Nov 26, 2014

ජීමේල්,ඩ්‍රොප් බොක්ස් වැනි සේවාවන් ඔස්සේ දිනෙන් දින නොමිලේ ලබා දෙන cloud ඉඩ කඩ සීමිත කරන වටපිටාවක අන්තර්ජාල පරිශීලකයන්ට විශාල ප්‍රමාණයේ ලිපි ගොණු හුවමාරු කරගැනීමේ සේවාවක් Hive නමින් හොන්කොන් හි සමාගමක් විසින් ආරම්භ කොට තිබේ. මෙම සමාගමෙහි දැක්ම වී ඇත්තේ අසීමාන්තිකව සිය පරිශීලකයන් හට cloud storage ලබා දීමයි
.

එය dropbox, sugasync, google drive වැනි cloud වෙබ් අඩවි හා සැසදීමේදී වෙනස් වන්නේ එයට සමාජ ජාලයක මුහුණතක් එක්කොට ඇති නිසාවෙනි. මේ අනුව ඔබට ඔබේ මිතුරන් සමග ලෙහෙසියෙන් ඡායාරූප, වීඩියෝ, චිත්‍රපට පවා හුවමාරු කරගැනීමේ හැකියාවක් ලැබේ. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ටොරන්ට් ෆයිල් සැනින් ඔබේ ගිණුමට භාගත කොටගෙන මිතුරන් සමග බෙදා ගැනීමේ හෝ පරිගණකයට භාගත කිරීමේ හැකියාව තිබීමයි.මෙම සියලු කටයුතු කරගැනීම සඳහා hive විසින් 50GB ඉඩ ප්‍රමාණයක් සති පතා ලබා දෙනු ලැබේ. ඔබටත් මෙම ජාලය තුල මිතුරන් 100 ක් ඇතිකරගැනීම මගින් දැනට නොමිලේ ලබාදෙන ගෙවා ගත යුතු විශේෂාංග දිගටම භාවිතා කිරීමේ හැකියාව ලැබේ. 

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score