Dec 27, 2014

මේෂ ලග්නය
ප්‍රධානීන්ගේ පැසසුම්

ප්‍රබල ග්‍රහ බලයක් සහිතව වසර ආරම්භවේ. කුජ රුචක යෝග බලයෙන් හා ගුරු හංස යෝග බලයෙන් සිටී. සඳුගේ පිහිටීම අනුව ගජකේශරී යෝගයද යෙදී තිබේ. ශනි ගමනේ දුර්වලතාව ගුරු දෘෂ්ටියෙන් මග හැරේ.
මානසික ස්වභාවය හා සමාජ සම්බන්ධතාව:
ප්‍රබල ආත්ම ශක්තියකින් හා මානසික ජවයකින් යුක්ත වැ වසර ආරම්භ වේ. නිසි ලෙස වැඩ කටයුතු කරගෙන යාමට අවශ්‍ය මානසික ස්වභාවයන් ඉස්මතු වේ.
ගෘහ ජීවිතය
නිවසේ සාමාජිකයන්ගෙන් ඉහළ ප්‍රමාණයක උපකාර හා ආශිර්වාදය ඔබට ලැබේ.
රැකියාව හා ආර්ථිකය:
රැකියා කටයුතු සාර්ථක වැ කර ගෙන යාමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ඔබ තුළ ගොඩනැගේ.
අධ්‍යාපනය:
ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය හොඳ පරිසරයක් නිර්මාණය වේ.
විවාහ මංගල කටයුතු:
විවාහය ප්‍රමාද වූවන්ගේ සිහින සැබෑ වන වසරකි. යහපත් සම්බන්ධතාවන් ගොඩනැගේ. විවාහ මංගල්‍ය කටයුතු සිදුවීමේ වැඩි ඉඩක් ඇති වසරකි.
ශරීර සෞඛ්‍ය:
ප්‍රබල රෝගාබාධ නැත. ශරීරයේ
උෂ්ණත්වය සමබරව තබා ගැනීමට උනන්දු විය යුතුය.
අය: 11 - වැය: 5

වෘෂභ ලග්නය
දහමට නැඹුරුවක්


ලග්නපති සිකුරු භාග්‍යස්ථාන ගතවී සිටින  අවස්ථාවේ නව වසර උදාවේ. අභුයෙකු වන කුජ සිකුරුට  එක් වුවද එම කුජ උච්ච බලයෙන් යුක්ත වීම ගුරුගේ දෘෂ්ටි ලැබිම නිසා දෝෂ නොවේ. 3 වැන්නේ ගුරු උච්චවැ ගජ
කේෂරී යෝග බලයෙන් යුක්ත වේ. 7 වැන්නේ ශනිට ගුරුගේ ශුභ දෘෂ්ටි එල්ල වේ. 8 වැන්නේ රවි බුද හොඳ යෝගයකි.
මානසික ස්වභාවය හා සමාජ සම්බන්ධතාව:
ධෛර්ය සම්පන්න වූ යහපත් මානසික තත්ත්වයක් ගොඩනැගේ. ආගම දහම පිළිබඳව වැඩි නැඹුරු වීමක් ඇතිවේ.
ගෘහ ජීවිතය:
ඇතැම් සුළු සිද්ධීන් බරපතළ කාරණාවන් ලෙස වැරදි අවබෝධයක් ඔබ තුළ හට ගන්නා නිසා පවු‍ලේ සාමාජිකයන් අතර අනවශ්‍ය ගැටලු ඇතිවීමටත් සමගිය අඩපණ වීමටත්  හේතුවන නිසා ඉවසීමෙන් හා අවබෝධයෙන් කටයුතු කළ යුතු වේ.
රැකියාව හා ආර්ථිකය:
රැකියා කටයුතුවල නොසන්සුන්තාවක් ඇතිවිය හැකි නිසා සැලකිලිමත්ව කටයුතු කරන්න. අතිරේක ආදායම් මාර්ග සමග ලැබිම්වල දියුණුවක් සිදුවන අතර නිෂ්ඵල වියදම්වල ඉහළ යාමක්ද සිදුවිය හැක.
අධ්‍යාපනය:
ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය හොඳ පරිසරයක් නිර්මාණය වුවත් ඔබගේ අවධානය හා උදේ‍යා්ගයේ මන්දගාමී ස්වභාවය හේතුවෙන් පසුබැසීම් සිදුවිය හැකි නිසා සැලකිලිමත් විය යුතුය.
විවාහ මංගල්‍ය කටයුතු:
මේ දක්වා ප්‍රමාද වූ විවාහ මංගල්‍ය සිහිනයන් සැබෑ වන වසරකි. නව සම්බන්ධතාවයන් මෙන්ම යහපත් මංගල යෝජනාවන්ද ඉදිරිපත් වේ. බොහෝ දුරට මංගල්‍ය කටයුතු සිදුවීමට ඉඩ තිබෙන වසරකි.
ශරීර සෞඛ්‍යය:
ප්‍රබල රෝගාබාධ නැත. සෙම සහ රුධිරය දූෂ්‍ය වීමෙන් රෝග වැළඳීමේ ප්‍රවණතාවයක් පවතින නිසා ප්‍රවේශම් වන්න.
අය: 5 - වැය: 14

මිථුන ලග්නය
උදේ‍යා්ගිමත්  ස්වභාවයක්


ලග්නාධිපති බුද රවි සමග කේන්ද්‍රගතව සඳුගෙන් 9 වැන්නේ සිටින අවස්ථාවේ නව වසර ආරම්භ වේ. ගුරු ධනස්ථානයේ උච්චවද, එහි අධිපති අයස්ථාන ගතවද සිටී. 5 වැන්න අධිපති සිකුරු අසුබයෙකු වන උච්ච කුජගේ පීඩනයට හසුවැ 8 වැන්නේ සිටී. 4 වැන්නේ රාහු සහ 10 වැන්නේ කේතු තැන්පත් වී සිටී.
මානසික ස්වභාවය හා සමාජ සම්බන්ධතාව:
වසර පුරා උදේ‍යා්ගිමත් මානසික ස්වභාවයක් පවතී. මේ අතර සිතිවිලිවල ආවේගශීලී ස්වභාවයක්ද වරින්වර ඉස්මතු වේ. ආගම දහම කෙරෙහි වැඩි නැඹුරු වීමක් ඇතිවන නිසා මේ තත්ත්වය පාලනය කර ගැනීමේ හැකියාව ඔබට ඇතිවේ.
ගෘහ ජීවිතය:
ඇතැම් අවස්ථාවල ඔබ තනි තීන්දු තීරණ ගැනීමට සිතන නිසා නිවසේ ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු වුවද සමස්තයක් ලෙස සුහදව එකමුතුව ගෘහ ජීවිතය පවත්වා ගැනීමේ වාසනාව ඇතිවේ.
රැකියාව හා ආර්ථිකය:
ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ ප්‍රසාදය දිනා ගනිමින් කටයුතු කිරීමේ හැකියාව ඇතිවේ. ජූලි සිට ඉදිරියට කලකිරීම් හා ස්ථාන වෙනස්වීම් ආදියටද ඉඩ තිබේ. ආර්ථිකයේ වැඩිදියුණුවක් සිදුවන වසරකි.
අධ්‍යාපනය :
ආශ්‍රයන් නිසා ඉගෙනීමේ කටයුතුවලට බාධා සිදුවීමේ වැඩි ඉඩක් පවතින වසරක් නිසා සැලකිලිමත්ව ගුරුවරු, වැඩිහිටි, දෙමාපිය ආදීන්ගේ අවවාද අනුශාසනා අනුව කටයුතු කළයුතු වේ.
විවාහ මංගල්‍ය කටයුතු :
ප්‍රමාද වූ විවාහ මංගල්‍ය කටයුතු සාර්ථක වේ. නව ආශ්‍රයන් ඇතිවේ. ඒ සඳහා වැඩිහිටි ඥාති ආදීන්ගේ ආශීර්වාදය ලැබේ.
ශරීර සෞඛ්‍යය :
ප්‍රබල සෞඛ්‍ය දුර්වලතා ඇති නොවේ. උදරය ආශ්‍රිත සුළු ආබාධවලට ඉඩ තිබෙන නිසා ආහාරපාන ගැන සැළකිලිමත්
වන්න.
අය: 11 - වැය: 11

කටක ලග්නය
මංගල කාරණා


ලග්නපති සඳු කේන්ද්‍ර ගතව ලග්නයේ ගුරු උච්චවැ හංස යෝග හා ගජකේශරී යෝග බලයෙන් යුක්තවැ නව වසර ආරම්භ වේ. කුජ 7 වැන්නේ උච්චවැ රුවක යෝග බලයෙන් සිතුරු සමග එක්වී සිටී. ශනි 5 වැන්නේ ගමන් කිරීමේ බාධකය ගුරු
දෘෂ්ටියෙන් සමනයවේ.
මානසික ස්වභාවය හා සමාජ සම්බන්ධතාව: නිවී සැනසුණු යහපත් මානසික තත්ත්වයන් ඇතිව වසර ආරම්භවේ. ආගමික කටයුතු සහ පුද පූජා කෙරෙහි වැඩි නැඹුරුවීමක් ඇතිවේ.
ගෘහ ජීවිතය :
නිවසේ සෑම කාර්යයක් පිළිබඳවම අධිවේගී ස්වභාවයක් ඉස්මතුවීම නිසා පවු‍ලේ සාමාජිකයින් අතර ඇතැම් ආරවුල් ඉස්මතු වුවත් ඒවා සමනය කරගෙන සතුටින් සාමයෙන් කල්ගත කළ හැකි පරිසරයක් නිර්මාණය වේ.
රැකියාව හා ආර්ථිකය :
වෙනදාට වැඩි උනන්දුවක් හා
කාර්යක්ෂමතාවක් රැකියා කටයුතු සම්බන්ධවැ ඔබ තුළ ඉස්මතු වේ. මේ නිසා වඩා සාර්ථකව හා තෘප්තිමත්ව රැකියා කටයුතු කරගෙන යාමේ අවස්ථාව සැලසේ.
අධ්‍යාපනය -
ඉගෙනීමේ කටයුතු සම්බන්ධයෙන් ඔබේ උනන්දුවේ හා කැපවීමේ අඩුවක් සිදු නොවුණත් ඇතැම් බාධක ආශ්‍රයන් නිසා පසුබෑම් සිදුවීමට ඉඩ තිබෙන නිසා කල්පනාවෙන් කටයුතු කරන්න.
විවාහ මංගල්‍ය කටයුතු -
මංගල යෝග සහිත වසරකි. මේ දක්වා විවාහයට බාධා පැවති අයට ඒවා මගහරවා නිසි මංගල යෝග ඇති කරයි. යහපත් සම්බන්ධතාවයන් ගොඩනැගේ. ඒ සඳහා දෙමාපිය වැඩිහිටි ආශීර්වාදය ලැබේ.
ශරීර සෞඛ්‍යය -
සෙම ආශ්‍රිතව හිස හා ඒ අවට රෝග හට ගැනීමේ ඉඩකඩ පවතින නිසා ප්‍රවේශම් වන්න.
අය: 5 - වැය: 8

සිංහ ලග්නය
රැකියාවේ දියුණුවක්


ලග්නාධිපති රවි හා ධන කාරක බුද ත්‍රිකෝණගතව සඳුගෙන් 9 වැන්නේ සිටිමින් නව වසර ආරම්භ වෙයි. භාව දෝෂ ඇතත් ගුරු උච්චව 12 වැන්නේ ගජකේශරි යෝග බලයෙන් යුක්තව සිටී. 4 වැන්නේ ශනිගේ දෝෂය ගුරු
දෘෂ්ටියෙන් සමනය වේ.
මානසික ස්වභාවය හා සමාජ
සම්බන්ධතාව: ඇතැම් අවස්ථාවල සුළු කලකිරීම් ස්වභාවයන් ඇති වුවත් ඒවා සමනය කර ගැනීමේ ශක්තියක් ඔබට ඇතිවේ.
ගෘහ ජීවිතය :
වරින්වර පවු‍ලේ  සාමාජිකයන් අතර පරස්පර මත හා ගැටලු ඇතිවීමේ අවස්ථා ඇති වුවත් ඒවා සමනය කරගෙන සමගිය හා සහයෝගය ගොඩනගා ගැනීමේ ශක්තිය ඔබ තුළ පවතී.
රැකියාව හා ආර්ථිකය :
හිතවතුන්ගෙන් සුළු බාධා ඇති වුවත් සාර්ථකව රැකියා කටයුතු කරගෙන යාමට අවශ්‍ය පරිසරයක් ගොඩනැගේ.
ආදායම්වල ඉහළ යාමක් සිදුවන අතරම නිෂ්ඵල වියදම් යෙදීම නිසා මුදල් අසීරුතාවන් ඇතිවීමට ඉඩ තිබෙන නිසා කල්පනාවෙන් මුදල් පරිහරණය කරන්න.
අධ්‍යාපනය :
ඉගෙනීමෙ කටයුතු සම්බන්ධව සුළු බාධක තත්ත්වයන් ඇති වුවත් ඒ සඳහා ඔබේ උනන්දුවේ හා කැපවීමේ අඩුවක් සිදු නොවන නිසා උසස් ප්‍රතිඵල ලබා ගැනීමේ වාසනාව ඇතිවේ.
මංගල්‍ය කටයුතු :
නව ආශ්‍රයන් ඇතිවේ. ඒ සඳහා වරින්වර වැඩිහිටි විරෝධතාවන්ද ඇතිවේ. කෙසේ වුවද ඔබ ජයග්‍රහණය ලබමින් මංගල්‍ය කටයුතු සාර්ථක කර ගැනීමේ අවස්ථාව සැලසේ.
ශරීර සෞඛ්‍යය :
සෙම සහ රුධිරය ආශ්‍රිත රෝගවලට ඉඩකඩ පවතින නිසා ප්‍රවේශම් වන්න.
අය: 8 - වැය: 5

කන්‍යා ලග්නය
යහපත් මිතුරු ඇසුරක්


ලග්නාපති බුද, අසුබයෙකු වන රවි සමග 4 වැන්නේ සිටිද්දී නව වසර ආරම්භ වෙයි. 8 වැන්නේ භාව බල ඇති ශනිට 11 වැන්නේ උච්චව ගජකේශරී යෝග බලයෙන් සිටින ගුරුගේ සුබ දෘෂ්ටිය ලැබේ. සිකුරු කුජගේ පීඩනයට හසුවේ. ලග්නයේ රාහු සහ 7 වැන්නේ කේතු සිටී.
මානසික ස්වභාවය හා සමාජ සම්බන්ධතාව
වරින්වර නොසන්සුන් ගති සහ ආවේගශීලී ස්වභාවයක් ඉස්මතු වුවත් ඒවා සමනය කරගැනීමේ ශක්තියද ඔබ තුළ ගොඩනැගේ. ඔබට නිසි උපදෙස් හා අනුශාසනා ලබා දෙන හිතමිතුර පිරිසකගේ ඇසුර හා ආශීර්වාදය හිමිවේ. ඔබ තුළ ඉස්මතු දැඩි සිතිවිලි පාලනය කරගැනීමට මෙය මහත් පිටිවහලක් වේ.
ගෘහ ජීවිතය :
වරින්වර නොසන්සුන් කම්, කළකිරීම් හා කෝපවීම් ඇති වීම නිසා පවු‍ලේ සාමාජිකයන් අතර අසමගිය හා අසතුට ඇතිවීමේ අවස්ථා උද්ගත වුවත් ගැටුම් ඇති නොවී සාකච්ඡාවෙන් ඒවා සමනය කරගැනීමට හැකිවේ.
රැකියාව හා ආර්ථිකය :
හිතවතුන් හා ප්‍රධානීන් සමග මත ගැටුම් ඇතිවීම නිසා රැකියා කටයුතු සම්බන්ධව සුළු කලකිරීම් හා නොසන්සුන්තාවක් ඇතිවීමට ඉඩ තිබේ. එහෙත් අවසානයේ මේවා සමනය කරගෙන හොඳින් රැකියාව කරගෙන යාමේ අවස්ථාව සැලසේ. අතිරේක ආදායම් මාර්ගද යෙදීමෙන් ආර්ථිකයේ වැඩිදියුණුව සිදුවන අතරම අනවශ්‍ය වියදම් යෙදීම නිසා මුදල් අපහසුකම් ඇතිවීමට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් වන්න.
අධ්‍යාපනය :
බාධක ආශ්‍රයත් ඇතිවීම, උදාසීන ගති වැනි හේතූන් නිසා ඉගෙනීමේ කටයුතුවල පසුබෑම් සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. මේවා
පිළිබඳව ඔබ සැලකිලිමත් වුවහොත් උසස් ජයග්‍රහණ ලබා ගැනීමේ වාසනාවද සැඟවී තිබේ.
විවාහ මංගල්‍ය කටයුතු :
මංගල්‍ය කටයුතු සම්බන්ධව සුළු පසුබැසීම් හා විරෝධතා ඇති වුවත් ඒවා ඉවත්වී යහපත් මංගල යෝග උදාකරන ග්‍රහ ශක්තියක් ගොඩනැගී තිබේ.
ශරීර සෞඛ්‍යය :
සුළු වශයෙන් රුධිරය හා සෙම ආශ්‍රිත රෝගවලට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් වන්න.
අය: 11 - වැය: 11

තුලා ලග්නය
හදිසි ධනලාභ


ලග්නපති සිකුරු කේන්ද්‍රගතව රුචක යෝග බලයෙන් සිටින උච්ච කුජ සමග එක්වී 10 වැන්නේ සස සහ ගජකේශරී යෝග බලයෙන් සිටින ගුරුගේ දෘෂ්ටි මෙම යෝගයට එල්ලවේ. 9, 11 අධිපතීන් ලෙස රවි හා බුද 3 වැන්නේ සිටී.
මානසික ස්වභාවය හා සමාජ සම්බන්ධතාව
හිතට එකඟව ධෛර්යමත්ව කටයුතු කළ හැකි මානසික තත්ත්වයක් ගොඩනැගේ. වසර පුරා හොඳ උදේ‍යා්ගයක් පවතී. සාර්ථකත්වයේ රහස් වන මෙම කාරණාවන් දිවිමග සාර්ථක කරගැනීමට ඉවහල් වනු ඇත. ඔබට අතහිත දෙන, නිසි අවවාද, උපදේශ ලබා දෙන මිතුරු කැලකගේ ඇසුර ලැබිමේ වාසනාවද ඇතිවේ. ප්‍රබුද්ධ සමාජ ආශ්‍රයක් ඇති වන අතර ඉදිරි දිවිමග සරුසාර කරගැනීමට ඒ ආශ්‍රයත් හේතුසාධක වේ.
ගෘහ ජීවිතය
දැඩි විධිවිධාන යෙදීම හා ස්වකීය මතය පමණක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම නිසා පවු‍ලේ සාමාජිකයන් අතර හිත් නොහොඳකම් ඇතිවීමට ඉඩ තිබෙන නිසා අන්‍යයන්ගේ අදහස්වලටද ගරු කරමින් කටයුතු කිරීම වැදගත්ය. ප්‍රබල ආරවුල් ඇති නොවේ.
රැකියාව හා ආර්ථිකය
වෙනදාට වැඩි උනන්දුවක් හා කැපවීමක් රැකියා කටයුතු සම්බන්ධයෙන් ඔබ තුළ ජනිත වෙයි. මේ නිසා ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ පැසසුම් හා අනුග්‍රහය ලබමින් සාර්ථකව රැකියා කටයුතු කරගෙන යාමට හැකිවේ. ආර්ථිකයේ හොඳ දියුණුවක් ඇතිවන වසරකි. හදිසි ධන ලාභවලටද හේතු වාසනාව තිබේ.
අධ්‍යාපනය
අවධානය අඩුවීම හා උදාසීන ගති වැනි ඔබ තුළම ඇතිවන දුර්වලතාවන්ද, බාධක ආශ්‍රයන්ද යන හේතූන් නිසා ඉගෙනීමේ කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.
විවාහ මංගල්‍ය කටයුතු
මේ දක්වා ප්‍රමාද වූ විවාහ මංගල්‍ය කටයුතු සියලු බාධාවන් මගහැරී දෙමාපිය වැඩිහිටි ආශිර්වාදය ඇතිව සිදුකර ගැනීමේ අවස්ථාව සැලසේ. යහපත් සම්බන්ධතාවක් ගොඩනැගේ.
ශරීර සෞඛ්‍යය
ප්‍රබල රෝගාබාධ ඇති නොවේ. වරින්වර ඇතිවන උදරාබාධවලට ඉඩ තිබෙන නිසා ආහාරපාන ගැන සැලකිලිමත් වන්න.
අය:  5 - වැය: 14
වෘශ්චික ලග්නය
පවු‍ලේ සමගිය


වසර උදාවේදී ලග්නයේ ශනි සිටියදී ලග්නපති කුජ උච්චවැ 3 වැන්නේ සිකුරු සමග ශනි හා පරිවර්තන යෝගයක යෙදී සිටී. ගුරු 9 වැන්නේ උච්චවැ ලග්නයට හා 5 වැන්නට සුබ දෘෂ්ටි එල්ල කරයි. ඒරාෂ්ටක දෝෂ ඇති නොවේ. අයස්ථානයේ රාහු ප්‍රබලයි.
මානසික ස්වභාවය හා සමාජ සම්බන්ධතාව :
ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුවීමක් ඇති වේ. මෙමගින් ලැබෙන ශක්තිය නිසා ශක්තිමත් මානසික තත්ත්වයක් ගොඩනගා ගැනීමේ හැකියාව ඇතිවේ. උනන්දුව හා ධෛර්යය නොඅඩුව පවතී. ඔබට නිසි අවවාද අනුශාසනා ලබා දෙන හිතමිතුරු පිරිසකගේ ඇසුරද ඇතිවේ. මොවුන් තුළින් හොඳ ජීවිත ප්‍රත්‍යක්ෂයත් හඳුනා ගැනීමට ලැබෙන අතර ශක්තිමත් පන්නරයක් ඔබ තුළ ගොඩනැගේ.
ගෘහ ජීවිතය :
පවු‍ලේ සාමාජිකයන් සියලු දෙනා එකමුතුව සමගියෙන් කටයුතු කරන පරිසරයක් නිර්මාණය වේ. එකිනෙකාගේ අදහස්වලට සවන් දෙමින් හා ඒවාට ගරු කරමින් එක්ව කටයුතු කිරීම නිසා නිවස තුළ හොඳ දියුණුවක් ඇති කරගත හැකි වන්නේය.
රැකියාව හා ආර්ථිකය :
රැකියා කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකිවේ. ඒ සඳහා ප්‍රධානීන්ගෙන් හා හිතවතුන්ගෙන් හොඳ සහයෝගයක් ලැබේ. උසස් වීම් පවතින වසරකි. ආර්ථිකයේ හොඳ දියුණුවක් සිදුවේ. අතිරේක ආදායම් මාර්ග හෙළිපෙහෙළි වේ. හදිසි ධන ලාභ පවතී. හොඳ තැන්පතුවක් ගොඩනගා ගැනීමට හැකිවේ.
අධ්‍යාපනය :
ඉගෙනීමේ කටයුතු උසස් ප්‍රතිඵල ලබාගත හැකි වසරක් නිසා උනන්දු වන්න. බාහිර බාධක නැත. ඔබ තුළ ඉස්මතු වන උදාසීන ගති නිසා පසුබැසීම් ඇතිවිය හැකි නිසා ප්‍රවේශම් වන්න.
විවාහ මංගල්‍ය කටයුතු
ප්‍රමාද වූ මංගලයෝග ඉටුවන වසරකි. යහපත් සම්බන්ධතාවක් ගොඩනැගේ. වැඩිහිටි හා ඥාතීන්ගේ ආශිර්වාද ලබමින් යුග දිවියට පත්වීමේ වාසනාව ඇතිවේ.
ශරීර සෞඛ්‍යය :
ප්‍රබල රෝගාබාධ නැත. සෙම ආශ්‍රිත රෝග, උදරාබාධ ආදියට ඉඩ තිබෙන නිසා ආහාරපාන හා ස්නානය ගැන ප්‍රවේශම් වන්න.
අය: 11 - වැය: 5

ධනු ලග්නය
අධ්‍යාපනයට යහපත්


ලග්නපති ගුරු උච්චවැ  ලග්නයේ ධර්ම කර්මාධිපති යෝගය හා දෙවැන්නේ කුජ උච්ච වැ අයස්ථානාධිපති සිකුරු සමග එක්වී සිටිද්දී නව වසර ආරම්භ වේ. 12 වැන්නේ ගමන් කරන ශනිට ගුරුගේ ශුභ දෘෂ්ටි එල්ල වීම ශක්තියකි. 4 කේතු 10 රාහු තරමක් දුර්වලයි.
මානසික ස්වභාවය හා සමාජ සම්බන්ධතාව :
යහපත් මානසික තත්ත්වයන්ද ධෛර්ය සම්පන්න ස්වභාවයන්ද වසර පුරා පවතී. මේ නිසා ලබන ශාන්තිය හේතු කොට ගෙන ප්‍රමාද වූ විශාල වැඩ කොටසක් නිම කර ගැනීමේ හැකියාව ඇතිවේ.
 ගෘහ ජීවිතය:
නිවසේ සතුට සාමය හා සහයෝගය ඉහළ මට්ටමින් පවතී. පවු‍ලේ සාමාජිකයන් අතර හොඳ එකමුතුකමක් ගොඩනැගේ.
රැකියාව හා ආර්ථිකය:
තෘප්තිමත්වැ සිය වගකීම් නිසියාකාරව ඉටුකර ගැනීමේ පරිසරයක් නිර්මාණය වේ.
අතිරේක ආදායම් මාර්ග ඇතිවේ. ආර්ථිකයේ වැඩිදියුණුව සිදුවෙයි. එසේ වුවද හිතවතුන් නිසා නිෂ්ඵල වියදම් යෙදීමටත් ඒ අනුව මුදල් දුෂ්කරතා ඇතිවීමටත් ඉඩ තිබෙන බැවින් ප්‍රවේශම් වන්න.
අධ්‍යාපනය:
සාර්ථක වැ ඉගෙනීම් කරගෙන යාමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය වේ.
මංගල්‍ය කටයුතු:
යහපත් සම්බන්ධතාවක් ගොඩනැගේ. විවාහය සම්බන්ධව පැවැති බාධක ඉවත් වෙයි. නිසි මංගල්‍ය යෝජනා පැමිණෙයි. මංගල යෝග පවතින වසරකි.
ශරීර සෞඛ්‍යය:
සෙම හා රුධිරය ආශ්‍රයෙන් උදරයට සම්බන්ධ රෝග ඇතිවීමේ ඉඩකඩ පවතින නිසා ආහාරපාන හා ස්නානය පිළිබඳව සැලකිලිමත් වන්න.
අය: 8 - වැය: 11

මකර ලග්නය
ප්‍රමාද වූ වැඩ කොටස් ඉටුවේ


ලග්නයේ කුජ උච්චවැ රුචක යෝග බලයෙන් යෝග කාරක සිකුරු සමග ප්‍රබල පිහිටීමක යෙදී සිටියදී නව වසර ආරම්භ වේ. ගුරු 7 වැන්නේ උච්චවැ හංස යෝග බලයෙන් සිටී. ලග්නපති ශනි අයස්ථාන ගතවී ගුරුගේ පූර්ණ ශුභ දෘෂ්ටි ලබයි. 12 වැන්නේ රවී, බුද දුර්වල යෝගයකි.
මානසික ස්වභාවය හා සමාජ සම්බන්ධතාව:
උදේ‍යා්ගිමත් ධෛර්යය සම්පන්න මානසික ස්වභාවයක් මුළු වසර පුරා පවතී. ආගම දහම කෙරෙහි වැඩි නැඹුරුවක් ඇතිවෙයි.
ගෘහ ජීවිතය:
පවු‍ලේ සාමාජිකයන් අතර හොඳ සමගියක් හා එකමුතු කමක් ගොඩනැගේ. මේ නිසා ප්‍රමාද වූ විශාල වැඩ කොටසක් නිමකර ගැනීමේ හැකියාව ඇතිවේ.
රැකියාව හා ආර්ථිකය:
රැකියා කටයුතු සම්බන්ධයෙන් වෙනදාට වැඩි උනන්දුවක් හා ප්‍රබෝධයක් ඇතිවේ. මේ නිසා වසර තුළ හොඳ ප්‍රගතියක් මෙන්ම උසස්වීම් ප්‍රතිලාභද අත්පත් වේ. මේ අතර අධික වියදම්ද යෙදේ.
අධ්‍යාපනය:
ඉගෙනීමේ කටයුතුවලින් ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමේ වාසනාව තිබේ. ඒ පිළිබඳව වැඩි උනන්දුවක් හා කැප වීමක් ඔබ තුළ ඇතිවේ.
මංගල්‍ය කටයුතු:
යහපත් සම්බන්ධතාවයන් ගොඩනැගේ. විවාහ ප්‍රමාද වූවන්ගේ මංගල සිහිනය සැබෑවන වසරකි. ඒ සඳහා දෙමාපිය වැඩිහිටිආදීන්ගේ අනුග්‍රහය හා ආශීර්වාදය ලැබේ.
ශරීර සෞඛ්‍යය:
උෂ්ණාධික රෝග, පාද ආබාධ, උදරාබාධ ආදියට ඉඩ ඇති නිසා ප්‍රවේශම් වන්න.
අය: 2  -  වැය: 14

කුම්භ ලග්නය
අතිරේක ආදායම් වැඩිවේ


ලග්නාධිපති ශනි කේන්ද්‍රගතව ගුරුගේ සුබ දෘෂ්ටි ලබමින් සිටියදී නව වසර ආරම්භ වෙයි. කුජ උච්චව සිකුරු සමග 12 වැන්නේ ධර්ම කර්මාධිපති යෝගය යෙදී තිබේ. මේ අයස්ථානයේ ප්‍රබලව බුද සමග එක්වී සිටී. රාහු සහ කේතුගේ පිහිටීම්වල දුර්වලතාවයන් පවතී.
මානසික ස්වභාවය හා සමාජ සම්බන්ධතාව :
ප්‍රබල උදේ‍යා්ගයකින් යුක්තව වසර ගතවේ. ආගමික කටයුතු සම්බන්ධව වැඩි උනන්දුවක් දක්වන අතර ඒ පිළිබඳ දීර්ඝ ගමන් බිමන්ද යෙදේ.
ගෘහ ජීවිතය :
එකිනෙකා හොඳ අවබෝධයෙන් හා හැඟීමෙන් යුක්තව කටයුතු කරයි. මේ නිසා නිවස තුළ ප්‍රමාද වූ විශාල වැඩකොටසක් නිමකර ගැනීමට හැකිවේ.
රැකියාව හා ආර්ථිකය :
රැකියා ස්ථානවල සුළු මතභේදකාරී තත්ත්වයන් ඇති වුවත් ඒවා සමනය කර ගැනීමේ හැකියාව ඔබට ඇතිවේ.
අතිරේක ආදායම් මාර්ග ඇතිවෙ. ආදායම් ඉහළ යයි. මේ අතර නිෂ්ඵල වියදම් යෙදීමේ ඉඩකඩ පවතින නිසා ප්‍රවේශම් වන්න.
අධ්‍යාපනය :
ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා හොඳ පරිසරයක් නිර්මාණය වේ. විවාහ මංගල්‍ය කටයුතු :
නව ආශ්‍රයන් ඇතිවේ. ඒ සඳහා වැඩිහිටියන්ගේ අනුග්‍රහය හා ආශීර්වාද ලැබේ. මංගල යෝජනා ස්ථිර වේ.
ශරීර සෞඛ්‍යය :
ප්‍රබල රෝග නැත. සෙම නරක් වීමෙන් වැළඳෙන රෝගවලට ඉඩ තිබෙන නිසා ස්නානය ගැන සැලකිලිමත් වන්න.
අය: 2 - වැය: 14

මීන ලග්නය
පුද පූජා කෙරෙහි පෙළඹීමක්


ලග්නාධිපති ගුරු උච්චව ත්‍රිකෝණගතවී ලග්නයට හා 9 වැන්නට සුබ දෘෂ්ටි හෙළමින් සිටිද්දී නව වසර උදාවෙයි. ධනස්ථානාධිපති කුජ උච්චව සිකුරු සමග අයස්ථාන ගතවී සිටී. 6, 7 අධිපතීන්ගේ යෝගය 10 වැන්නේ පිහිටා ඇත. 1 කේතු සහ 7 රාහු දුර්වලව සිටී.
මානසික ස්වභාවය හා සමාජ සම්බන්ධතාව :
ආගමික කටයුතු එම පූජාවන් සම්බන්ධ  වැඩි පෙළඹීමක් හා ඉදිරිපත් වීමක් ඇතිවේ. මෙමගින් ලබන ශාන්තිය බොහෝ වැඩකටයුතු සාර්ථක කර ගැනීමට ඉවහල්වේ. මේ සඳහා අනුග්‍රහය දක්වන හා උදව් උපකාර කරන හිතමිතුරු පිරිසකගේ ඇසුරද ලැබේ.
ගෘහ ජීවිතය :
පවු‍ලේ සාමාජිකයන් අතර නොසන්සුන්තාවන් ඇතිවීමේ ඉඩකඩ වැඩි නිසා ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කළයුතුවේ.
රැකියාව හා ආර්ථිකය :
ඔබේ උනන්දුවේ හා කැපවීමේ අඩුවක් සිදුනොවේ. එකිනෙකා අතර ඇතිවන අනවබෝධය නිසා මෙම ගැටුම් නිර්මාණය වීමට ඉඩ තිබේ. ආදායම් මාර්ගවල ඉහළ යාමක් සිදුවේ. හදිසි ධන ලාභ පවතී.
අධ්‍යාපනය :
ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය ඉහළ ග්‍රහ බලයක් පවතින නිසා උනන්දු වන්න.
විවාහ මංගල්‍ය කටයුතු :
මංගල යෝජනාවලට බාධා ඇතිවන වසරකි. හිතකර සම්බන්ධතා ගොඩනැගේ. පවතින ආශ්‍රයන්ට වැඩිහිටි විරෝධතා ඇතිවීමට ඉඩ තිබේ.
ශරීර සෞඛ්‍යය :
ඌෂ්ණත්වය නිසා සහ නහර ස්නායු රෝගවලට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් වන්න.
අය: 8 - වැය: 11

‍ජ්‍යොතිර්වේදී ශාස්ත්‍රාචාර්ය
අමරසේන වේගිරිය

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score