Aug 19, 2014


ජංගම දුරකථනය නියම ජංගම දුරකථනයක් ද ?ව්‍යාජ එකක් ද යන්න  
සම්බන්ධයෙන් හදුනා ගැනීම සදහා වන ක්‍රමයක් හදුනා ගැනෙයි.


 මෙය ඉතා සරල ක්‍රමයක් වන අතර මෙහිදී  international mobile 
equipment identity number නැතහොත් ජාත්‍යන්තර ජංගම 
උපකරණ හඳුනාගැනීමේ අංකය යනුවෙන් හැදින්වෙන අංකයක් 
යටතේ එම ජංගම දුරකථනය නිෂ්පාදනය කළ රට පහසුවෙන් සොයා 
ගත හැකි වෙයි.

එම රට අනුව එම ජංගම දුරකථන වල තත්වය වර්ගීකරණය කර තිබේ.

මෙම ක්‍රමයට අනුව ජංගම දුරකථනය හදුනා ගැනීමට නම් මුලින්ම සිය 
ජංගම දුරකථනයේ *#06# ඇමතිය යුතුය
ඉන් අනතුරුව තිරයේ අංකයක් දිස්වෙයි. එම අංකය "ජාත්‍යන්තර 
ජංගම උපකරණ හඳුනාගැනීමේ අංකය"

නැත්තම් international mobile equipment identity number ලෙස 
හැදින්වෙයි.

ඒ අංකයේ 7 වෙනි අංකයයි, 8 වෙනි අංකයයි පරීක්ෂා කිරීමෙන් එම 
ජංගම දුරකථනය නිෂ්පාදිත රට සොයාගත හැකිය.එය පහත පරිදිය.
1-2-3- 4- 5-6-7-8-9-10-11-12-13-14-15

serial නම්බරේ X-X-X-X-X-X-?-?-X-X--X--X--X--X--X

ඒ අංක දෙක,

- 02 හරි 20 හරි නම්.

එම ජංගම දුරකථනය  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදි එකලස් කළ 
එකක් සහ ඉතාමත් පහත් ගුණාත්මක භාවයෙන් යුතු එකකි.


- 08 හරි 80 හරි නම්.

ඔබේ ෆෝන් එක ජර්මනියෙදි එකලස් කරපු , සාමාන්‍ය ගුණාත්මක 
භාවයෙන් යුතු එකකි.

- 01 හරි 10 හරි නම්.

ඔබේ ෆෝන් එක ෆින්ලන්තයෙදි එකලස් කරපු , ඉතා හොඳ 
ගුණාත්මක භාවයෙන් යුතු එකකි.

- 00 නම්.

ඔබේ ෆෝන් එක නියම සමාගමෙදී නිෂ්පාදනය කළ  සුපිරි ගුණාත්මක 
භාවයෙන් යුතු එකකි.

- 13 නම්.

ඔබේ ෆෝන් එක අසර්බයිජන්හිදි(Azerbaijan කියන්නෙ බටහිර 
ආසියාවයි, නැගෙනහිර යුරෝපයයි මායිමේ තියෙන රටක්ලු..) එකලස් 
කරපු , පහත්  ගුණාත්මකින් යුතු පාවිච්චියට සහ සෞඛ්‍යයට ඉතා 
නුසුදුසු එකකි.

තවත් වැඩිදුර සදහන් විය හැකි අංක සහ රටවල් පහත පරිදි වෙයි.

30 = Korea or 03

40 = China or 04

50 = Brazil, USA, Finland or 05

60 = HK, China, Mexico or 06

70 = Finland or 07

91 = Finland or 19

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score