ගොඩක් දෙනෙකුට තියන ප්‍රශ්නයක් තමා phone එකට සිංහල
දාගන්න එක. ගොඩක් තැන් වල කියල දීල තියනවා phone එක root
කරලා සිංහල දාගන්න විදිය ඒත් ඒක හැමෝටම කරන්න විදියක් නෑ.
root කිරීමෙන් දුරකතනයේ වගකීම නැති වෙන නිසා ගොඩක්
දෙනෙකුට ඒක කරන්න බෑ, තවත් කෙනෙකුට root කරගන්න එක
ටිකක් අමාරු වැඩක්.
ඉතින් මම අද කියල දෙන්න යන්නෙ phone එකේ වගකීම නැති
කරගන්නෙත් නැතුව කිසිම අවදානමක් ගන්නෙත් නැතුව ඔයාගෙ
phone එකට සිංහල දාගන්න විදියක් ගැනයි.
හැබැයි තව එකක් මේ වැඩේ හරියන්නෙ samsung galaxuy
වර්ගයේ phone වලටයි. අනික් ඒවා ගැනනම් මම දන්නෙ නෑ හැබැයි
මොකටත් ඒ අයත් මේක උත්සහ කරල බලන්න හරිගියොත්
comment එකක් දාල අනික් අයත් එක්කත් බෙදාගන්න.
post එක ටිකක් දිග උනාට අමාරු වැඩක් නෙමේ post එක ටිකක් දිග
උනේ මේකෙ කොටක් 02ක් තියනවා
01.Phone එක root නොකර සිංහල දැමීම.
02.Phone ඒකෙන් සිංහල type කිරීම.
01. අපි එහෙනම් බලමු root නොකර සිංහල දාන්නෙ කොහොමද
කියල.
පියවර 01 - අපිට ඉස්සල්ලම මේ සදහා Fontomizer SP කියන App
ඒක ඕන වෙනවා
ඒ සදහා පහතින් දීල තියන link එකෙන් Google play එකට ගිහින්
සාමාන්‍ය පරිදි App එක phone එකට Install කරගන්න.
https://play.google.com/store/apps/details?id=com.hongik.fontomizerSP&hl=en&pli=1
මේ app එක මේවට වැඩ කරනවා.
Galaxy S
Galaxy S2
Galaxy S3
Galaxy Ace,Y
Galaxy Mini
Galaxy Note
Galaxy Note 2
and most Samsung Galaxy Series
+ Motorola Razer M
පියවර 02-දැන් App එක Open කරන්න එතොකොට පහත
ආකාරයට තියනවා.
දැන් එහි යම් තැනක පොඩි ටච් එකක් දාන්න එතකොට පහත
ආකාරයට එනවා.
දැන් ඒකෙත් කොහෙ හරි ටච් කරන්න.
එතකොට website එකකට යනවා මොකක් හරි web browser එකක්
තෝරල website එකට යන්න
මේ ආකාරයට website එක එයි.
පියවර 03 - ඕකෙ w අකුර යටතේ තියනවා WIKI_ANDROID කියල
font එකක් ඒක තෝරන්න. (ඉහත රූපය බලන්න)
එතකොට ඒක download වෙයි, ඒක download වෙලා ඉවර උනාම
ඒකත් Install කරන්න.
දැන් තියෙන්නෙ අවසාන පියවර
පියවර 04 - දැන් යන්න Home screen එකට හිහින්
Menu > Settings > Display > Font Style
එතකොට wiki android කියන font එකත් ඒ list එකට ඇවිත් තියෙයි
පහත ආකාරයට; එතනින් WIKI_ANDROID කියන FONT එක
තෝරන්න එච්චරයි.
දැන් ගිහින් බලන්න සිංහල තියන website එකකට ගොඩ නේද.
.
මෙමෙ පියවර කිහිපය අනුගමනය කර ඉතාම පහසුවෙන් ඔයාගෙ
Galaxy Android phone එකට සිංහල දාගන්න පුලුවන්.
තවදුරටත් පැහැදිලි වෙන්න ඕනනම් මේ video එකත් බලන්නකො.
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.