Sep 5, 2014


ඥාති සොහොයුරියක විසින් දින 18ක බිළිදෙකු පොලොවේ ගසා 

ඝාතනය කළ පුවතක් කහතුඩුව - පොල්ගස් ඕවිට - අම්බලන්ගොඩ 

ප‍්‍රදේශයෙන් අද (05) වාර්තා වුණා. 22 හැවිරිදි එම තරුණිය 

බිළිඳාගේ පියාගේ වැඩිමහල් සහෝදරියකගේ දියණියක්. මේ වන විට 

කහතුඩුව පොලීසිය ඇය අත්අඩංගුවට ගෙන තිබෙනවා.


සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ බිළිදා මුලින්ම ප‍්‍රතිකාර සඳහා 

ඇතුළත් කෙරුණේ වෑතර රෝහලටයි. තත්ත්වය බරපතල නිසා බිළිදා 

කළුබෝවිල ශික්ෂණ රෝහලට මාරු කර යැවුණු අතර එහි ශල්‍ය දැඩි 

සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදියි ජීවිතක්ෂයට පත්වුණේ. 

දෙමළ ජාතිකයන් වූ මෙම පිරිස පොල්ගස් ඕවිට - අම්බලන්ගොඩ 

ප‍්‍රදේශයේ පදිංචියට පැමිණ ඇත්තේ මීට මාස කිහිපයකට පෙරයි. 

බිළිදා රැකබලා ගැනීම සඳහා ඔවුන් ඥාති දියණිය නිවසට කැදවාගෙන 

විත් තිබෙනවා.   





මිය ගිය බිළිදාගේ පියා වන පෙරියතම්බි යෝගරාජන් කියා සිටියේ 

තම ඥාති දියණිය මානසික ආබාධයකින් පෙළුණු බවයි. 

මේ අතර, සැකකාර තරුණිය අත්අඩංගුවට යන අවස්ථාවේදී ඇය

ආවේශ වූ ආකාරයකින් හැසිරුණු බව කහතුඩුව පොලීසියේ 

ප‍්‍රකාශකයෙකු හිරු ප‍්‍රවෘත්ති අංශයට සදහන් කළා.


බිළිදාගේ ජීවිතය රැක ගැනීමට සියලූ උත්සාහයන් දැරූ බව 

 කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල 

ගුණවර්ධන ප‍්‍රකාශ කළා.


                                            

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score