Sep 7, 2014
Sunday, September 07, 2014
Unknown
Health
No comments
ළමයින් වෙනුවෙන් ලබාදීමට ධාන්‍යවලින් සෑදූ බව කියමින් වෙළෙඳ පොළේ ඇති විවිධ ක්ෂණික ආහාර වර්ග (සීරියල්) හා බැදපු අලපෙති වැනි අාහාර (චිප්ස් හා ක්‍රිප්ස්) හේතුවෙන් පිළිකා සැදීමේ ප්‍රවණතාව සීඝ්‍ර ලෙස ඉහළ යන බව බ්‍රිතාන්‍යයේ පර්යේෂකයන් පිරිසක් සොයාගෙන ඇත. ඔවුන් පවසන්නේ මේ ආහාරවල අඩංගු රසායනිකයක් පිළිකා සමග සෘජුව සම්බන්ධතාවක් දක්වන බවයි.
මෙවැනි ජනප්‍රිය ආහාරවල ඇක්‍රිලමයිඩ් සංයුතිය අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ අගයක් ගන්නා බව බ්‍රිතාන්‍යෙය් ආහාර ප්‍රමිති ඒජන්සිය පවසා ඇත.එම සංයෝගය කඩදාසි කර්මාන්තයට හා ජල කාන්දු වළක්වන ක්‍රම සඳහා ද යොදාගන්න බව පර්යේෂකයෝ කියති. මෙවැනි ආහාර ඉහළ උෂ්ණත්වයකට රත් කරන විට ඇසට ප්‍රිය දුඹුරු පැහැයට හැරෙයි. එමෙන්ම කරස් ගා හැපෙන ගතියක් ද මේවාට ලැබෙයි. එහි ප්‍රතිඵලය ඇක්‍රිලමයඩ් නිර්මාණය වීමයි. මේ තත්ත්වයට පත්වූ ආහාර මගින් සතුන්ගේ පිළිකා ඇතිවන බව පරීක්ෂණ මගින් තහවුරු කැරගෙන ඇත. සිරුරේ ජාන විකෘතිය හා ගෙඩි ඇතිවීම් සිදුවන බව මේ වෛද්‍යවරු නිරීක්ෂණය කැර ඇත.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.