Sep 17, 2014

ඔබ ළඟ තිබු වටිනා තොරතුරු සහිත CD/DVD තැටි ධාවක වල ධාවනය නොවන තත්වයට පත්වූවිට ඇත්තෙන්ම ඔබ දුකට පත්වනවා ඇති.ඒත් ඔබ කලබල විය යුතු නෑ..කියවීමට නොහැකි ලෙස හානිවූ තැටි යළි කියවිය හැකි පරිදි සැකසිය හැකියි.
අකර්මන්‍ය වී ඇති තැටිය ගෙන එහි සිළිඳු පැත්ත අතගා බලන්න.එහි රළු බවක් ඇති තැන් හමු වේ නම් එම ස්ථානවල ඇති දෝෂ නිසා තැටිය අක්‍රිය වී ඇති බව සිතිය හැක.එම රළු ගතිය අඩුකර සුමට කරගත යුතුය.ඒ සඳහා සාමාන්‍ය දන්තාලේප,පිත්තල ඔපදමන දියර,ඇස්කන්නාඩි පිරිසිඳු කිරීමේ දියර,මද්‍යසාර,ඕඩිකොලෝන් භාවිතා කල හැක.

මෙම දියර වර්ගයින් එකක් තැටිය මතුපිටට දමා ෆැනල් රෙදි කැබැල්ලකින් හෝ ස්පොන්ජී කැබැල්ලකින් පිස දැමිය යුතුය.එය පිසදැමිය යුත්තේ ඇතුලත සිට පිටතට වන පරිදි වලයාකාරවය.එනම් තැටියේ මැදසිට කෙලවරටය.වැඩි බරක් නොයෙදිය යුතු අතර බුරුසු කිසිවිටකත් භාවිතා නොකළ යුතුය.තැටියේ මතුපිට සියුම් වලවල් ඇතිවී තිබේ නම් අවර්ණ සපත්තු පොලිෂ් වර්ගයක් යොදා ෆැනල් රෙදි කැබැල්ලෙන් වලයාකාරව ඔප දැමිය යුතුය.ගම් වර්ග භාවිතා නොකළ යුතු අතර එය ධාවක වල බැඳී ඒ වාට හානි ගෙන දේ.
තැටිය ඔප දැමිමෙන් පසුව එය ෂැම්පු වර්ගයකින් සෝදා ඉතා පිරිසිඳු ෆැනල් රෙදි කැබල්ලකින් පිසදා ගත යුතුය.තැටිය මතුපිට සියුම් කෙඳි හෝ දුවිලි නොතැබිය යුතුය.දැන් එම තැටිය පරිගණකයේ හෝ ධාවකයේ තබා බලන්න.බොහෝවිට තැටිය ධාවනය වන බව පෙනෙනු ඇත.තවදුරටත් තැටිය ධාවනය නොවන්නේ නම් පරිගණකයට මෘදුකාංගයක් පිහිටුවා ඒ ඔස්සේ තැටිය කියවීමට උත්සාහ කල යුතුය.මේ සඳහා මෘදුකාංග අන්තර්ජාලයෙන් නොමිලේ ලබාගත හැක.පහත ලින්ක් වලින් එය බා ගත හැක. 

මෙම ලින්ක් වලින් ලබාගන්නා එක් මෘදුකාංගය ක්‌ පරිගණකයේ ස්ථාපිතකර මෘදුකාංග දෝෂ සමනය කර ඔබට තැටිය කියවීමට හැකි වනු ඇත.තැටිය කියවීමට හැකිනම් වහාම ඔබ කල යුත්තේ තැටියෙහි අඩංගු තොරතුරු වෙනත් තැටියකට හෝ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකකට ලබා ගැනීමය.එවිට නැවත තැටිය කියවිය නොහැකි වූවත් ගැටලුවක් වන්නේ නැත.
මිට අමතරව ධාවක වල ඇති දුර්වලතා නිසාද ඇතැම් තැටි ධාවනය නොවේ.ධාවකයේ කාචය පිරිසිඳු රෙදිකඩකින් පිසදැමිය යුතුය.ඔබ තැටිය භාවිතාකරන විට එහි මැද කොටසින් කිසිවිටෙක නොඇල්ලිය යුතුය.එය ඇල්ලිය යුත්තේ තැටියේ දාරයෙන් පමණි.මැද කොටසේ ඇඟිලි සලකුණු තැබු විට තැටිය ඉක්මනින් අකර්මන්‍ය තත්වයට පත්වේ.කඩතොළු වී සිරී ඇති තැටි ඔපදමන යන්ත්‍ර පවා ඇත.එහෙත් ඒවා ඉහල මිලගණන් වලින් යුක්තය.නමුත් අප වටිනා තැටි ඉතා ප්‍රවේශමින් භාවිතා කරන්නේනම් මෙවැනි අලකලංචි වලට මුහුණ දෙන්නට වන්නේ නැත.

ඔබට ජය!

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score