Nov 25, 2014

පරිගණක භාවිත කරන අප සියලු දෙනාම මුහුණ දෙන විශාලතම ගැටලුවකි පරිගණක වෛරස්. මෙතෙක් බිහි වූ දරුණුතම පරිගණක වෛරසයක් පිළිබඳව ලොව ප‍්‍රමුඛතම පරිගණක දත්ත ආරක්ෂක සමාගමක් වන සිමන්ටෙක් පරිගණක දත්ත ආරක්ෂක සමාගම පසුගියදා අනාවරණය කරනු ලැබුවා. වසර හයක පමණ කාලයක් කි‍්‍රයාත්මක වී ඇතැයි පැවසෙන මෙම වෛරසය රෙජින් නමින් හඳුන්වනවා.


රෙජින් වෛරසය කිසියම් රටක ආණ්ඩුවක් විසින් නිපදවා තිබෙන්නට ඇති බවයි ඔවුන් පවසන්නේ. මෙම වෛරසයට රුසියාව, සෞදි අරාබිය සහ අයර්ලන්තය වැනි රටවල පරිගණක බහුල වශයෙන් ගොදුරු වී ඇති බව සිමන්ටෙක් පරිගණක දත්ත ආරක්ෂක සමාගම පවසනවා. 

රෙජින් වෛරසයට පරිගණක තිරය පවා ඡායාරූප ගත කළ  හැකි අතර රහස්‍ය වචන සොරකම් කිරීමට සහ මකා දමන ලද ලිපි ගොනු නැවත ලබාගැනීමටද හැකියාව ඇතැයි පැවසෙනවා. 

රාජ්‍ය ආයතන, ව්‍යාපාර සහ තනි පුද්ගලයන් පිළිබඳ ඔත්තු බැලීම සඳහා මෙම රෙජින් වෛරසය යොදාගෙන ඇති බවත් ඉතා ඉහළ මට්ටමකින් සකසා ඇති මෙම වෛරසය නිපදවීමට මාස ගණනාවක් හෝ වසර ගණනාවක් ගත වන්නට ඇති බවයි පර්යේෂකයෝ විශ්වාසය පළ කරන්නේ. එසේම මෙම රෙජින් වෛරසය කිසියම් බටහිර සංවිධානයක් විසින් අන්තර්ජාලයට මුදාහරින්නට ඇති බවයි සිමන්ටෙක් පරිගණක දත්ත ආරක්ෂක ආයතනයේ නිලධාරීන් පවසන්නේ.  

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score