Sep 26, 2014


 ලග්න හයකට සුබඵල 
අනෙක් ඒවාට මිශ්‍රඵල

මේෂ ලග්නය
ප්‍රධානීන්ගෙන් හොඳ සහයෝගයක්
මාසයේ මධ්‍ය භාගය දක්වා දැඩි ආව්ගශීලී ස්වභාවයක් හා නොසන්සුන්තාවක් ඉස්මතු වන පරිසරයක් නිර්මාණය වන නිසා ඉවසීමෙන් හා කල්පනාවෙන් කටයුතු කළ යුතු  වේ. ඉන්පසු මේ තත්ත්වය සමනය වෙයි. මේ අතර ඔබට නිසි මග පහදා දෙමින් අවවාද හා උපකාර ලබාදෙන හිත මිතුරු පිරිසක් ඇසුරට පත්වේ. සිතේ කලබලකාරී  ස්වභාවය දුරුවීමට මොවුන්ගේ ඇසුර උදව්වේ.
නිවස තුළ ඇතැම් මත ගැටුම් ඇති වුවත් එවා මැදහත්ව සලකා බලා  නිරාකරණය කර ගැනීමේ ශක්තිය ඇතිවන නිසා ගැටුම් ඇති නොවී ශාන්තිය ගොඩනගා ගැනීමේ වාසනාව උදාවේ.
මේ මාසය තුළ ඉගෙනීමේ කටයුතුවලට ඇතැම් බාධාකාරී තත්ත්වයන් ඉස්මතු විය හැකි නිසා සැලකිලිමත් විය යුතුවේ.  උනන්දුව හා අවධානය අඩුවීම , බාධක ආශ්‍රයන් ඇතිවීම වැනි හේතූන් නිසා අධ්‍යාපන බාධා ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. ඇතැම් සුළු සිද්ධීන් ඇති වුවත් රැකියා කටයුතු සාර්ථකව කරගෙන යාමට සුදුසු පරිසරයක් පවතී. හිතවතුන්ගේ හා ප්‍රධානීන්ගේ හොඳ සහයෝගයක් ලැබේ. අමතර ආදායම් ලැබිමෙන් ආර්ථීකය ශක්තිමත් වන අතර නිෂ්ඵල වියදම් යෙදීමේ අවස්ථාද ඇතිවන නිසා මුදල් පරිහරණය පිළිබඳව සැලකිලිමත් වන්න.
ශරීර සෞඛ්‍ය තත්ත්වය ගැන ප්‍රවේශම් විය යුතුය. සෙම් රෝග උදරාබාධ ආදියට වැඩි ඉඩක් පවතින නිසා ආහාර පාන පරිභෝජනය හා ස්නානය පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

වෘෂභ ලග්නය
සෙම් රෝග


මාසයේ මධ්‍ය භාගය දක්වා සිතිවිලිවල අවුල් ස්වභාවයක් සහ පීඩාකාරී ස්වභාවයක් ඉස්මතු විය හැක. හිතවතුන්ගේ අවවාද අනුශාසනා සහ සහයෝගය හොඳින් ලැබෙන නිසා මේ තත්ත්වය සමනය කර ගත හැකිවේ.
පවු‍ලේ සාමාජිකයන්ගේ අදහස් නොවිමසා හිතුවක්කාර ලෙස තීන්දු තීරණවලට එළඹීම නිසා නිවසේ සාමයට තර්ජන එල්ල විය හැකි බැවින් ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කළ යුතුවේ.
අවධානය හා උනන්දුව අඩුවීම, වැඩිහිටි ගුරුවර  ආදීන්ගේ අවවාද  අනුශාසනාවලට අවනත නොවීම වැනි හේතූන් නිසා ඉගෙනීමේ කටයුතුවල පසුබෑමක් සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න.
සාර්ථක ලෙස රැකියා කටයුතුවල නිරතවීමට හැකි වකවානුවකි. ඒ සඳහා ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ නොමඳ සහය ලැබේ. නව ආදායම් මාර්ග  හෙළි පෙහෙළි වන අතර ආර්ථිකයේ වැඩි දියුණුවක් සිදුවේ.
සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් විය යුතුය. උදරාබාධ හා සෙම් රෝග ආදියට වැඩි ඉඩක් පවතින  නිසා ස්නානය හා ආහාර පාන පිළිබඳව ප්‍රවේශම් විය යුතුය.

මිථුන ලග්නය
ආගමික නැඹුරුවක්


නිහඬ සහනදායක මානසික ස්වභාවයක් ඇතිවේ. ආගම දහම කෙරෙහි වැඩි නැඹුරු වීමක් ඇතිවෙයි. ඒ හා සම්බන්ධ පාර්ශ්වයන් ඇසුරට ලැබිම නිසා මහත් සහනයක් ගොඩ නගා  ගැනීමට හැකිවේ.
ඇතැම් සුළු සිද්ධීන් ඉස්මතු වුවත් සමස්තයක් ලෙස නිවස තුළ සාමකාමී පරිසරයක් පවතී. එකිනෙකා හොඳ අවබෝධයෙන් හා එකමුතු කමින් කටයුතු කරයි.
අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවන පරිසරයක් නිර්මාණය වන නිසා ප්‍රවේශම් විය යුතුය. උනන්දුවේ හා කැපවීමේ අඩුවක් සිදුවිය හැක. බාධක ආශ්‍රයන් ඇතිවිය හැක.
රැකියා කටයුතු පිළිබඳව උදේ‍යා්ගයේ හා කැපවීමේ අඩුවක් ඇති නොවුණත් ඔබ නොසන්සුන්තාවට හා කළකිරීමට පත් කරන ඇතැම් සිද්ධීන් ඉස්මතු විය  හැකි නිසා කල්පනාවෙන් කටයුතු කරන්න.
ආදායම්වල දුර්වලතාවයක් සිදුවුවත් වියදම් සමබරව පවතින නිසා  අසීරුතාවයන් ඇති නොවේ.
මාසයේ මධ්‍ය භාගය දක්වා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවතින අතර ඉන්පසු සෙම් රෝග හා උදරාබාධ ආදියට වැඩි ඉඩක් ඇතිවේ.

කටක ලග්නය
නිවසේ සාමය

නිවුණු සිතුවිලිවලින් යුක්ත යහපත් මානසික තත්ත්වයක් පවතී. ආගමික කටයුතු පිළිබඳව වැඩි නැඹුරුවක් ඇතිවේ. එම කටයුතුවලට සම්බන්ධ විශාල පිරිසකගේ ඇසුර ඇතිවේ.
නිවසේ සාමකාමී පරිසරයක් ගොඩ නැගේ. එකිනෙකා අතර සමගිය හා සමාදානය හොඳින් පවතී. මේ අනුව විශාල ඉදිරි වැඩ කොටසක් නිම කර ගැනීමට හැකිවේ.
ඉගෙනීමේ කටයුතුවලට තරමක බාධා සිදුවීමට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් විය යුතුය. බාධක ආශ්‍රයන් ඇතිවීම හා මානසික නොසන්සුන්තාවය වැනි හේතූන් බාධක ලෙස ඉදිරිපත් විය හැක.
හිතවතුන් හා ප්‍රධානීන් සමග මත ගැටුම් ඇතිවන අවස්ථා උද්ගතවන නිසා රැකියා කටයුතුවලදී නොසන්සුන්කාරී තත්ත්වයන් ඇතිවිය හැකි නිසා ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු   කළ යුතුවේ. ආදායම්වල දුර්වල වීමක් මෙන්ම වියදම්වල ඉහළ යාමක්ද සිදුවිය හැකි නිසා මුදල් පරිපාලනය පිළිබඳව සැලකිලිමත් වන්න.
ප්‍රබල රෝගාබාධ නැත. සුළු වශයෙන් හිස ආශ්‍රිත රෝග හා සෙම් රෝග ඇතිවීමේ ඉඩකඩ පවතින නිසා ස්නානය
පිළිබඳව සැලකිලිමත් වන්න.

සිංහ ලග්නය
ඉගෙනීමෙන් හොඳ ප්‍රතිඵල


ධෛර්යය හා උදේ‍යා්ගය පමණට වැඩි ප්‍රමාණයකින් ඉස්මතු වීම නිසා මාසයේ මධ්‍ය භාගය දක්වා තරමක නොසන්සුන්තාවයන් ඉස්මතු වීමට ඉඩ තිබේ. මේවා ක්‍රමයෙන් අඩුවී යයි.  යහපත පිණිස ඔබට අවවාද  අනුශාසනා ලබාදෙන හිතවතුන් පිරිසකගේ ඇසුර ඇතිවේ.
නිවසේ සාමකාමී පරිසරයක් ගොඩ නැගේ. එසේ වුවද අනවශ්‍ය මත ගැටුම් ඇති නොවන ලෙස පවු‍ලේ අනෙක් සාමාජිකයන්ගේ අදහස්ද සලකා බැලීමට ඔබ උනන්දු විය යුතුය.
ඉගෙනීමට බාධා නැත. කාලය නිසි ලෙස කළමනාකරණය කර ගත් විට ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවේ.
රැකියා කටයුතු පිළිබඳව සුළු නොසන්සුන් තත්වයන් උද්ගත වීමට ඉඩ තිබෙන නිසා ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කළ යුතුය. ආදායම් සුපුරුදු ආකාරයට පවතී. එහෙත් අනවශ්‍ය
වියදම් වල ඉහළ යාමක් සිදුවිය හැකි බැවින් මුදල් පරිහරණය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. සුළු සෙම් ආබාධ හැර ප්‍රබල රෝගාබාධ නැත.

කන්‍යා ලග්නය
පවු‍ලේ අයගෙන් සහයෝගය


මාසයේ මධ්‍ය භාගය දක්වා විවිධ ගැටලු සහ මානසික නොසන්සුන්තාවයන් ඇතිවීමට ඉඩ තිබෙන නිසා ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කළ යුතුය. මේ අතර හිතවතුන්ගේ අවවාද අනුශාසනා මැනවින් ලැබෙන නිසා තරමක සහනයක් ලැබේ.
පීඩන මග හරවා ගැනීම පිණිස පවු‍ලේ සාමාජිකයන්ගේ ඔබට ඉමහත් අනුග්‍රහයක් ලැබේ. ඔවුන්ගෙන් ලැබෙන දයාව කරුණාව නිසා ඉමහත් අස්වැසිල්ලක් ඇතිවෙයි.
මේ සියලු කාරණාවන් අතර ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය ධෛර්යය සහ වැඩිහිටි ගුරුවරු ආදින්ගේ අනුග්‍රහයද නොඅඩුව ලැබේ.
රැකියා කටයුතුවලදී ඇතැම් හිතවතුන්ගේ නොමඳ සහයෝගය ලැබෙන අතර ඇතැමුන්ගේ කැපිලි කෙටිලිවලටද භාජනය විය හැකි නිසා  සැලකිලිමත්ව කටයුතු කරන්න.
ලැබිම්වල වැඩි දියුණුවක් සිදුවේ. තැන්පතුවක් ගොඩ නගා ගැනීමේ  හැකියාවද ඇතිවේ.
සුළු වශයෙන් සෙම සහ නහර ස්නායු ආශ්‍රිත රෝග වැළඳීමේ ඉඩක් පවතින නිසා ප්‍රවේශම් වන්න.

තුලා ලග්නය
ආඥාදායක ස්වභාවයක්

මාසයේ මුල් භාගයේ දී සරල සැහැල්ලු ස්වභාවයක් පවතී. විවිධ කාරණා නිසා ඉන්පසු මේ සැනසිලි දායක ස්වභාවය ඉවත් වීමට ඉඩ තිබේ. මේවා සමනය කර ගැනීම සඳහා හිතවතුන්ගෙන්ද එතරම් පිළිසරණක් අපේක්ෂා කළ හැකි නොවේ. වරදාන අපේක්ෂාවෙන් පමණක් ඔබට ළං වන මිතුරන්ගෙන් ප්‍රවේශම් වන්න.
නිවසේ කටයුතුවලදී ඔබ ආඥාදායක ස්වභාවයක් ඉස්මතු කිරීමට ගන්නා  උත්සාහය නිසා පවු‍ලේ සාමාජිකයන්ගේ සහයෝගය අඩු වීමට ඉඩ තිබෙන බැවින් මැදිහත්ව කටයුතු කිරීමට උත්සාහ කරන්න.
මේ සියලු කාරණා අතර ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය වන අතර  වැඩිහිටි ගුරුවරු ආදීන්ගේ නොමඳ සහයෝගය හා අනුග්‍රහයද ලැබේ.
රැකියා කටයුතු තෘප්තිමත්ව කර ගෙන යාමට අවශ්‍ය වටපිටාවක් ගොඩනැගේ. ඒ සඳහා ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ නොමඳ සහයෝගයක් ලැබේ. ආදායම්වල දියුණුවක් සිදුවේ. අතිරේක ආදායම් මාර්ග හෙළි පෙහෙළි වේ.
මාසය පුරා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවතී.

වෘශ්චික ලග්නය
අධිවේගී ගති පැවතුම්


කාර්ය ශූරත්වය මෙන්ම අධිවේගී ස්වභාවයද ඉස්මතු වන නිසා මනා පාලනයකින් යුක්තවද ජීවන කටයුතු සම්පාදනය කරගත යුතුවේ. ඉවසීමේ  අඩු ගතියක්ද පවතී. තමන්ගේ වුවමනාවන් ඉටුකර ගැනීම සඳහා පමණක් ළෙන්ගතුකම් දක්වන හිතවතුන් පිළිබඳව සැලකිලිමත් වන්න.
ඉවසිලිවන්තව අන්‍ය සාමාජිකයන්ගේ අදහස් ද ඉවසීමෙන් කටයුතු කළොත් නිවසේ සමගිය එකමුතුකම සුරක්ෂිත කර ගැනීමට හැකිවේ. ඔවුන්ගෙන් ඔබට  උපරිම දයාව හා සහයෝගය ලැබේ.
ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය හොඳ පසුබිමක් නිර්මාණය වේ. ගුරුවර වැඩිහිටි ආදීන්ගේ ඉමහත් සහයෝගය හා ආශිර්වාදය ඔබට හිමිවේ.
රැකියා කටයුතු සාර්ථකවද කර ගෙන යාමට අවශ්‍ය පසුබිමක් සකස් වේ. ඒ සඳහා ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේද නොමඳ සහයක් ලැබේ. ආදායම්වල අඩුවීමක් මාසයේ මුල් භාගයේ දී සිදුවිය හැකි අතර අනපේක්ෂිත වියදම් යෙදීම  නිසා මුදල් අසීරුකම්ද ඇතිවිය හැක.
උදරාබාධ හා සුළු සෙම් ආබාධ ආදියට ඉඩ තිබෙන නිසා ස්නානය, ආහාර පාන ආදිය පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

ධනු ලග්නය
මත ගැටුම්


නිහඬ සැනසිලිදායක මානසික තත්ත්වයක් ගොඩනැගේ. ආගම දහම කෙරෙහි වැඩි නැඹුරු වීමක් ඇතිවෙයි. ඒ හා සම්බන්ධ වූ මිතුරු පිරිසකගේ ඇසුරද ලැබේ.
නිහඬ මානසික අරමුණුවල යෙදී කටයුතු කිරීම නිසා නිවස තුළ ඔබගෙන් ඉටුවිය යුතු වගකීම් නිසි ලෙස ඉටු නොවීම හේතු කොටගෙන පවු‍ලේ සාමාජිකයන් සමග නොරිස්සුම් ස්වභාවයක් ඉස්මතු වීමට ඉඩ තිබෙන බැවින් සැලකිලිමත් වන්න.
අවශ්‍ය තරම් උනන්දුව අඩුවීම හා නොසැලකිලිමත් භාවය නිසා ඉගෙනීමේ කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් සැලකිලිමත් වන්න.
රැකියා කටයුතු සම්බන්ධ තරමක ආරවුල් තත්ත්වයක් ඉස්මතු වීමට ඉඩ තිබෙන නිසා ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කළ යුතුය. ප්‍රධානීන් හා හිතවතුන් සමග මත ගැටුම් ඇතිවීමට ඉඩ තිබේ. ආදායම් වල ඉහළ යාමක් සිදුවෙයි. හදිසි ධන ලාභ තිබේ. සුරක්ෂිත ධනයක් ගොඩ නගා ගැනීමට හැකිවේ.
හිස අවට හා රුධිරය ආශ්‍රිත රෝගවලට සාමාන්‍ය ඉඩ කඩක් පවතින නිසා ප්‍රවේශම් වන්න.

මකර ලග්නය
යහපත් සෞඛ්‍ය තත්වයක්


ශාන්ත වූ මානසික තත්ත්වයක් පවතී. ආගම දහම කෙරෙහි වැඩි නැඹුරු වීමක් ඇතිවන අතර ආගමික කටයුතු සඳහාද වැඩි කාල වේලාවක් ගත කරයි. මේ සඳහා හිතවතුන් හා ඥාතීන්ගෙන්ද වැඩි සහයෝගයක් ලැබෙයි.
පවු‍ලේ සාමාජිකයන් අතර හොඳ අවබෝධයක් හා සහයෝගයක් ගොඩ නැගේ. මේ නිසා ප්‍රමාද වූ බොහෝ වැඩ කටයුතු නිම කර ගැනීමේ හැකියාව ඇතිවේ.
ඇතැම් සුළු බාධක ඇතිවුවත් ඒවා මගහරවා ගෙන ඉගෙනීමේ කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යාමේ ශක්තියක් ගොඩ නැගේ. ඒ සඳහා වැඩිහිටියන් හා ගුරුවරුන්ගෙන්ද නොමඳ  සහයෝගයක් හා අනුග්‍රහයක් ලැබේ.
රැකියා කටයුතු සාර්ථකව කර ගෙන යාමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය වේ.
ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ හොඳ අනුග්‍රහයන් ඒ සඳහා ලැබේ.
ආදායම්වල ඉහළ යාමක් සිදුවන අතර සුරක්ෂිත තැන්පතුවක් ගොඩනගා ගැනීමේ වාසනාවද  ඇතිවේ.
මාසය පුරා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවතී.

කුම්භ ලග්නය
මානසික සුවය


ආගම දහම කෙරෙහි වැඩි නැඹුරුවක් හා වැඩි කාලයක් ගත කරමින් විවේකී මානසික සුවයක් ලබා ගත හැකි පරිසරයක් නිර්මාණය වේ. ඒ  සඳහා හොඳ සහයෝගයක් දක්වන හිතවතුන් පිරිසකගේ ඇසුරද ලැබේ.
මේ සඳහා කැපවීමේ අධික හේතුව නිසා පවුල් ජීවිතය තුළ ඔබ සතු වගකීම් සහ යුතුකම් නිසියාකාරව ඉටු නොවීම හේතුවෙන් සමගියට හා සහයෝගීතාවයට බාධක එල්ල විය හැකි බැවින් මධ්‍යස්ථව කටයුතු කිරීම අවශ්‍ය වේ.
අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ඔබ තුළ හොඳ ධෛර්යයක් හා වුවමනාවක් වර්ධනය වේ. මේ නිසා ඉගෙනීමේ කටයුතුවලින් හොඳ ප්‍රගතියක් අත්පත් කර ගැනීමට හැකිවේ.
රැකියා කටයුතු සඳහා වැඩි කැපවීමක් සිදු කළත් ප්‍රධානීන් හා හිතවතුන් සමග මත ගැටුම් ඇතිවීමේ ඉඩක් පවතින නිසා ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කළ යුතුය. ආදායම් වල සැලකිය යුතු  දියුණුවක් සිදුවේ. හදිසි ධන ලාභ සහ අන්‍ය පරිත්‍යාග වලට හිමිකම් තිබේ.
උදරාබාධ, සෙම් රෝග ආදියට ඉඩ තිබෙන නිසා ආහාර පාන සහ ස්නානය ගැන සැලකිලිමත් වන්න.

මීන ලග්නය
පවු‍ලේ නොසන්සුන්තා
මන්දෝත්සාහී ගති සහ කුසීතකම් ආදිය ඉස්මතු වුවත් ඒවා මග හරවාගෙන යහපත් මානසික තත්ත්වයක් ගොඩනගා ගැනීමේ හැකියාව ඇතිවේ. ආගම දහම කෙරෙහි වැඩි නැඹුරු වීමක් ඇතිවීම මේ සහනශීලී ස්වභාවය ඇතිවීමට හේතුවේ.
නිහඬ සැනසිලිදායක ස්වභාවය මූලික කර ගැනීම නිසා ගෘහ ජීවිතය තුළ ඔබට හිමි යුතුකම් හා වගකීම් මග හැරී යාම හේතුවෙන් පවු‍ලේ සාමාජිකයන් අතර නොසන්සුන්තාවක් ඉස්මතු විය හැකි බැවින් මැදහත්ව කටයුතු කරන්න.
ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය හොඳ පරිසරයක් නිර්මාණය වේ. ඒ සඳහා ඔබ තුළ ප්‍රබල උනන්දුවක් හා කැපවීමක්ද ඇතිවේ.
සුළු කාරණාවන් හැර රැකියා කටයුතු සාර්ථකව කර ගෙන යාමට ප්‍රබල බාධා ඇති නොවේ. ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ ප්‍රසාදයට පත්වේ. ආදායම්වල ඉහළ යාමක් සිදුවේ. හදිසි ධනලාභ පවතී. සුරක්ෂිත තැන්පතුවක් ගොඩනගා ගැනීමට හැකිවේ.
ප්‍රබල රෝගාබාධ නැත. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවතී.

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score