Nov 30, 2014

මේෂ ලග්නය
අභියෝග ජයගනී


අධිෂ්ඨානශීලී සැහැල්ලු මානසික ස්වභාවයන් ගොඩනැගේ. මේ තත්ත්වය සාර්ථකව සමාජ අභියෝගවලට මුහුණ පෑමට අවශ්‍ය ශක්තිය සපයයි. ධර්මය පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීම සඳහා වැඩි පෙළඹීමක් ඇතිවන අතර ඒ සඳහා සහය වන හා උපදෙස් දෙන මිතුරු කැලකගේ ඇසුරට පත්වීමේ භාග්‍යයද හිමිවේ.
පවු‍ලේ සාමාජිකයන් අතර පෙර පැවැතියාට වැඩි අවබෝධයක්, සෙනෙහසක් හා එකමුතුකමක්ද ගොඩනැගේ. මේ නිසා ගෘහය තුළ බොහෝ කාර්යයන් සාර්ථකව ඉටු කරගැනීමේ හැකියාව ඇතිවේ.ඉගෙනීමේ කටයුතු පිළිබඳ වාසනාවේ අඩුවක් නැත. එහෙත් ඔබට බාධා කරන මිත්‍ර සමාගම් ඇතිවීමේ ඉඩකඩ පවතින නිසා සැලකිලිමත්ව කටයුතු කරන්න.
ඔබ වඩාත් කැපවීමෙන් හා ධෛර්යයෙන් යුක්තව රැකියා කටයුතුවල නිරත වේ. ඇතැම් අයට මේ තත්ත්වය සුහද සිතින් ඉවසා දරා ගැනීමට හැකියාව නොමැති නිසා සුළු ගැටලු තත්ත්වයන් ඉස්මතු විය හැක. එහෙත් ඒවා ඔබේ කාර්යයට බාධාවක් නොවේ. අතිරේක ආදායම් ඇතිවීම නිසා මුදල් ප්‍රශ්න ඇති නොවේ.
ශරීර සෞඛ්‍ය තත්ත්වයට ප්‍රබල බලපෑමක් ඇති නොවේ.

වෘෂභ ලග්නය
කැළඹීම් ඇතිවේ


සිතිවිලිවල තරමක අධිවේගී කැළඹිලි ස්වභාවයක් ගොඩනැගීමට ඉඩ තිබෙන නිසා ඉවසීමෙන් හා සංයමයෙන් කටයුතු කළ යුතුය. ඔබ දහමට බරව සිතන්නට, කටයුතු කරන්නට උත්සාහ කළත් එයට බාධා පමුණුවමින් මග අහුරන ඇසුරු කරන්නන් පිළිබඳවද සැලකිලිමත් විය යුතුය.
ගෘහ ජීවිතය සන්සුන්ව, එකමුතුව ගත කිරීමේ වාසනාව ඇති වේ. නිවසේ සාමාජිකයන් අතර හොඳ සමාගමයක් හා අවබෝධයක් ඇති වේ. මේ නිසා ප්‍රමාදවූ බොහෝ කටයුතු කර ගැනීමේ හැකියාව ඇති වේ.
සිතිවිලි එක අරමුණකට යොදවා ගැනීමේ හැකියාව අඩු වීම හා ඔබ වැරදි මගට යොමු කරන හිතවතුන් නිසා ඉගෙනීමේ කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. රැකියා කටයුතු උනන්දුවෙන් හා කාර්යක්ෂමව කරගෙන යාමට අවශ්‍ය පරිසරයක් පවතී. ඒ සඳහා ඔබේ කැපවීම හා උදේ‍යා්ගයද වැඩි වේ. හිතවතුන්ගේ හා ප්‍රධානීන්ගේ ප්‍රසාදය ලබමින් රැකියා කටයුතු කරගෙන යාමේ වාසනාව ඇති වේ. ආදායම්වල දියුණුවක් ඇතිවේ. අනවශ්‍ය වියදම් යෙදීමෙන් මුදල් අපහසුතාවයන් ඇති විය හැකි බැවින් ප්‍රවේශම් වන්න.
සෙම හා රුධිරය ආශ්‍රිත රෝගවලට වැඩි ඉඩක් පවතින නිසා ආහාර පාන, ස්නානය ආදිය පිළිබඳව සැලකිලිමත් වන්න.

මිථුන ලග්නය
පවු‍ලේ සමගිය වැඩිවේ


එක අරමුණක යෙදී කටයුතු කරන්නට උත්සාහ කළත් වරින් වර කැළඹිලි ස්වභාවයන් ඉස්මතු වීම නිසා කටයුතුවලට බාධා සිදු විය හැක. මේ පසුබෑම සඳහා අනවශ්‍ය මිත්‍ර ආශ්‍රයන්ද හේතු විය හැක. එහෙත් ඔබ කල්පනාවෙන් කටයුතු කරන්නේ නම් පහසුවෙන් මේ තත්ත්වය සමනය කරගත හැකි වේ.
කෙසේ වුවද නිවස ඔබේ ආශක්ත ස්ථානයක් බවට පත්වේ. පවු‍ලේ සාමාජිකයන්ගේ ආදරය, ගෞරවය හා උපකාරයන්ද නොඅඩුව හිමිවේ. මේ ශක්තිය නොසන්සුන්භාවයන් මගහරවා ගැනීමට උපකාරී වේ.
ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය පරිසර සාධකවල අඩුවක් නොවේ. ඒවාට බාධක වන දුර්වල ආශ්‍රයන් ඇතිවීමට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් විය යුතුය. වරින්වර සුළු නොසන්සුන්කාරී තත්ත්වයන් ඇතිවූවත් ඒවා මගහරවා ගෙන සාර්ථකව රැකියා කටයුතු කිරීමට අවශ්‍ය පරිසරයන් නිර්මාණය වේ. හිතවතුන්ගෙන් හා ප්‍රධානීන්ගෙන් ඒ සඳහා නොමඳ සහයෝගය ලැබේ. ආදායම්වල වැඩි දියුණුවක් සිදුවේ. සුරක්ෂිත තැන්පතුවක් ගොඩනගා ගැනීමේ අවස්ථාව සැලසේ.
උදරය, රුධිරය ආශ්‍රිත රෝග හා උදරාබාධ ආදියට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් වන්න.

කටක ලග්නය
රැකියා උසස්වීම් හා මාරුවීම්වලට ඉඩ


ආගමික සිතිවිලි බහුලව පැනනගින අතර ඒ අනුසාරයෙන් නිදහස් ශාන්ත මානසික තත්ත්වයන් ගොඩනගාගැනීමේ හැකියාවද ඇති වේ. මේ කටයුතු සඳහා එක්වන හා උපකාරී වන මිතුරු කැලකගේ ආශීර්වාදයද හිමි වේ.
නිවස තුළ හොඳ සහයෝගයක් හා එකමුතුකමක් ඇති වේ. ඇතැම් විට ඔබ පවු‍ලේ අන්‍ය සාමාජිකයන්ගේ අදහස් අභිබවා යමින් කටයුතු කිරීම නිසා සුළු අවුල් ඇති විය හැකි බැවින් සැලකිලිමත් වන්න.
ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය හොඳ පරිසරයක් නිර්මාණය වේ. ඇතැම් විට බාධක ආශ්‍රයන් නිසා ඉගෙනීමේ කටයුතුවල අඩපණවීම් සිදුවිය හැකි බැවින් සැලකිලිමත් වන්න.
රැකියා කටයුතු වඩාත් සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය අනුග්‍රහය හා හිතවත්භාවය ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගෙන් ලැබේ. උසස් වීම් හා ස්ථාන මාරුවීම් ආදියටද ඉඩ තිබෙන වකවානුවකි. අතිරේක ආදායම් ලැබිම නිසා ආර්ථිකයේ යහපත් තත්ත්වයක් ගොඩ නැගුනත්
නිෂ්ඵල වියදම් යෙදීමේ ඉඩකඩද පවතින නිසා ප්‍රවේශම් වන්න.
ප්‍රබල රෝගාබාධ නැත. සෙම දූෂ්‍ය වීම නිසා ඇති වන රෝගවලට ඉඩ තිබෙන බැවින් ප්‍රවේශම් වන්න.

සිංහ ලග්නය
සමාජ සබඳතා පලුදුවීම්


සිතේ වේගවත් ස්වභාවය අධික වීම නිසා සමාජ සම්බන්ධතාවල පලුදු වීම් සිදුවීම් හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කළ යුතුවේ. මේ අතර ඔබට යහපත් අවවාද අනුශාසනා ලබාදෙන වයෝවෘද්ධ හිතවතුන්ගෙන් සිදුවන මෙහෙවර නිසා කිසිදු ගැටලුවක් ඇති නොවේ.
මේ සියලු කාරණාවන් සමග ගෘහ ජීවිතයේ සාමය ආරක්ෂා කර ගනිමින් සුහදව කටයුතු කිරීමේ වාසනාවද උදාවේ. නිවසේ හොඳ සමගියක් හා එකමුතුකමක් ඇති වේ.
සුළු බාධකවලට මුහුණ පෑමට සිදුවූවත් ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය පරිසරය, වැඩිවේ. අවවාද අනුශාසනා හා උදව් උපකාර නොඅඩුව ලැබේ.
රැකියා කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය පරිසරය, හිතවතුන්ගේ හා ප්‍රධානීන්ගේ අනුග්‍රහය නිසි ආකාරයෙන් පවතී. ආදායම්වල දියුණුවක් සිදුවන අතරම අනවශ්‍ය වියදම් යෙදීමේ ඉඩකඩද පවතින නිසා සැලකිලිමත් වන්න.
ප්‍රබල රෝග නැත. සෙම හා
ඌෂ්ණත්වය ආශ්‍රයෙන් වැළඳෙන
රෝග වලට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් වන්න.

කන්‍යා ලග්නය
උදාසීන ගති ඉස්මතු වේ


සිතුවිලිවල අධිවේගී ස්වභාවය, අවුල් ස්වභාවය ආදිය නිසා වැඩ කටයුතුවල හා සමාජ සම්බන්ධතාවල පලුදු වීම් ඇති වීමට ඉඩ තිබෙන බැවින් ඉවසීමෙන් හා නිරතුරු කල්පනාවෙන් කටයුතු කළ යුතු වේ. මේ අතර ඔබට වඩාත් හිතවත් මිතුරන්ගේ අවවාද අනුශාසනා හා ආශීර්වාදය ලැබෙන නිසා බරපතළ ගැටලු ඇති නොවේ.
සුළු නොසන්සුන්තාවයන් ඇති වුවත් ඒවා මග  හරවා ගෙන ශක්තිය ලබා ගැනීමට අවශ්‍ය දයාව, කරුණාව හා ආශීර්වාදය පවු‍ලේ සාමාජිකයන්ගෙන් නොමඳව ලැබේ.
අවධානය අඩු වීම, උදාසීන ගති, බාධක ආශ්‍රයන් වැනි හේතූන් නිසා ඉගෙනීමේ කටයුතුවලට බාධා ඇතිවීමේ ඉඩකඩ පවතින නිසා එම දුර්වලකම් මගහරවා ගෙන කටයුතු කළ යුතුවේ.
රැකියා කටයුතුවල මත ගැටුම් හා සුළු නොසන්සුන්කාරී තත්ත්වයන්  ඇතිවීමේ ඉඩකඩ පවතින නිසා ඉවසීමෙන් කල්පනාවෙන් හා ප්‍රධානීන් සහ හිතවතුන් සමග සුහදව කටයුතු කිරීමට උත්සාහ කළ යුතු වේ. ආදායම්වල හොඳ දියුණුවක් සිදුවේ. අනපේක්ෂිත වියදම් යෙදීමෙන් මුදල් අසීරුකම් ඇති විය හැකි බැවින් ප්‍රවේශම්වන්න.
රුධිරය හා සෙම ආශ්‍රිත රෝගවලට වැඩි ඉඩක් පවතින නිසා ප්‍රවේශම් වන්න.

තුලා ලග්නය
දහමට නැඹුරුවක්


දහම් කටයුතු කෙරෙහි වැඩි නැඹුරුවීමක් ඇතිවීම, චිත්තවේගී ස්වභාවය, ධෛර්යය හා ශාන්තිය යන කාරණාවන් සංකලනය වූ යහපත් මානසික තත්ත්වයක් පවතී. මේවාට සමගාමී වන මිතුරු කැලකගේ ඇසුර හා අනුග්‍රහයද මනා ලෙස ලැබේ.
ගෘහ ජීවිතයේ කටයුතුවලදී ඔබ වඩාත් කැපවීමෙන් හා අන්‍ය සාමාජිකයන්ගේ අදහස් ඉවසමින් හා ගරු කරමින් කටයුතු කිරීමට පෙළඹීම නිසා හොඳ තත්ත්වයක් ඇතිවේ. ඒ සඳහා සැමගේ අනුග්‍රහය ඔබට ලැබේ.
අවධානය හා සැලකිලිමත් ස්වභාවය අඩුවීම, අහිතකර ආශ්‍රයන් ඇතිවීම යන කාරණාවන් නිසා ඉගෙනීමේ කටයුතුවලට තරමක බාධා සිදුවිය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.
මේ සියලු කාරණාවන් අතර රැකියා කටයුතු වඩාත් සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය පරිසරයක් මෙන්ම ඔබ තුළ ධෛර්යවන්ත මානසික තත්ත්වයක්ද ගොඩනැගේ. ආදායම්වල දියුණුවක් සිදුවන අතරම අනවශ්‍ය වියදම් යෙදීමේ ඉඩකඩද තිබේ.
ප්‍රබල රෝගාබාධ නැත.

වෘශ්චික ලග්නය
හදිසි ධනලාභ


කැපී පෙනෙන ධෛර්යයක් මෙන්ම සමබරතාවයෙන් යුක්ත මානසික ස්වභාවයක් ගොඩනැගේ. මේ අනුව මැදහත්ව කල්පනා කිරීමට හා කටයුතු කිරීමේ හැකියාව ඇති වේ. ඔබට අනුග්‍රහය දක්වන, දිරිදෙන මිතුරු කැලකගේ ඇසුරද ඇති වේ. විශේෂයෙන් මොවුන් අතර ආගමට දහමට නැඹුරු වූ වැඩි පිරිසක් වේ.
පවු‍ලේ සාමාජිකයන් අතර හොඳ එකමුතුකමක් හා සහයෝගයක් ගොඩනැගේ. මේ නිසා නිවසේ ප්‍රමාද වූ විශාල වැඩ කොටසක් නිම කර ගැනීමේ හැකියාව ඇති වේ.
අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ඉහළ වාසනා ගුණයක් පවතින වකවානුවකි. ධෛර්යය, උනන්දුව හොඳ මට්ටමක පවතී. උසස් ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වේ.
රැකියා කටයුතුවල ප්‍රගතියක් ඇතිවේ. උනන්දුව කැපවීම නොඅඩුව පවතී. හිතවතුන්ගේ හා ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වෙමින් තෘප්තිමත්ව, සාර්ථකව කටයුතු කිරීමේ හැකියාව ඇතිවේ. ආදායම්වල දියුණුවක් සිදුවේ. හදිසි ධනලාභවලටද හේතු වාසනාව තිබේ.
ප්‍රබල සෞඛ්‍ය දුර්වලතාවයන් නැත.

ධනු ලග්නය
ගෘහ ජීවිතයේ සතුට


ආගම දහම කෙරෙහි වැඩි නැඹුරුවක්ද ඒ සඳහා වැඩි කාලයක්ද ගත කරන මානුෂික ස්වභාවයක් ඇති වේ. මෙමගින් ඇති වන සහනශීලී ස්වභාවය නිසා තෘප්තිමත්ව වැඩ කළ හැකි වටපිටාවක් නිර්මාණය වේ. හදවතට එකඟව ඔබට ආශීර්වාද කරන, අනුග්‍රහය දක්වන හිතවත් මිතුරු පිරිසකගේ ඇසුර ඇතිවේ.
නිවසේ සාමාජිකයන් අතර හොඳ අවබෝධයක් හා එකමුතුකමක් ගොඩනැගේ. සතුට ධනය ලෙස සලකමින් සුවදායකව ගෘහ ජීවිතය ගත කිරීමේ අවස්ථාව සැලසේ.
උනන්දුවේ අඩුවක් හෝ ගුරුවර දෙමාපිය ආදීන්ගේ අනුග්‍රහයේ අඩුවක් ඉගෙනීමේ කටයුතු සම්බන්ධව ඇති නොවේ. එහෙත් බාධක ආශ්‍රයන්ගෙන් ඔබේ කටයුතු අඩපණ වීමට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් වන්න.
විවිධ කෙනෙහිලිකම් නිසා රැකියා කටයුතුවල සුළු නොසන්සුන්තාවයන් ඇති වීමේ ඉඩකඩ ඇතිවුවත් එමගින් ඔබේ ධෛර්යය, කැපවීම නොබිඳෙන නිසා ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ පැහැදීමට ලක් වෙමින් සාර්ථකව රැකියා කටයුතු කරගෙන යාමට හැකි වේ. ආදායම්වල ඉහළ දියුණුවක් සිදුවේ. හදිසි ධනලාභවලට වාසනාව තිබේ.
සුළු සෙම් දෝෂවලට ඉඩ තිබෙන අතර ප්‍රබල රෝගාබාධ ඇති නොවේ.

මකර ලග්නය
හිතවත් මිතුරු කැලක්


ධෛර්යය, උනන්දුව හා කැපවීම ඉහළ මට්ටමින් පවතින යහපත් මානසික තත්ත්වයක් පවතී. ආගම දහම කෙරෙහි වැඩි නැඹුරුවීමක් ඇති වෙයි. මේ සඳහා අතහිත දෙන හිතවත් මිතුරු කැලකගේ ඇසුරද ඇති වේ.
නිවසේ සමගිය හා එකඟතාවය යහපත් ආකාරයට පවතී. සොඳුරු පරිසරයක් නිවස තුළ නිර්මාණය වේ. මේ අයුරින් සතුට සොම්නස සමග හොඳ ප්‍රගතියක් ඇති කර ගැනීමේ හැකියාවද ඇති වේ.
ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය හොඳ පරිසරයක් පවතින නිසා උනන්දුවෙන් කැපවීමෙන් කටයුතු කළොත් උසස් ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවේ.
වෙනදාට වැඩි උනන්දුවක් හා කැපවීමක් රැකියා කටයුතු සම්බන්ධයෙන් ඇතිවේ. මෙය ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ ප්‍රසාදය ලබමින් සාර්ථකව රැකියා කටයුතු කරගෙන යාමට ලැබෙන අනගි අවස්ථාවකි. ආදායම්වල දියුණුවක් සිදුවේ. හදිසි ධනලාභ තිබේ.
සුළු වශයෙන් රුධිරය හා සෙම් ආශ්‍රිත ආසාදන වලට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් වන්න.

කුම්භ ලග්නය
ආවේගශීලී මානසික ස්වභාවයක්


මානසිකව සුළු ආවේගශීලී ස්වභාවයක් ඉස්මතු වූවත් ඒවා මර්දනය කරගෙන කටයුතු කිරීමේ හැකියාව ඔබ තුළ පවතී. විශාල අවුල් ඇති නොවේ. ඔබට සැමවිටම නිසි උපදෙස් හා අනුග්‍රහය ලබාදෙන මිතුරු පරිසරයක් ළඟා වීම ආශීර්වාදයක් වේ.
නිවස තුළ හොඳ සාමයක් හා එකමුතුකමක් ගොඩ නැඟේ. තෘප්තිමත්ව කල් ගත කළ හැකි පරිසරයක් පවතී. මේ ශක්තිය නිසා පමා වූ විශාල වැඩ කොටසක් නිම කර ගැනීමට හැකිවේ.
බාධක ආශ්‍රයන් නිසා ඉගෙනීමේ කටයුතු පිළිබඳව සුළු පසුබෑම් ඇතිවීමට ඉඩ ඇතත් ගුරුවර දෙමාපිය ආදීන්ගේ නිසි මගපෙන්වීම හා ගුරුහරුකම් නිසා බාධා වළක්වා ගත හැකිවේ.
රැකියා කටයුතුවලදී ප්‍රධානීන් හා හිතවතුන් සමග අනවශ්‍ය මත ගැටුම් ඇතිවීමේ ඉඩකඩ පවතින නිසා ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කළයුතුවේ. ආදායම්වල වැඩි දියුණුවක් සිදුවන අතර අනවශ්‍ය වියදම් යෙදීමටද ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් විය යුතුය.
ප්‍රබල සෞඛ්‍ය දුර්වලතා නැත.

මීන ලග්නය
පවු‍ලේ මත ගැටුම්


වරින්වර උදාසීන ගති හා කනස්සලු ගති ස්වභාවයන් ඉස්මතු වුවත් ඒවා සම්බන්ධව මැදහත්ව සලකා බලා සහනය ලබාගත හැකි මානසික ස්වභාවයක් ගොඩනැගේ. මේ සඳහා අතහිත දෙන යහපත් මිත්‍ර ආශ්‍රයක් ඇති වේ.
පවු‍ලේ සාමාජිකයන් අතර විවිධ මත ගැටුම් ඇති වුවත් ඒවා සාකච්ඡාවෙන්, සම්මුතියෙන් විසඳාගෙන සතුටුදායක පරිසරයක් නිර්මාණය කර ගැනීමේ ශක්තිය පවතී.
අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය වන හොඳ පරිසරයක් පවතින නිසා උනන්දුවෙන් කටයුතු කරන්න. ඒ සඳහා දෙමාපිය, වැඩිහිටි, ගුරුවරාදීන්ගේ නොමද සහය ලැබේ.
රැකියා කටයුතු පිළිබඳව ඔබ තුළ පවතින උනන්දුවේ හා කැපවීමේ අඩුවක් සිදු නොවේ. එසේ වුවද සුළු ප්‍රශ්න නිසා ප්‍රධානීන්ගේ අප්‍රසාදයට පත්වීමේ ඉඩකඩ පවතින නිසා සැලකිලිමත් වන්න.
ප්‍රබල සෞඛ්‍ය දුර්වලතාවයන් නැත.
‍ජ්‍යොතිර්වේදී ශාස්ත්‍රාචාර්ය
අමරසේන වේගිරිය

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score