රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ
කථිකාචාර්ය නන්දසිරි කීිඹියහෙට්ටි පවසනවා.
ඔහු, උසස් පෙළ ආර්ථික විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රය මීට පෙර සැකසූ ජ්‍යෙෂ්ඨ
මහාචාර්යවරුන් තුන් දෙනා ඉවත් කිරීමට විරෝධය පළ කරමින්
පසුගිය මැයි මාසයේ විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත යවන
ලද ලිපියට අත්සන් තැබූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 39 දෙනාගෙන්
එක් අයෙක්.මේ අතර, උසස් පෙළ ආර්ථික විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රයේ දෝෂ
පවතින බව විභාග කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමුකරමින්
ලංකා ගුරු සේවා සංගමයද අද ප‍්‍රකාශ කළා. දෝෂ සහිත මෙවැනි
ප‍්‍රශ්න පත‍්‍රයක් සකස්වීමට හේතුව, දීර්ඝ කාලයක් තිස්සේ ආර්ථික
විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රය සකස් කිරීම සිදුකළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩැනී
අතපත්තු ඉවත් කිරීමට අධ්‍යාපන ඇමතිවරයා ගත් දේශපාලන තීන්දුව
බවයි ලංකා ගුරු සේවා සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දී
තිබෙනවා.
කෙසේ වෙතත්, රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
නන්දසිරි කීිඹියහෙට්ටි ප‍්‍රකාශ කළේ ආර්ථික විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රයේ
බහුවරණ ප‍්‍රශ්න පත‍්‍රයේ 23, 25, 33, 38 සහ 46 යන ප‍්‍රශ්නවල
ගැටළු පවතින බවයි. ආර්ථික විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රයේ දෙවන කොටසේ
05 වන සහ 06 වන ප‍්‍රශ්නවල ගැටළු පවතින බවද ඔහු කියා සිිටියා.
ආර්ථික විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රය විෂය නිර්දේශයට අනුව කෙරෙන බර
තැබීමට අනුකූලව සකස් කර නොමැති බවද ඔහු ප‍්‍රකාශ කළා.
මෙවර ආර්ථික විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රය සැකසීම ඉතිහාසයේ පළමු වරට
කළමනාකරණ පීඨයකට පවරා ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 39
දෙනා පසුගිය මැයි මාසයේදී විභාග කොමසාරිස්වරයා වෙත යැවූ
ලිපියේ දක්වා තිිබුණා. එම ලිපියට අත්සන් තැබූ සරසවි ආචාර්යවරුන්
සියලූ දෙනාම උසස් පෙළ විභාග ඇගයීම් කටයුතුවල ප‍්‍රධාන
පරීක්ෂකවරුන් ලෙස කටයුතු කළ ආචාර්යවරුන් වීමද
විශේෂත්වයක්.
VEDIO
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.