අඩි 8 ½ මිනිසා
ලොව උසම මිනිසා ලෙස සැලකුණු අඩි 8යි අඟල් 5ක් උසකින් යුතු යුක්රේන ජාතික ලියොනිඩ් ස්ටැඩ්නියැක් මියගොස් තිබේ. මිය යන විට 44 වියේ පසුවු ඔහුගේ මරණයට හේතුව මොළය අභ්‍යන්තරයේ සිදුව ඇති රුධිර වහනයක් බව වෛද්‍යවරුන් කියයි.
විවාහ යෝජනා කොතෙකුත් පැමිණියත් තමන්ගේ දුක තවත් අයෙකු දැරිය යුතු නැතැයි යන මතයේ සිටිමින් තනිකඩවම ජීවිතයක් ගතකරමින් ඔහු ඒ සියල්ල ප්‍රතික්ෂේප කර ඇත.
ඔහුගේ මෘත ශරීරය තැබීමට වෙනම මිනී පෙට්ටියක් සෑදීමට සිදුව ඇති අතර එය සාමාන්‍ය මෝටර් රථයකින් ගෙන ආ නොහැකි තරමේ නිසා ඔහුගේ මිතුරන් ඒ සඳහා ලොරියක් යොදාගෙන තිබේ.
හෙතෙම ලොව උසම මිනිසා වුවද සිය නම වාර්තා අතරට එක්කර ගන්නට ඔහු කිසිවිටෙකත් කැමැති වී නැති අතර ගිනස් බලධාරීන් පවසන ආකාරයට ඔවුන් කිහිපවරක්ම ලියොනිඩ් හමුවී ඔහුගේ උස මැන ඔහුව වාර්තා අතරට එක්කරන්ට උත්සාහ කළත් අනවශ්‍ය ප්‍රසිද්ධියක් තමන්ට අවශ්‍ය නැතැයි කියමින් ඔහු එය ප්‍රතික්ෂේප කර අැත.
ලියොනිඩ්ගේ මේ අසාමාන්‍ය උසට හේතුව ඔහු 12 වැනි වියේදී මොළයට සිදුකළ සැත්කමක වූ වරදක් බව කියැවේ. මෙනිසා තමන්ට අවසානයේ ලියොනිඩ්ට වඩා අඟල් කිහිපයකින් මිටි වන චීනයේ බාඕ ෂිසුන්ග් ලොව උසම මිනිසා යැයි නම් කරන්නට සිදුවූ බව ඔවුන් කියයි.
ලියොනිඩ්ගේ අසල්වාසීන් පවසන්නේ ඔහු ඉතාම කරුණාවන්ත හා පරිත්‍යාගශීලියෙකු බවයි. වෙනත් පුද්ගලයෙකු මෙවැනි උසක් ඇති නම් ඔහු ප්‍රසිද්ධිය වෙනුවෙන් කටයුතු කරනු ඇතැයි ද පවසන අසල්වාසීන් තම උස ශාපයක් ලෙස ලියොනිඩ් සැලකු බව ඔවුන් කියයි.
වාර්තා පොත් අතර නම නොතැබූ මේ මිනිසා ඥාතීන් හිතමිත්රාදීන්ගේ නෙත් කඳුළින් තෙමා ඔහුගේම ගම් ප්‍රදේශයේ පොළොවේ වැළලිණ.
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.