Dec 14, 2014


ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි කි‍්‍රකට් ක‍්‍රීඩක කුමාර් සංගක්කාරට දඩ මුදලක් පැනවීමට ජගත් කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ, එංගලන්තය සමඟ පල්ලෙකැළේ ජාත්‍යන්තර කි‍්‍රකට් ක‍්‍රීඩාංගණයේ පැවති තරගයේදී විනිසුරු තීරණයකට විරෝධය පළ කිරීම හේතුවෙන්. මෙය සිදුවන අවස්ථාවේදී ක‍්‍රීඩා පිටියේ ඩිල්ශාන් සමගින් සංගක්කාර පන්දුවට පහර දෙමින් සිටියා. එහිදී ඔවුන් දෙදෙනා 33 වන පන්දු වාරයේදී බැටින් පවර් ප්ලේ අවස්ථාව ඉල්ලනු ලැබුවා. නමුත් එම අවස්ථාවේදී විනිසුරුවරුන් පවසා ඇත්තේ පන්දු යවන්නා ඒ වන විටත් සිය පන්දු වාරය යැවීම සඳහා සූදානම්ව සිටින නිසා අවස්ථාව ලබාදිය නොහැකි බවයි. අනතුරුව 34 වන පන්දු වාරයේ පළමු පන්දුවට ඩිල්ශාන් දැවී ගියා. එම අවස්ථාවේදී පන්දු යවන්නාගේ අන්තයේ සිටි කුමාර් සංගක්කාර විනිසුරුවරුන් දෙසට හැරී යමක් පවසා තිබෙනවා. පසුව එය මත ගැටුමක් දක්වා දුරදිග ගියා. තරගයෙන් අනතුරුව මෙම සිදුවීම සම්බන්ධයෙන් පිටියේ විනිසුරුවරුන් තරඟ තීරකට පැමිණිලි කර තිබෙනවා. ඒ අනුවයි සංගක්කාරට සිය තරඟ ගාස්තුවෙන් සියයට 15ක දඩ මුදලක් පැනවීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ. 

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score