Nov 28, 2014

01
කළු කපුටා සුදු වන තුරු - මෝල් ගහේ දළු ලන තුරු - එකසිය විස්සට දෙසිය විස්සක් - ආවඩා ආයුබෝ වේවා! ඔන්න ඔහොම තමයි අපි අපේ හිතෛශීන්ට දිගාසිරි පැතුවෙ. හැබැයි අවුරුදු 120ක් නෙවෙයි 100ක් ජීවත්වෙන කෙනෙකුත් හොයාගන්න එක ‍දැන් ලේසී නැහැ.


විකිපීඩියා නිදහස් විශ්වකෝෂය මෙන්ම ගූගල් සෙවුම් යන්‍ත්‍රයද පෙන්වා දෙන පරිදි දැනට ලොව සිටිනා වයස්ගතම මනුෂ්‍යයා වන්නේ මිසාඕ ඔකාවා ය. ජපන් ජාතික කාන්තාවක් වන ඇය උපත ලබා ඇත්තේ 1898 මාර්තු 05දාය. දැනට වයස අවුරුදු 116කි.


ඒ අනුව ගත්කල පරමායුෂ වන අවුරුදු 120 ජීවත්වන කෙනෙකු සාමාන්‍ය සමාජයෙන් සොයා ගැනීමට ඇත්තේම නැත. අද තත්වය එසේ වුවද නොදුරු අනාගතයේදී ඔබටද අවුරුදු 120ක් ජීවත්වීම අරුමයක් නොවනු ඇත.
02
රුසියානු රාජ්‍ය විශ්ව විද්‍යාලයේ Dr Maxim Skulachev ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් මේ වනවිට ඒ සඳහා ඖෂධයක් අත්හදා බලමින් සිටී. මේ වනවිට මීයන්, මාළුන්, සුනඛයින් වැනි සතුන් යොදා ගනිමින් සාර්ථකව පර්යේෂණය පැවැත්වේ. මෙම ඖෂධයට විපත්වීම ඇරඹීම ප්‍රමාද කළ හැකි බවයි පැවසෙන්නේ. මෙම ඖෂධය මිනිසාට භාවිත කළ හැකි වුවහොත් පරමායුෂ භුක්තිවිඳීමට හැකි වෙතැයි පර්යේෂකයින් විශ්වාසය පළකරනවා.

Neth Fm web අඩවියෙන් උපුටා ගන්නා ලදි 

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score