ගොඩකවෙල - මල්වත්ත ප්රදේශයේ මාර්ගයක තිබී ඝාතනයට ලක්වූ
පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ
පෙරේදා රාත්රියේ ලද තොරතුරකට අනුව
මොහුගේ මළ සිරුර සොයාගත් බවයි. පසුව සිදුකරන ලද
පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ කිලෝග්රෑම් 4ක සහල් මල්ලක්
සොරකම් කළැයි චෝදනා කරමින් පුද්ගලයන් දෙදෙනෙකු විසින්
මෙම පුද්ගලයාට පහර දී ඝාතනය කර ඇති බවයි. අදාළ පුද්ගලයන්
දෙදෙනා මල්වත්ත නගරයේ වෙළදසැලකින් සහල් මිලට ගෙන
තිබෙනවා. පසුව අදාළ සහල් මල්ලත් සමඟ ඔවුන් මල්වත්ත නගරයේ
එක්තරා ස්ථානයක මත්පැන් පානය කර ඇති බවයි වාර්තා වන්නේ.
බීමත්ව සිටි ඔවුන් පසුව සහල් මල්ල නොමැති බව පවසමින් එය
සොයා තිබෙනවා. මිය ගිය පුද්ගලයා ඊට ආසන්න ප්රදේශයේ රැුදී
සිටීම හේතුවෙන් ඔහු එම සහල් මල්ල සොරා ගත් බවට චෝදනා
කරමින් බීමත් පුද්ගලයන් දෙදෙනා ඔහුට පහර දී ඇති බවයි පොලීසිය
දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණය කරගෙන ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට
ගෙන තිබෙනවා.
ඝාතනයට ලක්වූ පුද්ගලයා නගරයේ රැදී සිටින කාත් කවුරුවත්
නොමැති අසරණ පුද්ගලයෙකු බවයි මල්වත්ත ග්රාම නිලධාරී අනුක
බුලත්වත්ත හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ.
Aug 31, 2014
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.