පියයුරු යුගලය විශාල බැවින් සැත්කමකින් පියයුරු කුඩාකර ගැනීමේ සැත්කමක් කරගත් කාන්තාවක් අදාල වෛද්‍යවරයාට එරෙහිව පෑලියගොඩ පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි වාර්ථා වේ. ඊට හේතුව වී ඇත්තේ සැත්කමින් සතියකට පමණ පසුව පියයුරුහි කිසියම් ආසාදන තත්වයක් ඇතිවී සැරව ගැලීම හේතුවෙන් මාලඹේ ප්‍රදේශයේ පිහිටි අදාල වෛද්‍ය මධ්‍යස්ථානයට ඇය ගියද එම අවස්ථාවේදී ඇය නිසි පරීක්ෂාවකට ලක් නොකිරීමය.
ඉංග්‍රීසි පුවත්පතක වූ දැන්වීමකට අනුව මාලඹේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයට ගිය අදාල කාන්තාවගෙන් සැත්කම සඳහා රුපියල් ලක්ෂ 2ක මුදලක් ඉල්ලා ඇත. අතැති මුදල වූ රුපියල් 50000ට සැත්කම කරදීමටත් ඉතිරි මුදල පසුවට ලබා ගැනීමටත් පොරොන්දු වී ඇති වෛද්‍යවරයා ඉකුත් 18දා මෙම සැත්කම සිදු කොට ඇත. සතියකින් ආපසු පැමිණෙන ලෙස දැන්වූ නිසා වෛද්‍යවරයා හමුවට ගිය ඇයගෙන් ඉතිරි මුදල ඉල්ලුවා මිස, තම පියයුරකින් සැරව ගලනා බව පැවසුවද ඒ පිලිබඳ වෛද්‍යවරයා අවධානය යොමු කර නැතැයි පැවසේ.
කෙසේ නමුත් මෙම සිදුවීමෙන් අනතුරුව ඇය පවුලේ වෛද්‍යවරයා හමුවී ඇති අතර අනතුරුව ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයකුට සහ තවත් විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යාමට සිදුව ඇත.
-
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.