ලොව පුරා ගැහැණු ළමයින් මිලියන 120 ක් එනම් සෑම දස
දෙනෙකුගෙන් එක් අයෙකුම වයස 20 ට එළඹීමට පෙර ලිංගික
අපහරණයට ලක්වන බව ජගත් සංවිධානය පවසනවා.
එමෙන්ම, පසුගිය 2012 වසර තුළ පමණක් ලොව පුරා කුඩා ළමයින්
සහ පෙර යොවුන් වියේ ළමයින් 95,000 ක් ඝාතනයට ලක්වී ඇති
බවයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ප‍්‍රකාශ කළේ. ලොව පුරා
ළමයින් ප‍්‍රචන්ඩත්වයට සහ විවිධ පීඩාවන්ට නිරන්තරයෙන්
ගොදුරු වන බව රටවල් 190 කින් ලබා ගත් දත්ත විශ්ලේෂණය
කොට එමගින් නිකුත් කළ වාර්තාවේ සඳහන්.
මෙලෙස ළමයින්, පීඩාවට ලක්වීම වයස් සීමාවන්, භූ ගෝලීය
විෂමතා, ආගම, ජාතිය හෝ ආදායම් පරතරවල
සීමාවන් ඉක්මවා පැතිර ඇති බවයි යුනිසෙෆ් සංවිධානය පෙන්වා
දෙන්නේ.
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.