගේ අප්‍රසාදයට පත්වීමේ ඉඩකඩ පවතින නිසා සැලකිලිමත් වන්න.
ප්‍රබල සෞඛ්‍ය දුර්වලතාවයන් නැත.
‍ජ්‍යොතිර්වේදී ශාස්ත්‍රාචාර්ය
අමරසේන වේගිරිය

Nov 29, 2014






හරි යාළුවනි වැඩේ කරන්නේ මෙහෙමයි මුලින්ම පහළින් මේ Software එක Download කරගන්න.(1.3Mb)

දැන් ඉතින් වැඩේ හරිම ලේසියි පහත රූපයේ පරිදි ඔයාලට ඔනි Folder එක මත Right Click කරලා Colorize කියන එක Select කරන්න ඊට     පස්සේ activate කරන්න E-mail එකක් ඉල්ලාවී බොරු එකක්                දෙන්න.පස්සේ වැඩේ ගොඩ.                                                                  


දන්නේනැති දෙයක් තිබුනොත් Comment එකක් දාලා අහන්න.
ඔබ සැමට සුබ දවසක් !!!!!!!!!
ඉතාමත් වටිනා අර්ථයක් තියෙන ගීතයක් නිසා අපි සිතුවා මේ ගීතය ඔබටත් ලබා දෙන්න ඔයාලත් අහලම බලන්න මේ සමාජය ගැන ගොඩක් ලොකු දෙයක් තෙරුම් ගන්න පුලුවන් වෙවි එක නිසා මේ ගිතය ඔබත් අසා අනිත් අයට ඇසීමටද සලස්වන්න අපි සමාජය ගොඩනැගීමට ප්‍රථම අගොඩනැගෙමු.

එහෙනම් අහලම බලන්නකෝ



Download

සිංදුව ගැන ඔයාලගේ අදහස් පල කරලම යන්නකෝ  

Nov 28, 2014

දෙරණ ඩී්‍රම් ස්ටාර් හයවැනි අදියරේ කිරුළ හිමිකරගත්එම්.ජී. ධනුෂ්ක පසුගිය කා‍ලේ ආන්දෝලනාත්මක චරිතයක් වුණා.ඔහු ගැන විවිධ කථාබහ ඇතිවුණා. මේ සූදානම් වන්නේත් එම්.ජී. ගැන අලුත්ම ආරංචියක් දන්වන්නට. ඒ තමයි එම්.ජී. තමන්ගේම සංගීත කණ්ඩායමක් ආරම්භ කළා කියන ආරංචිය. “ර්ට් ඹඪබඩ .ම්” නමැති මෙම සංගීත කණ්ඩායමේ කුළුඳුල් ප්‍රසංගය පසුගිය 14 වැනිදා බදුරලියේදී පැවැත්වුණා.


  එම්.ජී. දැන් සංගීත කණ්ඩායමක හිමිකරුවෙක්.
(හිනැහී) ඔව්. මම මගේම සංගීත කණ්ඩායමක් ආරම්භ කළා. එය නම් කරලා තියෙන්නේ “ර්ට් ඹඪබඩ .ම්” නමින්.
  මෙහි එළිදැක්වීමේ අවස්ථාව ගැන කතාකළොත්...
පසුගිය 14 වැනිදා බදුරලියේදී කුළුඳුල් ප්‍රසංගය පැවැත්වුණා. එයට ඉතාම ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා.
  ඉදිරියේදිත් MG with O.K”  කණ්ඩායමේ ප්‍රසංග පවත්වනවාද?
දැනට ලංකාවේ ප්‍රසංග 25කට ආරාධනා ලැබිලා තියෙනවා. විදෙස් ප්‍රසංග 6කට ආරාධනා ලැබිල තියෙනවා.
 MG with O.K”  ගමනත් සමග ඔබ දෙරණ සමග තිබූ සම්බන්ධතාවය නැතිවුණාද?
නැහැ... නැහැ.. එහෙම වෙන්නේ නැහැ. මම තවමත් දෙරණ සමග ඉන්නවා. දෙරණ හා මා අතර ඇති සම්බන්ධය එකක්. සංගීත කණ්ඩායම හා මා අතර සම්බන්ධය තව එකක්. ඒ සම්බන්ධතා වෙන වෙනම පවතිනවා.


  ඔබේ සංගීත කණ්ඩායම ගැන විස්තර ටිකකුත් කියන්න.
අමිල, භානුක, ශෂි සහ මම මෙහි ගායකයන් ලෙස කටයුතු කරනවා. ශෂි ගයන්නේ දමිළ ගීත. ඊට අමතරව තිලිණ (ඩ්‍රම්ස්), තිලිණ (කීබෝඩ්), සාගර (ඔක්ටපෑඩ්), මලිත් (බේස්), ප්‍රදීප් (ලීඩ්) හා රියන්සි (රිදම්) වාදනයෙන් මීට එකතු වනවා.
මගේ ගීත වාගේම අනෙක් අයටත් අලුත්ම ගීත තිබෙනවා. අපි ඒවා ගයනවා.
 ධනුෂ්කට දැන් තමන්ගේම අලුත් ගීත තියෙනවා.
ඔව්. මට දැන් මගේම අලුත් ගීත තියෙනවා. ඒ වගේම තවත් ගීත කීපයක් කරන්නත් හිතාගෙන ඉන්නවා.
  සංගීත කටයුතු ඇරුණාම ධනුෂ්ක දායක වන වෙනත් කටයුතු මොනවාද?
වෙනත් කටයුතුවලට දායකවන්න කාලය තමයි මදි. චිත්‍රපටයකට පසුබිම් ගීත ගයන්න ආරාධනා ලැබුණා. ටෙලි නාට්‍යවල රඟපාන්නත් ආරාධනා ලැබුණා. බලමුකෝ ඉදිරියේදී විවේකය අනුව මේ හැමදේටම පුළුවන් විදියට දායකවන්න තමයි හිතාගෙන ඉන්නේ.
  පෞද්ගලික තොරතුරු කතා කළොත්...?
(හිනැහී) පෞද්ගලික ජීවිතයේ මේ දවස්වල තියෙන ලොකුම තොරතුර අසනීප තත්ත්වය. එක දිගට නිදි නැතුව ගොඩක් වෙහෙසුණ හින්දා උණ හැදුනා. ටිකක් විවේක අරගෙන ආයෙම සුපුරුදු තත්ත්වයට එනවා.
  දැන් දිගටම පදිංචිය කොළඹද?
ඔව්... ඒත් මම විවේකයක් ලැබුණ හැටියෙම ගමට යනවා තාත්තව බලලා එන්න.
  මේ කටයුතු සමග විවාහය දවසින් දවස පමාවෙනවා නේද?
(හිනැහී) ඒකනම් ඇත්ත තමයි. ඒත් ඉතින් මොනවා කරන්නද? මේ කාර්යබහුලකම ටිකක් අඩුවුණාම තමයි ඒ ගැන හිතන්න වෙන්නේ.
  පෙම්වතිය මොකද ඒ ගැන කියන්නේ...?
එයා මේ තත්ත්වය තේරුම් ගෙන ඉන්න හින්දා ප්‍රශ්නයක් නැහැ.
  ධනුෂ්ක ගමට යන්නේ ඉඳහිට. නිතර හමුවන්නෙ නැති හින්දා ඇගේ නෝක්කාඩු එල්ලවන්නෙ නැද්ද?
නිතර යන්න නෑ වගේම දුරකථනයෙන් කතා කරන අවස්ථාත් අඩුවෙනවා. ඒකට හේතුව මගේ කාර්යබහුලකම බව ඇය දන්නවා. ඒ වගේම විවේකයක් ලැබුණ හැටියේ මම ඇයවයි මගෙ තාත්තවයි බලන්න ගමට එන බව ඇය දන්නවා. මේ වැඩකටයුතු ටික ඉවරවෙලා අපි විවාහ වෙනවා.
 ආරියවංශ කුලතිලක


 
 
 
 
 

 ඔයාලත් දන්න කියන Photo තියෙනවානම් අප වෙත එවන්න 
01
කළු කපුටා සුදු වන තුරු - මෝල් ගහේ දළු ලන තුරු - එකසිය විස්සට දෙසිය විස්සක් - ආවඩා ආයුබෝ වේවා! ඔන්න ඔහොම තමයි අපි අපේ හිතෛශීන්ට දිගාසිරි පැතුවෙ. හැබැයි අවුරුදු 120ක් නෙවෙයි 100ක් ජීවත්වෙන කෙනෙකුත් හොයාගන්න එක ‍දැන් ලේසී නැහැ.
02මිනිස් අපද්‍රව්‍ය මගින් රොකට් සඳහා ඉන්ධන නිපදවා ගැනීම පිළිබඳ නාසා ආයතනය තම අවදානය යොමුකොට තිබෙනවා. මෙම අපද්‍රව්‍ය ක්ෂුද්‍ර ජීවින් මගින් පැසවීමෙන් අනතුරුව ලැබෙනා ජීව වායුව රොකට් ඉන්ධන ලෙස යොදා ගැනීම ට බලාපොරොත්තුවයි. 

Nov 26, 2014

දුවක් හිසේ වැදීමෙන් අනතුරට ලක්ව කෝමා තත්ත්වයේ සිටි ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩක පිලිප් හියුග්ස් මියගොස් තිබෙනවා. 25 හැවිරිදි වියේ පසු වූ පිලිප් හියුග්ස් ඔස්ටේ‍්‍රලියාවේ අන්තර් සමාජ කි‍්‍රකට් තරගයක් අතරතුරදී ඉකුත් අඟහරුවාදා මෙම අනතුරට ලක්වුණා.
 
එම තරගය පැවැත්වුණේ දකුණු ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ නිව් සවුත්වේල්ස් කණ්ඩායම අතරයි. පිලිප් හියුග්ස් දකුණු ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටියදී ප‍්‍රතිවාදී කණ්ඩායමේ සීන් අබෝට් විසින් එවන ලද බවුන්සර් පන්දුවක් ඔහුගේ හිසේ ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.එ් සමග පිලිප් හියුස් සිහිසුන්ව බිම ඇදවැටුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
පන්දුව හිසේ වැදුණු ආකාරය දැක්වෙන වීඩියෝව බලන්න පහතින්. 



ජීමේල්,ඩ්‍රොප් බොක්ස් වැනි සේවාවන් ඔස්සේ දිනෙන් දින නොමිලේ ලබා දෙන cloud ඉඩ කඩ සීමිත කරන වටපිටාවක අන්තර්ජාල පරිශීලකයන්ට විශාල ප්‍රමාණයේ ලිපි ගොණු හුවමාරු කරගැනීමේ සේවාවක් Hive නමින් හොන්කොන් හි සමාගමක් විසින් ආරම්භ කොට තිබේ. මෙම සමාගමෙහි දැක්ම වී ඇත්තේ අසීමාන්තිකව සිය පරිශීලකයන් හට cloud storage ලබා දීමයි

Nov 25, 2014

පරිගණක භාවිත කරන අප සියලු දෙනාම මුහුණ දෙන විශාලතම ගැටලුවකි පරිගණක වෛරස්. මෙතෙක් බිහි වූ දරුණුතම පරිගණක වෛරසයක් පිළිබඳව ලොව ප‍්‍රමුඛතම පරිගණක දත්ත ආරක්ෂක සමාගමක් වන සිමන්ටෙක් පරිගණක දත්ත ආරක්ෂක සමාගම පසුගියදා අනාවරණය කරනු ලැබුවා. වසර හයක පමණ කාලයක් කි‍්‍රයාත්මක වී ඇතැයි පැවසෙන මෙම වෛරසය රෙජින් නමින් හඳුන්වනවා.

Nov 23, 2014

මං ඔයාට ආදරෙයි කියල කී දෙනෙක් කී දෙනකුට කී සැරයක් කියල 

ඇතිද? මේ ලෝකෙ  ඒත් ඒ හැමෝම සාර්ථක පී්‍රතිමත් ආදර සබඳතා 

පවත්වන අය කියල ඔබ හිතනවද?


"ගැහැනියක්‌ හැඬූ කඳුළින් නොසිටින සෑම දිනක්‌ම කාන්තා දිනයක්‌"
වරක්‌ දුරකථන සංවාදයකදී මගේ යහළුවෙක්‌ පැවසුවා මතකය.
වරක්‌ දෙවරක්‌ තෙවරක්‌ නොව සිය වාරයක්‌ සිතන්නට එම වදන මගේ සිතට බලකරන්නට

 විය.සත්‍ය වශයෙන්ම එම වදන් පෙළ මගේ සවණට යොමුකළ මගේ මිතුරා අතිශයින්ම 
කාන්තාවන්ට ගරු කරන, ආදරය කරන අයෙකි. ඔහු පැවසූ පරිදි සෑම අවස්‌ථාවකදීම 
ලෝකයේ කොතනක හෝ ගැහැනියක්‌ කඳුළු හෙළනවා ඇති බව මට හැඟෙයි.


ශ්‍රී ලංකාද්වීපයේ රාජාවලිය ආරම්භ වන්නේ කාන්තාවකගේ ඇසින් 
හෙලූ කඳුළ මතිනි. 
සෙනෙහස, ආදරය, රැකවරණය, පතිභක්‌තිය වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවන්නට
 ඇයට සිදුවූ බව ඉතිහාසයේ පිටු අතර ඇගේ කඳුළු සැඟව ගිය අයුරුත් සිහිපත් වේ.

වර්තමානයේ ද කුවේණිලා දහස්‌ ගණනක්‌ අප අතර ජීවත් වෙති. ඔවුන්ගේ ලේ, දහඩිය 

කඳුළුවලින් මේ දෙරණ කොතරම් තෙත් වී ඇත්ද?

නෙතඟින් වෑහෙන උණුසුම් කඳුළු කැට සැබවින්ම සතුටු කඳුළු වන්නටත්, හෙළන දහඩිය රන්

 අස්‌වනු වන්නටත්, ගතෙහි රුධිරය බිළිඳු තොල් පෙති තෙමන කිරි සයුරක්‌ වන්නටත් ඇය
 සතුටින් සිටිය යුතුයි නේද? ඇගේ සිනහව සමාජයේ කුඩාම ඒකකය වූ පවුල නම් වූ 
ඒකකය තුළින් ප්‍රසාරණය වී සමස්‌ත සමාජයේම හසරැළි නංවනු ඇත.

එක්‌ වහලක්‌ යට දිවි ගෙවන දම්පතීන්ගේ සිතුම් පැතුම් බොහෝ විට වෙනස්‌ය. 

ඒ ආදරණීය හදවත් කල්යත්ම ඉරි තැළුණ වියළි පොළවක්‌ සේ නොවන්නට ගැහැණිය
 සහ පිරිමියා වෙන් වෙන් වශයෙන් තේරුම් ගන්නට අපි පුංචි උත්සාහයක යෙදෙමු.

සැමියා බිරිඳගෙන් බලාපොරොත්තුවන දේ පමණක්‌ නොව බිරිඳක්‌ සැමියකුගෙන්

 බලාපොරොත්තුවන දේවල්ද අප අවබෝධ කරගත යුතුය. මෙවර ලිපියෙන් අපි 
ගැහැනියකගේ අභිලාෂයන් යම් දුරකට හෝ සොයා බලන්නට තීරණය කළෙමු.
 මෙය තවමත් තම බිරිඳව තේරුම් ගත නොහැකිව රහසේ පසුතැවෙන සැමියන්ට
 හොඳ අවස්‌ථාවක්‌ වනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු.

බොහෝ බිරින්දැවරුන් තම සැමියා වෙතින් එදිනෙදා ජීවිතයේ නීතිගරුක භාවය

 බලාපොරොත්තු වෙයි. සමාජය තුළ ඔහු ඉතා අවංක වීම සහ ප්‍රතිපත්තිගරුක වනවා 
දකින්නටද කාන්තාව කැමතිවන අතර එවිට තමා මුළු මහත් සමාජය තුළම සුරක්‍ෂිත වී
 ඇති බව ඇය එයින් වටහා ගනී.

එසේම එදිනෙදා ජීවිතයේදී බිරිඳක්‌ නියත වශයෙන්ම තම සැමියාගෙන් උදව් උපකාර

 බලාපොරොත්තු වන අතර ගෘහ ජීවිතය සහ දරුවන්ගේ කටයුතුත් තම රාජකාරී දිවිය 
උදෙසා ලබාදෙන සහයෝගයත් මෙහිදී අඩු වැඩි වශයෙන් බලාපොරොත්තු වෙයි. 
එසේම තමා අතින් වරදක්‌ සිදුවුවහොත් සැමියකු තමාගෙන් සමාව අයදිනවා දකින්නට 
බිරිඳකගේ හදවත ඇතුලාන්තයෙන් කැමැත්ත දක්‌වන බවද කිව යුතුයි.

පවුල තුළ ජීවත් වන පිරිමියාගේ පෞරුෂය සෑම ගැහැනියක්‌ම අපේක්‍ෂා කරන අතර පවුලේ

 කටයුතුවලදී ළදරුවෙක්‌ මෙන් හීන පෞරුෂයකින් තීරණ ගැනීම මෙන්ම තමාව මවකගේ
 තත්ත්වයට පත්කොට සලකනවාටද බොහොමයක්‌ කාන්තාවන් කැමති වන්නේද නැත. 
මක්‌ නිසාද යත් එවැනි පෞරුෂ මට්‌ටමකින් පිරිමියා විසින් ගනු ලබන තීරණ වල විශ්වාසනීය
 භාවයක්‌ ඇයට ඇති නොවන බව ඇගේ හැඟීමයි. එමෙන්ම ඇය පුරුෂයා ඉදිරියේ බොළඳ
 ළදැරියක්‌ සේ හැසිරෙන්නට ඇගේ යටි සිත බලකරන බැවින් එම තත්ත්වයෙන් හැසිරීමට
 ඇය සිතයි.

එසේම තමාට ගරු කරන බොහෝ සෙයින් ආදරය කරන කෘතවේදී වන සැමියෙකුට බිරිඳක්‌ 

ඉතා තදින් ආදරය කරනවා මෙන්ම ඔහු ආදරයේදී බොළඳ පෙම්වතෙකුගේ ස්‌වභාවයට 
පත්වනවාටත් ගෞරවාත්මක වනවාටත් බිරිඳක්‌ බොහෝ සේ කැමති වෙයි.

වෙහෙසකාරී දවසකින් පසු ගැහැනියට බොහෝ වචන ප්‍රමාණයක්‌ එකතු වේ. හැඟීම් 

ආවේගයකින් බෙදාහදාගන්නට තම සැමියා නිවසට පැමිණෙන තෙක්‌ බිරිඳ මග බලා සිටී.
 එහෙත් ඇයට අවධානය යොමු නොකොට ඇගේ වචනවලට සවන් නොදී රූපවාහිනිය, 
පුවත්පත හෝ පරිගණකය තම බිරිඳ කරගන්නා පිරිමියා නිසා ගැහැනිය ඉතා කනස්‌සළු 
ස්‌වභාවයට පත්වේ. ලෝකයේ විද්වතුන් විසින් සොයාගෙන ඇති තොරතුරුවලට අනුව
 ගැහැනිය කතාවට දක්‍ෂ වී ඇත්තේ ඇගේ කතා කිරීම සඳහා පිහිටි විශේෂ ප්‍රදේශයක්‌ 
මොළයේ වම් අර්ධ ගෝලයේද ඒ සමගම කුඩා ප්‍රදේශයක්‌ දකුණු අර්ධගෝලයේද වශයෙන්
 මොළයේ දෙපසම කථන සඳහා විශේෂයෙන් නිර්මාණය වී ඇති නිසාය. එසේම ඇය කතාබහ
 කරමින් වෙනත් කාර්යයක යෙදීමට ඇයට හැකියාව ඇත්තේ මේ නිසාය. දිනකට කාන්තාවක
 ඉඟි බිඟි, විවිධ ශබ්ද ආදිය සමග වචන 20,000 ක්‌ පමණ කතා කරන බවත් සමාජයේ
 අන් කා සමගවත් හුවමාරු නොකොට අතිශය පෞද්ගලික ලෙස සිය සැමියා සමගම
 කතා කරන්නට ඇය වෙන්කොට ගෙන බලා සිටින වචන ප්‍රමාණයක්‌ ඇති බවත් කිව යුතුය. 
මෙහිදී ස්‌වභාවයෙන්ම නිහඬව තම සිතුවිලි සමග හුදකලා වන්නට සිහින මවන පිරිමියා
 හා දිවිගෙවන ඇගේ ඉරණම කෙබඳු විය හැකිද අප මතු කරගත යුතු වැදගත්ම කරුණ 
වන්නේ දෙදෙනකු ජීවත්වීමේදී එකිනෙකාගේ ආශාවන් හා අවශ්‍යතාවන්ට කැපවීම් කළ
 යුතු බව නොවේද?

ගැහැනියක්‌ නිරතුරුවම තමාව සතුටුදායක ලෙස පුදුමයට පත් කරවීම්වලට ඇගේ යටි 

සිතෙන් කැමැත්තක්‌ දක්‌වයි. එවන් වූ ඉඟිවලින් ඔහු තමාට පෙර සේම ආදරය කරනවා 
යන්න ඇය වටහා ගනී. එසේම තමන්ගේ උපන් දිනය, විවාහ සංවත්සරය මතක තබාගන්නා 
සැමියාව භාර්යාව විසින් ඉතා අගය කරයි. එදිනට තමන් වෙනුවෙන් පුංචි ත්‍යාගයක්‌ ලබාදී
 තමාව අනපේaක්‍ෂිත ලෙස සතුටට පත්කරනවා නම් මතුපිටින් කුමක්‌ ප්‍රකාශ කළත් ඇගේ 
හදවතේ පතුලේ ඒ සුන්දර මතකය වඩාත් සුරක්‍ෂිත ලෙස ආදරණීය ලෙස තැන්පත් වේ.

එසේම ඉඳහිට හෝ තම කාර්යය අවසන් වී සවසට නිවසට පැමිණෙන සැමියකුට ඇය

 වෙනුවෙන් ඇය ආශා කරන පුංචි යමක්‌ හෝ ගෙන යන්නට හැකි නම් එය ඉතා වටිනා
 කරුණකි. ඇයගේ කෘතවේදීභාවය ඇයගේ කැපවීම ඔහු නිරතුරුවම අගය කරනවා 
යන්න ඇයට වටහා
 ගැනීමට මෙය කදිම අවස්‌ථාවකි.

කාන්තාවකගේ ලිංගික අවශ්‍යතාවයන් පිළිබඳව ලෝකයේ කර ඇති බොහෝ සමීක්‍ෂණ 

වලින් අධ්‍යයනවලින් පෙනී යන්නේ කාන්තාව ආදරය තුළින් රාගික බව අපේක්‍ෂා කරන බවයි.
 සුමුදු ස්‌පර්ශ කිරීම් ආදරණීය සුරතල් කිරීම් හෘදයාංගම සිප වැළඳ ගැනීම්වලට ගැහැනිය වඩාත් 
සතුටු වන බවයි. එසේම පුරුෂයකුගේ පෞද්ගලික ස්‌වස්‌ථතාව මනා සෞඛ්‍ය පුරුදු සහ හැසිරීම්
 ඇය අපේක්‍ෂා කරයි. පිරිමියකුගේ වඩා ප්‍රචණ්‌ඩකාරී රාගික හැසිරීම්වලට වඩා ගෞරවාන්විතව
 හා ශෘංගාරාත්මකව බෙදා හදාගත් සෙනෙහස ඇය ඉතා තදින් අපේක්‍ෂා කරයි.

නිදි යහනේදී ගත කරන ඒ දිවිය කාන්තාවකගේ ජීවිතයේ ඉතා සංවේදී අවස්‌ථාවකි. 

"එහිදී ගැහැනිය තම ආවේගයන් සිතුවිලි අවදිවන්නටත් පෙර පිරිමියා සියල්ල අවසන් කරයි.
" යන්න ලෝකයේ ප්‍රචලිත කියමනකි. බොහෝ කාන්තාවන් ඉතා දිගු වේලාවක්‌ තමන්ගේ
 හදවත දිනාගත් තැනැත්තා සමග ආදරයෙන් වෙලෙන්නට ඔහුත් සමග සුරතල් වන්නට 
කැමති බව කාන්තාවන් පිළිබඳව අධ්‍යයනය කොට හෙළිකරගත් තොරතුරුවලට අනුව 
ප්‍රත්‍යක්‍ෂ වී තිබේ.

එසේම ගැහැනිය ස්‌වභාවයෙන්ම සියුමැලි ශරීරයකට හිමිකම් කියයිs. පුරුෂයා සමග

 බද්ධ වීමේදී ඇගේ කාය ශක්‌තිය මත ඇය පුරුෂයාට දෙවැනි වේ. එහෙත් පිරිමියකුගේ
 මොළයට වඩා ගැහැනියකගේ මොළය 8% ක්‌ කුඩා වන නමුත් ඒ තුළ ඇති අභ්‍යන්තර
 සංවේදීතාවය හා සම්බන්ධතාව පිරිමියාට වඩා වැඩිය. පුරුෂයකුගේ දෘෂ්ඨිපථය ඉතා දිගු 
දුරක්‌ දක්‌වා විහිදී යන අතර ගැහැනියකගේ දෘෂ්ඨිපථය පුළුල් ලෙස විහිදී යයි. මේ තත්ත්වය
 මත කාන්තාවකට එකවර වැඩ කිහිපයකට සිය අවධානය යොමුකළ හැකි අතර පිරිමියකුට 
එක්‌වරක්‌ අවධානය යොමුකළ හැක්‌කේ එක්‌ කාර්යයක්‌ සඳහා පමණි. උදාහරණයක්‌ ලෙස 
දුරකථන සංවාදයක යෙදී සිටින පිරිමියකු වෙනත් වැඩක්‌ එම අවස්‌ථාවේදීම නොකරන අතර
 රූපවාහිනි යන්ත්‍රය ඒ මොහොතේ ක්‍රියාත්මක වන්නේ නම් එහි ශබ්දය පවා අඩුකළ යුතු 
තත්ත්වයක පවතී. එහෙත් ගැහැනිය දුරකථන සංවාද අතරතුර කෑම පිසිමින් දරුවන් ගැනද
 අවධානය යොමුකරයි. එමෙන්ම නිවස අවට ඇති ශබ්ද සහ ඉදිරිපස ඇති ගේට්‌ටුව පිළිබඳවත්
 ඇගේ අවධානයට එම මොහොතේ ලක්‌වේ.

මෙහිදී අප විශේෂයෙන්ම දැක්‌විය යුතු කරුණ වන්නේ ගැහැනිය සහ පිරිමියාගේ මොළය

 සැකසී ඇති ආකාරය අනුව අප එම ක්‍රියාකාරකම් කරනවා විනා ජීවිතයේදී එකිනෙකා ගැන 
මැසිවිලි නගමින් යුග දිවිය අඳුරු කරගන්නට උත්සාහ කිරීම මෙවන් අවස්‌ථාවක්‌ 
මත නොකළ යුතු බවයි.

කාන්තාවගේ අවශ්‍යතාවයන් සහ ආශාවන් මෙන්ම පිරිමියකුගෙන් ගැහැනිය අපේක්‍ෂා කරන 

බොහෝ දැ අතර සුළු කරුණු කිහිපයක්‌ මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නට යෙදුණි. 
මෙම කරුණු ඉතාමත්ම පොදු යෑයි හැඟෙන අතර එම සුළු කරුණු කිහිපය පවා යථාර්ථවාදීව
 වටහා ගෙන ජීවිතය තුළ සැරිසරන්නට පිරිමියකුට සහ ගැහැනියකට හැකි වෙනවා නම් එම 
ජීවිත සැරිසැරීම ඉතාම වින්දනීය චමත්කාර ජනක එකක්‌ බවට පත්වෙනු ඇත.

සටහන - අමාලි මංගේෂ්කා

Nov 22, 2014

මේ වන විට ඇපල් ඇප් ස්ටෝර් එක මගින් නොමිලේ ලබා දුන් ඇප්ස් නොමිලේ බාගත කර ගැනීමට නොහැකි බව ඇපල් පාරිභෝගිකයින් චෝදනා කරනවා. ඔවුන් ඒ සදහා ඉදිරියේදී යම් කිසි මුදලක් අය කිරීමට කිරීමට සැලසුම් කර සිටින බවයි අදහස.
සන්ධාන මන්ත්‍රීවරු හදිස්සියේ රැස්වෙති
පනින්නට තවත් කට්ටියක්


දේශපාලන ලෝකයේ ජනප්‍රිය කියමන් කිහිපයක් තිබේ. එකක් වන්නේ දේශපාලනයේ සදාකාලික සතුරන් හෝ මිතුරන් නොමැති බවය. අනෙක වන්නේ දේශපාලනයේ සතියක් යනු දීර්ඝ කාලයක් යන්නය. දේශපාලන ලෝකයේ කියමන් පසුගිය සතියේදී සැබෑවක් බවට පත්විය. ඒ දේශපාලන පසමිතුරන් වූ බලවේග එකට එක්වීමය. අනෙක සතියක් වැනි කෙටි කාලයක් තුළදී දේශපාලන ලෝකයේ සිදුවූ වෙනස්කම්ය.
පසුගිය මාස කිහිපය පුරාම රටේ දේශපාලනයේ සාකච්ඡා වූයේ ‍පොදු අපේක්ෂකයා කවුරුන්ද යන්නයි. සැඟවුණ අමුත්තෙක් වූ ‍පොදු අපේක්ෂකයා  පසුගිය සතියේදී කරළියට පැමිණියේය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ‍ලේකම් මෛත්‍රීපාල සිරිසේනය.
මෛත්‍රීපාල සිරිසේන කාලයක් අගමැති සිහිනය සිතේ තබාගෙන සිටි දේශපාලනඥයෙකි. 2010 වසරේදී පැවැති මහ මැතිවරණයේදී ඔහු සිය මැතිවරණ ව්‍යාපාරය ගෙන ගියේ “මෛත්‍රී යුගයකට මුල පුරමු” යැයි පවසමිනි. අගමැති ධුරය ලබාගනිමින් මෛත්‍රී යුගයක් බිහි කිරීමට ඔහු සිහින දුටුවත් ඒ සිහිනය සැබෑ කරගැනීමට හැකියාවක් ලැබුණේ නැත. ඒ අගමැති සිහිනය සිහිනයක්ම පමණක් වූ නිසාය. අගමැති සිහිනය ඔහුට දැනෙන්නට ගත්තේ 2004 වසරේ සිටය. 2004 ආණ්ඩුවේ අගමැති ධුරයට මහින්ද රාජපක්ෂ, ලක්ෂ්මන් කදිර්ගාමර් හා මෛත්‍රීපාල සිරිසේනගේ නම් යෝජනා වූ විට මෛත්‍රී ස්ව කැමැත්තෙන්ම එම සිහිනය අතහැර දැමුවේ මහින්ද රාජපක්ෂට අගමැති ධුරය ලබාදිය යුතු බව පවසමිනි.
පසුගිය සති කිහිපයේදීම මෛත්‍රී රහස් කතා බස් රැසකටම එක්විය. ඒ සෑම කතාබහක්ම රහසිගත සාකච්ඡා වූ අතර ඒවා කිසිවක් ප්‍රසිද්ධියට පත්වූයේ නැත. මේ දේශපාලන සාකච්ඡාවලට මුල පුරා තිබුණේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි. ඇය සමග රහස් සාකච්ඡා පවත්වන අතරවාරයේදී ඔහු ප්‍රසිද්ධ වේදිකාවේ ආණ්ඩුවට දැනෙන අදහස් ඉදිරිපත් කළේය. ආණ්ඩුවේ ඇතැම් පිරිස් විවේචනය කරන ආකාරයේ ප්‍රකාශ ඔහු කිරීම ගැන සෑම දෙනාගේම අවධානය යොමුවිය. ආණ්ඩු පක්ෂයේ පිරිසක් විපක්ෂයට එක්වන බවට අදහස් මතුවූ විට ඒ නම් අතර ඉහළින්ම මෛත්‍රීගේ නමත් කියවිණි.
මෛත්‍රී ආණ්ඩුවෙන් ඉවත් වන බවට පැතිර ගිය කතාවලට තටු ලැබුණේ ඔහු සිය අමාත්‍යාංශ කාර්යාලයේ තිබූ පුද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරගැනීමට පටන්ගැනීමත් සමගය. පසුගිය සතියේදී  ඔහු සිය කාර්යාලයේ තිබූ පුද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරගෙන ඇති බවට තොරතුරු ලැබුණ පසුව ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටියේ හිටපු පුවත්පත් කතුවරයෙක් වන ප්‍රවීණ මාධ්‍යවේදී කරුණාදාස සූරිආරච්චිගේ අවමඟුල් උත්සවයේදීය.
“ඔබතුමා ආණ්ඩුවෙන් යනවා කියලා කටකතාවක් යනවා” එතැන සිටි මාධ්‍යවේදියෙක් මෛත්‍රීගෙන් ඇසුවේය.
“ඔව් ඉතිං කට කතානම් යනවා තමයි“ ඇඟට පතට නොදැනී මෛත්‍රී කීවේ ආණ්ඩුවෙන් යන බවට වන කතා  ප්‍රතික්ෂේප නොකරමිනි. ‍පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වනවාදැයි ඇසූ විටත් ඔහු සිනාසුනා මිස කිසිවක් කීවේ නැත. ඇසූ සෑම ප්‍රශ්නයකටම ඔහු කීවේ කට කතා යන බව පමණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වූයේද මෛත්‍රී ආණ්ඩුවෙන් යන බවට කටකතා පැතිර යමින් තිබෙන විටදීය. ජනාධිපතිවරයාගේ උපන් දිනයටද සමගාමීව පැවැති මධ්‍යම කාරක සභාවට මෛත්‍රී පැමිණෙන විට සිය සගයින් “මෙන්න ‍පොදු අපේක්ෂකයා එනවා” යැයි කියන විටත් මෛත්‍රී සිනා මුසුව සිටියා මිස කිසිවක් කීවේ නැත.
මධ්‍යම කාරක සභාව ආරම්භයේදීම ජනාධිපතිවරයා කේක් ගෙඩියක් කැපුවේ සිය උපන් දිනය වෙනුවෙනි. කේක් ගෙඩිය කැපූ ජනාධිපතිවරයා බැලුවේ කේක් කවන්නේ කාටද කියාය.
“කෝ අපේ මහ‍ලේකම්තුමා. මහ‍ලේකම්තුමාටනේ මුල්ම කෑල්ල කවන්න ඕන”යැයි කියූ ජනාධිපතිවරයා මුල්ම කේක් කැබැල්ල මෛත්‍රීට කැව්වේය.
බැසිල් මෛත්‍රීට කී කතාව
මෛත්‍රී ආණ්ඩුවෙන් යන බවට කටකතා පැතිරයාමත් සමග ආණ්ඩුවේ ප්‍රධානීන් කිහිපදෙනෙක්ම ඔහු හමුවට පැමිණියේය. ඒ පැතිර යන කට කතා ගැන විමසීමටත් අගමැති ධුරය ලබාගන්නා ලෙස දැනුම්දීමටත්ය. එහෙත් මෛත්‍රී අගමැති ධූරය ලබාගැනීමට කිසිදු කැමැත්තක් දක්වා තිබුණේ නැත. ඔහු එය ප්‍රතික්ෂේප කර තිබුණේ ආණ්ඩුවේ තනතුරු තමන්ට ලබාගැනීමට අවශ්‍ය නොවන බව පවසමිනි.
කෙසේ වෙතත් බැසිල් - මෛත්‍රී හමුව සිදුවූයේ නැත.
‍පොදු අපේක්ෂකයා ගැන කතා බහ සැඟවුණ අමුත්තෙකුගේ තත්ත්වයට පත්ව තිබෙන විට ඒ ගැන ඉඟියක් දුන්නේ නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයාය. බ්‍රහස්පතින්දා දිනයේදී පාර්ලිමේන්තුවේදී පැවැසුවේ රටට අවශ්‍ය වන්නේ මෛත්‍රී පාලනයක් බවය.
“‍පොඩ්ඩක් ඉවසලා ඉන්න. අපේ අපේක්ෂකයා එළියට දැම්මම ඔයාලගේ ඇඟ කිළි‍පොලා යාවි” නලීන් බණ්ඩාර කියන විට ආණ්ඩුවේ මැති ඇමැතිවරු පුදුමයට පත්ව බලා සිටියහ. ඔහු කියා  තිබුණේ මෛත්‍රී ගැනය. එහෙත් මෛත්‍රී සිකුරාදා සවස් වන තෙක්ම ඒ ගැන වචනයක්වත් කතා කළේ නැත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පත්වීම් ලිපි ලබාදීම වෙනුවෙන් සිකුරාදා උදෑසන පැවැති උත්සවය අවසානයේදීද ඔහු ඉඟි පළ කළත් ස්ථිරව කිසිවක් ප්‍රකාශ කළේ නැත.
“‍පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්න තීරණයක් ගෙන තියෙනවාද?”පිරිස ප්‍රශ්න කළහ.
“තවම තීරණයක් නෑ. ආණ්ඩුවෙන් යනවාද කියලා කියන්න බෑ”මෛත්‍රී කීවේ සිනාමුසුවය.
“අද හෙටම ආණ්ඩුවෙන් යනවා කියලා කියනවා. ඒක ඇත්තද?” නිසි පිළිතුරක් නොලැබුණ විට පිරිස නැවත විමසූහ.
“හෙට දවසේ මොනවා වෙනවාද කියලා කියන්න බැහැ. කාලයට ඉඩ දෙමු. කාලය විසින් සියල්ල තීරණය කරාවිනේ. කාලයට වැඩිපුර ඉඩ දෙන්නත් බෑනේ”යැයි සිනාවකින්ම පිළිතුරු දුන් මෛත්‍රී පිටත්ව ගියේය.
එම උත්සවය අවසන් කළ මෛත්‍රී ගියේ පාර්ලිමේන්තුවටය. පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිස ටික වේලාවක් සිටි ඔහු පාර්ලිමේන්තු කොරිඩෝවට පැමිණියේ ඔහුගේ දේශපාලන ගමනේ වැදගත් තීරණයක් ප්‍රකාශ කිරීමට යාමටය. එහෙත් ඔහුට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් බේරී යාමට නොහැකි විය. විපක්ෂයේ මන්ත්‍රීවරු ඔහු වටකරගෙන සුබපතන්නට වූයේ ඒ වන විටත් විපක්ෂයේ ‍පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රී නම් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ මෙහෙයුම් කමිටුව තීරණය කර තිබිම නිසාය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සුබපැතුම් ලබාගනිමින් සිටින විට ඔහු අසලට පැමිණියේ රාජිත සේනාරත්න ඇමැතිවරයාය. රාජිත කළ ඉඟි කිරීමකින් පසුව පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් එළියට පැමිණි මෛත්‍රී තමන්ගේ වාහනයට නැග පිටත්ව ගියේය. ඒ සමගම රාජිතද පැමිණ පිටත්ව ගියේය. ඔවුන් පැමිණියේ වැදගත් දේශපාලන තීරණයක් ප්‍රකාශයට පත් කිරීමටය.
මෛත්‍රී, රාජිත පැමිණියේ නව රඟහලටය. ඔවුන් සමග දුමින්ද දිසානායක, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන,  සහ මහාචාර්ය රජීව් විජේසිංහ යන තිදෙනා පැමිණියහ. ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වීමටය. ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ වනවාත් සමගම දේශපාලන කරළිය පිටුපස සිටිමින් යම් කාර්යභාරයක් කළ අයෙක්ද පැමිණියේය. ඒ චන්ද්‍රිකාය.
එක්සත් ජාතික පක්ෂය යෝජනා කළ පරිදි ‍පොදු අපේක්ෂකයා ලෙස තරග කිරීමට  තමන් සූදානම් බවත් අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත්කරගන්නා බවත් මෛත්‍රී කීවේ අනාගත දේශපාලනයේ ඇතිවිය හැකි වෙනස්කම් මොනවාදැයි යන්න ගැන ඉඟි පළ කරමිනි.
‍පොදු අපේක්ෂකයා
තෝරාගත් හැටි
මෛත්‍රී ‍පොදු අපේක්ෂකයා ලෙස පත්කිරීමේ තීරණය ගත්තේ පසුගිය සතියේදී පැවැති සාකච්ඡාවලින් පසුවය. මේ ගැන අවසන් වටයේ පළමු සාකච්ඡාව පැවැත්වුණේ පසුගිය සඳුදාය. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ටොරින්ටන් මාවතේ පිහිටි චන්ද්‍රිකාගේ නිවසට ගියේ මලික් සමරවික්‍රම සමගය. ඒ ‍පොදු අපේක්ෂකයා ගැන තීරණයක් ගැනීමටය. ‍පොදු අපේක්ෂකයා ගැන කතාබහ කිරීමෙන් පසුව රනිල් එක්සත් ජාතික පක්ෂ මැතිවරණ කමිටුව හමුවට පැමිණියේය. එහෙත් ඒ වන විටත් ‍පොදු අපේක්ෂකයා ගැන අවසන් තීරණයක් ගැනීමට නොහැකිවී තිබුණි.
“අපි ඉදිරි ජනාධිපතිවරණයේදී ‍පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුයි. අපේක්ෂකයා ගැන අපට කඩිනමින්ම තීරණයක් ගැනීමට සිදුවෙනවා”රනිල් පැහැදිලි කළේය.
‍පොදු අපෙක්ෂකයා ගැන කතා බහ සිදුවන විට ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා  නැගී සිටියේය.
අපි ජනප්‍රිය අයෙක් ‍පොදු අපෙක්ෂකයා විදියට ඉදිරිපත් කරන්න ඕනකිරිඇල්ල යෝජනා කළේය.
නළු නිළියෝත් ජනප්‍රියයිනේ. එහෙනම් අපි පබාව ගෙනත් දාමුඑක්සත් ජාතික පක්ෂ මහ ‍ලේකම් තිස්ස අත්තනායක යෝජනා කළේ කාගේත් සිනා හඩ මැදය.
එදිනත් ‍පොදු අපේක්ෂකයා ගැන කතා කිරීමෙන් පසුව මලික් සමරවික්‍රම සමග රනිල් හොංකොං බලා පිටත්ව ගියේය. හිතවතකුගේ විවාහ මංගල උත්සවයකට සහභාගි වන බව පවසමින් විදේශගතවූ රනිල් ගියේ සිංගප්පූරුවටය.  රනිල් සිංගප්පූරුවට යන විට චන්ද්‍රිකාද එහි ගොස් සිටියාය. එහිදී වැදගත් තීන්දු තීරණ රැසක්ද ගැනීමට ඔවුහු සමත්වූහ.
මෙරටදීත් විදෙස් රටවලදීත් ‍පොදු අපේක්ෂකයා ගැන තීරණ ගැනීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂ මැතිවරණ මෙහෙයුම් කමිටුව සිකුරාදා උදෑසන රැස්විය. ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ දීර්ඝ කරුණු පැහැදිලි කිරීමකින් පසුව ආරම්භවූ මේ රැස්වීමේදී ‍පොදු අපේක්ෂකයා  කවුරුන්දැයි යෝජනා කළේ රනිල්ය.
“‍පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන නම් කරමු”රනිල් යෝජනා කළේය. එහෙත් සජිත් ප්‍රේමදාස එයට වැඩි කැමැත්තක් දැක්වූයේ නැත.
“මෛත්‍රීපාල සිරිසේන නම් කළාය කියලා පක්ෂයක් විදියට අපිට ලැබෙන ප්‍රතිලාභය මොකක්ද?”සජිත් ප්‍රශ්න කළේය.
“මේ වෙලාවේදී ආණ්ඩුව වෙනස් කළ හැකි අයෙක් පත් කළ යුතු වෙනවා. ඒ වෙනුවෙන් අපි කැපකිරීමක් කරමු”මන්ත්‍රීවරු පැහැදිලි කරන විට සජිත්ද එයට එකඟ විය.
රාහු කාලයට පෙර කළ දේ
ජනාධිපතිවරයා සිය තෙවැනි ධුර කාලයට පත්වීම සඳහා මැතිවරණයක් කැඳවීම ගැන පැවැති ආන්දෝලනයට පසුගියදා විසඳුම් ලැබුණේය. ඒ නැවත වරක් ජනමතය විමසීමට තමන්ගේ ඇති අභිලාෂය ගැන ජනාධිපතිවරයා ගැසට් නිවේදනයට අත්සන් තැබිම නිසාය. බ්‍රහස්පතින්දා උදෑසන ජනාධිපතිවරයා සිටියේ බත්තරමුල්‍ලේ අලුතින් ඉදිකළ මහාමාර්ග අමාත්‍යාංශ ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය.
“මට හෙට ඉඳලා බොක්සිං තරගයකට යන්න තියෙනවා. හැබැයි මට ෂැඩෝ බොක්සිං තරගයකටයි යන්න වෙලා තියෙන්නේ. මම තුන්වැනි වරටත් මැතිවරණයකට ඉදිරිපත්වීමට නිවේදනයට අත්සන් තියනවා. මට මහාමාර්ග බොහෝම සමීපයි. මොකද 2005 අවුරුද්දේදී මැතිවරණයට ඉදිරිපත්වීමට ගැසට් නිවේදනය නිකුත් කළෙත් දක්ෂිණ අධිවේගී මාර්ගයට මුල් ගල් තියලා ඇවිත්”ජනාධිපතිවරයා පැවැසුවේය.
ජනාධිපතිවරයා මහා මාර්ග ගැනත් ඉදිරි ජනාධිපතිවරණය ගැනත් කතා කරමින් සිටින විට වේලාව යනු දැනුණේ නැත. ඒ බව මතක් කළේ උත්සව සභාවේ සිටි අයෙකි.
“සර් වෙලාව” උත්සව සභාවේ සිටි අයෙක් කියන විට “මට මෙතැනට ආවාම වෙලාවත් අමතක වෙනවා. මම අත්සන් කරන්න වෙලාවට යන්න ඕනනේ” කියූ ජනාධිපතිවරයා ජනාධිපති ‍ලේකම් කාර්යාලයට පැමිණියේය. ඒ ජනාධිපතිවරණයකට යෑමේ සූදානම පිළිබඳ ගැසට් නිවේදනයට අත්සන් කිරීමටය.
එම ගැසට් නිවේදනය අත්සන් කර මැතිවරණ කොමසාරිස්වරයාටත් රජයේ මුද්‍රණාලයාධිපතිවරයාටත් යැවිය යුතුව තිබුණි. ඒ ඉදිරි වැඩ කටයුතු වෙනුවෙන්ය. සුබ මුහුර්තියකින් ගැසට් නිවේදනයට අත්සන් තැබූ ජනාධිපතිවරයා වහාම එය මැතිවරණ කොමසාරිස්වරයා වෙත යවන්නැයි උපදෙස් දුන්නේය. රාහු කාලය දහවල් එකයි තිහට යෙදී තිබුණ නිසා ඊට පෙර අදාළ නිවේදන යැවිය යුතුව තිබුණි. වහාම ක්‍රියාත්මක වූ මැතිවරණ ‍ලේකම් කාර්යාලයේ නිලධාරීහු එය ෆැක්ස් මාර්ගයෙන් මැතිවරණ ‍ලේකම්වරයාට යැව්වේය. කෙසේ හෝ රාහු කාලයට පෙර අදාළ නිවේදන මැතිවරණ කොමසාරිස්වරයාගේ අතට පත්ව තිබුණේය.
මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා ගැන තීරණයක් ගත යුතුව තිබුණි. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයටත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තරග කළ යුතු බවට යෝජනා කළේ නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයාය. ඒ.එච්.එම්. ෆවුසි ඇමැතිවරයා එය ස්ථිර කළේය. ඊට පසුදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටුවද රැස්විය. එහිදී යෝජනා කළේද මහින්ද රාජපක්ෂ නැවත වරක් ජනාධිපතිධුරයට තරග කළ යුතු බවය.
පසුගිය සතියේදී පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරණය කැඳවීමට අදාළ කිසිවක් ප්‍රකාශයට පත්වී තිබුණේ නැත. සාමාන්‍ය පරිදි කැබිනට් පත්‍රිකාවලට අනුමැතිය ලබාගත් අතර වැඩි දේශපාලන කතා නොකිරීමට මැති ඇමැතිවරු වගබලාගෙන තිබුණි.
ආණ්ඩුවේ මන්ත්‍රීවරු පිරිසක් විපක්ෂයට එක්වන බව සැලවූ විට ආණ්ඩුවේ මැති ඇමැතිවරුද කලබලයට පත්වූහ. ආණ්ඩුවේ ස්ථාවරය කුමක්දැයි පැහැදිළි කළ යුතු බව ආණ්ඩුවේ පාර්ශවකාර     පක්ෂවල ස්ථාවරය විය. ඒ අනුව සුසිල් ප්‍රේම්ජයන්ත, විමල් වීරවංශ, මහාචාර්ය තිස්ස විතාරණ, ගීතාංජන ගුණවර්ධන ඇතුළු සන්ධානයේ පාර්ශවකාර පක්ෂවල   නායකයෝ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සිය ස්ථාවරය පැහැදිලි කළහ.
එපමණක් නොව සිකුරාදා සවසම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අරලියගහ මන්දිරයට කැඳවූහ. ඒ ඉදිරි වැඩපිළිවෙළ  ගැන සාකච්ඡා කිරීමටය. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ අදහස වී තිබුණේ මේ රැස්වීමේදී ආණ්ඩුවෙන් ඉවත් වන තවත් අයෙක් සිටීනම් ඒ ගැන අදහසක් ලබාගැනීමට හැකියාව ලැබෙන බවය.
මේ අතර ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානමින් සිටින මන්ත්‍රීවරු පිරිසක් ඉදිරියේදී සිය දේශපාලන තීරණය ප්‍රකාශය පත් කරනු ඇතැයිද සදහන්ය. ඔවුන් ඉදිරි දින කිහිපය තුළදී එම දේශපාලන පමි පනිනු ඇතැයි තහවුරු කළ ආරංචිමාර්ග සදහන් කරයි.
හෙළ උරුමයත් ඉවතට
එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ පාර්ශ්වකාර පක්ෂ පසුගිය කාලයේදී ආණ්ඩුව සමග සිටියේ එතරම් හිත හොඳින් නොවේ. ජාතික නිදහස් පෙරමුණ, වමේ දේශපාලන පක්ෂ හා ජාතික හෙළ උරුමය ඒ අතර විය. එම පක්ෂ වෙන් වෙන් වශයෙන්් ආණ්ඩුවට වෙනම යෝජනාවලීන් ඉදිරිපත් කර තිබුණි. කෙසේ නමුදු ජාතික නිදහස් පෙරමුණ හා වමේ දේශපාලන පක්ෂ ආණ්ඩුව සමග පැවැති සාකච්ඡාවලින් පසුව තීරණය කළේ ආණ්ඩුවට සහය දීමටය. එහෙත් ජාතික හෙළ උරුමය ඉදිරිපත් කළ කරුණු තිස්පහකින් යුත් යෝජනාවලට ආණ්ඩුව එක්වරම කැමැත්ත දැක්වූයේ නැත. ඒ යෝජනාවලිය පිළිබද තවදුරටත් සාකච්ඡා කළ යුතු බව ආණ්ඩුවේ ස්ථාවරය විය. ඒ අනුව හෙළ උරුමයත් ආණ්ඩුවේ නියෝජිතයිනුත් සාකච්ඡා වට කිහිපයකට එක්වූයේ මේ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමටය. එම සාකච්ඡාවලින් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සමග වැඩිදුරටත් සාකච්ඡා කර අවසන් තීරණයක් ප්‍රකාශයට පත්කිරීමේ එකඟතාවයට පැමිණියේය.
ඒ අනුව හෙළ උරුමයේ යෝජනාවලිය ක්‍රියාත්මක කළ හැකිද යන්න පිළිබඳව සුසිල් ප්‍රේමජයන්ත, ඩලස් අලහප්පෙරුම හා මෛත්‍රීපාල සිරිසේනගේ අත්සනින් යුතුව ලිඛිත ප්‍රතිචාරයක් ලබාදී තිබුණේය. හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ අතට එම ප්‍රතිචාර ලිපිය දී තිබුණේ පසුගිය සිකුරාදාය. රහසිගත ලිපියක් ලෙස දී තිබූ එම ලිපියේ සඳහන්ව තිබුණේ හෙළ උරුමයේ යෝජනාවලිය ගැන තවදුරටත් සාකච්ඡා කළ යුතු බවය. ඒ නමුත් එම යෝජනා ක්‍රියාත්මක කිරීමට එකඟ බව එහි සඳහන්ව තිබුණේ නැත.
ආණ්ඩුවේ ප්‍රතිචාරය තමන් අතට පත්වීමෙන් පසුව ජාතික හෙළ උරුමයේ නායකයෝ එක්වී ආණ්ඩුවේ ප්‍රතිචාරය ගැන සාකච්ඡා කළහ. මේ යෝජනාවලියට පක්ෂයක් ලෙස දක්වන ප්‍රතිචාරය ගැන අවසන් තීරණයක් ගැනීමට පක්ෂයේ උත්තරීතර මණ්ඩලය, ගිහි උපදේශක මණ්ඩලය හා මහජන නියෝජිතයින් ඒකාබද්ධව රැස්වූයේ පසුගිය සඳුදා සවසය. එහෙත් හෙළ උරුමයේ කැපී පෙනෙන එක් චරිතයක් මෙයට පැමිණ සිටියේ නැත. ඒ පක්ෂයේ නීති උපදේශක උදය ගම්මන්පිලය. ඇමැතිවරයා අසනීප තත්ත්වයක් නිසා කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කළ නිසා ඔහුට එහි පැමිණීමට නොහැකි විය.
සිය යෝජනාවලියට ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළ ජාතික හෙළ උරුමය තීරණය කළේ සිය යෝජනාවලියට ආණ්ඩුව දක්වා ඇති ප්‍රතිචාරය ගැන සෑහීමකට පත්විය නොහැකි බවය.  ඒ අනුව ආණ්ඩුවේ සියලුම තනතුරුවලින් ඉවත් වීමටද තීරණය විය. සඳුදා සවස ජාතික හෙළ උරුමය මේ තීරණය ගත්තත් එය ප්‍රසිද්ධියට පත් නොකිරීමට ගිවිස ගත්තේය. සිය තීරණය රහසිගතව තබාගත්තේ පසුදා පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එය ප්‍රකාශයට පත්කිරීමටය.
“ජාතික හෙළ උරුමය ඉදිරිපත් කළ යෝජනාවලිය සම්බන්ධයෙන් ආණ්ඩුව දක්ව ප්‍රතිචාරය පිළිබඳ
අපි සෑහීමකට පත්වන්නේ නෑ. ඒ නිසා අපි ආණ්ඩුවේ සියලුම තනතුරුවලින් ඉල්ලා අස්වෙනවා. වෙනම පක්ෂයක් ලෙස ජාතික හෙළ උරුමය කටයුතු කරනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විනය නීතිවලට අපි යටත් වෙන්නේ නෑ” හෙළ උරුමයේ තීරණය ප්‍රකාශයට පත් කරමින් පාඨලී චම්පික රණවක දැනුම් දුන්නේය.
‍පොදු
අපේක්ෂකයාද? බොදු අපේක්ෂකයාද?
ආණ්ඩුවෙන් ඉවත් වුවත් ජාතික හෙළ උරුමයේ සහය හිමිවන අපේක්ෂකයා   කවුරුන්ද යන්න මතෛක් ප්‍රකාශයට පත් කර නැත. හෙළ උරුමය පවසන්නේ සිය යෝජනාවලියට සහය ලබාදෙන ඕනෑම අයෙකුට සිය සහය හිමිවන බවය.   අපේක්ෂකයාට
වඩා වැදගත්වන්නේ ප්‍රතිපත්ති බව හෙළ උරුමයේ විශ්වාසයයි. ඒ අනුව හෙළ උරුමය තමන්ගේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීම මේ වන විටත් ආරම්භ කර තිබේ. එහි ආරම්භය සනිටුහන් වූයේ මහානායක
හිමිවරු හමුවෙමින්ය. හෙළ උරුමයේ නායකයෝ පසුගිය බ්‍රහස්පතින්දා උදෑසනම දළදා මාලිගාවට ගොස් ආශිර්වාද ලබාගත්හ. ඉන්පසුව අස්ගිරි මල්වතු මහ නාහිමිවරු හමුවීමට ගියේ රන්පත්වල විමලරතන හිමියන්, පාඨලී චම්පික රණවක, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ,  ඇතුළු පිරිසකි.
ඔවුහු පළමුවෙන්ම මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ සුමංගල මහා හිමියෝ හමුවූහ.
“හොරකම් කරන්නේ නැතිව අමාත්‍යාංශ කරගෙන යන්න බෑ කියනවානේ, ඒත් අපි හොරකම් කරන්නේ නැතිව අමාත්‍යාංශ කරන හැටි පෙන්නුවා. ඒත් වැඩිදුර කරගෙන යන්න බෑනේ” පාඨලී පැහැදිලි කළේය.
“ඔබතුමාලට ඒවා කරගෙන යන්න දුන්නේ නෑනේ. ඔබතුමන්ලා මුහුණ දුන් තත්ත්වය අපිට තේරුම්ගන්න පුළුවන්. අපි විධායක ජනාධිපති ක්‍රමය ගැන අදහස් දැක්වුවා. ඒත් ආණ්ඩුව ඒවා ඇහුවේ නෑ. අඩුම තරමේ විහාර දේවාලගම් පනත ගේන වෙලාවේවත් අපෙන් ඒ ගැන ඇහුවේ නෑ” මල්වතු නායක හිමියෝ පැහැදිලි කළහ.
ඉන්පසුව ඔවුහු අස්ගිරි මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියෝ හමුවූහ. හෙළ උරුමය විසින් ඉදිරියේදී හොඳ වැඩපිළිවෙළක්  ක්‍රියාත්මක කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව උන්වහන්සේ හෙළ උරුමයේ නියෝජිතයින්ට කීහ.
අස්ගිරි මල්වතු නායක හිමිවරු හමුවීමෙන් පසුව හෙළ උරුමය දැන් වෙනත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් සමග සාකච්ඡා මාලාවක් ආරම්භ කර තිබේ. ඒ ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ලබාදෙන්නේ කාටදැයි යන්න තීරණය කිරීමටය. මේ වන විට හෙළ උරුමය පාර්ශ්වයෙන් අදහස් දෙකක් මතුවෙමින් තිබේ. එකක් වන්නේ ‍පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමටය. අනෙක වන්නේ බොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමටය. කෙසේ වෙතත් ඉදිරි සතිය වන විට සිය සහය හිමිවන අපේක්ෂකයා කවුරුන්දැයි හෙළ උරුමය විසින් තීරණය කරනු ඇත.
රතන හිමිගේ විහාරය වටලයි
ජාතික හෙළ උරුමයේ දේශපාලන තීරණ ගැන පසුගිය කාලයේදී මුලින්ම අදහස් දැක්වූයේ අතුරලියේ රතන හිමියෝය. පිවිතුරු හෙටක් ජාතික ව්‍යාපාරය හරහා විධායක ජනාධිපති ක්‍රමයේ බලතල සීමා කිරීමට අදහස් මතුකළේ උන්වහන්සේයි. හෙළ උරුමයේ ඇමැතිවරු ඇමැති ධුර අතහැරීමට දින කිහිපයකට පෙර ආණ්ඩුවේ තනතුරුවලින් මුලින්ම ඉල්ලා අස්වූයේ රතන හිමියෝය. හෙළ උරුමයේ තීරණ ගැන පෙර ලකුණු පෙන්වා දුන් රතන හිමියන්ගේ රාජගිරියේ පිහිටි අසපුව අසලට බ්‍රහස්පතින්දා උදෑසන සංවිධානාත්මක පිරිසක් පැමිණියහ. ඔවුන් පැමිණියේ විරෝධතා පුවරු රැගෙනය. අක්කර පහකට ආසන්න එම ඉඩම නොමැති ජනතාවට ලබාදෙන්නැයි කියමින් ඔවුහු විරෝධය දැක්වූහ.
විරෝධතාව පැවැත්වෙන අතරවාරයේදී එතැනට පැමිණියේ කෝට්ටේ නගරාධිපති ජනක රණවකය. මේ ගැන සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට ‍පොරොන්දු වීමෙන් පසුව විරෝධතාකරුවෝ විසිර ගියහ. විරෝධතාකරුවන් මේ ඉඩම ඉල්ලා සිටියේ එය ආණ්ඩුව විසින් රතන හිමියන්ට ලබාදුන් ඉඩමක් වන නිසාය.
“මේ ඉඩම සඟසතු කර පූජාකරන ලද ඉඩමක්. මෙය මගේ පුද්ගලික ඉඩමක් නොවෙයි. මෙය සඟ සතු දේපළක්. මෙය දුන්නා කියලා හැමදාම එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහය දිය යුතු යැයි නියමයක් නෑ” විරෝධතාකරුවන් පැමිණ සිටින බව සැලවූ විට රතන හිමියෝ ස්ථිරසාරව ප්‍රකාශ කළහ.
සජිත් සෝභිත හිමියන්ට කී දේ පසුගියදා මුත්තයියා ක්‍රීඩා පිටියේ පැවති දේශපාලන රැස්වීම අතරතුර සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ මාදුළුවාවේ සෝභිත නාහිමියන් අතර පැවති කෙටි පිළිසඳරේදී සෝභිත හිමියන් විසින් පෞද්ගලිකවම කරන ලද ඇරයුම පරිදි සජිත් සෝභිත හිමියන් බැහැදැකීමට කෝට්ටේ ශ්‍රී නාගවිහාරයට ගියේ රංජිත් මද්දුමබණ්ඩාර සහ තලතා අතුකෝරාළද කැටිවය. එහිදී සෝභිත හිමියන් පළමුව අවධානය යොමු කළේ පවතින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වැදගත්කම පිළිබඳවය. සජිත් අදහස් පළ කරමින් කීවේ “ඒ ගැන තර්කයක් නෑ නායක හාමුදුරුවනේ. ඒ වගේම අද මේ රටේ මිනිස්සුන්ගේ දුප්පත්කම, බඩගින්න බරපතල ප්‍රශ්නයක්. ඊට ලබා දෙන විකල්ප විසඳුම් ගැනත් ජනතාවගේ අවධානය යොමු කරන්නට අවශ්‍යයි” කියාය. ඊළඟට අවධානය යොමු වූයේ ‍පොදු අපේක්ෂකයා තෝරා ගැනීම පිළිබඳවය. සජිත් එහිදී සිය ස්ථාවරය පැහැදිලි කරමින් කීවේ තමන් 2012 සිටම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතුය යන මතයේ සිටි බවත්, ඔහු ඉදිරිපත් වන්නේ නම් සිය සහයෝගය ඔහු වෙත ලබා දීමට තීරණය කර ඇති බවත්ය. “ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ මාස 6 කින් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ‍පොරොන්දුවෙලයි. ඒ ‍පොරොන්දුව අකුරටම ඉටු කරන බවට විශ්වාසය තැබිය හැකි කෙනෙක් අපේක්ෂකයා හැටියට අපි තෝරා ගත යුතුයි. පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම වෙනුවෙන් පෙනී සිට ඒ වෙනුවෙන් කැපවෙන බවට මහා සංඝරත්නය ඉදිරියේ අත්සන් තබා පහුවදාම ඒ සටන පාවා දී නායකත්ව මණ්ඩලයට ගිය පුද්ගලයෙක් ගැන කොහොමද විශ්වාස තියන්නේ ? ඔහුට නම් මගේ කිසිම සහයෝගයක් ලැබෙන්නෙ නෑ” සජිත් කෙළින්ම කීවේය.
පසුගිය සතියේ සජිත් කළ ප්‍රකාශයකින් කියවුණේ ආණ්ඩු පක්ෂයේ කලකිරීමෙන් සිටින මන්ත්‍රීවරුන්ට එක්සත් ජාතික පක්ෂයේ දොරටු විවෘතව ඇති බවයි. මේ ප්‍රකාශයෙන් පසුව ආණ්ඩු පක්ෂයේ ප්‍රබල ඇමතිවරුන් කීප දෙනෙකුම සජිත් අමතා කතා කිරීම අනපේක්ෂිත දෙයක් විය. එහෙත් ඔවුන් කෙළින්ම සජිත්ගේ ජංගම දුරකථන අංකයට කතා නොකොට වෙනත් ජංගම දුරකථන අංකයක් ඔස්සේ සජිත් ඇමතීමටද පරිස්සම් විය. “අපට දැන් මෙහේ ඉඳලා ඇති වෙලා. අපි අනාගත හැරවුම් ලක්ෂය හැටියට දකින්නේ ඔයා රනිල් වික්‍රමසිංහ නායකතුමා සමඟ ඉදිරියට යන ගමනයි. ඔයා අපට ඇරයුම් කිරීම ගැන සතුටුයි. අපි ආවොත් ඔයා අපිව බලා ගන්නවාද ?” ඔවුන් කවුරුත් පාහේ කීවේත්, ඇසුවේත් එකම දේය. සජිත් කීවේ “කිසි දේකට බය වෙන්න එපා මම ඒ ගැන සහතික වෙනවා. මතකනේ එදා මගේ තාත්තා ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් ආපු ඔසී අබේගුණසේකර මැතිතුමාට දීපු රැකවරණය... සළකපු ආකාරය... ඒ දේශපාලන මගේ ‍ලේ වලත් තිබෙනවා. මේක අන්තිම අවස්ථාව වෙන්න පුළුවන්. ඒක පැහැර හරින්න එපා” කියාය.
මර්වින් අවදිවෙයි
කලක් නිශ්ශබ්දව හුන් ඇමැති මර්වින් සිල්වා මේ දිනවල යළිත් වරක් පුවත් මවන චරිතයක් වී තිබේ.
මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍යාංශයේ අයවැය විවාදයේ දී ඔහු විපක්ෂයට ආරාධනාවක් කළේය. “අද මම විපක්ෂය අහන ඕනෑම ප්‍රශ්නයකට උත්තර දෙනවා” ඇමැතිවරයා එසේ කියනවාත් සමග සුනිල් හඳුන්නෙත්ති අසුනෙන් නැගී සිටිමින් ප්‍රශ්නයක් විමසුවේය. “ඔබතුමා කැලණියේ දී ප්‍රශ්නයක් වෙලා තිබුණු බාර් එකක් වහලා විසඳුමක් දුන්නා ආණ්ඩු බලය ඔබතුමාට තියෙන නිසා. අර ජටාලතිස්සගේ මීමුත්තගෙන් පස්සේ කැලණිය හදන්න ආවේ ඔබතුමාද කියලා අපිට හිතෙනවා. එහෙම තියෙද්දී ඇප දිය හැකි නඩු නිමිත්තකට ඔබතුමාලගේ ආණ්ඩුවක් තිබිලා ඔබතුමාගේ පුතාට ඇප ගන්න බැරි ඇයි” හඳුන්නෙත්ති ඇසීය. “මම රාජ්‍ය බලය නැති කා‍ලේ  බෙලිඅත්තේ කරපු වැඩ ඔබතුමා ගිහින් අහන්න. හැබැයි ඔබතුමාට වෙලාවක් තියෙනවා නම් මාව මුණ ගැහෙන්න. මම සියලු තොරතුරු ඔබතුමාගේ  කනට කොඳුරලා  කියන්නම්.” මර්වින් සිල්වා කීවේය. මෙතුමා කනට කොඳුරා කිව්වේ  නැතත් කියන්න  හදන්නේ මොකද කියලා තේරුම් ගන්න පුළුවන්” හඳුන්නෙත්ති අසල සිටි මන්ත්‍රීවරයෙකුට පැවැසීය.
සංජය නල්ලපෙරුම

Nov 21, 2014




ගොඩක් දෙනෙකුට තියන ප්‍රශ්නයක් තමා phone එකට සිංහල 


දාගන්න එක. ගොඩක් තැන් වල කියල දීල තියනවා phone එක root 

කරලා සිංහල දාගන්න විදිය ඒත් ඒක හැමෝටම කරන්න විදියක් නෑ. 

root කිරීමෙන් දුරකතනයේ වගකීම නැති වෙන නිසා ගොඩක් 

දෙනෙකුට ඒක කරන්න බෑ, තවත් කෙනෙකුට root කරගන්න එක 

ටිකක් අමාරු වැඩක්.

maithripala-sirisena-common-candidate-nethfm (1)
පොදු විපක්ෂයේ මාධ්‍ය හමුවක් සඳහා අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ වන විට සහභාගි වී සිටිනවා. මෙම මාධ්‍ය හමුව පැවැත්වෙන්නේ කොළඹ නව නගර ශාලාවේදීයි.

මෙම මාධ්‍යහමුවට මෛත‍්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා සමග හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද එක්ව සිටිනවා. ඊට අමතරව රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන් ද සහභාගි වනවා. 

නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන මහතා සමග සන්ධාන ජාතික ලැයිස්තු මන්ත‍්‍රී මහාචාර්ය රජිව් විජේසිංහ මහතා ද මේ වන විට විපක්ෂයේ පොදු අපේ්ක්ෂකයාගේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවට එක්ව සිටිනවා. ඊයේ විපක්ෂයට එක් වූ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී  වසන්ත සේනානායක මහතා හා අර්ජුන රණතුංග මන්ත‍්‍රීවරයා ද මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාවේ අසුන් ගෙන සිටිනවා. 

තමා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තෝරාගෙන ඇතිබව සිරිසේන මහතාපැවසීය.


maithripala-sirisena-common-candidate-nethfm (2)maithripala-sirisena-common-candidate-nethfm (3)maithripala-sirisena-common-candidate-nethfm (4)maithripala-sirisena-common-candidate-nethfm (5)maithripala-sirisena-common-candidate-nethfm (6)maithripala-sirisena-common-candidate-nethfm (7)

Nov 20, 2014




widgets
උපන් ලප සම්බන්ධයෙන් විවිධ වූ අදහස් මතවාද පවතී. එම උපන් 

ලප දෙස බලා පුද්ගලයින්ගේ චර්යා රටා, ගති ලක්ෂණ ආදිය සඳහන් 

කරයි.

නළලේ උපන් ලප

නළලේ වම් පස උපන් ලප පිහිටා ඇත්නම් යුග දිවිය සැපවත් වනූ 

නිසැක ය. නළල මැද උපන් ලපය ඔබ බොහෝ ජනප්‍රිය අයකු බවට 

පත් කරාවි. එවැනි කතක් විවාහ කරගන්නා පුද්ගලයා වැඩිකල් 

නොගොස් රජෙකු මෙන් කටයුතු කළහැකි බලයක් ලබයි. බොහෝ 

ධනය ලැඛෙන මාර්ග පෑදේ. පිරිසකට නායකත්වය දෙන වාසනාව 

ඇති වේ.කාන්තාවන්ගේ නළලේ දකුණු පස උපන් ලපය ආර්ථික 

වශයෙන් දියුණුව ඇති වුව ද හැම මොහොතකම සිතේ දුකක් රඳාවා 

ගනී.

නාසයේ උපන් ලප


නාසයේ හරි මැද උපන් ලපය පිහිටා ඇතිනම් ඉතා වාසනාවන්ත 

පිහිටීමකි. තමන්ට වඩා බලවත් අය ඇසුරට පත්වන අවස්ථා උදා 

වෙයි. දේශපාලනය සම්බන්ධ ව උසස් තනතුරු දැරිය හැකිය. 

ඉවසීමේ ගුණය ඉතා ඉහළ මටිටමක පවතී. ඕනෑම දෙයක් පහසුවෙන් 

අවබෝධ කර ගැනීමේ වාසනාව පවතී. නිතර විදේශ ගමන්වලට 

යොමු වේ.


කම්මුලේ උපන් ලප

කම්මුල මත උපන් ලප පිහිටීම උසස් අධ්‍යාපනයකට මග පාදා උසස් 

රැකියා අවස්ථා උදා කරාවි. නිසි වයසේ සැපවත් විවාහයකට මග 

පාදයි. තරුණවියේ දී ම සැපවත් දිවියකට අවශ්‍ය සියල්ල හිමි කර 

ගනීවි. ජීවිතයේ මුල මැද අග තුනම සතුටින් ගත කරයි. මෙවැනි 

උපන් ලප ඇති ළඳුන් සමග විවාහවන පුරුෂයන් බලා සිටිය දී 

ධනවතුවන් වෙයි.


දෙතොල් මත උපන් ලප

ඛෙහෙවින් රාගාධිකවනු ඇත. සමාජශීලී පැවතුම් ඇති වේ. අන් 

ජාතිකයින් සමග විවාහවීමට අවස්ථා උදා වෙයි. මෙවැනි උපන් ලප 

ඇති කතුන් ඇසුරට පත්වන පිරිමින්ට කිසිදු ගැළවීමක් නැත. 

තොල්මත උපන් ලප ඇති පිරිමි ඇසුරට සුදුසුවන්නේ නැත.


නිකටේ උපන් ලප


නිකටේ උපන් ලප ඇති අය පහසුවෙන් අන් අය වසඟයට ගනී. ප්‍රකට 

නමක් ඇති අය අතර නිකටේ උපන් ලප බහුලව පිහිටා ඇත. ව්‍යාපාර 

අරඹා දියුණු කර ගැනීමට පුදුම හැකියාවක් ඇත. විවිධ මාර්ගවලින් 

ප්‍රසිද්ධියට පත් වේ. යුග දිවියෙන් පසු සියළු අසීරුතා මග හැරේවි. 

අනුන්ට උපකාර කිරීමට යෑමෙන් කරදර පමුණුවා ගන්නේ මෙවැනි 

උපන් ලප ඇති අයයි.


ඇසේ උපන් ලප


අන් අයගේ ආදරය විශ්වාසය නොපමාව දිනා ගැනීමට හැබෑ 

දක්ෂකමක් ඇත. හැම ප්‍රශ්නයකදීම පෙරට පැන කටයුතු කරයි. පිනට 

දහමට ඛෙහෙවින් ලැදි වේ. අන් සතු ධනය හිමි කර ගත් කතුන් අතර 

වැඩි දෙනෙකුට ඇසේ උපන් ලප පිහිටා තිබීම විශේෂ කරුණකි. 

ගත්තු පැත්ත මොන කරදර ආවත් අත හරින ගතියක් ඇසේ උපන් ලප 

ඇති අයට නැත.





ඛෙල්ලේ උපන් ලප


කොතරම් දිළිඳු අඩියක හිටියත් කවදා හෝ ජීවිතයේ සුන්දරම 

තැනකට කැඳවාගෙන යන්නට මෙවැනි පිහිටීම් ඇති කතුන් සමත් වේ. 

පවට බිය ගතියක් ඇත. වැඩිහිටි අයට කීකරුව කටයුතු කරයි. 

රන්,රිදී,මූතු, මැණික් අඩුවක් නැති ව හිමිවන භාග්‍ය ඇත. බලවත් 

තරුණයන් වශී කර ගැනීමේ පුදුම හැකියාවක් ඇත.


පපූවේ උපන් ලප


සිතේ අස්වැසිල්ල අඩුවනු ඇත. හිතේ ඇති දේ වසන් කර කතා 

කිරීමට දක්ෂ ය. අනුන් පාවාදී තමන් සුදනා වීමට වෙර දරයි. තේරුම් 

ගත නොහැකි චරිත ඇති වේ. යුග දිවියට පත් වුව ද ප්‍රසිද්ධියේ රඟ 

දැක්වීමට යෑමෙන් නරක නමක් ඇති වේ.


කලවේ උපන් ලප


දැඩි කැපවීමකින් ජීවිතය සැපවත් කර ගැනීමට වෙර දරන ගතියක් 

ඇත. දුක සැප සම ව සිතීමට හුරු පුරුදු වේ. අතට පත් දෙය රැක 

ගැනීමට අපූරු හැකියාවක් පවතී. යුග දිවියේ ප්‍රශ්න ඇති විය හැකි 

වුවත් දෙවරක් විවාහ වීමට වුවත් පෙළඹේ. නැව ගිලුනත් බෑන්චූන් 

ජීවිතයට බර වීම අන් අය මවිතයට පත් කරන අපූරු ලක්ෂණයකි.

ඔබටත් ඔබේ උපන් ලප ඇසූරෙන් ඔබේ ගති පැවතුම් සසඳා බැලීමට 

මෙය කදිම අවස්ථාවකි.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score