හබරණ - පුවක්පිටිය ප‍්‍රදේශයේ එකම පවුලේ අත්තම්මා, දියණිය සහ මිණිබිරිය සසුන්ගත වීමේ පුවතක් වාර්තා වුණා. මීට අවුරුදු 15කට ඉහත දී එස්. බේබිනෝනා තම ජීවිතයේ කටුක බව හේතුවෙන් සසුන්ගතවීමට තීරණය කළා.
අනුරාධපුර - කුටි 20 බෞද්ධ මධ්‍යස්ථානයේදී ඇය සසුන්ගත වූයේ හබරණ නදීරා මෙහෙණින් වහන්සේ නමින්. ඒ වන විට මෙහෙණින් වහන්සේගේ දියණිය වන ඩබ්ලිව්. මල්ලිකා පේ‍්‍රමකාන්ති, තම පවුල් ජීවිතයේ ගැටළු හේතුවෙන් විදේශගතවීමට තීරණය කර තිබෙනවා. ඇයගේ දියණිය තුන් හැවිරිදි වියේදී ඇය විදේශගතව ඇති බවයි වාර්තා වන්නේ. එම දියණියට අවුරුදු 5 වන විට පියා වෙනත් විවාහයක් සිදුකරගනු ලැබුවා. මේ හේතුවෙන් ජීවිතයේ ඇති වූ කලකිරීම නිසා 9 හැවිරිදි වියේදී තම ආත්තම්මා සිටින ආරාමයේ දී දියණිය ද සසුන්ගතවීමට තීරණය කළා. අනතුරුව ඇය හබරණ අනුරාධා ධර්මචාරී මෙහෙණින් වහන්සේ නමින් සසුන්ගත වූවා. මේ අතර, ඩබ්ලිව්. මල්ලිකා පේ‍්‍රමකාන්ති විදේශගතව සිට මෙරටට පැමිණියා. මේ අවස්ථාවේ තම සැමියා වෙනත් විවාහයක් සිදුකරගෙන ඇති බව දැනගැනීමත් සමග ඇයට ද ජීවිතය පිළිබද ඇති වූයේ කලකිරීමක්. තම මව සහ දියණිය ද සසුන්ගතවීම නිසා ඇය ද පැවිදි ජීවිතයට එක්වීමට තීරණය කළේ මීට අවුරුදු 9කට පමණ පෙරදියි. ඇය සසුන්ගත වූයේ හබරණ සුදර්මා මෙහෙණින් වහන්සේ නමිනුයි. එම මෙහෙණින් වහන්සේලා තුන්දෙනා වැඩ සිටින්නේ හබරණ - පුවක්පිටිය නදීරා ආරාමයේයි.
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.