Sep 19, 2014
Friday, September 19, 2014
Unknown
News
No comments
අලුත උපන් සිය බිළිඳිය විශ්ව විද්‍යාල වැසිකිලියේ පයිප්ප නළයකට
දැමූමවක් පිළිබඳව
චීනයෙන් වාර්තා වේ.
නැගෙනහිර චීනයේ සැංඩොං ප්‍රාන්තයේ ලිනියි විශ්ව විද්‍යාලයේ
ඉගෙනුම ලබන ශිෂ්‍යාවක සිය අලුත උපන් බිළිඳා මෙසේ පයිප්ප
නළයකට දමා ඇති අතර චීන ගිනි නිවන භටයින් බිළිඳියගේ දිවි
බේරා ගැනීමට සමත් වී ඇත.
බිළිඳියගේ මව තමන් ගැබිණියක යන්න සඟවා ඇති අතර දරුවා බිහි
වීම පිළිබඳව සමාජයෙන් සැඟවීමට ඇය බිළිඳිය පයිප්ප නළයට
දමන්නට ඇති බව චීන ගිනි නිවන භට හමුදාවේ ප්‍රකාශක පවසයි.
බිළිඳිය මේ වන විට සිය මව සමග රෝහල්ගත කර ඇති අතර මවට
එරෙහිව අපරාධ නීතිය යටතේ දඬුවම් දීමට පොලීසිය බලාපොරොත්තු
වේ.
සෙන්ටි මීටර් විස්සක පමණ පළල නළයේ තුන්වන සහ හතරවන
තට්ටු අතර බිළිඳිය සිර වී සිට ඇත.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.