Nov 15, 2014
- Saturday, November 15, 2014
- Unknown
- Buddhist, Other
- No comments
විද්‍යාත්මක පර්යේෂණවලින් හෙළි වූ තොරතුරු
බුදු දහමේ අභිඥා යනුවෙන් හැඳින්වෙන්නේ මෙම අධිමානසික
තත්ත්වයයි සිතිවිලි ස්වභාවය මෙන්ම පවතින රෝගාබාධ අනුවත්
මෙම රැස් වළල්ල වෙනස් වෙනවා කරුණාව මෛත්‍රිය ආදී කුසල්
සිතිවිලිවලදී රැස් වළල්ල දීප්තිමත් නිල් පැහැයක් ගන්නවා
වෛරය ක්‍රෝධය නිසා රතු පැහැයත් හිත සොවින් බර වූ විට දුඹුරු
පැහැයත් පෙන්නුම් කරනවා
( පියසිරි ගුණරත්න)
මිනිස් සිරුර වටා විහිදෙන රැස්වළල්ල කිසිවෙකු කිසි විටෙක දැක
නැත. එනමුදු මිනිසුන්ගේ සිරුරුවලින් නිකුත් වන රශ්මි ශක්තිය
පිළිබඳව විවිධ රටවල්වල කරන ලද පර්යේෂණ ගැන අප බොහෝ
විට අසා තිබේ. එමෙන්ම මෙම රැස්වළල්ල පිළිබඳව විද්‍යාඥයන්
විද්‍යාත්මක පර්යේෂණ මගින් ලොවට තොරතුරු හෙළිකර දීමට
සමත්කම් දක්වා ඇත. ආධ්‍යාත්මිකවේදය හා විද්‍යාත්මක පර්යේෂණ
ඥානය මත මිනිස් සිරුරින් විහිදෙන මෙම රැස් වළල්ල නූතන
ලෝකය තුළ දැක බලා ගැනීමට හැකියාව ලැබි තිබේ.
බුදුරජාණන් වහන්සේගේ හිස වටා ෂඩ් වර්ණ වූ බුදු රැස් මාලා
විහිදෙන දසුන් කෘත්‍රිමව නිපදවා ඇති අයුරු අප බොහෝ විට දැක
තිබේ. විද්‍යුත් උපකරණ හා මෙවලම් භාවිතයෙන් එසේ කළ හැකිය.
එනමුදු එවන් කෘත්‍රිම ක්‍රමයකින් තොරව මිනිස් සිරුරේ (හිස අත් පා
වැනි) අවයව වටා කිසියම් ආකාරයක රශ්මි වළල්ලක්
හෙවත් ඕරාවක් තිබෙන බැව් කිර්ලියන් ඡායාරූප ශිල්පයනමැති
සුවිශේෂී තාක්ෂණික ක්‍රමය උපයෝගී කරගනු ලැබූ ඡායාරූපවලින්
සනාථ කර දැක්වීමට විද්‍යාඥයෝ සමත්ව සිටිති.
මෙම අසාමාන්‍ය ඡායාරූප ශිල්පීය ක්‍රමය හඳුන් වන්නේ විද්‍යුත්
ඡායාරූප ශිල්පය නමිනි. විද්‍යුත් ඡායාරූප ශිල්පීය ක්‍රම මගින් ගනු
ලබන සේයාරූවලින් එම රැස් වළල්‍ලේ පැහැය ද දැක බලා ගත
හැකිය. මිනිස් සිරුරෙන් විහිදෙන රැස්වළල්ල හෙවත් ඕරාව බයෝ
එනර්ජි වශයෙන් ද නූතනයේ හඳුන්වනු ලබයි.ක්වොන්ටම් භෞතික
විද්‍යාවේ ඇතැම් සිද්ධාන්ත හා පර්යේෂණාත්මක සොයා ගැනීම් මගින්
මෙවන් සංසිද්ධි බොහෝ විට පැහැදිලි කිරීමට හැකියාව ලැබි තිබේ.
එමෙන්ම අධිමනෝවිද්‍යා පර්යේෂකයන්ගේ දැඩි අවධානය යොමු වී
ඇත්තේ මෙවැනි සංකීර්ණ සිද්ධි සඳහා කිසියම් ආකාරයක නිවැරදි
තොරතුරු පැහැදිලි කිරීම වෙනුවෙනි.
අධි මානසික යනු සාමාන්‍ය මානසික තත්ත්වයෙන් බැහැර වූ අති
වෙසෙසි තත්ත්වයකි. සාමාන්‍ය මනස ත්‍රිමානයකින් යුතුවන අතර අධි
මානසික සිතට චතුර්මානයක් ඇත. අධි මනෝ විද්‍යාව
භෞතිකත්වයෙන් බැහැරව සිත පිළිබඳ අධ්‍යයනය කොට පර්යේෂණ
කිරීම් ඇරඹීමේ ප්‍රතිඵලයක් වශයෙන් බිහි වූවකි. විද්‍යාත්මක චින්තනය
යටතේ මිනිසා සතු සංකීර්ණ හැඟීම් රටාව විග්‍රහ කිරීම උදෙසා මනෝ
විද්‍යාව උපයෝගී කර ගෙන තිබේ. ඇතැම් අද්භූත හා ආශ්චර්යමත්
සිදුවීම් ගවේෂණය කිරීමේ ප්‍රතිඵලය අනුව අධි මනෝ විද්‍යා විෂය
ක්ෂේත්‍රය බිහි වී ඇති බව පැහැදිලි කළ හැකිය.
බුදු දහමේ අභිඥා වශයෙන් හැඳින් වෙන්නේ ද මෙම අධි
මානසිකත්වයයි. අධි මානසික යනු සුවිශේෂී ආධ්‍යාත්මික තත්ත්වයකි.
විඥාණය යනුවෙන් හඳුන්වනු ලබන්නේ මිනිසා තුළ තිබෙන උඩු
සිතටය. මේ සිත නිරතුරුවම අවදියෙන් සිටින බැවින් ජාගර විඥාණය
ලෙසින් ද හඳුන්වයි. උඩු සිතට යටින් ඇති සිත උප විඥාණය ලෙසින්
හඳුන්වනු ලබන යටි සිතයි. යටි සිත වූ කලී නිද්‍රෝපගත විඥාණයකි.
මෙම උඩු සිතට හා යටි සිතට යන දෙකටම යටින් තිබෙන විශේෂ
විඥාණය අධි මානසික තත්ත්වය ලෙස පැහැදිලි කළ හැකිය.
මිනිසුන් සතුන් හා ගහ කොළ ඇතුළු සියලුම ෙජෙවමය වස්තූන් වටා
කිසියම් ආකාරයක සියුම් ආලෝක වළල්ලක් විහිදෙන බැව්
ප්‍රථමයෙන්ම පෙන්වා දෙනු ලැබුවේ සෝවියට් ජාතික විද්‍යාඥයකු වන
එස්. ඩී. කිර්ලියන්ය. මෙම ජීවමාන ඒකක වටා අඟලක් පමණ දුරට
විහිදෙමින් පවතින ශක්ති ධාරාව විටින් විට පැහැය වෙනස් වෙමින්
අඩු වැඩි වෙමින් ක්‍රියාත්මක වන බව විද්‍යුත් ඡායාරූප ශිල්පීය ක්‍රම
උපයෝගී කර ගනිමින් ගන්නා ලද ඡායාරූප මගින් පැහැදිලිව හඳුනා
ගෙන ඇත.
විදු මෙවලම් උපයෝගී කර ගනිමින් අවැසි පසුතලය සකසා එය
ඉදිරියේ මිනිස් අංගෝපාංගයක් (අත-හිස වැනි) හෝ ශාක පත්‍රයක්
තබා එය ඡායාරූප ගත කළ විට ඡායාරූප කඩදාසිය මත මිනිස් අග
පසඟ හෝ ශාක පත්‍රය වටා කිසියම් ආකාරයක සියුම් ආලෝක
දැල්ලක් විහිදී තිබෙන සිතුවමක සටහනක් දැකගත හැකි වී තිබේ.
මෙලෙස ජීවමය වස්තු වටා කිරණ ධාරාවක් හෙවත් ඕරාවක් ලෙසින්
විහිදෙන්නේ ජීවමය ප්‍රබල ශක්ති විශේෂයක් බැව් විද්‍යාඥයන් විසින්
සිය පර්යේෂණ මගින් තහවුරු කර ඇත. සමාධි ගත සිතක දියුණු
කළ මනසක එම ප්‍රමාණයටම ශක්ති ශරීරය හෙවත් රැස් වළල්ල
විහිදවාලන අතර එහි පැහැය සුභාවිතය ආධ්‍යාත්මික ශක්තිය මෙසේ
රශ්මි මාලාවක් විලසින් මිනිස් සිරුරින් නික්මෙන බව හෙළි කර ගෙන
ඇත.
මිනිසා තුළ පවතින මානසික තත්ත්වය අනුව සිරුරින් විහිදෙන රැස්
වළල්ලෙහි යම් යම් වෙනස්කම් සිදුවන බව අධි මානසික විද්‍යාඥයෝ
සඳහන් කරති. මිනිස් සිතිවිලි හා රෝගාබාධ අනුව රැස් වළල්‍ලේ
පැහැය වෙනස් වන බව දැනට තහවුරු වී ඇත.
පුද්ගලයෙකුගේ සිත තුළ කුසල් සිතිවිලි පිබිදී කරුණාව මෛත්‍රිය ආදී
හැඟීම් සමග ආධ්‍යාත්මික සැනසීමක් ඇතිවූ විට රැස් වළල්ල දීප්තිමත්
නිල් පැහැයෙන් නිකුත් වන බව ද වෛරය ක්‍රෝධය ආදී අකුසල්
සිතිවිලිවලින් යුතුව සිටින විට රත් පැහැයක් ගන්නා බව ද අධි
මානසික පර්යේෂණවලදී සොයා ගෙන ඇත. සොවින් බර
සිතිවිල්ලෙන් යුතු කෙනකුගෙන් මෙම රැස් වළල්ල විහි දෙන්නේ
දුඹුරු පාටින් යුතුවය. මිනිස් සිරුරෙන් විහිදෙන රශ්මි ශක්තිය
කෙනකුගේ ආධ්‍යාත්මික සිතිවිලි රටාව අනුව ප්‍රසන්නව හෝ
අප්‍රසන්නව නිකුත්වන බව පැහැදිලිය. සිත දියුණු කරගත් යෝගීන්ට
තමන් ඉදිරියේ සිටින සාමාන්‍ය පුද්ගලයකුගේ සිරුරෙන් විහිදෙන රැස්
වළල්ල දැක ගැනීමට හැකි බව ද පරීක්ෂණ වාර්තාවල සඳහන් වී ඇත.
බුදුන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් ඛ්‍යාම ප්‍රභා මණ්ඩල විහිදී ගිය බව
බෞද්ධ ග්‍රන්ථවල සඳහන් වේ. බුදු දහම තුළ බඹයක් යනුවෙන්
සඳහන් වන්නේ මිනිස් ඇසට බුදුන් වහන්සේගේ රැස් මාලාව
පෙනෙන ප්‍රමාණය සලකා ගෙනය. ඛ්‍යාම යනුවෙන් බඹය අදහස්
කෙරෙයි.
බුදුරැස් මාලාව ෂඩ් වර්ණ සහිතය. සවනක් ගණ බුදුරැස් ලෙසින්
හඳුන්වන්නේ එනිසයි. නිල්, කහ, රතු, සුදු, ලා රතු හා මෙම සියලුම
වර්ණවල සංකලනයෙන් සෑදුණු තවත් විශේෂ වර්ණයකින් බුදුරැස්
මාලාව සමන්විතය.
බුදුන් වහන්සේ බුද්ධත්වය ලැබිම තුළ මානසික ධාතුව අසීමිත වූ
බැවින් බුදුන් වහන්සේගේ බුද්ධ රශ්මි මාලාව ද එලෙසම අසීමිත විය.
එමෙන්ම දීප්තිමත්ව බැබලිණි. බුදුන් වහන්සේ සංසාරගතව දරන ලද
බුද්ධි බලය ඇති අකම්පිත ගුණයෙන් යුතු ශ්‍රේෂ්ඨ උත්තමයකු නිසා
එවන් ගුණයෙන් හෙබි බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම රැස්
මාලා විහිදෙන බුදු සිරුරකින් යුතු වූහ. බුදුන් වහන්සේ අධිෂ්ඨානශීලීව
සිටින විට විහිදී ගිය බුදුරැස් මාලාව උන්වහන්සේ වැඩ සිටින
ස්ථානයේ සිට කි. මී. පහළොවක් (15) පමණ ඈතට විහිදී ගිය බව
මෙම විෂය පිළිබඳව ලියා ඇති පර්යේෂණ ග්‍රන්ථවල දැක්වේ. බුදුන්
වහන්සේ සාමාන්‍ය පැවතුමෙන් යුතුව වැඩ සිටි අවස්ථාවලදී රැස්
මාලාව බඹයක් තරම් දුරට පැතිරී ගොස් ඇත.
මිනිස් සිරුර වටා විහිදෙන ආලෝක වළල්ල පිළිබඳ විද්‍යාත්මක
ගවේෂණවල නියැලුන ඇමරිකන් ජාතික මාක් ස්මිත් එඩ්ගාකේසි හා
ජෝන් සිමර්මන් මිනිස් සිරුරෙන් නිකුත් වන රශ්මි ශක්තිය ගැන
බොහෝ කරුණු හෙලි කර තිබේ.
මේ පිළිබඳ පර්යේෂණ මෙහෙය වූ එඩ්ගා කේසිට අත් විඳින්නට සිදු වූ
සංසිද්ධියක් ගැන ද සඳහන් වෙයි. ඔහු හා තවත් කිහිප දෙනකු
ආයතනයක ඉහළ මාලයට ගමන් කළ විදුලි සෝපානයක් තුළ විදුලි
පහන් ආලෝකය දැල්වී තිබුණ නමුදු එය ඇතළත දැඩි ඝනඳුරක්
පැවති බවත් ඉහළට ගමන් කරන අතරතුර විදුලි බුබුලු බිමට කඩා
වැටුන බවත් කියයි. විදුලි සෝපානය තුළ විදුලි බුබුලු දැල්වෙද්දී එය
අදුරින් වැසී ගියේ එහි ගමන් ගත් පුද්ගලයෙකුගේ සිරුරින් විහිදී ගිය
කළු අඳුරු රැස් දහරාවක් නිසා බවත් කේසිගේ අදහසයි. එනමුදු
ආලෝකයක් අඳුරින් වැසීමට ද අඳුරක් ආලෝකමත් කිරීමට ද
සාමාන්‍ය පුද්ගලයෙකුගේ සිරුරින් විහිදෙන රැස් වළල්ලට හෙවත්
ඕරාවට හැකියාවක් තිබේ ද යන්න ගැටලුවකි. ඒ මිනිස් සිරුරේ රැස්
දහරාව එතරම් ප්‍රබල නොවන හෙයිනි.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.