Aug 9, 2014

මිනිස් ප්‍රජනක පද්ධතිය පුරැෂ සහ ස්ත්‍රි ප්‍රජනක පද්ධතින් වශයෙන් කොටස් දෙකකින් 

සමන්විත වේ.පුරැෂ ප්‍රජනක පද්ධතිය මුලික වශයෙන් සකස් වි තිබෙන්නේ පුරැෂ ජන්මාණූ 

(ශුකාණූ) නිපදවිම සහ එවා ස්ත්‍රි ප්‍රජනක පද්ධතිය තුලට නිදහස් කිරිම සදහාය.
ස්ත්‍රි ප්‍රජනක පද්ධතියේ කාර්යයන් වනුයේ ස්ත්‍රි ජන්මාණූ (ඩිම්බ) නිපදවිම ,සංසේචනය 

සිදුවිම සහ සංසේචනයෙන් පසු විකසනය වන කළලය දැරිමත් , නවජිවියකු ප්‍රසුත 

කිරිමත්ය.මින් පැහැදිලි වන එක් කරැණක් වන්නේ ප්‍රජනන කාර්යයේදි ස්ත්‍රියක විසින් 

සිදුකරනු ලබන කාර්යය පුරැෂයකු සිදුකරන කාර්යයට වඩා  බෙහෙවින්වැඩිබවය. 

පුරැෂ ප්‍රජනක පද්ධතියට අයත් අවයවයන් බාහිර සහ අභයන්තර ප්‍රජනක අවයවයන් ලෙස 

වර්ග කළ හැකිය.




  • බාහිර අවයවයන් -- වෘෂණකෝෂ.වෘෂණ සහ ශිෂ්ණය
  • අභ්‍යයන්තර අවයවයන් -- අපිවෘෂණය,ශුක්‍ර ප්‍රණාල,විසර්ජක ප්‍රණාල,පුරස්ථි ග්‍රන්ථීය,ශ්‍රක්‍ර ආශයිකා
පුරැෂ ප්‍රජනක පද්ධතිය තුල පවතින වැදග්තම අවයවය වන්නේ වෘෂණයි.මේවා උදර කුහරයෙන් පිටත පවතින මල්ලක් වැනි ව්‍යූහයක් වන වෘෂණකෝෂ තුල පවති.ප්‍රශස්ත මට්ටමින් ශුක්‍ර නිපදවිම සහ සජිවිව පවත්වා ගැනිම සදහා දේහ උෂ්ණත්වයට වඩා 1`C පමණ අඩු උෂ්ණත්වයක් අවශ්‍යය වේ.එමනිසා වෘෂණ උදරකුහරයෙන් පිටත තිබිම වැදගත් වේ.
මෙම වෘෂණවල අභ්‍යයන්තරයේ පවතින අතිශයින් සංවලිත ශුක්‍රධර නාලිකා තුල වු ශුක්‍ර මාතෘ සෛල වලින් ශුකාණූ(පුරැෂ ජන්මාණූ) නිපදවිම සිදු කරනු ලබයි.
මෙසේ නිපදවනු ලබන ශූකාණූ පරිණත විම සහ සිය ක්‍රියාකාරි හැකියාව ලබාගනුයේ අපිවෘෂණ තුලදිය.
අපිවෘෂණවල සිට ශුක්‍ර ප්‍රණාලයන් ඔස්සේ පරිණත ශුකාණූ මුත්‍ර මාර්ගය දක්වා පරිවහනය කෙරේ.මුත්‍ර මාර්ගය ආසන්නයේදි මෙම ශුක්‍ර ප්‍රණාල තරමක් ප්‍රසාරණය වි විසර්ජක ප්‍රණාල සාදනු ලබයි.
අතිරේක ග්‍රන්ථී -- පුරස්ථී ග්‍රන්ථීය ,ශුක්‍ර ආශයිකා
ශ්‍රක්‍ර ආශයිකා මගින් නිපදවනු ලබන ශ්ලේෂ්මලමය තරලය විසර්ජක ප්‍රණාල වලට එක්කෙරෙනු ලබයි.
පුරස්ථි ග්‍රන්ථී මගින් නිපදවනු ලබන ක්ෂාරීය තරලය පුරස්ථී ප්‍රණාලයන් හරහා ශුක්‍රතරලයට එක්කරනු ලබයි.
අවසානයේ මුත්‍ර විවරය තුලින් පිටතට විසර්ජනය කරනු ලබන ශුක්‍ර තරලය තුල ශුකාණු,පුරස්ථි සහ ශුක්‍ර ආශයිකා තරලය අන්තර්ගත වේ.
පරිණත ශ්‍රකාණූවක් හිස,ගෙල,දේහය (මයිටකොන්ඩ්‍රියා බහුල) ,වල්ගය යන කොටස්වලින් සමන්විත වේ.
ශුකාණූ ජනනය විමේදි ශ්‍රක්‍රධර නාලිකාතුල සිදුවන ක්‍රියාවලිය පහත පරිදි සාරාංශකොට දැක්විය හැකිය. 

වෘෂණ කෝෂය

වෘෂණ කෝෂය කියන්නේ ශරීරයෙන් පිටතට එල්ලී ඇති සමෙන් සෑදුනු මල්ලක් වගේ ව්‍යුහයක්.මේකේ එක එක වෘෂණය සඳහා වෙන වෙනම කොටස් දෙකක් තියෙනවා.ඒ කියන්නේ එළියෙන් පේන්නේ එකක් වගේ උනාට ඇතුලෙන් වෘෂණ දෙක වෙන් කරමින් බිත්තියක් තියෙනවා.ඒක හින්දා වෘෂණ දෙක පැත්ත මාරුවෙයි කියලාවත් දෙක පැටලෙයි කියලාවත් බය වෙන්ඩ ඕනෙ නෑ.වෘෂණ කෝෂයේ කාර්යය වෙන්නේ ශුක්‍රාණු ජනනය සඳහා අවශ්‍ය කරන නියම උෂ්ණත්වය වෘෂණවලට ලබා දෙන එක.මේ සඳහා එහි ඇති දහදිය ග්‍රන්ථිත් දායක වෙනවා.

අපිවෘෂණ

අපිවෘෂණ කියන්නේ එක එක වෘෂණයක ඒවා මත පිහිටලා තියෙන පුංචි පණුවෙක් වගේ ව්‍යුහයක්.මෙයත් නාළ පද්ධතියක්ම තමයි.ඒත් මෙයා වෘෂණයෙන් පිට වෙන නාළ ටික එකට එකතු කරලා තනි බටයක් බවට (ශුක්‍ර නාළය බවට ) පත් කරන්ඩ දායක වෙනවා.ඒ වගේම වෘෂණයෙන් පිට වෙන ශුක්‍රාණු පරිණත වෙන්නෙත් අපිවෘෂණයේදි තමයි.

ශුක්‍ර නාළ

එක එක වෘෂණයේ හැදෙන ශුක්‍රාණු ශිෂ්ණය කරා ගේන්ඩ දෙපැත්තේ තියෙන බට දෙක තමයි ශුක්‍ර නාළ කියන්නේ.වෘෂණ තියෙන්නේ ඇඟෙන් එළියෙනේ.ඒත් හැදුනේ ඇඟ ඇතුලේ හින්දා වෘෂණ එළියට ආවට ශුක්‍රානු ගෙනියන බට ලයින් එක යන්නේ වෘෂණවල ඉඳං ආයෙත් ඇඟ ඇතුලට.ශ්‍රෝණිය ඇතුලේ මුත්‍රාශයට දෙපැත්තෙන් ගිහිල්ලා මේ ශුක්‍ර නාළ දෙක පුරස්ථිති ග්‍රන්ථිය ඇතුලෙදි මුත්‍ර මාර්ගයට එකතු වෙනවා.





පුරස්ථිති ග්‍රන්ථිය

පුරස්ථිති ග්‍රන්ථිය කියන්නේ ලෙල්ල ඉවත් කරපු පුවක් ගෙඩියක් වගේ ව්‍යුහයක්.මේක මැද්දෙං තමයි මුත්‍රාශයේ ඉඳං 'මුත්‍ර මාර්ගය' ඒ කියන්නේ 'මුත්‍ර වාහිනිය' ගමන් කරන්නේ.ඒ යන අතර මැදදි මුත්‍ර මාර්ගයට ශුක්‍ර නාළ වගේම ශුක්‍ර ආශයිකා දෙකත් විවෘත වෙනවා.මේ පුරස්ථිති ග්‍රන්ථිය ටිකක් දැඩි ව්‍යුහයක්.ඒ හින්දා මිනිහෙක් මැරිලා අඳුණ ගන්ඩ බැරි වෙන තරමට කුණු උනත් මේ පුරස්ථිති ග්‍රන්ථිය ටිකක් කල් යනකං නරක් නොවී තියෙනවලු.ඒක හින්දා ඔය නරක් වෙච්ච මිනී එහෙම හම්බ උනාම ගෑනුද පිරිමිද කියලා අඳුර ගන්ඩ මේ පුරස්ථිති ග්‍රන්ථිය උදව් වෙනවා.

පුරස්ථිති ග්‍රන්ථියේ කාර්යය වෙන්නේ ශුක්‍ර තරලය හදන්ඩ දායක වෙන එක.වෘෂණවල හැදිච්ච ශුක්‍රාණු පිට වෙන්නේ තරලයක් විදිහටනේ ඉතිං මේ තරලයට ශ්ලේශ්මලය යම් ප්‍රමාණයක් එකතු කරන්නේ පුරස්ථිති ග්‍රන්ථිය.ශ්ලේශ්මලය කියන්නේ නිකං සෙම වගේ ජල්ලිමය තරලයකට.ඊට අමතරව ශුක්‍ර තරලය භාශ්මික කරන්ඩත් පුරස්ථිති ග්‍රන්ථියේ ශ්‍රාවයන් දායක වෙනවා.ශුක්‍රාණුවලට ආම්ලික මාධ්‍යවල පවතින්න බෑ.ස්ත්‍රී යෝනිය ආම්ලිකයිනේ (දන්නැති අයට- ආම්ලිකයි ඈ..). ඉතිං මේ ස්ත්‍රී යෝනියේ ආම්ලික බව උදාසීන කරන්ඩ ශුක්‍ර තරලයේ භාෂ්මික බව වැදගත් වෙනවා.

ඒ වගේම කියන්ඩ ඕනේ මේ පුරස්ථිති ග්‍රන්ථිය ස්ත්‍රීන්ගේ යෝනි මාර්ගයේ ඇතුල් බිත්තියේ තියෙන 'G ස්පොට්' කියන අධි සංවේදී ස්ථානයට සමාන පුරුෂ ප්‍රථිරූපකයලු.ඒ කියන්නේ ඒ වෙනුවට පිරිමින්ට තියෙන එකලු.ඒ නිසා මේ පුරස්ථිති ග්‍රන්ථිය උත්තේජනය කිරීමෙනුත් ලිංගික තෘප්තිය ලබාගන්ඩ පුලුවං කියලයි කියන්නේ.ගුද මාර්ගයට ඇඟිල්ල දාලා එහි ඉදිරි බිත්තිය හරහා පුරස්ථිති ග්‍රන්ථිය තියෙනවා අල්ලලා බලන්ඩ පුළුවං.සමහර රෝගී තත්ත්වවලදී පුරස්ථිති ග්‍රන්ථිය ලොකු වෙලාද බලන්ඩ ගුද මාර්ගයට ඇඟිල්ල දාලා බලන්ඩ සිද්ද වෙනවා.සමලිංගිකයින් ගුද රමණය හෙවත් ශිෂ්ණය ගුද මාර්ගයට ඇතුළු කිරීමේ සංසර්ගීය ක්‍රියාව කරන්නේ මේ පුරස්ථිති ග්‍රන්ථිය උත්තේජනය කරන්ඩ කියලා තමයි කියන්නේ

.
ස්ත්‍රි ප්‍රජනක පද්ධතිය තුල පවතින අවයවයන්ද අභ්‍යයන්තර සහ බාහිර ප්‍රජනක අවයවයන් වශයෙන් වර්ග කළ හැකිය.

  • අභ්‍යයන්තර ප්‍රජනක අවයවයන් -- ඩිම්බකෝෂ,පැලෝපීය නාල,ගර්භාෂය,යෝනි මාර්ගය
  • බාහිර අවයවයන් - යෝනි විවරය,සහ එවටා පවතින යෝනිතොල් 

ස්ත්‍රියගේ ඩිම්බ ජනනයවිම සිදුවන්නේ ඩිම්බකෝෂ තුලදීය. ඩිම්බකෝෂ උදර කුහරයේ දෙපස පිහිටන ආමන්ඩ් හැඩැති කුඩා අවයවයන්ය. ඩිම්බකෝෂයක හරස්කඩක් සැලකුවිට එහි පිටත ප්‍රදේශය බාහිකය ලෙස හදුන්වනු ලබන අතර බාහිකය තුල පිටතින්ම ජනක ස්ථරය පවතින අතර ඊට ඇතුලතින් එක් එක් අවස්ථාවර වර්ධනය වෙමින් පවතින ඩිම්බ සෛලයන් පවති.අභ්‍යයන්තර ප්‍රදේශය මජ්ජාව ලෙස හදුන්වනු ලබන අතර එහි ස්නායු සහ රැධීර වාහිනි සහ ලිහිල් සම්බන්ධක පටකයන් පවති.
කාන්තාවන්ගේ දේහය තුල අණ්ඩ සෛලවල වර්ධනය කළල අවධීයේම ආරාම්භ කෙරෙන අතර යොවුන්වියට පැමිණීමත් සමඟ මෙම ක්‍රියාවලිය සම්පුර්ණවිම නැවතත් ආරාම්භ වේ.
කෙසේ වෙතත් ස්ත්‍රි අණ්ඩ සෛලයක පරිණතවිම සම්පුර්ණ වනුයේ ශුකාණූවක් මගින් සංසේචනය විමෙන් පසුවය.
යොවුන්වියට පත් කාන්තාවන්ගේ දේහයේ ඩිම්බ සෛලයන් නිදහස්විම මසකටවරක් සිදුවන අතර මෙම ක්‍රියාවලිය ආර්තවහරණය දක්වා සිදුවේ.
සාමාන්‍යයෙන් කාන්තාවන් සිය ප්‍රජනක කාලය තුලදි පරිණත ඩිම්බයන් 400 ක් පමණ නිදහස් කිරිම සිදු කරනු ලබයි.
මෙලෙස කාන්තාවන්ගේ යොවුන්වියට පැමිණීමේ සිට ආර්තවහරණය දක්වා මසකට වරක්(දින28කට වරක්)  ඩිම්බකෝෂ,ගර්භාෂය, සහ යෝනි මාර්ගය තුල සිදුවන වෙනස්විම් සියල්ල ආර්තව චක්‍රය/ඔසප් චක්‍රය ලෙස හදුන්වනු ලබයි.
ඔසප් චක්‍රයක් සදහා සාමාන්‍යයෙන් ගතවන කාලය දින 28කි.නමුත් දින 21-35 දක්වා පරාසය සාමාන්‍යය යයි සලකනු ලැබේ.
ඹසප් චක්‍රයකදි එක් එක් අවයවයන් තුල සිදුවන ක්‍රියාවලින් පහත පරිදි සාරාංශ කොට දැක්විය හැකිය.
ඩිම්බකෝෂ තුල---

  • ස්‍යුනිකා අවධීය (Follicular phase)-කාල සීමාව වෙනස්විය හැක.ඩිම්බකෝෂ තුල ප්‍රාථමික ස්‍යූනිකා වලින් පරිණත ග්‍රාපීය ස්‍යුනිකා වර්ධනයවිම සිදුවේ.පුර්වපිටියුටරියෙන් නිපදවන FSH මත රඳා පවති.
  • ඩිම්බ විමෝචනය විම --- ග්‍රාපීය ස්‍යුනිකා වලින්  ඩිම්බ සෛල නිදහස් විම සිදු වේ.පුර්ව පිටියුටරියෙන් නිපදවන LH හොර්මෝනය මත රඳා පවති.
  • ලූටීය අවධීය(දින 14කි)-- ඩිම්බකෝෂ තුල ශේෂ වු කහ පැහැති පරිණත පීත දේහයේ වර්ධනය විම සහ ඉන් ප්‍රොජෙස්ටරෝන් සහ ඊස්ට්‍රජන් නිපදවිම සිදු වේ.
ගර්භාෂ එන්ඩොමෙට්රියම තුල සිදුවන වෙනස්විම්....
  • වර්ධක අවධීය (Proliferative phase) -- ඩිම්බකෝෂ වල ස්‍යුනිකා අවධීයට සමගාමීව සිදුවේ.වර්ධනයවන ග්‍රාපීය ස්‍යූනිකා මගින් නිපදවන ඊස්ට්‍රජන් මගින් ගර්භාෂ එන්ඩොමෙට්රියමේ සිදුවන වර්ධනය උත්තේජනය කරනු ලබයි.
  • ස්‍රාවීය අවධීය (Secretory phase) -- ඩිම්බකෝෂ වල ලූටීය අවධීයට සමගාමීව සිදුවේ.ඩිම්බ නිදහස් විමෙන් පසු පීත දේහය මගින් නිපදවන ප්‍රොජෙස්ටරෝන් හොර්මෝනයේ උත්තේජනය යටතේ ගර්භාෂ එන්ඩොමෙට්රියම කළල රෝපණයක් සිදුවිමට හැකිවන ලෙස වෙනස්විම සිදුකරනු ලබයි.
  • ඔසප්විම/ආර්තවය/ඔසප් රැධීර වහනය (Menstruation) -- පීත දේහය අක්‍රිය විමත් සමග ලූටීය අවධීය අවසානයේදි ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙසටරෝන් සාන්ද්‍රණය විශාල ලෙස පහත බැසිම සිදුවේ.එම නිසා ගර්භාෂ එන්ඩොමෙට්රියමට සපයන රැධීරය අඩුවිම නිසා ඉන් 75% පමණ පටකයන් බිඳවැටි රැධීරය සමග යෝනි මාර්ගයෙන් පිටවිම සිදු වේ.

සුබ දවසක්!!!!

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score