අනියම් ප්‍රේමයක් පැවැත්වූ බව කියන තරුණයකුට පිහියෙන් ඇන මරා දැමීමේ
සිදුවීමක් තඹුත්තේගමින් වාර්තා වේ. තඹුත්තේගම, යාය 04 රාජාංගණයේ මෙම ඝාතනය
සිදු වී ඇත.
පිහි ඇනුමෙන් මිය ගොස් ඇත්තේ ධනුෂ්ක රත්නායක නම් 32 හැවිරිදි තරුණයකු වේ.
තඹුත්තේගම
පොලීසිය පවසන්නේ පිහියෙන් ඇන ඝාතනය කළ බවට සැක කරන පුද්ගලයා හමුදාවෙන් පැන
විත් වැලි ගොඩ දැමීමේ රැකියාවේ නියුතුවූවකු වන බවත් හමුදා පොලීසිය ඔහුව
අත්අඩංගුවට ගැනීමට පැමිණි අවස්ථාවේ සැඟවුණු සැකකරු නැවත නිවසට පැමිණෙන
මොහොතේ අනියම් ප්‍රේමය හසු වීමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි.සැකකරු මරණය සිදු කර ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව කියවේ.
පිහි
ඇනුමෙන් පසුව මිය ගිය තැනැත්තා පහර කෑ ස්ථානයෙන් මීටර් 500ක් පමණ දුර
පිහිටි නිවසක මිදුලේ ඇද වැටී ඇත. පහර කෑමට ලක් වූ අනියම් සබඳතා පැවැත්වූ
කාන්තාවද අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන්නීය.
සැකකරු සොයා පොලීසිය පරීක්ෂණ පවත්වයි.
Sep 10, 2014
Wednesday, September 10, 2014
Unknown
News
No comments
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.