ලොව පුරා වෙසෙන ඇන්ඩ්‍රොයිඩ් රසිකයන් මෙතක් කල් බලා සිටි Android L සංස්කරණය (Android 5.0) ඊයේ දිනයේ Android ලොලිපොප් සංස්කරණය නිකුත් කරන ලදී.
නව සංස්කරණයේ වෙනස්කම් දුරකථනය පණ ගන්වන අවස්ථාවේ සිටම බලාගත හැකිවන අතර මෙවර මෙහෙයුම් පද්ධතියේ අතුරු මුහුණත ලෙස ඔවුන් ප්‍රධානතම ලෙස Material Design පාදක කොටගත් නිර්මාණ සැකිල්ලක් යොදාගෙන තිබේ. මෙම නව සංස්කරණයේ Navigation Bar, Status Bar, Status Icons, Lock Screen වැඩි දියුණු කොට තිබේ. Lock Screen තුලින් වැඩි Notification නැරඹීමේ පහසුකම හා Floating (පාවෙන) Notification ක්‍රමයක් මෙම සංස්කරණයේ ඇතුලත් වේ.
Multitasking සඳහා මෙවර සංස්කරණය වැඩි සහයක් දක්වන අතර එක් කටයුත්තක් සිදුකරන අතරතුර තවත් කටයුත්තක් පහසුවෙන් කිරීමට පහසුකම සලසා දී තිබේ. "ගූගල් Now" හි පැවති කාඩ් ක්‍රමයට සමාන ආකාරයට Multitasking පහසුකම සපයා තිබේ.
Material Design
Google හි නිර්මාණාත්මක සැකිල්ල Material Design භාවිත කොට තිබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඉතා පැහැදිලි අක්ෂර, අලංකාර වර්ණ රටා, ඇනිමේෂන් මෙම මුහුණතේ තිබීමයි.
නව අංග
- පළඳනා උපකරණ සඳහා (Werable Devices) වැඩි සහයක් ලබාදීම
- බාහිර උපාංග සඳහා වැඩි සහය (Accessories)
- බැටරි වැඩි කාලයක් පවත්වාගේනිමට සහය දැක්වීම
- නැවිගේෂන් බාර් එක තුලම කීබෝඩ් මාරු කිරීමට සහය දැක්වීම යන කරුණු කිහිපයක් වෙනවා.
Android 5.0 Lollipop ට සමගාමිව Google සමාගමට අයිති Nexus උපාංග වල මෙම වසරේ Nexus 6, Nexus 9 ද ඊයේ දිනයේ නිකුත් කළ අතර මිට සමගාමිව Nexus Player එකක් ද නිකුත් කරනු ලැබුවා. මෙම Nexus 6, Nexus 9 හා Nexus Player සඳහා Android 5.0 Lollipop ඇතුලත් කොටම වෙළඳපොළට නිකුත් කරනු ලැබේ.
මෙහි විශේෂත්වය වන්නේ සිංහල හා දෙමළ භාෂා සඳහා මෙවර නිල වශයෙන්ම මෙම සංස්කරණය සහය දැක්වීමයි.
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.