නැගෙනහිර උගන්ඩාවේ නබිගින්ගො ග්‍රාමයේ අත්පා අටක් සහිතව ඉපදුනු තෙමස් වියැති පිරිමි දරුවෙක් වෛද්යවරුන්ගේ පිහිටෙන් සාමාන්ය දරුවෙක් ලෙස ජීවත් වීමේ භාග්ය ලබා ඇත.
උපතින්ම අත්පා අටක් සහ අතිරේක හදවතක් සමඟ බිහිවූ පෝල් මුකිසාවා නම් මෙම දරුවා ව ඔහුගේ දෙමව්පියන් විසින් උගන්ඩාවේ අගනුවර පිහිටි මුලාගෝ රෝහල වෙත යොමු කර ඇත.එහිදී සිදු කල වෛද්ය් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ, ඔහුගේ අමතර අත්පා හතර සහ අතිරේක හදවතට අමතරව ඔහුට අයත් හදවත සහ අක්මාව ද, ශරීරයේ අනෙක් පස පිහිටා ඇති බවයි.
එසේම ඔහුට අයත් උකුල් ඇටය ද ඔහුගෙ ශරීරයේ පිහිටා ඇති පරපෝෂිත නිවුන් ශරීරයට බද්ධ වී ඇති බව තවදුරටත් සිදු කල පරීක්ෂණවලින් හෙලි වී තිබේ. අදාළ පරීක්ෂණවලින් අනතුරුව දරුවාට වැඩීමට ඉඩ හළ වෛද්යටවරුන් විසින් ඉකුත් මස 18 වැනිදා ඔහුව ශල්‍ය කර්මයකට භාජනය කර ඇත.
පැය තුනකට ආසන්න කාලයක් දරුවා නිර්වින්දනයට ලක්කර සිදු කළ ශල්යවකර්මයකින් අනතුරුව, ඔහුගේ ශරීරයේ වූ පරපෝෂිත නිවුන් ශරීරය සාර්ථක ලෙස වෙන් කිරීමට වෛද්යයවරුන්ට හැකි වී ඇත. වෛද්ය ජෝන් සෙකබිරා ඇතුළු ශල්ය වෛද්යෙ කණ්ඩායමක් විසින් මෙම සාර්ථක සැත්කම සිදු කර ඇත.
ඉන්දියාවේ මෙවැනිම දරුවෙකු ඇත අත් පා 5 ක් සමග ජීවත් වෙයි
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.