Oct 27, 2014

විදුලි බිල පිළිබඳව අද බොහෝ දෙනා කතා බහ කරනවා. විදුලි බිල වැඩිවෙලා කියන කතාවේ අඩූවක් නැහැ. හැමෝම වගේ කියන්නේ විදුලි බිල වැඩිවෙලා කියලා.
අද ශ්‍රී ලංකාව පමණක් නොව මූළු ලෝකයම බලශක්ති අර්බූදයකට මූහූණදී සිටිනවා. අප ඉන්ධන වර්ග ආනයනය කරන රටක් වීම නිසාම මෙම තත්ත්වය දරාගත නොහැකි වී තිබෙන බව සැබෑවක්. ජල විදුලිය අවශ්‍ය පමණ නිපදවීමේ නොහැකියාව මත ඉන්ධන බලාගාර ක්‍රියාත්මක වීමේදී ගැටලුකාරී තත්තවයන් උදාවන බව වැළැක්විය නොහැකි වෙනවා.
මෙම ගැටලුකාරී තත්ත්වය නිවස තුළදී අවම කර ගැනීමේ හැකියාව කාන්තාව සතුව පවතිනවා. ඒ සඳහා අනූගමනය කළ හැකි ක්‍රියාමාර්ග බොහෝමයි. ඒ පිළිබඳව ටිකක් විමසා බලමූ.
ආලෝකය අවශ්‍ය තැනට පමණක් විදුලි බූබූලු දල්වන්න. දිවා කාලයේදී හැකිතාක් හිරුඑළිය ලැබෙන අයූරින් නිවස ඇතුළත සකස් කර ගන්න.
නාන කාමර සඳහා අඩූ බල විදුලි බූබූලු ද වැඩකරන තැනට, දරුවන් පාඩම් කරන තැනට මේස ලාම්පූ හෝ බිත්ති ලාම්පූ යොදා ගන්න.
බිත්තිවලට ලා වර්ණ යෙදීමට වගබලා ගන්න. ලා වර්ණය වැඩියෙන් ආලෝකය පරාවර්තනය කරනූ ඇත. එනම් වැඩි ආලෝකයක් මූදාහරිනූ ඇත. තව ද දොර ජනෙල් රෙදි පිළිබඳව ද සැළකිලිමත් වෙන්න. ආලෝකය ලැබෙන අයූරින් ඒවා සකස් කර ගැනීමට වග බලාගන්න.
විශේෂයෙන්ම නව නිවසක් තැනීමේදී නිවස තුළ ආලෝකය පිළිබඳව සැළකිලිමත් වෙන්න. නිවස ඇතුළත අඳුරු ස්වභාවයක් ඇති නොවන ලෙසින් එම සැලැස්ම සකස් කර ගන්න. එවිට දිවා කාලයේ නිවසට අමූත්තෙකු පැමිණි විටදී පවා විදුලි බූබූලු දැල්වීමට අවශ්‍ය වන්නේ නැත.
විශේෂයෙන්ම තටිටූ නිවාස සෑදීමේදී හැකිතාක් හිරු කිරණ නිවස ඇතුළට ලැබෙන අයූරින් නිවාස සැළසූම් කර ගැනීමට අමතක නොකරන්න.
නිවස සාදා ඉතිරිවන බිම් කොටසේ පර්ගෝලා වැනි කොන්කී්‍රටි ස්ලැබ් එකක් සකස් කර එය සාලයට යා කර ගත හැකි නම් දිවා කාලයේදී විශාල ආලෝකයක් නිවස තුළට ලබාගත හැකිවනූ ඇත. ස්වභාවික ආලෝකය නිවස තුළට ලැබීමේදී ඔබේ විදුලි බිලට සහනයක් ලැබෙනූ නොඅනූමානය.
විදුලි බූබූලු කිහිපයක් සඳහා එකම ස්විචයක් භාවිත කිරීමද විදුලිය වැඩිපූර වැයවීමට හේතුවක් වනවා ඇත. බොහෝ නිවෙස්වල බල්බ කිහිපයකට එකම ස්විචය භාවිත කරයි. ඒ නිසා ඒ පිළිබඳව කල්පනාකාරී වීම වැදගත්ය.
නිවසට අනවශ්‍ය ලෙසින් විදුලි උපකරණ මිලදී ගැනීමද බලශක්ති අර්බූදයට මඟකි. අනිත් විශේෂ කරුණ නම් ඒවායේ කාර්යක්ෂමතාවය පිළිබඳව සිතීම සහ දේශීය හෝ ජාත්‍යන්තර තත්ත්ව සහතිකය පිළිබඳව සොයා බලා මිලදී ගැනීමයි.
ගෘහණිය යනූ වචනයෙන් කියවෙන අයූරින්ම ගෘහයක් පාලනය කරන්නියයි. නිවසේ සිදුවන කාර්යයන් බොහෝමයක් සිදුවන්නේ ඇගේ අතින් හෝ ඇයගේ අනූදැනූමිනි. එලෙසින් කාර්යයන් හසූරුවමින් මූදල් සහ කාලය පාලනය කර ගැනීම ඔබගේ වගකීම බව අමතක නොකළ යූතුය.
උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරෙන්

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score