ෂාරුක් ඛාන්ගේ අලුත්ම චිත්‍රපටය ‘හැපි නිව් ඉයර්’ ළඟදීම තිරගත වීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් පුවත්පත් සාකච්ඡාවක් පසුගියදා චෙන්නායි හිදී පැවැත්වුණා. මෙහිදී ෂාරුක්ට මුහුණ දෙන්න සිදුවුණේ නොසිතූ සිදුවීමකටයි. බොලිවුඩයේ රජු වුණත් වෙලාවට වැඩකළ යුතු බවත්
, අනුන්ගේ කාලය අපතේ නොයැවිය යුතු බවත් ෂාරුක්ට පාඩමක් කියාදී පැමිණ සිටි මාධ්‍යවේදීන් සියල්ලන්ම පුවත්පත් සාකච්ඡාව පැවැත්වෙන තැනින් පිටව ගොස් තිබුණා. ඒ ෂාරුක් නියමිත වෙලාවට පැය හතරක් පමාවී එහි පැමිණීම නිසයි.
මේ සිදුවීම හරහා ෂාරුක් වෘත්තීමය නොවන තත්ත්වයක් පෙන්නුම්කොට ඇති බව කියා ඇති මාධ්‍යවේදීන් සවස හතරට ආරම්භ කිරීමට නියමිතව තිබූ පුවත්පත් සාකච්ඡාවට රාත්‍රී අටත් පසුවී පැමිණීම සම්බන්ධයෙන් කිසිසේත් සමාව දිය නොහැකි බවත් කියා තිබුණේ මේ සම්බන්ධයෙන් ෂාරුක් මාධ්‍යවේදීන්ගෙන් සමාව ඉල්ලූ විටයි. ෂාරුක් පුවත්පත් සාකච්ඡාව පැවැත්වෙන වෙලාව අතරේත් රූපවාහිනී නාලිකා කිහිපයකට සම්මුඛ සාකච්ඡා ලබාදෙන්නට යාමෙන් මේ ප්‍රමාදය සිදුවූ අතර තම ප්‍රමාදය නොඉවසා මාධ්‍යවේදීන් පිටව යනු ඇතැයි ඔහු බලාපොරොත්තු වී නැහැ. රාත්‍රි අට පසුවී පැමිණි ෂාරුක් පිටව යන මාධ්‍යවේදීන් අමතා එහි රැඳෙන ලෙසත් ඒ සියලු දෙනාට තමා වෙන වෙනම සම්මුඛ සාකච්ඡා ලබාදෙන බවත් කියා සිටියත් සියලුම මාධ්‍යවේදීන් පිටවගොස් තිබුණේ යන්තමින් හෝ ෂාරුක්ව ගණනකට නොගෙනයි.
මේ අතර පසුගියදා තවත් වාර්තාවක් තැබූ ෂාරුක් ට්විටර් වබේ අඩවියේ වැඩිම රසික පිරිසක් සිටින බොලිවුඩ් නළුවන් අතර දෙවැනි තැනට පත්වුණාා. මේ අනුව ෂාරුක්ට මිලියන නවයක රසික පිරිසක් සිටින අතර ඔහු දෙවැනි වන්නේ අමිතාබ් බච්චන්ට පමණයි. ට්විටර් වබේ අඩවියට ඔහු එක්වුණේ 2010 වසරේදියි. වයස අවුරුදු 48ක් වන ෂාරුක් තවමත් ඉහළම ඉල්ලුමක් ඇති බොලිවුඩ් නළුවෙක්. චිත්‍රපටවල රඟපෑම හා විදෙස් සංගීත සංදර්ශනවලට සහභාගිවීම හැරුණු විට ඔහු වෙළෙඳ ආයතන විස්සක් වෙනුවෙන් ප්‍රචාරක කටයුතුවල නියැළෙනවා.මෑතකදී ජාත්‍යන්තර පොලීසිය ෂාරුක් හා ජැකී චෑන්ව ආසියාව වෙනුවෙන් “අපරාධ පිටුදැකීමේ සන්නාම තානාපතිවරුන්” ලෙසත් සම්බන්ධ කරගත්තා. අපරාධ පිටුදැකීමේලා සියල්ලන්ටම කළහැකි යමක් ඇති බව කියාදීම ඔවුන්ට පැවරී ඇති රාජකාරියයි. ජාත්‍යන්තර පොලීසිය මෙවැනි කටයුත්තකට සහභාගිකරගත් පළමු ඉන්දියානුවා ලෙසද ෂාරුක් වාර්තා පොත් අතරට එක්වෙනවා. මෙය තමාට කළ විශාල ගෞරවයක් බව ෂාරුක් කියා තිබුණා.
ෂාරුක්ගේ දරුවන් තිදෙනා අතරින් බාල දරුවා වන අබ්රාම්ගේ තවම ඡායාරූපයක් හෝ මාධ්‍ය වෙත නිකුත් වී නැහැ. මේ ගැන ඇසූ විට ඔහු කියා තිබුණේ මාධ්‍ය සංදර්ශනයකට තම කුඩා පුතු මැදිකරන්නට අකමැති බවයි. ෂාරුක්ගේ වර්තමාන වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන හයසියයක් වන අතර මේ නිසා මෙම වසරේ ලොව ධනවත්ම නළුවන්ගේ ලැයිස්තුවේ දෙවැනි තැනට පත්වන්නට ඔහුට හැකිවුණා. ෂාරුක්ගේ නම ගැනත් පසුගියදා සම්මුඛ සාකච්ඡාවකදී ඔහුගෙන් ප්‍රශ්න කෙරුනා. ඔහුට දෙමව්පියන් දුන් නම වන ෂාරුක් යන්නෙහි තේරුම “රජෙකුගේ මුහුණ ඇත්තා” යන්නයි. නමුත් පසුකලෙකදී තම නම ෂා රුක් ලෙස වෙන්කොට ලියන්නට ඔහු කැමැත්තක් දැක්වූවා. අදටත් ඔහුගේ නම ලියන්නේ ඒ ආකාරයටයි. මෙහි තවත් විශේෂයක් වන්නේ අනාගතය නොදැක දෙමව්පියන් ඔහුට ඒ නම ලබාදුන්නත් වර්තමානයේදී ෂාරුක් හැඳින්වෙන්නේත් බොලිවුඩයේ රජු ලෙස වීමයි.
Oct 13, 2014
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.