Dec 23, 2014

විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය දෙන ජනරැළියක් සඳහා වේදිකාවක් ඉදිකෙරමින් තිබු කොළොන්නාව ප‍්‍රදේශයේ ස්ථානයකට කිසියම් පිරිසක් වෙඩි තබා තිබෙනවා.

පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ අද අළුයම මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. 

මේ අතර මෛත‍්‍රිපාල සිරිසේන මහතාට සහය දෙමින් පනාමුර සහ ජඳුර හතේ කණුව ප‍්‍රදේශයේ පවත්වා ගෙන ගිය මැතිවරණ කාර්යාල දෙකකට ඊයේ රාත‍්‍රී ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඇඹිලිපිටිය ප‍්‍රාදේශිය සභාවේ මන්ත‍්‍රීවරයෙකු වන එච්.ඒ සමන්ත රත්නායක මහතා පැවසුවේ ප‍්‍රහාරයට පැමිණි පිරිස ගිනිඅවි ද රැගෙන ආ බවයි. 

 මෙම ප‍්‍රහාර සම්බන්ධයෙන් ද පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ පනාමුරේ මැතිවරණ කාර්යාලයට සිදුවු ප‍්‍රහාරයට ප‍්‍රාදේශිය සභාවක මන්ත‍්‍රීවරයෙකු ද සහභාගි වී ඇති බවයි. මේ වන විටත් එම මන්ත‍්‍රීවරයා හඳුනා ගෙන ඇතැයි ද පොලිස් ප‍්‍රකාශකවරයා පැවසුවා. 


0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score