Oct 31, 2014

මේ දවස්වල දෙරණ රූපවාහිනිය නරඹන බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත්තු ආදරණීය පෙම්වතුන් යුවළක් තමයි ගුජුම්පියෝ  සහ ගුම්ජැංඩි. මේ දෙදෙනා අපට හමුවන්නේ සතියේ දිනවල රාත්‍රී 8.30ට දෙරණ නාලිකාවේ විකාශය වන “Boys over flowers” නාට්‍යයෙන්. එය සිංහල හඬ කැවූ කොරියානු නාට්‍යයක්. මේ චරිත දෙක අපේ  හිත්වලට සමීප කරවන්නට ඒ චරිත රඟපාන නළුව සහ නිළිය වගේම ඊට හඬ  මුසුකරන අපේ හඬ නිළි දෙපළගෙනුත්  ලොකු පිටිවහලක් ලැබෙනවා. මේ දෙන්නගේ ප්‍රේමයේ සංවේදී බව අපේ හිත්වලට දැනෙන්නේ ඒ නළු නිළි දෙපළගේ රඟපෑම අපේම බසින්  අපේම කරන අපේ ගුජුම්පියෝ හා ගුම්ජැංඩි හින්දා.ඒ හින්දම අපි හිතුවා “අපේ ගුජුම්පියෝ” සහ “අපේ ගුම්ජැංඩි” ගැන තොරතුරු ටිකක් ‘රිද්ම’ තුළින් රැගෙන එන්න.
ඉතින් මුලින්ම අපි කතා බහට එකතු කරගත්තේ ගුජුම්පියෝ  ගේ චරිතයට හඬ කවන ඉසුරු ලොකුහෙට්ටිආරච්චිව. ඉසුරු හඬ නළුවකු විදියට විදෙස්  නිර්මාණ රැසකට තමන්ගෙ කටහඬ සැපයූ ශිල්පියෙක්. ඒ වගේම ඔහු පුංචි තිරයේ ජනප්‍රිය නළුවෙක්.  දූවරු , අංගනා, මලී, මුතු පලස, හිරු තනිවෙලා, අත්තම්මා , කළු අරලිය වැනි ටෙලි නාට්‍යය රැසකට එක්වූ ඉසුරු “ගිනි අවි සහ ගිනිකෙළි“ නාට්‍යයේ නාරාහේන්පිට පීටර් ගේ චරිතය  රඟපාන අතරතුර අනතුරකට ලක්වුණා. එයින් ඔහුගේ පාදය බිඳුණා. ඉන්පසුව කිහිලි කරුවක ආධාරයෙන් තමයි ඉසුරුට ගමන් බිමන් යන්න පවා සිදුවුණේ. ඒ අතර කාලයේ දී  තමයි “Boys over flowers” සඳහා එකතු වන්නට ඔහුට ලැබුණේ. මෙහි ගුජුම්පියෝගේ චරිතයට නළුවන් විශාල ප්‍රමාණයක් සම්මුඛ පරීක්ෂණයට භාජනය කරලා තමයි අන්තිමට ඒ චරිතයට ඉසුරුව තෝරාගෙන තියෙන්නේ. මුල්ම කොටස හඬ කැවීම්වලට යද්දි  ඉසුරු වාහනයෙන් බැහැල හඬ කැවීම් මැදිරියට ගිහින් තියෙන්නෙත් තාත්තාගේ ආධාරයෙන්.
“මචං උඹ තමයි ලංකාවේ පිරිසිදුම නළුවා. උඹට නං කවමදාවත් කටකතාවක් හැදෙන්නෙ නෑ. ඇයි ඉතින් උඹ එන්නෙ තනියම නමෛයි තාත්තා එක්කනේ.”
අනෙක් ශිල්පීන් එහෙම කියලා ඉසුරුට විහිළු කරනවාලු. නිර්මාණයට සම්බන්ධ සියලුම දෙනා මෙම නිර්මාණය සමග බද්ධවෙලා තමයි ඊට දායක වෙලා තියෙන්නේ. ඉසුරුත් හදවතින් ම ගුජුම්පියෝ බවට පත්වෙලා  මේ කටයුත්ත හා බැඳුණු බව ඔහු කියනවා.
“දෙබස් කැවීමට කලින් අපිට ඒ නාට්‍යය දාලා පෙන්නනවා. ඒක හරිම සුන්දර නිර්මාණයක්. අපි ඒ  නිර්මාණයට හදවතින්ම ළංවෙනවා. ඊට පස්සේ තමයි දෙබස් කැවීම පටන් ගන්නේ. ඒ වෙලාවට මට හිතෙනවා ඇත්තටම මම ගුම්ජැංඩිට ආදරය කරන ගුජුම්පියෝ මයි කියලා...”
ගුම්ජැංඩිගේ චරිතයට හඬ සපයන්නේ. තනාකා තාරකී . තනාකා මුලින්ම රංගනයට එක්වුණේ “අවුල් හරය” ටෙලි නාට්‍යයට. නමුත් ඒ  රංගනය ඇයට මතකයක් නැහැ. ඊට හේතුව  ඒ රංගනය ඉදිරිපත් කරද්දි ඇය අවුරුදු 3 ක චූටි දැරියක් වීම. ඉන්පසු විවිධ ටෙලි නාට්‍යවලට රූපවාහිනී, ගුවන් විදුලි වැඩසටහන්වලට රංගනයෙන්, නිවේදනයෙන් වගේම ගායනයෙනුත් ඇය එක්වුණා.
ශ්‍රී එෆ්. එම් ගුවන් විදුලියේ නිම්සාරා නාට්‍යයේ නිම්සාරා විදියට හඬ මුසුකළේ තනාකා. ගුම්ජැංඩි ගැන  කතා කරන්න අපි තනාකාවත් ‘රිද්ම’ කතා බහට එකතු කරගත්තා.
“හඬ කැවීම් කරන අතර මම හඬපු අවස්ථා ගොඩක් තියෙනවා. සමහර අවස්ථාවල මම දෙබස් කැවීම ටිකකට නතර කරලා  පැත්තකට වෙලා අඬපු අවස්ථාත් තියෙනවා. ඒ තරමටම  මේ නාට්‍යය හා මේ චරිතය මගෙ හිතට කා වැදුනා.”
ගුම්ජැංඩිගේ චරිතයට හදවතින්ම ළංවෙලා හඬ මුසු කරන හින්දම තනාකාත් මැදිරිය තුළදී “ගුම්ජැංඩි” ම වනවා. ඒ හින්දම කතාවේ  සංවේදි බව ජවනිකා වඩා සාර්ථක වනවා. මේ විදියට රඟපාන “ඕධරඵ ධමඥප ටතධඹඥපඵ” හි හදවතට තදින්ම දැනුණු ජවනිකා ගැන අපි ඉසුරුගෙන් හා තනාකාගෙන් විමසුවා.
“හිම වැටෙන පරිසරයක් තුළ ගුජුම්පියෝ  ගුම්ජැංඩි මුණ ගැහිලා තමන්ගෙ ආදරේ ප්‍රකාශ කරනවා.  ඒ වෙලාවේ ගුම්ජැංඩි නිශ්ශබ්දව ඉන්නවා. ඒක හරිම හැඟීම් බර ජවනිකාවක්. මගෙ ඇහැට කඳුළක් එක්කළ අවස්ථාවක්”ඉසුරු ඒ විදියට කියද්දි තනාකා මෙහෙම කියනවා.
“ගුජුම්පියෝ ගුම්ජැංඩිට රත්තරන් මාලයක් දෙනවා. ඒක අනිත් අය උදුරා ගන්නවා. හිම වැටෙන පරිසරය දිගේ ගුම්ජැංඩි මා‍ලේ හොයාගෙන පිස්සුවෙන් වගේ දුවනවා. ඇය ශීතල ඉවසන්න බැරුව වැටෙනවා. ඒ වෙලාවේ ගුජුම්පියෝ ඇවිත් ගුම්ජැංඩිව ඔසවාගෙන  යනවා. ඒ ජවනිකාව තමයි මම ආසම ජවනිකාව.”මේ දෙදෙනාම ටෙලි නාට්‍ය රංගනය ඇතුළු කලා ක්‍ෂේත්‍රයේ ඉසව් රැසක් නියෝජනය කරන දෙදෙනෙක්. නමුත් ඒ අතරින් “ඕධරඵ ධමඥප ටතධඹඥපඵ” ප්‍රේක්ෂක ප්‍රතිචාරයඉහළින්ම දිනාගත් අවස්ථාව බවයි මේ අය කියන්නේ. ඒ වගේම දෙරණ නාලිකාවේ සභාපති ලක්සිරි වික්‍රමගේ, විධායක අධ්‍යක්ෂ මාධව මඩවල හා හඬ කැවීම් අධ්‍යක්ෂ චරිත් කොතලාවලවත් ගෞරවයෙන් සිහිපත් කරන බව ඉසුරු හා තනාකා පවසනවා.

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score