නිවසක සිට අඩි එකසිය විසිපහක් දිග උමගක් කපා ඉන්දියාවේ
හර්යානා ප්‍රාන්තයේ බැංකුවක් මංකොල්ලකෑ සැකකරුවන් තිදෙනකු
පසුගියදා අත්අඩංගුවට පත්විය. පන්ජාබ් ජාතික බැංකුව මෙලෙස
මංකොල්ලකෑමට ලක්වූ අතර, එහි වූ ආරක්ෂිත සේප්පු තුන්සිය
පනහෙන් හැත්තෑහතක තිබූ මුදල් හා වෙනත් වටිනා භාණ්ඩ සියල්ලම
සොරාගෙන ඇති බව කියැවේ. සොරාගත් භාණ්ඩවල මුළු වටිනාකම
මතෛක් තක්සේරු කර නැත. කෙසේ වුවද අත්අඩංගුවට ගත් පිරිස
සතුව තිබි රන් හා රිදී ආභරණ කිලෝ විසිහතරක්ද ඉන්දීය රුපියල්
හැටදහසක්ද සොයාගෙන තිබේ. සුප්‍රකට බොලිවුඩ් චිත්‍රපට මාලාවක්
වන “ඩූම්”හි දෙවන කොටසේ මෙබඳු මංකොල්ලයක් පෙන්වන අතර
ඉන් ලද පෙළඹවීමෙන් මෙම මංකොල්ලය සැලසුම් කරන්නට ඇති
බව වාර්තා වේ.
Nov 4, 2014
Tuesday, November 04, 2014
Unknown
News
No comments
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.