තවත් අති දක්ෂ දඟ පන්දු යවන්නෙකුගේ පන්දු යැවීමේ ඉරියව්ව
සැකසහිත බව ජාත්‍යන්තර කි‍්‍රකට් සම්මේලනය වෙත වාර්තා වී
තිබෙනවා. බටහිර ඉන්දීය කොදෙව් පිළේ සුනිල් නරායින් පිළිබදවයි
එම චෝදනාව එල්ල වී ඇත්තේ. ඉන්දියාවේ පැවැත්වෙන චැම්පියන්ස්
ලීග් කි‍්‍රකට් තරගාවලියේ, කොල්කටා නයිට්රයිඩර්ස් පිළ සහ
ඩොල්ෆින්ස් කණ්ඩායම අතර පැවැති තරගයේදීයි නරායින්ට එරෙහිව
එහි විනිසුරුවරුවන් පැමිණිලි කර ඇත්තේ. තරගයේ තුන්වන විනිසුරු
වූ කුමාර් ධර්මසේන ද එය තහවුරු කර තිබෙනවා. මේ අනුව කොදෙව්
ක‍්‍රීඩක නරායින්ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබදව පරීක්ෂණයක්
පවත්වන ලෙස ජාත්‍යන්තර කි‍්‍රකට් සම්මේලනය මගින් නියම කරනු
ඇති.
29 පැවැති මෙම තරගයේදී නරායින් නියෝජනය කළ
29 පැවැති මෙම තරගයේදී නරායින් නියෝජනය කළ
කොල්කටා නයිට්රයිඩස් පිළ ලකුණු 36ක ජයක් ලැබුණා. කොල්කටා
පිළ සිය පන්දු වාර 20 තුළදී කඩුලූ 2ක් දැවී ලකුණු 187ක් රැස් කළ
අතර ඩොල්ෆින්ස් පිළ සිය පන්දු වාර 20 තුළ දී කඩුලූ 8ක් දැවී ලබා
ගත්තේ ලකුණු 151ක් පමණයි. එහිදී සුනිල් නරායින් ලකුණු 33කට
කඩුලූ 3ක් බිද හෙලූවා.
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.