Aug 24, 2014

අප රට කෙරෙහි අභූත චෝදනා විදේශීය රට වලින් මෙරටට එල්ල කරයි. රථ වාහන පරිහරණය කරන්නා වූ අය ඉදිරි දින කිහිපය ඉතා කල්පනාවෙන් යුක්තව රිය පැදවීම් කළ යුතු වන්නේය. ගොඩනැගිලි, රථ වාහන ගිනි ගැනීම්වලට ලක්වේ. රටේ ලේ විෂවීමක් හේතුවෙන් විශාල පිරිසකට රෝහල් ගත වීමට සිදුවේ.

සෙනසුරු තමාගේ උච්ච රාශිය වූ තුලාවේ බලවත් වූ ගමනක යෙදී සිටිය දී 2014 ජූලි මස 14 වැනිදා උදේ 8 පසු වී විනාඩි 43ට අඟහරු ද තුලා රාශියට පිවිසියේය. තුලා රාශියේ සෙනසුරුත් අඟහරුත් ගමන් කරද්දී 2014 අගෝස්තු මස 26 වැනි දින අලූයම 1 පසුවී විනාඩි 1ට සෙනසුරුත් අඟහරුත් එකම අංශකයකදී මුහුණට මුහුණ මුණ ගැසේ. මෙහිදී සෙනසුරු තම බලය යොදවමින් අඟහරු සමග යුද සංග‍්‍රාමයක් අරඹයි. සෙනසුරු තම බලය යොදවා අඟහරු පරදා ජයග‍්‍රහණය අත් කර ගනී.
මේ ග‍්‍රහ යුද්ධය හේතුවෙන් අයහපත් වූ ග‍්‍රහ කිරණ පෘථිවියට පතිතවනු ඇත. මේ හේතුවෙන් පෘථිවියේ ජීවත්වන්නා වූ සත්ව වර්ගයාටම අයහපත් වූ ප‍්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවනු ඇත.
අප රට කෙරෙහි අවධානය යොමුකිරීමේදී භාග්‍යස්ථානය වූ නවවැන්න යෙදෙන්නා වූ යුද සංග‍්‍රාමය හේතුවෙන් අප රටට ද අයහපත් ප‍්‍රතිඵල උදාවනු ඇත. හදිසි අනතුරුවල ඉහළ යාමක් දැකිය හැකිය. පූජනීය ස්ථානයක් සම්බන්ධයෙන් අපහාසාත්මක චෝදනා එල්ල වනු ඇත. මහජන කැළඹීම් ඇතිවේ. විදේශීය බලපෑම් වැඩිවේ. විදේශීය රට වලින් මෙරටට වසංගත රෝග අවදානමක් ඇති වන්නේය. රථ වාහන අනතුරු ඉහළ යනු ඇත. විදේශීය රටවල සිට මෙරටට පැමිණෙන අයගෙන් යම් යම් ලෙඩ රෝග මෙන්ම අයහපත් නීති විරෝධී දේ මෙරටට රැුගෙන එනු ඇත.
අප රට කෙරෙහි අභූත චෝදනා විදේශීය රට වලින් මෙරටට එල්ල කරයි. රථ වාහන පරිහරණය කරන්නා වූ අය ඉදිරි දින කිහිපය ඉතා කල්පනාවෙන් යුක්තව රිය පැදවීම් කළ යුතු වන්නේය. ගොඩනැගිලි, රථ වාහන ගිනි ගැනීම්වලට ලක්වේ. රටේ ලේ විෂවීමක් හේතුවෙන් විශාල පිරිසකට රෝහල් ගත වීමට සිදුවේ. වන්දනා ගමන් යන්නා වූ අය සෑම අවස්ථාවක දීම තමාගේ ආරක්ෂාව ගැන සිතා දුර දිග බලා කටයුතු කිරීම මගින් තමාගේ ජීවිත ආරක්ෂාව සැලසෙනු ඇත.
විශ්ව කේන්ද්‍රය පිළිබඳව විමසා බැලීමේදී ග‍්‍රහ යුද්ධය හේතුවෙන් අග්නි දිග ආසියාවට දැඩි අයහපත් තත්ත්වයක් උදාවේ. විශේෂයෙන් චීනය, ජපානය ආශ‍්‍රිතව මෙන්ම දකුණු ඇමරිකාව ආශ‍්‍රිතව සිදුවන භූමි කම්පා හේතුවෙන් ජීවිත හා දේපලවලට හානි සිදුවේ. ස්ත‍්‍රී දුෂණ ඉහළ යනු ඇත. ජනප‍්‍රිය ප‍්‍රසිද්ධ කාන්තාවක අපහාසයට ලක්වනු ඇත.
හද කම්පා කරවන බිහිසුණු ස්වභාවික විපත් ඇතිවේ. ගුවන් යානා කඩා වැටීම්, මුහුදු යාත‍්‍රා විනාශයට පත්වීම් ද හේතුවෙන් විශාල වශයෙන් ජීවිත නැතිවී යනු ඇත. සෙනසුරු හා අඟහරුගේ බිහිසුණු වූ යුද සංග‍්‍රාමය හේතුවෙන් නොසිතූ වේලාවල ගොඩනැගිලි ගිනි ගැනීම්, රථ වාහන ගිනි ගැනීම් ඇති වෙයි. විශේෂයෙන් මේ යුද සංග‍්‍රාමයත් සමග දින 18ක් යන තුරු මේ අයහපත් සිදුවීම් නිරන්තරයෙන්ම වාර්තා වනු ඇත.
මෙම යුද සංග‍්‍රාමය ලග්න අනුවද බලපෑම් ඇති වනු ඇත. මීන ලග්නයට ඉතා අයහපත් ලෙස බලපාන අතර වෘශ්චික, කන්‍යා, වෘෂභ ආදී ලග්නවලට ද අයහපත් ඵල උදාවේ. ඒ අනුව ලග්න ගැන මෙසේ විමසා බලමු.



මේෂ ලග්නයට

ඔබගේ ලග්නාධිපති වූත් මර්මස්ථානය අධිපතිවූත් අඟහරු සත්වැන්නෙහි ගමන් කරද්දී උච්ච වූ සෙනසුරු හමුවේ පරාජයට පත්වීම මගින් ඔබට ශරීර පීඩා ගෙන දේ. ඔබ විවාහක අයකු නම් ඔබගේ සහකරුට හෝ සහකාරියට අනපේක්ෂිත වූත් කරදරවලට මුහුණ දීමට සිදුවනු ඇත. ඔබ කරන කටයුතු සඳහා ද බාධා ගෙන දෙනු ඇත. ආර්ථික තත්ත්වයේ වෙනසක් ඇති නොවේ.

 


වෘෂභ ලග්නයට

ඔබගේ ඡුන්ම පත‍්‍රයෙහි හයවැනි භාවයේ ඇති වන්නා වූ මේ යුධ සංග‍්‍රාමය හේතුවෙන් අතරමග දී ගමන් වලින් කරදර ඇතිවේ. ඔබත් විවාහක අයකු නම් ඔබගේ සහකරු හෝ සහකාරියට රෝගාබාධ ඇති කෙරේ. හෘද රෝග වලින් පීඩා විඳි අයකු නම් ඔබ ඉතා කල්පනාකාරී විය යුතුය.


මිථුන ලග්නය

ඔබගේ ලැබීම් මාර්ගවලට තරමක් බලපෑම් එල්ල වුවද අයහපත් සිදුවීම් සිදු නොවනු ඇත. අනවශ්‍ය ගැටුම්වලට මැදිවිය හැකි බැවින් කල්පනාකාරී විය යුතු වේ.


කටක ලග්නයට

රැකියා ආශ‍්‍රිත ගැටලූ ඇති විය හැකිය. එහෙත් ඒවා එතරම් බරපතළ සිදුවීම් නොවන අතර පපුව ආශ‍්‍රිත රෝග ඇතිවිය හැකිය.


සිංහ ලග්නය

ඔබට ද මේ යුධ සංග‍්‍රාමය හේතුවෙන් අයහපත් බලපෑමක් ඇති නොවේ.


කන්‍යා ලග්නයට

රථ වාහන පරිහරණය කරන්නා වූ අයෙක් නම් ඉතා ඉවසීමෙන් කල්පනාවෙන් යුක්තව රිය පැදවීම් කළ යුතුය. දුර ගමන් මෙම කාල සීමාවේ  අඩු කර ගත යුතුවේ.


තුලා ලග්නය

ඔබට ද එතරම් බලපෑමක් ඇති නොවනු ඇත. නමුත් යම් කිසි රෝගාබාධයක් හේතුවෙන් රෝහල් ගත වීමට විය හැකිය. විශේෂයෙන් හෘද රෝග පවතින අය පරිස්සම් විය යුතු අතර හිසට ද පීඩා ඇතිවේ.


වෘෂ්චික ලග්නය

ලග්නාධිපතිත් සයවැන්න අධිපතිත් වූ අඟහරු මේ යුද සංග‍්‍රාමයෙන් පරාජයට පත්වීම අයහපත් ලෙස බලපානු ඇත. ගමන් බිමන්වලදී ඉතා කල්පනාකාරී විය යුතුවේ. පිටස්තර අයගේ කරදර ඇති විය හැකි බැවින් සෙවිල්ලෙන් බුද්ධියෙන් කටයුතු කිරීම යහපත්ය.


ධනු ලග්නයට

දරුවකු ලැබීමට සිටින අයකු නම් මෙම දින කිහිපය කල්පනාවෙන් සිටිය යුතුය. අත් දෙක හා කන ආශ‍්‍රිත රෝගාබාධ මතුවේ. ඔබට එතරම් බලපෑමක් ඇති නොවේ.


මකර ලග්නයට

ඔබට එතරම් බලපෑම් ඇති නොවූව ද මේ යුද සංග‍්‍රාමය පවතින දිනයන්හිදී රැුකියාව ආශ‍්‍රිත ගැටලූ මතුවේ. තමාගේ දරුවකුට ද අයහපත් වනු ඇත.


කුම්භ ලග්නයට

වැඩිමහල් සහෝදරයන්ට අයහපත් වේ. භූමිය ආශ‍්‍රිත ගැටලූ මතුවේ.


මීන ලග්නයට

ඔබ ඉතා ඉවසීමෙන් කල්පනාවෙන් යුක්තව මේ දින කිහිපය ගත කළ යුතුවේ. හදිසි අනතුරුවලට ලක්වීමේ අවදානම වැඩිවේ. අනවශ්‍ය ආරවුල් ගැටුම්වලට මැදිවිය හැක.

ප්‍රවීන ජොතිර්වේදී මෙලාන් වික්‍රමසිංහ

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score