Jan 22, 2015

අන්තර්ජාලය භාවිතා කරන අපි විවිධ ගිණුම් වලට ඇතුල්වීම සදහා මුරපද යොදාගන්නවා.
 
 
උදාහරණයක් වශයෙන් ජීමේල්, ෆේස්බුක්, ටිවිටර් හදුන්වන්නට පුළුවන්. ඒ ගිණුම් වලට වැඩි දෙනෙක් යොදාගන්නේ තමන්ගේ ජංගම දුරකථන අංකය, උපන්දිනය, නමේ මුල් කොටසක් හෝ නමේ අග කොටසක්ය. 
 
 
නමුත් සාපේක්ෂව ගත් විට බොහෝ පිරිසක් භාවිතා කරන අනාරක්ෂිත මුරපද 25ක්, prweb වෙබ් අඩවිය විසින් පසුගිය දා අනාවරණය කරනු ලැබුවා. 2014 වර්ෂයේ හැකර්වරුන් විසින් සමාජ ජාල වෙබ් අඩවි වලට සම්බන්ධ ගිණුම් රාශියක් ඔවුන්ගේ අවශ්‍යතා සදහා යෝදාගත්තා. එයට ප්‍රධානම හේතුව වන්නේ මෙම මුරපද වැඩි දෙනෙකු භාවිතා කරන අනාරක්ෂිත මුරපද නිසා.
 
 
පහතින් දක්වා තිබෙන්නේ එම රහස් පද 25යි. මෙහි ඔබේ මුරපදය ද තිබෙන්නට පුළුවන්. එම නිසා ඉතාමත් ඉක්මනින් ඔබේ මුරපදය වෙනස් කර අරකෂාකාරී මුරපදයක් ඔබේ ගිණුම් වලට භාවිතා කරන්න.
 
 
Worst Passwords 2014 list www.nethfm.com
 
 
ආරක්‍ෂිත මුර පදයක් සාදාගන්නා ආකාරය 
 
මුරපද හැක්කිරිම හකර්වරුන්ට දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තිබෙනවා. 
 
මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් ඒ සදහා පහසුකම් සපයා තිබෙනවා, පහත තිබෙන ලින්ක් එක මගින් ඔබේ මුරපදය කොපමණ ආරක්‍ෂිත දැයි බලාගන්නට හැකියි.
 
 
 
 
01. අකුරු වැඩි සංඛ්‍යාවකින් යුතු මුරපදයක් සකසා ගන්න. (අවම වශයෙන් අකුරු 10ක් පමණ)
 
02. විශේෂ සංකේත, කැපිටල් සිම්පල් අකුරු භාවිතා කිරීම මහින් අනුමාන කිරීමට නොහැකි ආකාරයට සකසා ගන්න. (Eg : He@l19O%$_)
 
03. ඔබගේ මුරපදය අන්තර්ජාලයට සම්බන්ධ වීමට යොදා ගන්නා වෙබ් බ්‍රවුසර් වල සේව් (save) නොකරන්න.
 
04. ඔබේ යාළුවෙකුගේ පරිගණකයකින් හෝ කැෆේ වලින් අන්තර්ජාලය භාවිතා කරනවා නම් අනිවාර්යෙන්ම භාවිතා කල පසු Browser History මකලා දමන්න.
 
05. ඔබගේ ජංගම දුරකථන අංකය, උපන්දිනය, නමේ කොටස් මුර පදය සදහා භාවිතා නොකරන්න.
 
06. ඔබ වෙබ් අඩවියකට පිවිසීමේදී සෑමවිටම URL එක බලන්න. සමාන මුහුණු වරින් යුතු වෙබ් අඩවි රාශියක් තිබෙන නිසා රැවටීමට පුළුවන්.
 
07. එකම මුර පදය ගිණුම් කිහිපයක් සදහා භාවිතා කරන්න එපා.
 

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score