Aug 22, 2014


ශ්‍රී ලංකාවේ හිටපු ජනප්‍රිය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ වර්තමාන 

නියෝජ්‍ය ඇමතිවරයෙක් වන පුද්ගලයෙකුගෙන් තම අසරණ 

දියණියන් දෙදෙනා බේරා දෙන ලෙස එම දරුවන් දෙදෙනාගේ පියා 

විසින් මරදාන පොලීසියට හා පොලිස් කාන්තා හා ළමා කාර්යංශයට 

පැමිණිල්ලක් කර ඇත.

මෙසේ පළමුව මරදාන පොලීසියේ විවිධ පැමිනිලි අංශයටත්, එයින් 

පලක් නොවූ කල නුගේගොඩ පොලිස් කාන්තා හා ළමා කාර්යංශයට 

මෙසේ පැමිණිලි කර ඇත්තේ මරදානේ පදිංචි කසුන් ධනුෂ්ක 

වේලාරත්න නැමැති අයෙකි.

මරදාන පොලීසියට පැමිණිලි කර ඇති මෙම පුද්ගලයා තම 

පැමිණිල්ලේදී පවසා ඇත්තේ, තම බිරිඳ වන ශ්‍රී ලංකන් එයාර් ලයින් 

ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක වන රධීෂා පෙරේරා නැමැති අය 

පසුගිය වසරේ ඔක්තෝම්බර් මස සිට මෙම ඇමතිවරයා සමඟ අනියම් 

සබදතාවයක් පවත්වන බවයි.

2014 වසරේ පෙබරවාරි මස 14 ‘වැලන්ටයින්’ දින රධීෂා හා xxx 

xxxxx සිංගප්පූරුවේ එකට ගත කර ඇති බවත්, මෙම වසරේ පැවැති 

එංගලන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලියේදී ලන්ඩනයේ ලෝඩ්ස් 

ක්‍රීඩාංගනයේ පැවැත්වූ ටෙස්ට් තරඟයේ ආරම්භක අවස්ථාව සනිටුහන් 

කිරීමට ඝාන්ඨාරය නාද කිරීම සඳහා xxx xxxxx ලන්ඩනයට ගිය 

අවස්ථාවේදී, රාජකාරී නිල ගුවන් ගමනකින් තොරව තම බිරිඳ වන 

රධීෂා පෙරේරාද කැඳවා ගොස් ඇති බව එම පැමිණිල්ලේ සඳහන් කර 

ඇති අතර ඔවුන් දෙදෙනා ලන්ඩන් ඩොක්ලන්ඩ් හි පිහිටි ‘City 

Grange’ හෝටලයේ නවාතැන් ගෙන සිටි බවට සියලු සාක්ෂි තමා 

සතුව ඇති බව කේ.ඩී. වේලාරත්න නැමැත්තා තම පැමිණිල්ලේ දක්වා 

ඇත.

තමා හා රධීෂා 2008 වසරේ විවාහ වූ බවත්, එම විවාහයෙන් ඔවුන් 

දෙදෙනාට වයස අවුරුදු හතර හමාරක් සහ වයස අවුරුදු දෙක හමාරක් 

වියැති කුඩා දියණියන් දෙදෙනෙකු සිටින බවත්, බිරිය මේ වන විට එම 

දැරියන් දෙදෙනාද සමග තමාව ද්වේශ සහගත ලෙස අතහැර දමා 

වෛවාහක නිවසින් පිටවී ගොස් කොළඹ තුන්මුල්ලේ ‘King’s court’ 

සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ xxx xxxxx අයත් නිවසක 

බිරියගේ සහෝදරියෙකු සමග ජීවත් වන බව පවසා ඇත. මෙම xxx 

xxxxx ය නිතර යාම් ඊම් කරනු ලබන ස්ථානයක් බවද දක්වා ඇත.


xxx xxxxx ගේ දෙවන විවාහක බිරිඳ මේ වන විට කොළඹ 

දිසාඅධිකරණය ඉදිරියේ පවරා ඇති දික්කසාද නඩුවේ xxx xxxxx ගෙව් 

වෙන්වීම සඳහා ඉදිරිපත් කර ඇති පෙත්සමේ දක්වා ඇත්තේ, xxx 

xxxxx ‘විකෘති කාමාශාවලින් පෙලෙන පුද්ගලයෙකු’ බවයි. ඇයට xxx 

xxxxx වෛහාක වරදක් වන ‘අනුමිත ද්වේශ සහගත අතහැර යාමකට’ 

(Mutual Malicious Desertion) හේතු වී ඇත්තේ xxx xxxxx ගේ 

මෙම ඉවසා දරාගත නොහැකි විකෘති කාමාශාව බව දික්කසාද 

පෙත්සමේ ප්‍රකාශිතව දක්වා තිබේ.

මෙසේ xxx xxxxx විකෘති කාමාශාවලින් පෙලෙන මානසික 

අසහනකාරයෙකු බව ඔහුගේ හිටපු විවාහක බිරිඳ අධිකරණයට පවා 

පවසා සිටියදී, තම බිරිඳ වන රධීෂා පෙරේරා තමන්ගේ කුඩා දියණියන් 

දෙදෙනා සමග xxx xxxxx වාසයට සහ සංවාසයට යාමෙන් තම 

දියණියන් දෙදෙනාගේ ජීවිත විශාල අනතුරකට හා අවධානමකට 

හෙලා ඇති බව රධීෂා පෙරේරාගේ සැමියා පොලීසියට පැමිණිලි කර 

ඇත.මෙම පළමු පැමිණිල්ල වන මැයි 10 දින පැමිණිල්ල විභාග කිරීම 

සඳහා රධීෂා පෙරේරාට මරදාන පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස 

පොලිස් කොස්තාපල්වරයෙකු (P.C. 33963) දැනුම් දී ඇත. නමුත් ඊට 

අවනත නොවී ඇති රධීෂා ඉහත කී කොස්තාපල්වරයාව තමාට 

තර්ජනය කළ බව කියමින් නියෝජ්‍ය අමාත්‍ය xxx xxxxx ලවා පොලිස් 

රෝහල වෙත මාරු කර යවා ඇත.

නැවතත් රධීෂාගේ සැමියා වන කසුන් ධනුෂ්ක වේලාරත්න ජුලි මස 01 

වන දින මරදාන පොලීසියට වැඩි දුර ප්‍රකාශයක් කරමින් වහාම තම 

දියණියන් දෙදෙනාගේ භාරය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලීමක් කොට 

ඇත.

මෙම පොලිස් පැමිණිල්ලට xxx xxxxx නැවතත් තම අමාත්‍ය බලතල 

අයුතු ලෙස යොදා ගනිමින් මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් 

පැමිණිලි පොත සමග නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මහතාගේ 

කාර්යාලයට ගෙන්වාගෙන රධීෂා පෙරේරාගෙන් කටඋත්තරයක් ලබා 

ගන්නා ලෙස නියෝග කර ඇත. xxx xxxxx ගේ විධානය එපරිදිම 

ක්‍රියාත්මක වී ඇත.

xxx xxxxx ගේ ඇමති බලතලවලට යටත් නොවී ඇති රධීෂාගේ සැමියා 

වන කසුන් ඉන්පසු මරදාන පොලීසියෙන් පලක් නොමැති බව 

දැනගෙන නුගේගොඩ පොලිස් කාන්තා හා ළමා කාර්යංශයට පැමිණිලි 

කර ඇත. සිදුවී ඇති අසාධාරණය පිළිබඳව අවබෝධ කර ගෙන ඇති 

පොලිස් කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරීන් xxx xxxxx ගේ අයුතු 

බලපෑම්වලට යටත් නොවී රධීෂා පෙරේරාව පැමිණිල්ල විභාග කිරීම 

සඳහා ඊයේ (18) එකී කාර්යංශයට ගෙන්වා ගෙන තිබේ.

ඇය එහිදී පවසා ඇත්තේ xxx xxxxx හා තමා අතර, තම සැමියා පවසන 

ආකාරයේ කිසිදු අනිසි සබදතාවයක් නැති බවයි. එසේ වුවද තමා තම 

සැමියාගෙන් වෙන්වීම සඳහා දික්කසාද නඩුවක් පවරන බව ප්‍රකාශ 

කොට තිබේ. එහිදී එම පැමිණිල්ල කරන ලද කේ.ඩී. වේලාරත්න 

නැමැති අය පවසා ඇත්තේ දරුවන්ට යම්කිසි අනතුරක් හෝ අපදාවක් 

සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම රධීෂා භාරගත යුතු බවයි. පොලිස් 

කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරීන් පැමිණිලිකරුට උපදෙස් දී 

ඇත්තේ දරුවන්ගේ භාරකාරත්වය සඳහා වෙනමම නඩුවක් වහා 

පවරන ලෙසයි.

Radika

උපුටා ගැනිමකි (Gozziplanka) 

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score