Oct 7, 2014


සනත් ජයසූරිය මෙහෙයවූ ආසියානු කණ්ඩායම සහ බ‍්‍රයන් ලාරා නායකත්වය දුන් ලෝක කණ්ඩායම අතර කටාර්හි වෙස්ට් එන්ඞ් පාර්ක් කී‍්‍රඩාංගණයේ ඊයේ පැවති ප‍්‍රදර්ශන විස්සයි විස්ස තරගයෙන් ලකුණු 5 ක තියුණු ජයක් අත්කර ගැනීමට ලෝක කණ්ඩායම සමත් වුණා. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ලෝක කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 6 ක් දැවී ලකුණු 161 ක් රැස් කළා 

බ‍්‍රයන් ලාරා සිය සුපුරුදු දක්‍ෂතා ප‍්‍රදර්ශනය කරමින් පන්දු 44 කදී රැුස්කළ ලකුණු සංඛ්‍යාව 47 ක්. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ ආසියානු කණ්ඩායමට පන්දුවාර 20 නිමාවන විට කඩුළු 8 ක් දැවී රැස් කිරීමට හැකිවුයේ ලකුණු 156 ක් පමණයි. සනත් ජයසූරිය පන්දු 23 කදී ලකුණු 25 ක් රැස් කළා. මෙම තරගයේදී මාවන් අතපත්තු, චාමර කපුගෙදර සහ ඇන්ජලෝ පෙරේරා යන ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් ආසියානු කණ්ඩායම නියෝජනය කළා.

දකුණු අපි‍්‍රකාවේ හර්ෂල් ගිබ්ස්, සිම්බාබ්වේ කී‍්‍රඩක බ්‍රෙන්ඩන් ටේලර් සහ  ඕස්ටේ‍්‍රලියාවේ  ඩෙමියන් මාර්ටින් යන හිටපු කී‍්‍රඩකයන් ලෝක කණ්ඩායම නියෝජනය කිරීම විශේෂත්වයක්. හජ්ජි උත්සවය නිමිත්තෙන් සංවිධාන කර තිබූ මෙම තරගය නැරඹීමට දස දහසක පේ‍්‍රක්‍ෂකයන් පිරිසක් එක්ව සිටි බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score