Aug 20, 2014



 ලෝකයේ සුපිරිතම පිතිකරුවන් අතර සිටි අරවින්ද ද සිල්වා යළිත් එංගලන්තයේ කෙන්ට් හි දර්ශනීය පිති හරඹයක යෙදුනු බව ටොන්බ්‍රිජ් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මාටින් බැට්ලී ප්‍රකාශ කරයි.
ලෝකයේ ක්‍රිකට් තරු බවට පත් වූ ක්‍රීඩකයන්ගෙන් සමන්විත ලෑෂිං ඕල් ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කරමින් මිත්‍ර තරඟයකට සහභාගී වූ අරවින්ද ද සිල්වා ටොන්බ්‍රිජ් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු හතළිස් අටක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය බවයි මාටින් බැට්ලී කියා සිටියේ.

'හිටපු රජෙක්'


ශ්‍රී ලංකාවට ලෝක කුසලානය ගෙන ඒම සඳහා ලකුණු 42කට කඩුලු තුනක් දවා ගැනීමත් උඩ පන්දු දෙකක් ලබා ගැනීමත් නොදැවී ශතකයක් වාර්තා කරමින් තරඟයේ වීරයා වීමත් තවමත් නොබිඳුණු වාර්තාවක් ලෙස පවතී.‘අරවින්ද කෙන්ට් ප්‍රාන්තයට ක්‍රීඩා කළ අයෙක් නිසා යළිත් ඔහුගේ පිති හරඹයක් දැක ගැනීමට නරඹන්නන් ඉතා උනන්දුවෙන් සිටියා. ඔහුට තවමත් එදා තිබුණු පිළිගැනීම ම තියෙනවා. ක්‍රිකට් ලෝකයේ හිටපු රජෙක් ලෙස සැලකෙන ඔහුට එරෙහිව පන්දු යැවීමට ලැබීම මට ලැබුණු ගෞරවයක්.’ බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවකට එක් වෙමින් මාටින් බැට්ලී පැවසීය.
මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහි වුනු දක්ෂතම පිතිකරුවා අරවින්ද ද සිල්වා බව මෑතකදී කුමාර් සංගක්කාර විසින් ද ප්‍රකාශ කරන ලද බව බීබීසී කොළඹ වාර්තාකරු අසාම් අමීන් කියා සිටියේය.

'විශ්වාස කළ නොහැකි'

පසුගිය වසර තුන ඇතුළත ක්‍රිකට් පිත්තක් අතට නොගත් අරවින්ද කිසිදු පුහුණුවකින් තොරව ක්‍රීඩා කළ ආකාරය විශ්වාස කළ නොහැකි බවයි ටොන්බ්‍රිජ් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක පවසන්නේ.
‘කෙන්ට් ප්‍රාන්තයට ක්‍රීඩා කරන කාලේ එම කණ්ඩායමේ ප්‍රධානතම පිතිකරුවා වුනේ අරවින්ද. ඔහු පිටියට එන විට ක්‍රීඩා ලෝලීන් ඔහු වට කර ගත් අයුරු මට තාමත් මතකයි. ඔහු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන ඇතත් තවමත් සමරු සටහන් ගැනීමට පොරකන අයගෙන් අඩුවක් නැහැ.’ මාටින් බැට්ලී පැවසීය.
පසුගිය දා කෙන්ට් හි පැවති මෙම මිත්‍ර තරඟයට හර්ෂල් ගිබ්ස්, ගැරෙන්ට් ජෝන්ස්, මාර්ක් ඊල්හම් ඇතුළු ලෝ පතල හිටපු ක්‍රීඩකයන් සහ තවමත් වෘත්තීය මට්ටමේ සිටින ක්‍රීඩකයන් ද සහභාගී වී තිබේ.

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score