18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය කි‍්‍රයාත්මක වූවද, වත්මන්
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට 03 වන වරට ජනාධිපති ධුර
අපේක්ෂකයා ලෙස ඉදිරිපත්විය නොහැකි බව එක්සත් ජාතික පක්ෂය
අද ප‍්‍රකාශ කළා.
ඒ, 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය
අතීතයට බලනොපාන බව සඳහන් කරමින්. එහි නීතිමය පසුබිම
පිළිබඳව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් විමසූ
පැනයකට පිළිතුරු දෙමින් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ
පාර්ලිමේන්තු මන්තී‍්‍ර, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ සඳහන්
කළේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2010 වසරේ
ජනාධිපතිවරණයට පැරණි ව්‍යවස්ථානුකූලව ඉදිරිපත් වී ඒ අනුව
නොවැම්බර් මාසයේදී දිවුරුම්දී ඇති බවයි. එහෙත් 18 වන
සංශෝධනය එම වසරේ සැප්තැම්බර් මාසයේදී ගෙන ආ බවත් එය
අතීතයට බලපාන පරිදි ක‍්‍රියාත්මක නොවන බවත් ඔහු සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට නීතිපති උපදෙස්
ලබාගත හැකි බවද මන්ත‍්‍රීවරයා කියා සිටියා.
Sep 2, 2014
Tuesday, September 02, 2014
Unknown
News
No comments
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.